IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකෙයි

( මහින්ද නිශ්ශංක )
වර්ජනයේ  යෙදෙන දුම්රිය  රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව  අද ( 02) තීරණය කර තිබේ.

ඒ අනුව නොදන්වා සේවයට  නොපැමිණෙන සියලු සේවකයින්ට  මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

 දුම්රිය වර්ජනයට  අදට ( 2) දින හතකි. 



අදහස් (97)

වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකෙයි

ravi banda Wednesday, 02 October 2019 10:19 AM

නියමයි...

:       329       78404

විනිවිද Wednesday, 02 October 2019 11:04 AM

රටට සේවයක් කළහැකි දේශපාලන අතකොලුවලින් තොර වෘත්තීය සමිති ඇති නොකරගන්න ආකාරයට සේවකයන් බඳවාගෙන රජයට 51% සහ පුද්ගලික අංශයට 49% අලුත් ක්‍රමවේදයක් ඇතිව දුම්රිය සේවය කාර්යක්ෂමව පටන් ගන්න...

:       8       610

NissankaWednesday, 02 October 2019 12:11 PM

දැන් ඉතින් වර්ජනය කරවපු බැසිල් මහත්තයගෙන් තමයි රස්සා ඉල්ලගන්න වෙන්නේ...

:       339       781

ලියනගේ Wednesday, 02 October 2019 04:25 PM

වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමේදී රටේ ජනතව මෙසේ සතුටුවනවා නම් දේශපාලනයේ සිටි හෝ සිටින මුහුණු නොව, සැබෑ වෙනසක් සඳහා අලුත් උගත්, කාන්තා පිරිමි අපේක්ෂකයකු දේශපාලනයට පැමිණිය හොත් රටේ වෙනසක් බලාපොරොත්තුවන මහජනතාව කොපමණ සතුටුවේද? රටේ වෙනසක් කළ හැකි ප්‍රධාන පක්ෂවලින් මෙවැනි වෙනසකට අවතීර්ණ නොවන්නේ මක්නිසාද?

:       363       454

MISHAL-MATARA Wednesday, 02 October 2019 10:28 AM

නියමයි.

:       110       1177

indika Wednesday, 02 October 2019 10:30 AM

නියමයි.

:       29       435

sas Wednesday, 02 October 2019 10:34 AM

හොඳ තීරණයක්. දැනටමත් දුම්රිය සේවකයන් ඉතා ඉහළ වැටුපක් ලබනවා. වර්ජනය කිරීම අසාධාරණයි.

:       26       840

lalithm Wednesday, 02 October 2019 10:35 AM

මෙච්චර පරක්කු වුනේ මොකද?

:       14       1143

අසංක Wednesday, 02 October 2019 11:38 AM

මේක හරිම අසාධාරණ වැඩ වර්ජනයක්.

:       0       55

Magiya Wednesday, 02 October 2019 10:36 AM

මෙය කළයුතුව තිබුණේ මීට දින 7කට පෙරය.! මගේ විශ්වාසය බිඳී හමාරය..! පසුව හෝ ගැනීමට පණ තිබීම ගැන සතුටු වෙමු.

:       29       819

Kumara Wednesday, 02 October 2019 10:37 AM

අනේ වාසනාවන්... කොන්දක් තියෙනවා...

:       266       682

බද්රානි Wednesday, 02 October 2019 10:38 AM

ඉතාම වටිනා රට ගැන සිතා ගත් තීරණයක්. මේ රට හදන්න නම් ඔය වර්ජන කරන මාෆියා කල්ලිකාරයින්ව රැකියාවලින් ඉවත් කළ යුතුමයි. මොන විදිහේ අරගල කළත් නැවත ඔවුන්ව සේවයේ යොදවන්න එපා. මෙයින් දේශපාලන වාසි ගැනීමට සිටින දේශපාලකයින් ගැන ජනතාව තීන්දු කරාවි. පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලකයින් සහ රටේ සමස්ත ජනතාව එක හෙලා මේ ගෙන තිබෙන තීන්දුව අගය කළ යුතුයි. මේ තීරණය රටේ ජනතාවගේ ජයග්‍රහණයක් ලෙසයි අපි සලකන්නේ...

