IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එදා පවුලේ හොරකම් අද හවුලේ හොරකම්

(සංවාද සටහන:- බිඟුන් මේනක ගමගේ)

යහපාලන ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය, සිවිල් සංවිධානවල විරෝධය, ඇමැති ධූර මාරුව, විජයදාස රාජපක්ෂගේ ඉරණම, වෙනම අධිකරණ පිහිටුවීම, මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ, පොලිස්පතිගේ විනය, විපක්ෂ නායකගේ පැමිණිල්ල හා ජනතාවට ලැබුණු බදු සහන ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

හැමදාම අලුත් ඇමැති කෙනෙක් ආවම ජනප්‍රිය වෙන්න පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් කරනවා. හැබැයි ටික දවසක් යද්දී ආපහු ගේම ගහන්න පටන්ගන්නවා.

රවි කරුණානායකත් ආපු ගමන් දාපු බජට් එක ඔයිට සමාන එකක්. එදත් පොඩි පොඩි දේවල් අඩු කළා. පස්සේ තමයි දෙන්න පටන්ගත්තේ හොම්බෙන් යන්න. දැන් මංගල ඇමැතිවරයාත් පොඩි පොඩි දේවල් ටිකක් දීලා අලුත් බදු පනතක් ගේන්න යනවා.

ප්‍රශ්නය:- යහපාලන දීගයට අදට හරියටම වසර දෙකයි. ආණ්ඩුව කියන්නේ එකිනෙකා හතුරන් හැටියට දකින සම්ප්‍රදාය වෙනුවට මෙය නව දේශපාලන සංස්කෘතියකට පාර කැපුවා කියලයි. ජවිපෙ එවැන්නක් දකිනවාද?
පිළිතුර:- එහෙම නව දේශපාලන සංස්කෘතියක් හැදුණේ නෑ. එදා පවුලෙ හොරකම්. අද හවුලෙ හොරකම්. දැන් අවුරුදු දෙකහමාරකට පස්සෙ ආණ්ඩුවෙම අධිකරණ ඇමැතිවරයා යහපාලනය සාර්ථක වුණේ නෑ කියලා පිළිගන්නවා. යහපාලන ආණ්ඩුවෙ ඇමැතිවරුන්ට වැඩ බෑ කියලා පිළිගන්නවා. අර ඇමැති වැඩ කළේ නෑ... මේ ඇමැති වැඩ කළේ නෑ කියලා ඇමැතිවරු එකිනෙකාට චෝදනා කරගන්නවා. අවසාන ප්‍රතිපලය රටට වැඩක් නෑ.

ජනතාව තුළ තිබූ බලාපොරොත්තු බිඳවැටිලා. හොරකම, දූෂණය, නාස්තිය එහෙමමයි. අලුත් දේශපාලන සංස්කෘතියක් ජනතාව බලාපොරොත්තු වුණා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ.


ප්‍රශ්නය:- හැබැයි පැවැති පාලනයට එරෙහිව හඬ නැගූ සිවිල් සමාජ සංවිධාන නම් කියන්නේ හැට දෙලක්ෂයක ජනතා පරමාධිපත්‍ය හරි පීල්ලට ගැනීමට ජනතාව පෙරට ආ යුතුයි කියලයි. ඒ යෝජනාව පිළිගන්නවද?
පිළිතුර:- දැන් කවුද එතැන ඇවිල්ලා කතා කරන්නේ.. එතැනට ආපු රාජිත සේනාරත්නලා හිටියෙත් පරණ ආණ්ඩුවෙ හොරු එක්කම තමයි. මෝදර වරාය කුණු කොල්ලයට බදු දීම ගැන ඔහුටත් චෝදනා තිබෙනවා.

