IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ආගිය තැන්වල ඇමෙරිකානු විමසුම් ඇස

පළමුවන ට්විටර් පණිවුඩය නිකුත් වූයේ රජයේ බලවත් තැනකිනි.

ඝාතනයට ලක් වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ සංස්කාරක ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා, ඉදිරි ජනපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයා වනු ඇතැයි බලාපොරොත්තු දැල්වී තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක දී සිවිල් අයිතිවාසිකම් නඩුවක් පවරා ඇති බව එහි සදහන් විය.

ඕස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලසන්ත වික‍්‍රමතුංගගේ සොයුරු ලාල් වික‍්‍රමතුංග මහතා සන්ඬේ ටයිම්ස් හා දුරකතනය ඔස්සේ සම්බන්ධ විය.

”ලසන්තගේ පවුල රාජපක්ෂ රජය යටතේ අවුරුදු 5 ක් බලාගෙන හිටියා. වර්තමාන රජය යටතේ තවත් අවුරුදු 5 ක් බලාගෙන හිටියා. නමුත් ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ වුනේ නැහැ. ඒ නිසා ඔවුන් දැන් ඇමරිකාවේ අධිකරණය හමුවට ගොස් තිබෙනවා” යැයි ලාල් වික‍්‍රමතුංග මහතා පැවසුවේය.

කෙසේවුවත් ඔහු මෙසේ දැක්වූ අදහස්, මීට සති දෙකකට පෙර ඔහුම දැක්වූ අදහස්වලට වඩා ඉදුරාම වෙනස්ය.

සිය සොහොයුරාගේ ඝාතනයට එරෙහිව අධිකරණය ඉදිරියට යන බවට පළව තිබූ වාර්තා තරයේම ප‍්‍රතික්ෂේප කළ ඔහු, පසුගිය 31 වැනිදා සන්ඬේ ටයිම්ස් කැෆේ ස්පෙක්ටේටර් තීරයට අදහස් දක්වමින් මෙසේ කීවේය.

”ඒ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි.”

”ඇමරිකාවේ අධිකරණයක නඩු පැවරීමට මගේ කිසිම සැලැස්මක් නැහැ. වගකිවයුතු අය අත්අඩංගුවට පත්වූවායින් පසුව ශී‍්‍ර ලංකා අධිකරණය ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන් මොන වගේ ප‍්‍රතිඵලයක් ලැබේවි ද කියායි මම බලා සිටින්නේ” යැයි ලාල් එදා කීවේය.

නමුත් දැන් ඔහු එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ නඩුවක් ගොනු කළ බව පිළිගනී. ලසන්ත වික‍්‍රමතුංගගේ පවුල ගැන සඳහන් කළද, තතු දත් ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ නඩුව ගොනු කිරීම අරබයා වැදගත් භූමිකාවක් ලාල් වික‍්‍රමතුංග රඟ දක්වා තිබේ.

 

සන්ඬේ ලීඩර් සංස්කාරක ලසන්ත වික‍්‍රමතුංග මහතා කුරිරු ලෙස ඝාතනයට ලක්වූයේ 2009 ජනවාරි මස 8 වැනිදාය. එදා සිට ගතවූ පසුගිය වසර 10 පුරාවටම, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වටා ගොඩනැගී තිබූයේ අතිශය රහසිගත සහ ආන්දෝලනාත්මක වාතාවරණයකි. එයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ එම විමර්ශනවලට රජයේ ඉහළම තැන්වලින් සිදුකෙරෙන අතපෙවීම් වන අතර, එම ඇතැම් තැන් ඉතාම ප‍්‍රබලය.

ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ගැන විවිධ කාණ්ඩ අතරේ කෙරෙන සාකච්ඡා කොළඹ තරු පහේ හෝටල් දක්වාම දිවේ. අලූත් අවුරුද්දට පසුව, මේ සිදුවීමට සම්බන්ධ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව දැනගන්නට ඇතත්, එසේ අත්අඩංගුවට ගැනෙන බව පැවසෙන්නේ ලසන්තගේ ඝාතනයට යන්තම් ගැවී තිබෙන අයවලූන්ය. එම නිසාම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක්, ගෝඨාභයගේ නම ද ඇතුළත්ව, මේ දක්වාම අධිකරණය හමුවට ඉදිරිපත් කර නැත.

