IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි

(වීඩියෝ - අමල් වික්‍රමරත්න)

ඉන්දීය, බංග්ලාදේශ බාල ඖෂධවලට වෙළඳපොළ විවෘත කරමින් ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රෝඩාවක් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගාල්ලේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය.

මෙම ඖෂධවල පාලන මිල ඉන්දියා වුවමනාවට අනුව සිදුකළ එකක් බවද ඔහු කියා සිටියේය.



අදහස් (33)

විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි

shameer Friday, 18 August 2017 09:13 AM

මෙයාට හොඳ දෙයක්වත් ඔළුවට යන්නේ නෑනේ.... මිල අඩු කළත් කෑගහනවා... පාස්පෝර්ට් දෙක අරගෙන ලෝකේ දෙපැත්තට යන්න එකපාර යන්න...

:       1347       1590

Upali Friday, 18 August 2017 09:25 AM

මෙයාගෙ බෙහෙත් පෙත්ත මාරුවෙලා කියලා තමයි අපිට නම් පේන්නේ...

:       628       985

පිටිගල මිලානෝ Friday, 18 August 2017 09:30 AM

මෙයා ඖෂධ මිල වැඩි වෙනවට බයේ සමහරවිට පවුලේ කෙනෙක් අර දරුණු සතාගේ නම තියෙන බෙහෙත අරන් කාට හරි පොවනවද දන්නේ නැහැ... එහෙම පුවත් කලකට පෙර මාධ්‍යයේ පළවුනා නේද?

:       822       622

kumarasinha milano Friday, 18 August 2017 10:04 AM

ටිකක් වයසක් පහේ ඇමතිතුමෙක්ටත් ඔය බෙහෙතම වැඩි වෙලා වෙච්ච අකරතැබ්බයක් ගැනත් පත්තරවල ගියා පිටිගල අයියට මතකද?

:       66       529

පිටිගල මිලානෝ Friday, 18 August 2017 12:26 PM

අනේ ඔව්! එයා යූ.එන්.පී එකට සෑහෙන කීර්ති නාමයක් ලබාදෙමින් සිටිනවා.

:       116       24

aravinda Friday, 18 August 2017 09:46 AM

අද බොහෝ බෙහෙත් වර්ග වල මිල මහජනයාට දැරිය හැකි මට්ටමකට පැමිණ ඇත. යුරෝපෙන් හෝ ඇමෙරිකාවෙන් බෙහෙත් ගෙන අවාට, ඒවායේ මිල මහජනයාට දැරිය නොහැකි නම් එයින් ඇති පලය කුමක්ද? යමක් විවේචනය කරනවානම්, ඊට ප්‍රයෝගික විකල්පත් ඉදිරිපත් කරනවානම් හොඳයි.

:       1238       1301

samanFriday, 18 August 2017 11:17 AM

අරවින්ද බෙහෙත් අඩු මිලට ගත්තට වැඩක් නෑ, ලෙඩේ සුව වෙන්නේ නැත්නම්. අනික පොලෙන් එළවලු ගන්නවා වගේ තුට්ටු දෙකට බෙහෙත් ගැනීම අනතුරු දායකයි. අතුරු අබාධ ඇතිවීමේ ඉඩ කඩ වැඩියි. සමහර අඩු ප්‍රමිතියෙන් යුත් බෙහෙත් කාලයක් ගැනීමෙන් වකුගඩු, අක්මාව වගේ ඉන්ද්‍රියන්ට හානි වීමේ හැකියාවක් තියනවා. හැබැයි ඒවා හොයාගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි. එක නිසා හැකි සෑමවිටම අඩුම මිලට නොව හොඳ ප්‍රමිතියෙන් යුතු ඔසු සාධාරණ මිලට ගන්න බලන්න

:       168       1010

Rodny Friday, 18 August 2017 10:08 AM

එම පෙත්ත ගේන්නෙත් ඉන්දියාවෙන්...

:       81       39

duminda Friday, 18 August 2017 10:48 AM

මෙයා මොනවද මේ රටට කළේ? කවදාවත් වැඩක් ඇති දෙයක් කරපු මිනිහෙක්ද?

:       1296       1186

ranaviFriday, 18 August 2017 12:02 PM

රටේ පීඩිත පන්තිය ගැන ලොකු කැක්කුමකින් දේශපාලනයට ආපු මෙතුමා ඇත්තටම කලේ හිටපු ජනපතිතුමා කඩේ යවලා හම්බ කරපු එක විතරයි.