ඉතින් ඒ කට්ටිය එක්ක එකට ඇවිල්ලා හොරුන්ට දඬුවම් දෙන්න කතා කරනවා. හැට දෙලක්ෂයෙ ඡන්ද ගැන කතා කරනවා. අවුරුදු දෙකක් ආණ්ඩු බලය තිබුණා. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තිබුණා. විධායක බලය තිබුණා. ඒ සියලු බලතල තිබිලා මුකුත් නොකර දැන් ඇවිත් අපට හොරු අල්ලන්න බැරි වුණා, ජනතා අපේක්ෂා ඉටුකරන්න බැරිවුණා කියලා රැලි තියලා මේ කතා කියන්නේ කාටද? ජනතාවට ද? ජනතාව බලය දුන්නෙ ඒකට තමයි. අවුරුදු දෙකකට පස්සෙ නැවත ජනතාව හමුවට ඇවිත් විරෝධතා කරනවා නම් මේක මහ විහිඵවක්. විගඩමක්.


ප්‍රශ්නය:- එක් ඇමැතිවරයෙක් ඉල්ලා අස්වෙද්දී කලින් ඉල්ලා අස් වූ ඇමැතිවරයෙක් පුරප්පාඩු ඇමැති ධූරයේ දිවුරුම් දෙනවා. ආණ්ඩුව දේශපාලන පරමාදර්ශ කීවත් දේශපාලන විචාරකයන් එය විවේචනය කරනවා. රවි කරුණානායකගේ අස්වීම හා තිලක් මාරපනගේ පත්වීම ගැන යමක් කිවහැකිද?
පිළිතුර:- පරමාදර්ශ නම් හොරකම් නොකර ඉන්න ඕනේ. හොරකම් කරනවා කියන්නෙ පරමාදර්ශ නෙවෙයි. යහපාලනයත් නෙවෙයි. හොරකම් කරලා හොරු ආරක්ෂා කරලා අනෙක් පැත්තට අල්ලස් අරගෙන ඒවා අතේ පත්තුවෙලා ඒකට ජනතාවිරෝධය ඇවිත් බිත්තියටම හේත්තු වුණාට පස්සේ ඉල්ලා අස්වුණා. තිලක් මාරපනත් එදා ඇවන්ගාඞ් සිද්ධියේදී නිකන්ම ඉල්ලා අස්වුණේ නෑ. අපේ බලපෑමටයි ඔහුට ඉල්ලා අස්වීමට සිදුවුණේ. රවි කරුණානායකටත් ඒකමයි වුණේ. හැබැයි දැන් වෙලාතියෙන්නේ මොකද්ද? එදා චෝදනාවට ලක්වෙච්ච මාරපන අද විදේශ ඇමැතිකමට එනවා. හෙට අනිද්දා රවි කරුණානායක වෙන ඇමැතිකමක වැඩ බාරගන්න එක අරුමයක් නෙවෙයි. මේවාට පරමාදර්ශ කියනවා නම් ඒවා අපේ චූන් අපිට චූන් කියන පන්නයේ කතන්දර විතරයි.


ප්‍රශ්නය:- මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මන්දගාමී බවටත් අධිකරණ ඇමැති හැටියට විජයදාස රාජපක්ෂ එහි වගකීම ගත යුතු බව ජවිපෙ කිව්වා. ඒකම අද එ.ජා.පය කියද්දී ජවිපෙ මොකද දැන් කියන්නේ?
පිළිතුර:- වංචා දූෂණ නඩු කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවන බවට මැතිවරණ පොරොන්දුවක් තිබුණා. අඩුම තරමින් විශේෂ අධිකරණ කෙසේ වෙතත් වෙනම අධිකරණයක්වත් පිහිටෙව්වේ නෑ. ඒ සඳහා වෙන් වූ අධිකරණ පිහිටුවලා මේවා කඩිනමින් ඉවර කරන්න යැයි අපි දිගින් දිගටම කිව්වා. ෆීලික්ස් ඩයස් අධිකරණ ඇමැති කාලේ ඉයන් වික්‍රමනායක නීතිපති දෙපාර්තමේන්තුවේ සිටිද්දී වෙනම අධිකරණ දෙකක් පිහිටෙව්වා. මනෝහර හා වික්‍රමසූරිය නමැති විනිසුරුවරුන් දෙදෙනා යටතේ අල්ලස් නඩු ඉක්මණින් ඇහුවා.