එසේ නම් ලසන්තගේ ඝාතනයට ගෝඨාභයගේ නම ඇදී තිබෙන්නේ ඇයි?

සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට එම ඝාතනය සිදුවීම හා ගෝඨාභය අතර පවතින සම්බන්ධය ඇතුළත්ව තිබූ සාක්කි සහ වාර්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කළ නඩු වාර්තාවලින් ඉවත් කර තිබේ. මෙම අධිකරණ වාර්තා පොදු වාර්තා ලෙස සැළකුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්යමණ්ඩලය අනුගමනය කරමින් සිටින්නේ ඒවා තමන් සන්තකයේම තබාගනිමින් සිටින පිළිවෙතකි.

මෙය මෙම සිදුවීමට පමණක් සීමාවූවක් නොව ඉහළ අවධානයක් යොමුවූ වෙනත් ප‍්‍රධාන පෙලේ සිදුවීම්වලට ද පොදුය.

එක්සත් ජනපදය පදනම් කරගෙන කි‍්‍රයාත්මක වන පි‍්‍රමියර් ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ඔවුන් අයිඩියල් ඉන්වෙස්ටිගේටර්ස් නම් තවත් ආයතනයක් හා එක්ව, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබෙන නඩු දෙකක් සදහා ඔහුට නොතීසි නිකුත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි.

පි‍්‍රමියර් ගෲප් ඉන්ටර්නැෂනල් යනු විමර්ශන, තර්ජනාත්මක ස්වභාවය ඇගයීමේ සහ අවදානම් කළමණාකරනය යන අංශ පිළිබද කටයුතු කරනා ආයතනයකි. මෙය සිදුවූයේ ඇමරිකාව බලා ගොස් සිටි ගෝඨාභය, නෙවාඩා ප‍්‍රාන්තය වෙත යමින් සිටිය දී නිර්මාංශ ආහාර සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමරිකා ආහාර ජාලයක් වන ටෙ‍්‍රඩර්ස් ජෝ සමාගමේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පැසඬේනා ශාඛාවට පැමිණ සිටි අවස්ථාවේදීය.

ගෝඨාභය නිර්මාංශිකයෙකි. මුද්‍රා තැබූ ලියුම්කවරයක බහාලූ නොතීසිය ඔහුට භාරදුන් එම අවස්ථාව ඡායාරූප ගත කෙරිණ. එම ලියුම්කවරය ඔහු භාරගන්නා ආකාරය එහි සටහන්ව තිබේ.

පැහැදිලිවම, පසුව නිකුත් කැරුණු ට්විටර් පණිවුඩයේ සදහන්ව තිබූ ආකාරයටම, ඇමරිකාවට පැමිණි තැන සිටම සිය කටයුතු කෙරේ විමසුම් ඇසක් යොමුව තිබී ඇති බව ඔහු දැන සිට නැත. එහෙත් කොළඹ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගෝඨාභයට නොතීසි නිකුත් කිරීමක් සිදුනොවූ බවයි.

එතැනින් පසු වුවද, විමසුම් ඇස ඔහු කෙරේම එල්ලවී තිබිණ. එය කෙසේවී ද යත්, ගෝඨාභය ලොස් ඇන්ජලීස් නුවර සිට ඩුබායි හරහා කොළඹට පැමිණීමට නියමිත බවටත්, අපේ‍්‍රල් මස 10 වැනිදා ඔහු පැමිණෙන්නේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ. 216 අංක දරණ ගුවන්යානයේ බවටත්, පණිවුඩයක් ඉහත සදහන් කළ රජයේ බලවත් තැනට ඇසිල්ලකින් ලැබිණ.

