IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාවට - පාකිස්තානයට ඉදිරියට යා හැක්කේ සංවාදයෙන් පමණයි

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

ඉන්දියාවට සහ පාකිස්තානයට ඉදිරියට යා හැක්කේ සංවාදයෙන් පමණක් යැයි පාකිස්තානයේ නව විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂි පවසයි. 

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්වීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය අරත සබඳතා වර්ධනය වීමේ නව බලාපොරොත්තුවක් ඇති වී තිබේ. 

පසුගිය ජූලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ජය ලැබූ ඉම්රාන් ඛාන් පසුගිය සති අන්තයේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි ඔහු යෝජනා කර තිබේ.  ජූලි මස අගදී ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ද දුන්නේය. 

ඉම්රාන් ඛාන්ගේ පළමු කැබිනට් හමුවට පෙර අදහස් දක්වමින් පාකිස්තානයේ නව විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂි ඒ බව පැවැසීය. 

“අපි කිසිදු බාධාවකින් තොරව සාකච්ඡා පැවැත්විය යුතුයි. ඉදිරියට යන්න තිබෙන එකම විදිය එයයි” යැයි පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

ඉන්දියාව සහ පාකිස්තානය පසුගිය වසර කිහිපයකදී සාකච්ඡා පැවැත්වුවත් ප්‍රගතියක් නොපෙන්වූ තරම්ය. න්‍යෂ්ටික අවිවලින් ශක්තිමත් මෙම අසල්වාසීන් 1947 වසරේ සිට මේ දක්වා කාලයේදී අවස්ථා තුනකදී එකිනෙකාට විරුද්ධව සටන් වැදුණාහ. 

ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් එවූ බවත් රටවල් දෙකම සාකච්ඡාවලට විවෘත බවත් සඳහන් කළ බවත් කුරේෂි පැවැසීය.

එහෙත් විදේශ කටයුතු අමාත්‍යාංශය කුරේෂිගේ ප්‍රකාශයෙන් පසුව ඊට වෙනස් සඳහනක් කළේය. කුරේෂි සඳහන් කළේ පලදායී අයුරින් සාකච්ඡා පැවැත්විය යුතු බව මිසෙක මෝදි සාකච්ඡා සඳහා ආරාධනා කළ බවක් නොවේ යැයි අමාත්‍යාංශය සඳහන් කළේය. 

055

 



අදහස් (0)

ඉන්දියාවට - පාකිස්තානයට ඉදිරියට යා හැක්කේ සංවාදයෙන් පමණයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 720 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site