ඉතිහාසයෙත් මේවා කරලා තිබෙනවා. මේ ආණ්ඩුවටත් ඒක කරන්න තිබුණා. හැබැයි ආණ්ඩුව කළේ නෑ. දැන් අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි අධිකරණ ඇමැති මේ වැඬේ කළේ නෑ කියන එකත් මතක් වෙලා තියෙන්නේ. ඒක එහෙම වුණේ රවි කරුණානායකට චෝදනා එල්ලවුණාට පස්සේ. රවි හිරවෙනකොට තමයි ආණ්ඩුව හීනෙන් බයවෙලා තියෙන්නේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම මේ ක්‍රියාවලිය නිවැරැදිව සිදු නොවන බව කියමින් ආණ්ඩුව හැටියට මැදිහත් වන්නැයි කිව්වා. දැන් මේක විජයදාස පිටින් යවලා ආණ්ඩුවට ඇඟ බේරාගන්න බෑ.


ප්‍රශ්නය:- නමුත් විෂය බාරකරු හැටියට මූලික වගකීම අධිකරණ ඇමැතිවරයාට නේද?
පිළිතුර:- නැහැ. කැබිනට් මණ්ඩලයට තීන්දු තීරණ ගන්න තිබුණා. එක ඇමැති කෙනෙක් වැඬේ කළේ නෑ කියලා ආණ්ඩුවකට නිකන් ඉන්න බෑ. මොකද අනෙක් දේවල් ආණ්ඩුව එහෙම කරනවනෙ. වරාය විකුණන්න ඕනෑ වුණාම ඇමැතිගෙන් අහන්නේ නෑ. කැබිනට් මණ්ඩලය තීරණ ගන්නවා. ආණ්ඩුව තමන් අතින් වෙච්ච වැරැද්ද විජයදාසගෙ පිටින් යවලා අත පිහිදාගන්න හදනවා. අපට ඒක අනුමත කරන්න බෑ.


ප්‍රශ්නය:- එවැනි විශේෂ අධිකරණයකට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති බව අධිකරණ ඇමැතිවරයා පවසද්දී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාත් ඊට සමාන තර්කයක් ඉදිරිපත් කරනවා. මෙහි නෛතික පසුබිම ගැන ජවිපෙ දැනුම්වත් ද?
පිළිතුර:- ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න වෙන්නේ විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් තමයි. එහෙම නම් වෙනම අධිකරණයක් පිහිටුවන්න. ඒ කියන්නෙ දැන් තිබෙන අධිකරණවලින්. උදාහරණයකට කොළඹ මහාධිකරණ අටක් තිබෙනවා. මේ අල්ලස් දූෂණ වංචා පිළිබඳ නඩු අහන්න ඒ අටෙන් දෙකක් වෙන්කරන්න පු`ඵවන්. උදේ සවස වරු දෙකම නඩු ඇහුවොත් ඉක්මණින් ඉවර කරන්න පු`ඵවන්. නැත්නම් මේවා අවුරුදු ගණන් ඇදෙනවා. එතකොට මේවා අහුවෙන්නේ නෑ කියලා හොරු දන්නවා. හොරුන්ගෙ බය නැතිවෙන්නෙ ඒකනෙ. ඊටපස්සෙ මේ ආණ්ඩුවෙ කට්ටියත් හොරකම් කරනවා. ඒක චක්‍රයක් වගේ දිගටම යනවා. ඒ නිසා හොරකමට බය ඇතිකරන්න නම් වෙනම අධිකරණ පිහිටුවා නඩු ඇසීම කඩිනම් කළ යුතුයි. එය කවුරුවත් විශේෂයෙන් ඉලක්ක කරගත් එකක් නෙවෙයි. ගිය ආණ්ඩුවෙ වගේම මේ ආණ්ඩුවෙ අයගෙ නඩුත් අහන්න පුඵවන් අධිකරණයක්.