වහාම කි‍්‍රයාත්මක වූ ඔහු, කොයිකවුරුත් හොදින් දන්නා තැතැත්තෙක් හා එක්ව ගෝඨාභයගේ ගුවන්ගමන් තොරතුරු ට්විටර් පණිවුඩයක් හරහා ප‍්‍රසිද්ධ කළේය. මෙය හිටපු ආරක්ෂක ලේකම්වරයා වියවුලට පත්කිරීමට සමත් වූ අතර, ඒ නිසාම ඔහු මුලින් යොදාගෙන සිටි ගමන අවලංගු කර වෙනත් ගුවන් යානයක නැගී කොළඹට පැමිණියේය.

එදා සිකුරාදා දිනයක් විය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, හිටපු අමාත්‍යවරුන්, විශ‍්‍රාමික හමුදා නිලධාරීන් සහ සුභපැතීම සදහා පැමිණ සිටි වෙනත් විශාල පිරිසක් ඔහුව පිළිගත්තේය. බෞද්ධ භික්ෂූන්ගේ ප‍්‍රධානත්වයෙන් අති විශේෂ පුද්ගලයින් සදහා වෙන්කර තිබෙන අංගනයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වුණු අතර, මුස්ලිම් මවුලව්වරුද, හින්දු පූජකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.

ගෝඨාභයගේ ප‍්‍රකාශය

රැස්ව සිටි පිරිස අමතමින් කෙටි අදහස් දැක්වීමක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ඉතාම වැදගත් අනාවරණයක් කළේය. සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීම සදහා අදාළ ලියකියවිලි තමා ඇමරිකානු බලධරයින් වෙත බාර නොදුන් බව ඔහු පැවසුවේ ය.

තමා ඇමරිකාව බලා ගියේ වැඩිමනත්ම සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම පිළිබඳව එරට නීතිඥයින් සමග සාකච්ඡා කිරීම සඳහා බව පැවසූ ගෝඨාභය මහතා එම කටයුතුවල සාර්ථකව නියැලූණු බව කීවේය. ඒ සම්බන්ධයෙන් නුදුරේදීම ඉදිරි පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

මේ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන්නේ ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීමට අදාළ ලියකියවිලි බාරදීමට ප‍්‍රථමයෙන් බව මනාව පෙනෙන දෙයකි. අත පොවන මානයේ ජනපතිවරණයක් තිබිය දී තමාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කණගාටුවන බව පැවසූ ගෝඨාභය මහතා, එම නඩු වෙනත් කිසිවක් නොව සිවිල් නඩු බව අවධාරණය කළේය. නමුත් එම නඩු සදහා වූ නොතීසි සෘජුවම තමන් අතටම ලැබුණු බව සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකළ ඔහු පැවසුවේ, එම නොතීසි තමා වෙත ලැබුණේ ලොස් ඇන්ජලිස් නුවර ශී‍්‍ර ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය හරහා බවය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය මස 6 වැනිදා මූලික මට්ටමේ විමසීමක් සදහා ඇමරිකානු තානාපති නිලධාරීන් හමුවී තිබෙන බවට තොරතුරු පසුගිය සෙනසුරාදා වන විට අනාවරණය වූයේය. ඔහු සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ලියකියවිලි සහ ඇමරිකානු ගමන් බලපත‍්‍රය එරට බලධරයින් අතට පත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නේ දැන්ය. මෙම අනාවරණය හා උද්ගතව තිබෙන ගැටලූ එක්ව ගත් කළ නිර්මාණය වනුයේ නව මානයකි.

මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට යැයි ගෝඨාභය මහතා යෙදුණු ඇමරිකානු ගමන ද ආන්දෝලනයෙන් අඩු නොවීය.

ආන්දෝලනාත්මක පුද්ගලයෙක් ඔහු හා එම ගමනට එක්ව සිට ඇතැයි, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මුල් පෙළ නායකත්වය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ සාමාජිකයන් අතිශය කෝපයට පත්ව සිටින අතර, මෙම පුද්ගලයා ගෝඨාභය මහතා ආගිය තැන් සියල්ලේම ඔහු සමගම සිට ඇත.