:       7       1293

Dewa Wednesday, 02 October 2019 10:49 AM

මේක තමයි වෙන්න ඕනෙම දේ..

:       12       392

Lion Wednesday, 02 October 2019 10:51 AM

විශිෂ්ඨයි, කතා වැඩක් නැහැ. වහාම අස්කිරීමේ ලිපි තැපැල් කරන්න. මොවුන්ව වැඩට ගන්න එපා. මේවා ආයිත් දුන්නොත් හෙට ඉඳලා අනිත් අයත් පටන්ගනී. අපි කට්ට කන්නම්... මොවුන්ගේ අසාධාරණ ඉල්ලීම් දෙන්න එපා...

:       114       1336

අසංක Wednesday, 02 October 2019 10:57 AM

යවන්න ඕන. හමුද්‍රාව හරි දාල දුවන්න ඕන කෝච්චි ටික. මාසයක් හරි කමක් නෑ හමුද්‍රාවට දාලා දුවන්න. දැන් ඒපා වේලා තියෙන්නේ.

:       0       55

tissa Wednesday, 02 October 2019 11:00 AM

නියමයි...නියමයි...

:       0       38

thushara Wednesday, 02 October 2019 11:00 AM

අන්තිමට කොන්දක් තියෙනවා කියල පෙන්නුවා

:       0       2

ලුම්බිණි Wednesday, 02 October 2019 11:01 AM

හැබැයි එහෙම සලකනවා නම් මොනම හේතුවක් නිසාවත් ආයෙත් සේවයට ගන්න එපා. (ගෝඨාභය ආවම කොහොමත් ගනීවිනේ)

:       0       5

de silva Wednesday, 02 October 2019 11:04 AM

ඔහොම යමු... ඉන්දියාවෙන් හරි රියැදුරන් ගෙනැල්ලා එහෙම නැතිනම් හමුදාව දමලා හරි දුම්රිය ධාවනය කරමු. වර්ජන කරන දොස්තරලටත් මේ බෙහෙතම දෙමු. ඔවුන් රජයේ රෝහල්වල වර්ජනය කරනවා නම් ලංකාවේ පුද්ගලික වෙදකම් කිරීමත් තහනම් කරමු. ජනතාවට අවශ්‍ය කොන්ද කෙලින් තියාගෙන වැඩකරන රජයක්, නැතිනම් ජනතාවට සිදුවෙන්නේ වෘත්තීය සමිතිවල පරණ ඇපකරයන් ලෙස ජීවත් වෙන්න..

:       2       522

janis Wednesday, 02 October 2019 11:10 AM

ජයවේවා ශ්‍රී ලංකා!!! මේ වගේ කාලකන්නින් රටින්ම නෙරපා දමා වැඩකරන්න පුලපුලා සිටින අනෙක් පිරිසට ඉඩදෙන්න.

:       2       198

Akanaj Wednesday, 02 October 2019 11:12 AM

ලොකු දෙයක්, මේ මිනිසුන් නොවේ අමනුෂ්‍යයින්... ලක්ෂ දෙකේ තුනේ පඩි අරගෙන තවත් රටේ මහජනතාව පීඩාවට පත් කරන මොවුන් එළවා දමා හමුදා මහතුන් ලවා දුම්රිය ගෙනියන්න ඕනේ... මේක විහිළුවක් වෙලා තියෙන්නේ හැම කෙනාම අහිංසක මහජනතාවගෙන් පළිගන්න බලන්නේ...

:       2       462

kasun Wednesday, 02 October 2019 11:12 AM

නියමයි. මීට කලින් ගතයුතු තීරණයක්... නමුත් පසුව හෝ මෙම තීරණයට එළඹීම පිළිබඳව සුබ කරුණක්..

:       2       150

amila Wednesday, 02 October 2019 11:18 AM

අන්න මරු වැඩක්, මේක දුප්පත් ජනතාවගේ ජයග්‍රහණයක්....