:       425       460

rishan Friday, 18 August 2017 10:58 AM

ඉහත අදහස්වලින් පෙනෙන්නේ මෝඩ වාචාල දේශපාලකයන්ට වඩා පාඨකයෝ බුද්ධිමත් බවයි ....

:       412       173

saman Friday, 18 August 2017 11:06 AM

දත් දොස්තර මහත්තයා මොනතරම් කැටයම් දදා කිව්වත් යහපාලනය යටතේ සුවසේවය යන්නේ වල පල්ලට. ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය, වකුගඩු රෝග ව්‍යාප්තිය වගේ සාධක මේවට හොඳම උදාහරණයි. (මේ පුවතටම යටින් තියන වකුගඩු පිලිබඳ පුවත බලන්න) . ඔසු ව්‍යාපාරය කියන්නේ මහ මාෆියාවක්... ඒ වගේම තුට්ටුදෙකේ බෙහෙත් ගෙන එ්මෙන් වෙන්නේ මහ විනාශයක්. උදාහරණයක් හැටියට සමහර අඩුමිල බෙහෙත් වල කිසිම ප්‍රමිතියක් නෑ. ඉන්දියාව වගේ රටවල සමහර මිනිස්සු ගෙවල් වල තියාගෙන සමහර බෙහෙත් හදල පස්සේ තමයි කොම්පැනි වලට දෙන්නේ. එ්ක නිසා සමහර බාල බෙහෙත් වලින් වෙන්න තියන විනාශය වැඩියි. මේ නිසා අඩුමිල ගැනම හිතන්නේ නැතුව හොඳ ප්‍රමිතියෙන් යුතු සාධාරණ මුදලකට බෙහෙත් සපයන්න ඕනේ. අපි හිතන්න ඕනේ බෙහෙතේ ගුණාත්මක බව මිසක් එච්චරට තිබුණු බෙහෙත දැන් මෙච්චරයි කියලා නෙවේ.

:       1606       1818

ranavi Friday, 18 August 2017 11:17 AM

පිස්සුද මේ ආණ්ඩුවට වියාග්‍රා අඩු කරලා නෑනේ?

:       0       213

wasanjaya Friday, 18 August 2017 11:26 AM

අදහස් දමපු හැම කෙනාම විරුද්ධ වුණත් මම කියන්නේ වීරවංශ මන්ත්‍රීතුමා කීව කතාව ඇත්ත කියලයි. ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක් ලෙස බටහිර ඖෂධ නිපදවනවා. ප්‍රමිතියක් ඇත්තෙම නැහැ. ජනපතිතුමා සෞඛ්‍ය ඇමැති කාලේ ඉන්දියාවෙන් ගෙන්වපු මෙට්ෆෝමින් පෙත්තක කම්බි කෑල්ලක් තිබුණු පින්තූර පත්තරේ පල වුණා. ඉන්දියානු බෙහෙත් බොන අයට දෙයියන්ගේම පිහිටයි.. යුරෝපයේ නිපදවන බෙහෙත් තීරුබදු වලින් නිදහස්කර අඩුමිලට ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කිරීම ආණ්ඩුව කල යුතුය. ඉන්දියාවෙන් ලැබෙන කොමිස් කුට්ටි වලට ගිජුව අසරණ රෝගීන් අමාරුවේ දමන්න එපා.

:       106       1443

gamini Friday, 18 August 2017 11:45 AM

මේ මහත්තයා ගැන කතා කරද්දී .. එදා වත්කම් සහ අද වත්කම් සොයා බැලිය යුතුයි.

:       176       244

dias Friday, 18 August 2017 11:47 AM

එංගලන්තෙන් බෙහෙත් ගෙනත් දෙන්න ඇති.

:       144       7

sunil Friday, 18 August 2017 03:09 PM

ඇයි දන්නේ නැතිද, මෙයාලගේ කාලේ බෙහෙත් ගෙනාවේම ඇමරිකාවෙන් එංගලන්තෙන්, . ජර්මනියෙන් වගේ උසස් රටවලින් නේද? එකයි එතුමාට ටිකක් කේන්ති ගිහින් තියෙන්නේ බෙනෙත් සම්බන්දයෙන්. අනික අඩුවක් නැතිවත් ඒ කාලේ උසස්ම බෙහෙත්ජ මෙහෙ තුබුනානේ.

