ඉන්දීය රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමට අද (5) පියවර ගත්තේය.
මෙම තත්ත්වයත් සමඟ මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවීමේ අවදානමක් ද හටගෙන ඇත.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් කාශ්මීරයට එම විශේෂ තත්ත්වය ලබා දී තිබිණි. ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් ලබා දී තිබිණි.
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ කැරැලි හා ගැටුම් පවතී.
අසල්වැසියන් මෙන්ම න්‍යෂ්ටික බලවත්හු වන ඉන්දියාව සහ පාකිස්තානය 1947 වසරේ සිට කාශ්මීරය වෙනුවෙන් දෙවරක් යුද වැදුණු අතර අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති කරගත්හ.
කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි ද ඊට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නේ යැයි ද පාකිස්තානය පවසයි.
“ඉන්දියාව භයානයක සෙල්ලමක් කරනවා. එයින් කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට දරුණු බලපෑමක් කරනවා” යැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂී මහතා පැවැසීය.
1947 වසරේදී ඉන්දීය උප මහද්වීපය බෙදා වෙන් කෙරුණු අතර මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ පාකිස්තානයට හිමිවිය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ හිමි වූවා සේ කාශ්මීරය ද පාකිස්තානයට හිමිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.
එහෙත් කුමර රාජ්‍යයේ පාලකයාට ජම්මු සහ කාශ්මීරය ස්වාධීන පාලනයක් සහිත ප්‍රදේශයක් බවට පත් කිරීමට අවශ්‍ය විය. පාකිස්තාන ගෝත්‍රිකයන්ගෙන් ජම්මු සහ කාශ්මීරය බේරාගැනීමට අවශ්‍ය නිසා ඔහු අවසානයේදී ඉන්දියාව හා එක්විය.
අවසානයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් කාශ්මීරය බෙදා වෙන් කෙරුණි.
කාශ්මීරය එතැන් සිට ලොව වඩාත්ම හමුදාකරණය වූ කලාපයකක් ලෙස පවතී. එමෙන්ම කාශ්මීරය හේතුවෙන් සහ කාශ්මීරය මුල් කරගනිමින් දශක හයක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදිකම් පවතී.
1949 වසරේදී ජම්මු සහ කාශ්මීරයට ස්වංපාලන අයිතිය ලබාදෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්තියක් ඇතුළත් කරන ලදි. එය 370 වගන්තිය ලෙස හඳුන්වයි. එම වගන්තියට අනුව ජම්මු හා කාශ්මීරයට වෙනමම ව්‍යවස්ථාවක් පවත්වා ගත හැකි අතර වෙනම කොඩියක් ද භාවිත කළ හැකිය.
විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදනය හැර අනෙකුත් කටයුතුවලදීද ස්වාධීනව කටයුතු කිරීමට අදාළ වගන්තියෙන් ජම්මු සහ කාශ්මීරයට ඉඩ සැලැසී තිබේ. ඉන්දීය ආණ්ඩුව අද (5) අවලංගු කරන ලද්දේ ඉහත කී 370 වගන්තිය යි.
බී.බී.සී. ඇසුරිනි
055
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ, එරට ජාතික සහ පළාත් සභා 21 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දීය රජය කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවතට