ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ පරිසර නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
හරිත ආර්ථිකයක් කරා යන එරට නිර්මාතෘවරයා සිහිකිරීම වෙනුවෙන් මේ වසරේ සිට ක්‍රියාත්මත ‘ සයේඩ් වර්ෂය ‘ වෙනුවෙන් ක්‍රියාත්මක මෙම නියමු ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 60ත් මුදලක් ආයෝජනය කිරීම විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතිය මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස භාවිතා කිරීමට එමීර් ජාතික උපදේශන කාර්යාංශ බලධාරීහු බලාපොරොත්තු වෙති. මෙම පරිසර නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේ සිට විශාල හිම කුට්ටි එමීර් රාජ්‍යයට රැගෙන ඒමටයි සැලසුම් කර තිබේ.
නියමු ව්‍යාපෘතියේදී ඇන්ටාක්ටිකා අයිස් පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් තුඩු වෙරළට රැගෙන ඒමට නියමිතයි.
දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රඳවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ්රැව වෙත නොගොස් සංචාරකයන්ට ඒවා දැක ගැනීමට ද අවස්ථාව සැලසෙන බව එමීර් බලධාරීහු ප්‍රකාශ කරති.
කලීජ් ටයිම්ස් ඇසුරෙනි.
125
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇන්ටාක්ටික් අයිස් කුට්ටි අරාබියට
රවින් Tuesday, 03 July 2018 01:00 PM
අයිස් මිදෙන උෂ්ණත්වය!!! ලොවටම වටිනා බල ශක්තිය යොදවලා අධි ශීතකරණයක් ඇතුළත තමා මේ අයිස් කුට්ටිය තියන්න වෙන්නේ. වැයවෙන බලශක්තිය යොදවලා " රිවෙර්ස් ඔස්මොසිස් " ක්‍රමයට මුහුදු ජලය හා භූගත ජලය පිරිසිදු කළානම් ආයෝජනයෙන් වැඩි ප්‍රයෝජන ලැබේවි...
අචලා Tuesday, 03 July 2018 01:53 PM
අයිස් කුට්ටි ඔය විදියට සමකය ආසන්නයට අදින්න ගත්තම වෙන්නේ, ඕවා දියවෙලා මුහුදු මට්ටම වැඩි වෙන එකයි.
abaran Wednesday, 04 July 2018 01:49 AM
අරාබියට එනකොට කඹේ විතරක් ඉතුරු වෙයි...
NuwanThursday, 05 July 2018 10:18 AM
ඇත්තට නේද බලන්නකෝ මොවුන්ට ඔය දේ තේරුනේ නැති හැටි . අනේ හලෝ මේ මිනිස්සු යමක් කිවොත් ඒක කරනවා අයේ දෙකක් නැහැ, රජයේ වංචා දුෂණ 0% , මමත් වැඩකරන්නේ අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ වසර 10ක් විතර, අපේ රටේ වගේ කටින් බතල හිටවන්නේ නැහැ මේ මිනිස්සු.