:       4       607

S Wednesday, 02 October 2019 11:21 AM

ලංකාවේ දුම්රිය පද්ධතිය දියුණු කරලා පුළුල් කරොත් ඒකම ඇති වාහන තදබදය අඩු කරලා රටේ විශාල සංවර්ධනයක් ඇති කරන්න.

:       0       35

ruwan Wednesday, 02 October 2019 11:24 AM

ප්‍රජාතන්ත්‍රවාදේ උනත් ඕනවට වඩා ඕනෑම නෑ. මින් මතුවට දුම්රිය නෙමේ සාධාරණ හේතුවක් නැතුව වර්ජනේ කරන රජයේ ඕනෑම ආයතනයකට මේ දේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා රටේ රස්සාවල් බලාගෙන, නාකි සෙට් එක ගෙදරම යවල තරුණ පරම්පරාවට තැන දෙන්න ඕන.

:       0       55

Kumara Wednesday, 02 October 2019 11:25 AM

හොඳ අදහසක්

:       0       56

Ruhunu Wednesday, 02 October 2019 11:25 AM

එහෙම තමයි කරන්න ඕන.

:       1       28

amila peiris Wednesday, 02 October 2019 11:26 AM

දුම්රිය වර්ජනය තනිකරම පහත් දේශපාලන අවශ්‍යතාවයක් සපුරාගැනීමට යෙදු තවත් එක් යෙදුමක්. රටේ සැම අංශයකම පිරිරිහිලා, අරාජිකවෙලා, වගකියුතු කෙනෙක් නැ වගේ දෙයක් ඉස්මතුකර පෙන්වා දේශපාලන වාසි බලාගෙන කරන පහත් වැඩ තව ඉදිරියට බලාගන්න පුළුවන්. තමා වටා පැහැදිලි මහජන ප්‍රසාදයක් තියනවනම් වර්ජන කරවීමට කුමන්ත්‍රණ කර ජනතාව විවිද අපහසුතාවන්ට පත්කරන්නේ කුමකටද කියා පැහැදිලි නැත

:       0       131

sharm warn Wednesday, 02 October 2019 11:29 AM

ප්‍රීතියි ප්‍රීතියි ... අනිත් කාන්ඩේ තමයි දොස්තරලා ... මේ උත්තරේ එගොල්ලන්ටත් දෙන්නකෝ අනේ ... අපේ බලවත් සතුට ... මෙච්චර කල් නොගෙන දවස් 2න් මේ තීන්දුව දුන්න නම් තමයි හරි ...

:       0       48

Asanka Wednesday, 02 October 2019 11:30 AM

ඇති විශිෂ්ඨයි, දුම්රියක් එලවන රියදුරෙකුට ලක්ෂ 1.60 ක පඩි සහ දීමනා දෙන්න ඕන නැහැ , දුම්රිය එන්ජිම ඔටෝමැටික්, අනික බස් වලට වගේ පොලිසියෙන් දඩ ගහන්නෙත් නැහැ , ඕක එලවන එක රොකට් එකක් පදවනවා වගේ නෙවේ දැන් කාලේ. වහාම තරුණ සුදුසුකම් ඇති අයව බඳවාගන්න. උපරිම පඩිය 35000 ක් දුන්නම වැඩිත් එක්ක

:       0       68

lesli Wednesday, 02 October 2019 11:32 AM

ඒ විතරක් මදි, රටට වෙච්ච පාඩුව නඩු මාර්ගෙන් මෙයාලගෙන් අය කරගන්න ඕන, පටු පහත් අරමුණු ඉෂ්ට කරගන්න ජනතාවටත් රටටත් පාඩු කරවන දේශපාලන පක්ෂ මේ පිටි පස්සේ ඉන්නවනම් වහාම ඒවා තහනම් සංවිධාන කරන්න. දේශපාලනේ මුවාවෙන් මෙයාල කරන්නේ ත්‍රස්තවාදී වැඩ, එක නිසා ඒවා ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරලා තහනම් කරන්න.