මෙම පුද්ගලයාගෙන් දුරස්ව සිටින ලෙස රාජපක්ෂ පවුලේ පළමු පෙල සාමාජිකයන් පවා ගෝඨාභය මහතාට උපදෙස් දී තිබී ඇත. එහෙත් ඇතැමුන් අසතුටට පත්ව සිටියේ ශී‍්‍ර ලංකාවේ උද්ගතව තිබෙන දේශපාලන ගැටලූකාරී තත්ත්වය මධ්‍යයේ ගෝඨාභය මහතා ඇමෙරිකාවේ සංචාරයක නියැලීම පිළිබදවය.

කොටින්ම ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවා, විදේශයක ආගමික වන්දනාවක යෙදීමට කර තිබූ සැලැස්ම අවලංගු කළේය. අලූත් අවුරුදු සමයේ විදෙස් රටක නිවාඩුවක් ගතකිරීමට යන පිළිවෙතක් අනුගමනය කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවා මෙම වසරේ රැදී සිටියේ දිවයිනේය.

 



අදහස් (15)

ගෝඨා ආගිය තැන්වල ඇමෙරිකානු විමසුම් ඇස

max Wednesday, 17 April 2019 05:53 AM

කොටි යුද්ධයෙන් මව් රට බේරා ගැනීමේ මහා මොලකරු වීම අතහැර දමා ඇමරිකාවට වී සිටියා ඔය ප්‍රශ්න මුකුත් නැත.

:       1116       1279

Thilina Wednesday, 17 April 2019 10:22 AM

නැවතත් රටට හතුරු සියලුම බලවේග එකතු වෙන්නේ මොකටද කියල දැන් පැහැදිලියි නේද? රටට විශාල සේවයක් කරපු මනුස්සයෙක්..තම තමන්ගේ අපේක්ෂකයෝ ගැන විශ්වාසයක් තියෙනවනම් ඇයි මෙච්චර මේ මනුස්සයට භය වෙලා?

:       68       694

ප්‍රියන්ත කරුණාජීවFriday, 19 April 2019 08:50 AM

මොකද්ද මෙයා රටට කරපු සේවය..? මිග් ගනුදෙනුව, බන්ධනාගාර, මෝර ටැංකි, එලොව යැවීම වගේ දේවල් වෙන්න ඇති නේද?

:       279       131

chinthakaFriday, 19 April 2019 12:13 PM

මනුස්සයෝ, ඔහේගේ නම "ප්‍රියන්ත" නේද? වහාම "ප්‍රියන්ති" කියලා වෙනස් කරගෙන "සායක්" ඇඳ ගන්න. මොකද ඔය ඔප්පු ගරාගන්න බැරි "මිග් ගනුදෙනුව, බන්ධනාගාර, මෝර ටැංකි, එලොව යැවීම" වගේ මඩ කතන්දර අද කතා වෙන්නේ ළිඳ ළඟ "ගෑණු" සෙට් විතරයි.

:       161       679

Chanak Los angelesFriday, 19 April 2019 05:03 PM

චින්තක... එතකොට කෞතුකාගාර හදපු නඩුව අහන්න එපා කියා උසාවියෙන් ඉල්ලන්නේ ඇයි? ඔබ කීවාට වැඩක් නැත. චෝදනා එල්ල කරලයි තිබෙන්නේ... චූදිතට තිබෙන්නේ ඒවා අහන්න එපා කියා නොඉල්ලා එම චෝදනා බොරු නම් ඔප්පු කිරීමයි. එතකොට අපි පිලිගන්නවා ඔහු හොරකම් කරලා නැහැ කියා...

:       994       709

GamageFriday, 19 April 2019 05:09 PM

තිලක ඔය නඩුවලින් බේරිලා ඉන්න රනිල් සිරිසේන නිසා අපේ බලේ තියන අයට බයයි.