:       108       0

rohan Friday, 18 August 2017 12:31 PM

මෙයාගේ වත්කම් ගැන හොයන්න.. (හෝටල්, රන් මැණික්, බතික් රෙදි පිළි, ලී බඩු සහ ලී කැටයම් කඩ... ගැන) ඒවාට කොහෙන්ද සල්ලි?

:       205       169

naradha Friday, 18 August 2017 12:36 PM

අද සමහරු දරන මතයක් නම් ඉන්දියාවේ සාදන බෙහෙත් වල ප්‍රමිතිය අඩු බවයි. එහි යම් සත්‍යතාවක් තිබිය හැකියි. නමුත් යථාර්තය නම්, දැනට ලංකාවේ බහුතරයක් රෝගීන්ට දැරිය හැකි මිලකට ලබා ගත හැක්කේ ඉන්දියාවෙන් ගෙන්වන බෙහෙත් පමණි. ඊළඟට කල යුත්තේ අපට අවශ්‍ය බෙහෙත් ලංකාවේම නිපදවා ගැනීමයි. මා දන්න තරමට රජය මේ සඳහා ආයෝජකයන්ට දැනටමත් පහසුකම් සලසා ඇත.

:       89       33

mahinda gamage Friday, 18 August 2017 12:38 PM

ඇත්ත නේන්නම්... මෙයාට වුවමනා අර එයාගේ බිරිඳට වුවමනා බෙහෙත් වල මිල අඩු කිරීමක්... ඒක කලා නම් මෙයා බොහොසේ සතුටුවේවී !!!.

:       9       130

Saman Friday, 18 August 2017 01:53 PM

බාල ඖෂධ කිව්වෙ නිල්පාට පෙත්තටද?

:       87       223

rocky Friday, 18 August 2017 02:45 PM

මුන්නැහේගේ ගෙදරදී මැරිච්ච හාදයත් මොකද්දෝ පෙත්තක් ගහලා කියලා කතාවක් තිබුණා මතකයි.

:       0       124

lalith Friday, 18 August 2017 03:58 PM

ඉන්දියානු බෙහෙත් බාලයි කියන අපේ සිත් වලට කාවැදිලා තිබුණට අද තත්වය බොහොම වෙනස්. පසුගියදා ලංකාවේ යුද්ධය නිමකරන්න ඇතිවුණු එකඟ තාවයේ කොටසක් විදිහට ඇමෙරිකාව ඉන්දියානු භාණ්ඩ වලට තමන්ගේ දොර විවර කලාට පසුව, දැන් දැන් ඇමෙරිකාවේ විකුනන්නෙත් ඉන්දියාවේ නිෂ්පාදිත බෙහෙත් වර්ගයි. එව්වා ඉන්දියාවේ නිපදවූවත් ඉන්දියාවේ තිබෙන ඇමෙරිකානු සමාගම් වල තමයි එ්වා නිපදවනු ලන්නේ. ඒ නිසා මෙතැනදී නම් වීරවංස මහත්තයට වැරදිලා වගේ... හැබැයි මේ තත්වය ඇතිවුණේ පසුගිය රනිල් රජය නොර්වේ වල මැදිහත්වීමත් ඇතුව ඉන්දියාව සමග ඇතිවුණු එකඟතාව නිසා බව අමතක කරන්න එපා. එම එකඟතාවයෙන් ඉන්දියාව, රුසියාව අතහැර ඇමෙරිකානු පිල සමග එකතු වුණා යයි මට සිතෙනවා. ඔවුන් පසුගියදා පැවැත්වූ නාවුක අභ්‍යාසයත්, අර ලංකාව වටේ ගිහින් මාලදිවයින දක්වා මුහුදේ යුධ නැවු කරකැවිල්ලත් එම ගිවිසුමේම කොටස්. මේවා සියල්ල බොහොම දුර බලලා පරචිත්තවිජානන ඥානයෙන් යුතුව කරපු දේවල් කියනවනේ.