:       0       56

Shantha Qatar Wednesday, 02 October 2019 11:34 AM

පරක්කු වෙලාහරි නියම තීරණයක් ගත්තේ.

:       0       0

Uditha - London Wednesday, 02 October 2019 11:53 AM

මම අද කිරිබත් හදනවා.... කොන්දක් ඇතුව වැඩ කිරීම ඉතා විශිෂ්ඨයි, මන් හිතන්නේ බහුතරයක් ලාංකික ජනතාව මේ වැඩේට කැමති...

:       0       69

ගිහාන් Wednesday, 02 October 2019 11:55 AM

අනිවාර්යයෙන්ම හොද වැඩක්... නැත්නම් රටෙන් කෑල්ලක් ඉල්ලුවත් දෙන්න වෙනවනේ මෙහෙම ගියාම. අපි කොච්චර අසරන වෙනවද මෙහෙම උනාම. වහාම ඇයින් කරන්න ඕනා.

:       0       50

Amila Wednesday, 02 October 2019 11:57 AM

ඕක ඔතනින් නවත්වන්න එපා. අලුත් සේවකයෝ බදවාගන්න. ඕන තරම් මිනිස්සු ඉදීවී වැඩකරන්න. එතකොට ඔය සමහර අයට ගෙවන ලක්ශ දෙක තුන වගේ මහජන මුදල් නාස්තියත් වෙන්නේ නෑ. මැතිවරණ කාලයක් නිසා සේවකයෝ ගන්න බැරිනම් ආරක්ශක අංශ වල අය යොදවාගන්න. ඔවුන්ට මේ පඩියත් දෙන්න ලැබෙන පඩියට අමතරව..

:       0       43

rim Wednesday, 02 October 2019 12:09 PM

නියම තීරණය. මේවගේ අනිත් ඒවාටත් කරා නම් නිකම්ම හැදෙනවා... ජයවේවා !!!

:       0       55

sandy123 Wednesday, 02 October 2019 12:14 PM

ජේ. ආර්. නැවත ඉපදිලාද? අනේ වාසනාවන්...

:       134       214

duminda Wednesday, 02 October 2019 12:26 PM

නියමයි තව මසක් හරි අරුන්මුන් ටික එලවලා රාජකාරියට රටට අවංකව සේවය කරන පිරිසක් බඳවා ගන්න. අපි කට්ට කන්නම් තව සතියෙන් කෝච්චි තියනවද කියලත් මතක නැතිවෙයි. වාර ප්‍රවේශ තියන අයට මේ මාසයට ලංගමේ යන්න දෙන්න.

:       1       175

චමින්ද ජයනාත් ජයසූරිය. Wednesday, 02 October 2019 12:26 PM

ඉතාමත් අගනා තීරණයක්.. බලන්න ඔවුන්ගේ වගකීම් විරහිත භාවය නිසා මොනතරම් මිනිසුන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වුණාද කියා..? ඔවුන්ට වූ අසාධාරණයට කව්ද වන්දි ගෙවන්නේ...? හරි නම් සේවයෙන් නෙරපලා විතරක් මදි... සිදුවූ පාඩුවට ඔවුන්ගෙන් යම් වන්දි මුදලකුත් අයකරගත යුතුයි. හිතලා බලන්න සොච්චම් පඩියකට වැඩකරන එදාවේල ගැටගහගන්න මිනිස්සු කීදාහක් අද මේ රටේ ඉන්නවද කියලා.. ඔවුන් ගැන කව්ද බලන්නේ..?

:       1       274

ඉන්දික Wednesday, 02 October 2019 12:34 PM

මේවා දුවන්න යුද හමුදාවේ ඉංජිනේරු බලකායට පුලුවන් නේ... මේ යුනියන් කාරයින් රටට කරන සෙතක් නෑ.. දුම්රිය සේවය වැඩි දියුණු කරන්න ඔය කවුරුවත් ස්ට්‍රයික් කරේ නෑ. රෝහල්වල පහසුකම් වැඩි කරන්න GMOA එක අද වෙනකන් කට ඇරලා නෑ. මම නම් කියන්නේ සුදු වෑන් සංස්කෘතිය මේ රටට ඕනෙම දෙයක්..