ප්‍රශ්නය:- ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සී.අයි.ඩීයට යෑම සමඟ නැවතත් ඒකාබද්ධ විපක්ෂ පාක්ෂිකයන් ඒකරාශි කරගත් යම් අඬෝවැඩියාවක් මතුවෙනවා. දේශපාලන පලිගැනීම් සිදුවන්නේය යන සටන් පාඨය මතුවෙනවා. නෛතික ක්‍රියාවලි සමඟ පැටලෙන මේ දේශපාලනය මිනිස්සු තේරුම්ගන්නෙ කොහොමද?
පිළිතුර:- මේ රටේ ඉතාම දක්ෂ දීප්තිමත් රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන් ඉතා පැහැදිලි ලෙසම ඝාතනය කළා. අධිකරණයෙන්ම එය ඝාතනයක් බව හෙළි වුණා. එය මේ රටේ කුප්‍රකට රහසක්. පැහැදිලි ලෙසම මිනීමරුවන් හොයන්න ඕනෑ. ඉතින් පරීක්ෂණයට අදාළව ප්‍රශ්න කරද්දී ඒවාට දේශපාලන පලිගැනීම් කියන්න බෑ. එහෙම වුණොත් කිසිම පරීක්ෂණයක් කරන්න වෙන්නේ නෑනෙ. ඇත්තටම ඔය රජ ගෙදර රජ කුමාරවරුන්ට එදා තිබුණේ තාජුඩීන් සමඟ ඊර්ෂ්‍යාවක්. මෙතැන ඉතාම සාහසික මිනී මැරුමක් සිදුව තිබෙනවා. ඒ මිනීමරුවා හොයද්දී දේශපාලන පලිගැනීම් සටන් පාඨ ඉස්සහරට දාගෙන කෑ ගැහුවාට ඒකට නම් ඉඩදෙන්න බෑ. මේ දේශපාලනය සාමාන්‍ය ජනතාව දැන් දන්නවා.


ප්‍රශ්නය:- පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමග පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධයෙන් විශාල විවාදයක් හටගෙන තිබෙනවා. මෙය බරපතලව ගත යුතු කරුණක් නොවේද?
පිළිතුර:- ඊනියා යහපාලනයෙන් සියල්ල කඩාවැටෙද්දී එක ආයතනයක් විතරක් හොඳ වෙන්නේ නෑ. ආණ්ඩුව පරාභවයට යද්දී ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු විතරක් ඉතිරි වෙන්නේ නෑ.


ප්‍රශ්නය:- එහෙත් එතැනින් ඔබ්බට ඇති පියවර ගැන අසද්දී ව්‍යවස්ථා සභාව කියන්නේ එය පොලිස් කොමිසමට බාර බවයි. පොලිස් කොමිසම කියන්නේ එවැන්නකට බලයක් නැති බවයි. එතකොට මේ සිද්ධියෙන් එළියට පනින්නේ 19 වැනි සංශෝධනයේ අවුලක් ද?
පිළිතුර:- ව්‍යවස්ථා සභාවට තිබෙන්නේ පත්කිරීමේ බලය විතරයි. විනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඊට බලයක් නෑ. ඒක 19 වැනි සංශෝධනය අනුව ගත්තත් ඊට පෙර පැවැති 17 වැනි සංශෝධනය අනුව ගත්තත් එහෙමයි. විනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටයි.

දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ විනය කඩවෙද්දී පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනැල්ලා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා.  භාවනා වැඩීමට වෙනම චක්‍රලේඛයක් නිකුත් කිරීම මේ සියල්ලට හේතු වී තිබෙනවා. ආගමික කරුණක් අරභයා මෙවැනි චක්‍රලේඛ නිකුත් කළ හැකිද? ඇත්තවශයෙන්ම මේවා ආගමික නායකයන්ගේ වැඩකටයුතු මිස රජයේ දෙපාර්තමේන්තුවල වගකීම් නෙවෙයි.


