වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
ඉකුත් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ රැකියා නිර්මාණය කිරීමේ හැකියාව පහත වැටී ඇතැයි එරට රාජ්‍ය දත්ත සඳහන් කරයි.එම කාලයේදී නිෂ්පාදන හා ඉදි කිරීම් ක්ෂේත්රවලින් රැකියා උත්පාදනය වුවද සමස්තයක් ලෙස බලන විට ආර්ථිකයේ රැකියේ නිර්මාණය වීම කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබේ.
ඒ අතරවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය වසර 17කට පසු අඩ අගයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 4.1ක් දක්වා අඩු ව තිබේ. එසේ වුවත් පසුගිය වසරේ අවසන් මාසයේදී නව රැකියා අවස්ථා සඳහා බඳවා ගෙන ඇත්තේ 148,000කට ආසන්න පිරිසකි. එය අපේක්ෂා කළ සංඛ්‍යාවලට වඩා ඉතා අඩු අගයක් යැයි ද රාජ්‍ය දත්ත වාර්තා කරයි.
වසර 2016 දෙසැම්බර් මාසයේදී ද ඇමෙරිකා එක්සත් ජනපදය නව රැකියා අවස්ථා 155,000 බිහි කරමින් ඊට පිරිස් අනුයුක්ත කළ අතර එම සංඛ්‍යාව හා සැසඳීමේදී පසුගිය දෙසැම්බරයේ තත්ත්වය ඇත්තේ පහත අගයකය. දෙසැම්බර් මාසයේදී නව රැකියා අවස්ථා 200,000 නිර්මාණය වනු ඇතැයි ආර්ථිකවේදීන් අපේක්ෂා කර තිබිණි. නව සේවකයන් ආකර්ෂණය කරගැනීමට නම් වැටුප් වැඩි කිරීමක් අවශ්‍ය බව ආර්ථිකවේදීන් මෙන්ම බොහෝ සමාගම් පෙන්වා දී තිබේ.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවේ රැකියේ නිර්මාණය පහතට
රවින් Saturday, 06 January 2018 02:59 AM
රැකියා නිර්මාණය අඩුවුණාට ඇමරිකාවේ යුද ආයුධ නිෂ්පාදනයේ අඩුවක් එහෙම තියනවද?
Bamunuarachchi Saturday, 06 January 2018 03:58 AM
අහන්න දෙයක්ද මීට අවුරුදු 40-50 පෙර තිබුන ලෝකයේ අනර්ඝ බඩු නිෂ්පාදනය චීනාට දී ලෝකයා බාල බඩු වලට හුරුකිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔබලාගේ රැකියා නිර්මාණය පහතට වැටුණා. අපිව චීනාගේ කුණු බඩු වලට තල්ලු කළා.
ධනුෂ්කSaturday, 06 January 2018 03:48 PM
ඔබතුමා කියන කථාවේ අැත්තක් නැතුවම නෙමේ. හැබැයි මම අැතුළු ලංකාවේ බහුතරයක් ස්මාර්ට් දුරකනයක් භාවිත කරන්නේ. අන්තර්ජාලයට යන්නේ මෙහෙම පත්තරේ බලන්නේ චීනට පින්සිද්ධ වෙන්න. අැමරිකානු දුරකථනයක් ගද්දි චීන දුරකථන පහක්වත් ගත්තහැකි. අනික ගනන් අඩු චීන බඩු නිසා අැමරිකන්, ජපන්, කොරියන් බඩුවල මිළ බැස්සා. මතකද 2005 විතර ලක්ෂයක් විතර වුන දුරකථනයක් අද රුපියල් 5000ක්වත් වටින්නෑ. එ් කියන්නේ අැමරිකාව අපිව සූරා කාලා. අනික මිනිස්සු ඉස්සර ගිනි ගනන් කුලී දීලා කරගත්ත වැඩ අද චීන අායුධ අරන් ගෙදර තියාන අඩු මිළකින් තමන්ම කරගන්නවා.
sachithTuesday, 09 January 2018 05:02 AM
ඔබතුම කියන අදහසට මමත් එකඟයි. අද අැමරිකානු දුරකථන කියල කිසිම දෙයක් නෑ, ලෝකප්‍රකට ඇපල් දුරකථන පවා නිෂ්පාදන කටයුතු 100% කරන්නේ චීන හා කොරියානු සමාගම්.
අකිලMonday, 05 February 2018 08:41 AM
ලංකාවේ කවුද චීන ෆෝන් හොයන්නේ? බැලුවොත් ඇත්නම්, සැම්සුන්ග්, ඇපල් ෆෝන් තමයි හැමෝම ගන්න බලන්නේ... ඔය ෆෝන් හදන්නේ චීන කම්හල් වල වුණාට ගන්නේ ඇමෙරිකානු තාක්ෂණය, අනික කොහොමත් බ්‍රෑන්ඩ් සීරීස් වල මිල ගණන් කල් ගතවෙද්දී අඩුවෙනවා අළුත් එවා එද්දී....