ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී.
එය සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.
ගොවීන් භූමිය එළිපෙහෙලි කිරීමේදී බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සොනාරො මහතා ඒ සඳහා ගොවියන්ව උනන්දු කර ඇති බවද, ඇමසන් වනය ගිනිගනිද්දී තමා නීරෝ බවට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බවද පැවසේ.
2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත.
ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. නමුත් ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා සිටියේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ, පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි.
(බීබීසී ඇසුරිනි)
16844
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමසන් වනය සති තුනක් තිස්සේ ගිනි ගනී
Chandana F Thursday, 22 August 2019 03:05 PM
අපට ලොවක් අනාගතයේදී ඉතිරි නොවේ... මිනිසුන්ගේ අනුවණකම් වගාවන් නිසා...
duFriday, 23 August 2019 12:14 PM
සංසාරය අත්හරින්න වෙලාව ඇවිත්...
පාගන් Friday, 23 August 2019 05:04 PM
එන්න. අපි මනු දම් පුරන්නට කැලේකට යමු. එනමුත් කැලයක් ඉතිරිව නැහැනේ..
NuwanSaturday, 24 August 2019 06:29 AM
වගාවන්ට වඩා එරට ජනපතිගේ හෙන්චයියලා කරන නීතිවිරෝධී පතල් කැනීම්, ගස් කැපීම් නිසා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ... ජාත්‍යන්තර නිවුස්වලට අනුව..
රජින්ද Saturday, 24 August 2019 11:01 AM
පෘතුවියේ පෙනහල්ල ගිනි ගනී... බ්‍රසීල ජනපති කියා තියෙනවා ඔහු වීණා වයනවා කියා...