ඇමෙරිකා එක්සත් ජනපදය මාලදිවයිනේ ජනතාව සමඟ සිටින බව එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකා තානාපති අතුල් කෙශාප් මහතා සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් වේ. “ඇමෙරිකාව සෑම විටම මාලදිවයිනේ ජනතාව සමඟ සිටිනවා. මාලදිවයිනේ ආණ්ඩුව සහ හමුදාව නීතියේ ආධිපත්‍යයට, භාෂණයේ නිදහසට සහ ප්රජාතන්ත්රවාදී ආයතනවලට ගරු කළ යුතුයි. ලෝකය බලා සිටිනවා”. අධිකරණයේ ස්වාධීනත්වයට සහ නිදහසට ගරු කිරීමත් ඊට සහාය දැක්වීමත් මාලදිවයිනේ සෑම පුරවැසියකුගේම වගකීම යැයි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය තානාපති ජේම්ස් ඩෝරිස් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය ඇතුළු රටවල් කිහිපයක්ම එම රටවල වැසියන්ගෙන් මාලදිවයිනේ සංචාරය නොකරන්නැයි සඳහන් කරමින් ‘සංචාරක අනතුරු ඇඟවීමේ’ නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම මර්දනය අවසර ලබා දීමක් නොවිය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.
“මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට දැඩි කනස්සල්ලට හේතු වන කරුණක්. එය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. රටේ අර්බුදකාරී දේශපාලන තත්ත්වයත් තවත් උග්‍ර කරන්නක්. කෙසේ නමුත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ රටේ අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතුවක් නොවිය යුතුයි.
ඒ වගේම සියලු පාර්ශව මානව හිමිකම්වලට ගරු කළ යුතු” යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා දිසානායක මහත්මිය සඳහන් කරයි.
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමරිකාව මාලදිවයිනේ ජනතාව සමගයි - ඇමරිකානු තානාපති
Thushara Wednesday, 07 February 2018 05:11 AM
චීනය මාලදිවනෙ කරන දැවැන්ත සංවර්දන කටයුතු වැලක්වීමට කපටි රටවල් කීපයක් මාලදිවෛනට ව්‍යාජ ආදරයක් ඇති කරගෙන.