IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාව හා දකුණු කොරියාව යුද අභ්‍යාසයක

ඇමෙරිකාවට අයත් බී - 1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කළ බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. 
 
උතුරු කොරියාවට අනතුරු ඇඟවීම සඳහා ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසයක එක් අංගයක් ලෙස මෙම යානා පියාසර කරවූ බව පැවසේ.
 
උතුරු කොරියානු දේශ සීමාවට කිලෝමීටර් 150ක් පමණ මෙපිටින් ඊසාන දිග ගැන්ග්වොන් පළාතේ මෙම යුද අභ්‍යාස පවත්වා ඇති අතර ගුවන් යානා 200කට වැඩි ප්‍රමාණයක් හා දහස් ගණනක යුද භටයන් මේ සඳහා සහභාගී වි ඇත. සඳුදා (4) ආරම්භ කෙරුණු යුධ අභ්‍යාස සිකුරාදා (8) දක්වා පැවැත්වීමට නියමිතය.
 
උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස හෙළා දැක ඇති අතර එය යුද්ධයක් සඳහා පෙරහුරුවක් බව පවසා ඇත.  ට්‍රම්ප් ජනාධිපතිවරයා උමතු වී ඇති බවත් මෙය න්‍යෂ්ටික යුද්ධයකට මග පාදන ක්‍රියාවක් වනු ඇති බවත් ඔවුන් තවදුරටත් පවසා ඇත. 
 
යුද්ධයක් ආරම්භ වුවහොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ වියහැකි බවට ඇමරිකාව පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ ය. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (9)

ඇමරිකාව හා දකුණු කොරියාව යුද අභ්‍යාසයක

මංගල Wednesday, 06 December 2017 11:24 AM

මේ යුධ උන්මාදයෙන් පෙලෙන අමෙරිකාව ඉතාමත් ඉක්මණින් ඉල්ලාගෙන කනවා. ලෝක ඉතිහාසයට අනුව අධිරාජ්‍යයන් විනාශ වුණා වගේ අමෙරිකාවේ පැවැත්ම ස්වභාවධර්මයට අනුව තීරණය වෙයි. අමෙරිකාව තරම් ලෝකයේ අනිත් රටවලට ඇගිල ගහපු වෙනත් රටක් නූතන ඉතිහාසයේ නැතිතරම්. රට රටවල් වල අහිංසක ජනතාවට කරන සෟජු සහ වක්‍රාකාර හිංසාපීඩා වලට ස්වභාවධර්මයෙන් ලැබෙන දඩුවම හිතාගන්නවත් බැරිවේවි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන බළල් අතක් අටවාගෙන අමෙරිකාවට තියෙන අයිතිය මොකක්ද තමන්ගේ රටෙන් කි.මි. දහස්ගනනකට එහා තියෙන රටක් ආසන්නයේ යූධ අභ්‍යාස පවත්වන්න. මෙතන ඇත්ත කථාව මේකයි, උතුරු කොරියාවෙන් අසල්වැසි රටවලට (විශේෂයෙන් ජපානයට සහ දකුණු කොරියාවට) න්‍යෂ්ටික තර්ජන එල්ලවනතාක් කල් අමෙරිකාවට ජපානයේ සහ කොරියාවේ කදවුරැ පවත්වාගෙන යන්න පුලුවන්. අවිගත්තෝ අවියෙන්ම නසිති.

:       402       494

senewi Wednesday, 06 December 2017 11:31 AM

යාබද චීනය සහ රුසියාව අස්ථාවර කිරීම සඳහා ඇමරිකාව උතුරු කොරියාව කෝප ගන්වා යුද්ධයකට පටලවා ගන්න සැලසුමක් ඇති බව පේනවා .මෙය තේරුම් ගෙන ඇති චීනය මෙයට ප්‍රති උත්තර ලෙස දැවැන්ත යුධ අභ්‍යාසයක යෙදී ඇත .

