IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකානු - චීන වෙළඳ යුද්ධය අවසන් කරන්න තීරුබදු ඉවත් කළ යුතුයි

රටවල් දෙක අතර තිබෙන වෙළෙඳ යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව චීනයට පනවා තිබෙන තීරුබදු ඉවත් කළ යුතු යැයි චීන වාණිජ අමාත්‍යාංශය අද නිවේදනය කළේය. 

ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන් දෙරට අතර තිබෙන වෙළෙඳ යුද්ධය අවසන් කරමින් යුද විරාමයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දෙරටේ වෙළෙඳ කණ්ඩායම් අදහස් හුවමාරු කරගත් බව චීන වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ග්වෝ ෆෙන්ග් මහතා පැවැසීය. 

ඇමෙරිකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළෙඳාම අතර අර්බුද ඇතිවූයේ ඇමෙරිකාව චීන අපනයන මත ඒකපාර්ශ්වීය ලෙස තීරුබදු පැනවීමෙන් සහ පනවා තිබූ තීරුබදු ඉහළ දැමීමෙන් යැයි ද හෙතෙම පැවැසීය. සතිපති මාධ්‍ය හමුවට එක්වෙමින් ග්වෝ ෆෙන්ග් මහතා එම කරුණු සඳහන් කළේය. 

“පාර්ශ්ව දෙකට එකඟතාවකට එන්න පුළුවන් නම් පනවා තිබෙන තීරුබදු සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් චීනයේ මතය පැහැදිලියි. එය අඛණ්ඩව තිබෙනවා” යැයි ග්වෝ කීය. 

චීනය පොරොන්දු කඩකළ බවට චෝදනා කරමින් ඇමෙරිකාව පසුගිය මැයි මාසයේදී දෙරට අතර පැවැති සාකච්ඡාවලින් ඉවත් විය. ඉන් අනතුරුව ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට ඇමෙරිකානු ඩොලර් බිලියන 360 තීරුබදු පනවා ගත්හ. 

ජපානයේ පැවැති ජී20 සමුළුවේදී වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේ නායකයෝ එකඟ වූහ. 

චීන අපනයන මත නව තීරුබදු නොපනවන බවත් චීනයේ විදුලි සංදේශ සේවා සමාගක් වන හුවාවි සමාගම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 



අදහස් (1)

ඇමෙරිකානු - චීන වෙළඳ යුද්ධය අවසන් කරන්න තීරුබදු ඉවත් කළ යුතුයි

රවින් Friday, 05 July 2019 12:21 AM

ඔං වැඩ. ඇමරිකාවට හරියට කෙලින් හිටියොත් බොරු සෝබන අකුලා ගන්නවා. මෑත අතීතයේ සිද්ද වුනු දේවලින් එය හොඳට පැහැදිලියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 75 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 169 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1435 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 703 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site