ප්‍රශ්නය:- නව මුදල් ඇමැතිවරයා පැමිණි විගස අන්තර්ජාල හා රථවාහන බදු අඩු කර තිබෙනවා. ඇමැති මාරුව සමඟ ජනතාවට යහපතක් වෙලා යැයි ජවිපෙ පිළිගන්නවාද?
පිළිතුර:- හැමදාම අලුත් ඇමැති කෙනෙක් ආවම ජනප්‍රිය වෙන්න පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් කරනවා. හැබැයි ටික දවසක් යද්දී ආපහු ගේම ගහන්න පටන්ගන්නවා. රවි කරුණානායකත් ආපු ගමන් දාපු බජට් එක ඔයිට සමාන එකක්. එදත් පොඩි පොඩි දේවල් අඩු කළා. පස්සේ තමයි දෙන්න පටන්ගත්තේ හොම්බෙන් යන්න. දැන් මංගල ඇමැතිවරයාත් පොඩි පොඩි දේවල් ටිකක් දීලා අලුත් බදු පනතක් ගේන්න යනවා. ඒකෙන් මෙච්චර කල් බදු ගහපු නැති අයටත් බදු ගහනවා. පුණ්‍යායතනවලටත් බදු ගහනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ටත් බදු ගහනවා. මෙච්චර කල් එහෙම තිබුණේ නෑ. මේ යටතේ හැමෝටම බදු අංකයක් තිබෙනවා. මේක මහ බරක් පටවන පනතක්. සිල්ලරට දීලා තොගේට හොයන්නයි හදන්නේ.


ප්‍රශ්නය:- විදෙස්ගත ශ්‍රමිකයන් මත බදු පැනවීමක් නොවන බවට මුදල් රාජ්‍ය ඇමැතිවරයා සහතික වුණා නේද?
පිළිතුර:- නමුත් දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ වගන්ති තිබෙනවනෙ. ඔහු කියනවා නම් පාර්ලිමේන්තුවට ගෙනෙද්දි ඒක අයින් කරගනීවිද කියලා අපි බලමු.


ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ඔක්තෝබර් නොවැම්බර්වල නිකුත් වෙන බව මහින්ද අමරවීර ඇමැතිවරයා කිව්වත් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන්නේ සියල්ලට පෙර එන්නේ ජනමත විචාරණයක් බවයි. විශ්වාස කළ හැක්කේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ද? එ.ජ.නි.ස ලේකම් ද?
පිළිතුර:- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට රාජිත කියන කතා සත පහකට විශ්වාස කරන්න බෑ. ඇට නැති දිව එහාට හරවනවා. මෙහාට හරවනවා. අද කියන එක හෙට එහෙම නෙවෙයි කියනවා. සරත් ෆොන්සේකා මොකද්ද බළකායක ප්‍රධානියා කරනවා යැයි රාජිත කිව්වා. මම එහෙම කිව්වේ නැතැයි ජනාධිපති හැරෙන තැපෑලෙන් කිව්වා. ඔහු කියන දේවල් නම් වලංගු ප්‍රකාශ නෙවෙයි. අපි දන්න හැටියට නම් පළාත් පාලන මැතිවරණයක් තමයි එන්නේ. ජනමත විචාරණයක් ගැන වටපිටාවක් පේන්න නෑ. ඒ සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පතක් තවම හදලත් නෑ. ජවිපෙට අනුව නම් රාජිතගේ ප්‍රකාශ නිකන් හිස් කතා විතරයි.


ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු නොකර සද්ද නැතිවව සිටීමට ජනාධිපතිවරයාට අයිතියක් නැතැයි ජවිපෙ කියනවා. මේ ගැන ශ්‍රීලනිපයෙන් කටයුතු කරන කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා කියන්නේ වෙන කතාවක් නේද?
පිළිතුර:- විධායක ක්‍රමය අනිවාර්යෙන් අහෝසි කරනවා කියලා පොදු අපේක්ෂකයා හැටියට පොරොන්දු වුණේ මෛත්‍රිපාල සිරිසේන මහතායි. ආපහු සැරයක් විධායක ජනාධිපතිවරණයකට එන්නෙත් නෑ කිව්වා. ඒ නිසා අපිට නිමල් සිරිපාලගේ කතා වැඩක් නෑ. මොකද ජනතාවට පොරොන්දු දුන්නේ එයා නෙවෙයි. ජනවරම ලැබුණේ මෛත්‍රීටයි. විධායක ජනාධිපති ධූරය අහෝසියට ජනවරමක් තිබෙනවා. තෝල්කයෝ පැත්තකට දාලා මේකට උත්තර බඳින එක ජනාධිපතිගේ වගකීමයි. සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිට සපථ කරලා පොරොන්දු වුණේ ඔහුයි. නිමල් සිරිපාලලා, එස්.බී දිසානායකලා, ජෝන් සෙනෙවිරත්නලා දැන් මේ වෙන වෙන පාරවල්වල යන්න හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙන එකක් යැයි කියන්න හදනවා. ජන වරම දුන්නේ ජනතාව පක්ෂයක් බලලා නෙවෙයි. පොදු අපේක්ෂකයාටයි. ඒකට සිරිපාල උත්තර දීලා වැඩක් නෑ. මේක කරනවාද නැද්ද කියන එක ජනතාවට කෙළින් කිවයුත්තේ පොදු අපේක්ෂක සිරිසේන මහතායි.

 



අදහස් (10)

එදා පවුලේ හොරකම් අද හවුලේ හොරකම්

nuwan Monday, 21 August 2017 06:01 AM

දැන් පැහැදීමක් තියන එකම කණ්ඩායම ජවිපෙ විතරයි.... එක මිනිස්සු තේරුම් අරන් තියන්නේ...

:       305       206

dushan Monday, 21 August 2017 06:32 AM

කන පැලෙන්න බිලා වාහන එළවීම ගැන මෙතුමාගේ අදහස ඇහුවේ නැත්තේ ඇයි?

:       148       179

rohana Monday, 21 August 2017 09:30 AM

ජවිපෙ කතාව සුපිරියි. මේ දෙගොල්ලෝම දූෂිතයන්... මහජන දේපොළ මංකොල්ල කනවා. ජවිපෙ ප්‍රතිපත්ති සුපිරියි. ඒ අනුව 2020 බලයට පත්විය යුත්තේ ජවිපෙ. නමුත් ලංකාවේ පුරවැසියන් එය ඉටුකරයිද? ජවිපෙ ට ජනතාව දිනාගන්න බැරි අැයි?

:       249       148

raveendraMonday, 21 August 2017 12:35 PM

රෝහණ මයා වෙත, ඔබගේ අදහසට ගරුකරමි. මේ කොළ සහ නිල් හාදයෝ, දූෂිතයෝ සියල්ලෝම "කල්ඉකුත්වී හමාර නිවටයින්ය".මොවුන් මහජන දේපල මංකොල්ල කාදමා ඇතිබව සත්‍යයකි. ජවිපෙ හාදයොත් මහජන දේපල මංකොල්ල කෑම කෙසේවුණත් මහජන දේපොළ විනාශ කල බව අප හැම දෙනාම දන්නා කරුණකි. දේපොළ පමණක් නොව ජීවිතද ඔය කියන ජවිපෙ සාන්තුවරයන් විසින් ලක්මවට අහිමිකළ බවත් අපට නම් ඉතා හොඳින් මතකය. 1971 කෙසේවෙතත් 1988, 1989 ඒ සඳහා හොඳම උදාහරණයන්ය. එබැවින් ඔවුන් විසින්ම එම විනාශ කල මහජන දේපොළ සහ මරා දමන ලද ලක්මවගේ දරුවන් පිළිබඳව " අවංක තක්සේරුවක් කර " ප්‍රසිද්ධියේ එ් පිළිබඳව ප්‍රකාශ කලයුතුය. එසේ අවංක තක්සේරුවක් පිළිබඳ ප්‍රකාශය අනුව ජනතාව ඔවුන් පිළිබඳව යම්කිසි සුබවාදී තීරණයකට එනු ඇත. රතු මල්ලිලා හොඳින් මතක තියාගන්න... බබා හුකුම් තර්ක එපා... කෙලින් උත්තර දෙන්න හරියැ ....

