ඇමෙරිකාවෙන් වෙනිසියුලාව වෙත යවන ලද මානුෂීය ආධාර රැගත් ප්‍රථම ලොරි රථ පෙළ කොළොම්බියා දේශසීමාවේ කුකුටා නගරය වෙත ළඟා වී ඇතැයි වාර්තා වේ.
වෙනිසියුලාවේ යුරේනා නගරයට ඇතුළු වන ස්ථානයේ ඇති ටියෙන්ඩිටාස් පාලම අසල ලොරි රථ නවතා තිබෙන අතර ජනපති මදුරෝට සහාය දක්වන වෙනිසියුලා හමුදාව මාර්ගය අවහිර කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
ආධාර රැගත් රථ වෙනිසියුලාවට ඇතුළුවීම ජනපති නිකොලොස් මදුරෝ විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙලෙස රැඳී සිටීමට සිදුවී ඇතැයි පැවසේ. මෙම ආධාර ලබාගැනීම මගින් තමා බලයෙන් පහකිරීමට ඇමරිකානු හමුදාවට මගපෑදෙනු ඇතැයි ජනපති මදුරෝ මහතා පවසා ඇත.
"කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ, එකම භටයකුටවත් ආක්‍රමණය කරන්න ඉඩ දෙන්නේ නැහැ" යැයි මදුරෝ මහතා පැවසීය.
වෙනිසියුලාවේ තාවකාලික ජනාධිපතිවරයා තමා බව පසුගියදා ප්‍රකාශයට පත් කල විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ආධාර අහිමිවුවහොත් තම රටේ ජනතාව ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්වනු ඇති බවයි.
විපක්ෂ නායකයාට ඇමරිකාව, යුරෝපය හා ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක් සහාය දක්වන අතර ජනපති මදුරෝට සහාය දක්වන්නේ චීනය හා රුසියාව පමණකි.
වෙනිසියුලාවේ වසර ගනනාවක සිට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මිලියන ගනනක ජනතාව ආහාර හා ඖෂධ නොමැතිව පීඩා විඳිති.
(බීබීසී ඇසුරිණි - 085)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකානු ආධාර රැගත් ලොරි රථ වෙනිසියුලාවට ළඟාවෙයි