:       357       315

ධනුෂ්ක Wednesday, 06 December 2017 02:16 PM

අැමෙරිකාව යනු තමන්ගේ අැහේ පොල් පරාල නෙමේ පොල් ගස් තියාගෙන අනික් රටවල් පොල් කෙඳි හොයනවා. සියලුම වර්ගයේ අපරාධ එළිපිට කරන රටක්. මැරෙන්න පණ අදින සී.අයි.එ් නිලධාරියෙක් කියලා තියෙනවා, බොබ්මාලේ මිය ගිය පිළිකාවට හේතු වුණු පිලිකා කාරකය බොබ්මාලේගේ සිරුරට අැතුල් කලේ ඔහු කියලා. හැබැයි කෙදිනක දී හෝ අැමරිකාව හදපු වඩපු නයි ඔවුන්ටම කනු අැත. අැමෙරිකාව හදපු න්‍යෂ්ඨික බෝමබම තමා.... අද ඔවුන්ට එරෙහි උතුරු කොරියානු අවි වෙලා තියෙන්නේ...

:       278       208

chamindu Thursday, 07 December 2017 10:03 AM

කව්රු මොනවා කීවත්, ඇමරිකාවට තවම ලෝකෙම බයයි. ගොඩක් අය කියනවා අද ගහනවා, හෙට ගහනවා කියලා. ඒත් ගහපු එකෙක් නෑ...

:       181       293

sisiraThursday, 07 December 2017 10:42 AM

මම හිතනවා ඔබ තුමා වැරදි කියල ඔබ කියන එකේ අනික් පැත්තයි හරි ඇමරිකාව මුලුලෝකයටම බයයි සතෙක් උනත් බය හින්දයි හපාකන්න උත්සහ කරන්නේ එයාලට හැම දෙයක්ම කරන්න පුළුවන් අනික් අයට බැ එකටතමා බය කියන්නේ

:       352       504

senewi Saturday, 09 December 2017 11:03 AM

ඇයි බින්ලාඩන් දුන්නේ හැලෙන්න.... මතක නැද්ද ?

:       0       65

neela Thursday, 07 December 2017 11:27 AM

කිම් ගේ කට විතරයි. ගහනවා නම් ගහන්න පුතේ.... කියකියා ඉන්නේ නැතිව. ඇමරිකාව පස්සේ ගිහින් දියුණු වෙච්ච දකුණු කොරියාවේ වැඩට අපේ රටින් කොල්ලෝ යවන ගමන් ලංකාවේ කාලකන්නි උතුරු කොරියාව එක්ක හිට ගන්නවා. ඇමරිකාවට සහ දකුණු කොරියාවට විරුද්ධව. අපි චීනේ පස්සේ, පාකිස්තානේ පස්සේ, ඊස්‍රායලය, රුසියාව පස්සේ ගිහින් යුද්දේ දිනුවා වගේ දකුණු කොරියාවට, ජපානෙට, එහෙම ඇමෙරිකාව තමයි උදව් කරන්නේ. ඕක ඉතින් ලෝක ස්වභාවයනේ. මොකෝ දැන් ඉන්දියන්කාරයෝ කොටින්ට උදව් කලේ නැද්ද? බැරිවෙලා හෝ යුද්ධයක් පටන් ගත්තොත් හිඟන අපිට කෙලවෙන්නේ එහෙ ඉන්න අපේ කොල්ලන්ගේ රස්සාවට වදිද්දී. දැන් චීන්නුත් ලංකාව එක්ක යුද අභ්‍යාස කරන්නේ ඉඳල හිටලා ඉන්දියාවට පාර්ට් එක දාන්න. ඕක තමයි ලෝක දේශපාලනේ කියලා කියන්නේ.

:       604       576

senewi Saturday, 09 December 2017 11:13 AM

ඇමෙරිකාව දකුණු කොරියාවට උදව්වක් නෙවෙයි අනතුරක් කරන්නේ. කොරියාව දෙකට කැඩුවේ චීනයට සහ රුසියාවට බලපෑමක් කිරීමේ දේශපාලන වුවමනාවට බව දන්නේ නැද්ද? අපේ රට ඒ අයුරින්ම දෙකඩ කිරීමට ඇමරිකාව උත්සාහ ගන්න බව දන්නේ නැද්ද?

:       9       0

neelaSunday, 10 December 2017 10:49 AM

මේක මේ ඇමරිකාව විතරක් කරන දෙයක් නෙවේ පුතේ. කරුණාකරලා පුළුල් චිත්‍රය දකින්න. වැරදි දේ කවුරු කලත් වැරදි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 225 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 99 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7961 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 93 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 407 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site