:       204       314

RoshanTuesday, 22 August 2017 02:30 PM

ජවිපෙ එක දැන් තොත්ත බබලා වගේ කතා කරන්නේ... එයාලට එයාලගේ අතීතය අමතක වෙලා. ජවිපෙ එක ගැන දන්නා ඒ අමිහිරි කටුක අත්දැකීම් ලබපු කිසිකෙනෙක් ජවිපෙ එකට ඡන්දෙ දෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. එකට වඩා වැඩි විනාශයක් මේ රටට කරපු පිරිසක් තමයි ජවිපෙ එක කියන්නේ. මෙයාලා දැන් කිසි දෙයක් දන්නේ නැති ගාණට කතා කරන්නේ. තමන්ගේ නායකයාගේ පවුලට ගෙයක් හදන්න පක්ෂ සාමාජිකයෝ දුන්න සල්ලි කොල්ල කාපු පිරිසක් දැන් ඉන්නේ. පක්ෂෙට ලැබුණු මුදල් පුංචි අම්මාගේ ගිණුමට දාගත්ත නායකයෙක් දැන් ජවිපෙ එකට ඉන්නේ....

:       0       1

Senarath Monday, 21 August 2017 10:27 AM

හවුලේ හොරකම් කරන බව පෙනෙනවා. පිටරටවල රතු අලි පැටියාට තියෙන ගෙවල් වලට ටැක්ස් කොළ ආපු නිසා...

:       155       204

raveendra Monday, 21 August 2017 12:46 PM

නැවතත් රතු, චූටි මල්ලිලාට කීමට සහ ඇසීමට සුළු ප්‍රශ්න ටිකක් ඇත. මේවා "කඩඉම්" ප්‍රශ්න කැමති නම් උත්තර නොදී ඉන්නත් පුළුවන්. තම හිතට අවංකව ප්‍රසිද්ධියේ කියන්න ඔහේලගෙ දරුවන් .. සහෝදර සහෝදරින් විදේශ ගතවෙලාද? විදේශ ගතවී ඉගෙන ගන්නවද? ඔහේලගෙ වත්කම් බැරකම් යනාදිය.... උත්තර නොලැබෙනවා යනු "බොක්කේ ගෙරිමස්... කටින් සමාජ වාදය". රතු මල්ලිලා, අපි ප්‍රසිද්ධියේ අහන්නේ ඔහෙලත් උත්තර දෙන්න ප්‍රසිද්ධියේම...

:       66       155

THANMIDU DULVAN Monday, 21 August 2017 02:30 PM

හවුලේ හොරකම් වලටත් පවුලේ හොරකම් වලටත් අනියම් ආකාරයෙන් උදව් කරලා තියෙන්නේ විජේවීරගේ රතු මල්ලිලා නොවේද?

:       39       57

lalith Tuesday, 22 August 2017 02:42 PM

ඉතින්, මොකද වෙන්නේ? සමූපකාර ක්‍රමය වඩා හොඳයි කියනවා නේද?

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 August 2017 08:16 AM

එදා ගොනිබිල්ලෝ අද දේශපාලකයෝ.

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10987 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1861 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 222 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site