:       287       40

samSaturday, 19 August 2017 09:15 AM

ලලිත්, ඔබ කියන දේ ඇත්තයි. දැන් දැන් ඕස්ට්‍රේලියාවෙත් ඉන්දියානු බෙහෙත් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියන තද නීතිරීති අනුව කිසිම බාල බෙහෙතක් මෙහෙ විකුණන්න බැහැ. ඒවා ප්‍රමිතියෙන් බාල බව අහු වුණොත් ඒ සමාගමට ආයේ කවදාවත් ඒ බෙහෙත් ඕස්ට්‍රේලියාවට විකුණන්න ලැබෙන්නේ නැහැ. විමල් වීරවංශ කියන්නේ කවුද කියලා දන්නා අය එයාගේ කියමන් "නොකිව්වා නම් හොඳයි" කියනවා මිසක් ඒවා අනුමත කරන්නේ නැහැ.

:       146       19

angelo Saturday, 19 August 2017 02:31 AM

බෙහෙත් ලෝකේ හදන්නේ යම් කිසි ප්‍රමිතියකට් , විමලේ ට පුළුවන් නඩු දාන්න එහෙම වෙනවනම් , බොරු කතා , සමන් මේ ගැන ඉන්දියාවේ ගිහින් බලල අවා වගේ කතාව , ගැලරි කතා

:       46       112

pitigala Saturday, 19 August 2017 02:36 AM

ව්යාඝ්‍රා පෙති ගැනත් කතා කරලා ගන්න ඕන මාත්‍රාව ගැනත් කියා දෙන්න

:       39       131

rohana Saturday, 19 August 2017 02:42 AM

ගත්ත පෙත්ත වරදිලවෙන්න ඇති වයස මතක නැතිවූනේ .ගමන් බලපත්‍ර දෙකක් බාවිතා කලේ .

:       27       0

siva Saturday, 19 August 2017 06:29 AM

මෙයා පෙති ගැන කියන්න මෙයා දොස්තර කෙනෙක්ද ?

:       75       0

dhamneth Saturday, 19 August 2017 09:39 AM

මෙයා උපදින්නත් පෙරසිට ලංකාවට ඉන්දියාවෙන් බෙහෙත් ගෙන්වනවා. මෙයාගේ කලින් ගුරුන්නාන්සේ රෝහණ විජේවීර... ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරන්න කීවාට එයාගේ ගෙදරත් ඉන්දියන් භාණ්ඩ තිබුණලු. අපිට මතකයි ඉන්දියාවෙන් ලැබුණු ගිලන්රථ ගැන අර වෛද්‍ය සංගමයේ නිලධාරියෙක් කියපු කතාව. සමහරුන්ට සල්ලි වැඩිවෙනකොටත් මිල අධික භාණ්ඩ පස්සේ දුවනවා. යුරෝපා හා අර ඔයාට පේන්න බැරි අධිරාජ්‍යවාදී රටවල නිෂ්පාදන වියදම වැඩියි. දුර නිසා ප්‍රවාහන හා නැව් ගාස්තුත් වැඩියි..

:       62       146

palitha Saturday, 19 August 2017 09:58 AM

මෙයාලා ඉන්න කාලේ බෙහෙත් ගෙනාවේ, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් වලින් නේ නේද?අනේ නිකන් ඉන්න. කට තිබ්බට වැඩ බෑ කියලා රටටම ඔප්පු කරලා ඉවරයි.

:       28       0

Hafeel Saturday, 19 August 2017 11:13 AM

මෙයාට බෙහෙත් පෙති නැතුවම බැහැ වගේ.. මෙයා දන්නවා පෙති වර්ගවල වෙනස. මෙවැනි පණ නැති අයද බලය ඉල්ලන්නේ..

:       121       1

shan saudi Saturday, 19 August 2017 12:25 PM

මෙයාගේ කතාව ඇත්ත. මොකද වෙළඳපොලේ ඇති බෙහෙත් හොඳම තත්වයේ ඒවා විය යුතුය. මොකද මෙවැනි පෙති හොඳම තත්වයේ ඒවා වීම විශේෂයි. ජීවිත හානි වළකාගැනීමටද අවස්ථාව ලබාදිය යුතුය. පසුගිය කාලයේ එවන් අකල් මරණයක් සිදු වූ නිසා මේ ගැන වැඩිදුර අවධානය ඔහු විසින් යොමුකර ඇත.

:       105       43

ajith Sunday, 20 August 2017 02:58 AM

මුන්ගේ කාලෙත් අපි ගත්තේ ඉන්දියවෙන් ගෙනාපු බෙහෙත් තමයි. වෙනසකට තිබුනේ ඒකාලේ මිල වැඩි එක විතරයි. මුන්ගේ මොලේ කොලොප්පම් වෙලා. රජය කරන හැම එකකම වැරදි කියනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site