:       1       1

Chanak Los angeles Wednesday, 17 April 2019 10:03 PM

යුද්ධයේ මහා මොලකරු සරත් ෆොන්සේකායි ..අනිත් අය බේරුනේ ඒ නිසයි.....

:       495       227

chandimaSaturday, 20 April 2019 06:56 PM

එකට නම් එකඟ වෙන්න බැහැ මට. යුද්ධයේ ආරම්භය ලංකාවේ යුරෝපිය හිතවාදී ආණ්ඩුවක් පිහිටවීමටත් කොළඹ ක්‍රමය යටතේ ආසියානු වෙළඳ කේන්ද්‍රය ලංකාවේ බිහිවීමටත් එරෙහිව ත්‍රස්තයින් පුහුණු කල ඉන්දියාවයි, යුද්ධය අවුරුදු තිහක් ඇදීයාමට හේතුව ඉන්දියාව සහ යුරෝපීයයන් කි අභිමතාර්ථය වෙනුවෙන් ද්‍රවිඩ සංවිධාන සහ ලංකාවේ රජය වෙන වෙනම බෙදාගෙන තමනට ගැති රජයක් හරහා තම කාර්ය ඉටුකර ගැනීම වෙනුවෙන් සටන් අවිලුවිමයි. යුද්ධයේ නිමවා නම් ඉන්දියාව රුසියානු සමාජවාදී බලකොටුවෙන් මිදී යුරෝපිය ආර්ථිකය සමග අත්වැල් බැඳගත් පසුව ඔවුන්ගේ අතකොළුවක් ලෙසින් පවතිමින් ලංකාව යුරෝපියයනට නතුකර ගැනීමට ඉඩ හැරීමයි.

:       1       6

Chanak Los angeles Wednesday, 17 April 2019 10:03 PM

යුද්ධයේ මහා මොලකරු සරත් ෆොන්සේකායි ... සාටකලා බේරුනේ ඔහු නිසයි .

:       144       18

නාත් රණසිංහ Thursday, 18 April 2019 05:12 AM

මෙයා කොහොමද මහා මොලකරු වන්නේ? මෙයා කරපු දේවල් තිබුණා.......

:       49       53

kamal Thursday, 18 April 2019 10:08 AM

"කාටවත් නීතියෙන් පිට වැඩ කල නොහැකියි" මෙය සංවර්ධිත රටවල දැකිය හැකි ලක්ෂණයකි. නොදියුණු රට වල දැකිය නොහැකි ලක්ෂණයකි.

:       134       126

NIMAL Thursday, 18 April 2019 11:46 AM

කමල්, බම්බුව දන්නා තරම පෙනේ...

:       17       2

Chanak Los angeles Friday, 19 April 2019 02:12 AM

මතකයි නේ හිටපු අගවිනිසුරියව ඔවුනට පක්ෂ පාතී නොවුවා කියා එක රැයින් එලියට දමපු ආකාරය........ එහෙම එදා හැසිරී පැරදුනු පාලකයෝ අද රටේ නීතියක් සදාචාරයක් නැහැයි කියමින් රට වටේ යනවා . අනේ කාලේ වනේ වාසේ ..

:       103       27

සෙනෙවි Friday, 19 April 2019 01:48 PM

මෙයා පොත් රාක්කයක් පසුබිම් කළේ උපාධි පට්ටම් ගහපු උගතෙක් කියලා අපිව අන්දන්නද?

:       57       12

janahithaFriday, 19 April 2019 03:16 PM

පොත් රාක්කයක් පෙන්වීමෙන් අදහස් කරන්නේ උපාධියක් ගත් බව කියන්න නොවෙයි... කියවන්නෙක් බව පෙන්වන්නයි. ඔය උපාධි ගත් අය පොත් රාක්කයක් තියා පොත් කීපයක්වත් කියවලා තියන අය නම් ඔහොම ලියන්නේ නැහැ...

:       0       125

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3722 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10948 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1860 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site