:       9       612

casmir Wednesday, 02 October 2019 12:51 PM

හොඳම තීරණයක්.. වැඩට ගන්න හොඳම නැහැ. රට කන බේබද්දෝ . ඕනෑතරම් ඉන්දියාවෙන් අඩුගානට ගන්න පුළුවන්..

:       216       281

gunarathna Wednesday, 02 October 2019 01:09 PM

සේවය අත් හැර ගියාසේ සලකපුවාම බාප්පලද දුම්රිය පදවන්නේ දේශපාලුවනේ? රටේ මිනිස්සුන්ට යන්ට නුඹලගේ වාහන දෙනවද? පෙන්ෂන් ගිය සීයලා ටිකක් ගෙනත් දුම්රිය ධාවනය කරන්නට පුලුවන් නම් ඔවුන්ව ගෙදර යැව්වේ මොකටද? මැරෙනකම් තියාගන්ට තිබ්බනේ. සමහරු කියනවා රේල් පීලි උඩ දුම්රිය පදවන්නට ඕනේ කෙනෙකුට පුළුවන් කියලා. එහෙම්ම නම් ඕනෑතරම් ත්‍රීවීල් එලවන කොල්ලෝ ඉන්නේ ගෙනත් දෙම්මා නම් ඉවරයිනේ. ඒ වගේම ඔය ගුවන් යානා පදවන කට්ටියත් වැඩි පඩි ගෙවන්ට ඕනේ නැහැ. මොකද අහසේ පාරවල් තියෙනවද? ට්‍රැෆික් පොලිසිය ඉන්නවද? වලගොඩැලි තියෙනවද? අලි, හරක් පනිනවා කියලද? නැහැ. මේවා විශේෂ රැකියාවල්...

:       2520       227

ගමගේ Wednesday, 02 October 2019 01:31 PM

ගුණරත්න, නුඹලා වගේ දේශපාලනය වහල්ලු ඉන්නකම් මේ රට ගොඩයන්නේ නැහැ.

:       12       616

කමල්Wednesday, 02 October 2019 02:15 PM

භෞතිකව නැති වුණත් ගුවන් යානා පදවන්නේ අහසේ නිශ්චය කරගත් පාරවල්වල. එක් එක් උස මට්ටම්වලින් දිවෙන පාරවල් තියෙනවා. ගුවන් යානා ධාවනය හසුරුවන්න "එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින්" තියෙනවා. ගුවන්යානා තම දේශ සීමාවන් උල්ලංඝනය කරනවද කියා... රටරටවල් නිරන්තර පරීක්ෂාවෙනුත් ඉන්නවා. ගැස්සීම් හෝ ධාවනය බැරි කරවන වා සුළි, කුණාටු ආදිය අහසේ තියෙනවා. කුරුල්ලන් ගැටීම නිසා ගුවන් යානාවලට හානි සිදුවෙනවා. එතකොට අර ගමරාල දිව්‍යලෝකේ ගියා කියන කතාවේ ඉන්න අලියා මතකද?

:       1       246

කැප්Wednesday, 02 October 2019 02:53 PM

ඔයා බස් එකේ එහෙ මෙහෙ යන කෙනෙක් නේද?

:       0       3

SiriWednesday, 02 October 2019 04:40 PM

දුම්රිය එලවන එක සුලුවැඩක් හලෝ. ඔවුන්ව ගෙදර යවලා පෙන්ෂන් එකත් අයින් කරන්න. ඕවා මෙහෙයවන දේශපාලකයෝ ඔවුන්ට ගෙවයි දිවි ඇතිතෙක්. අර උපවාස කළ සෙබළුන්ටත් ඒකමයි කරන්ට තිබුණේ. එතකොට ඒක මෙහෙයවපු අයම ඔවුන්ට දිවි ඇතිතෙක් ගෙවයිනේ...

:       201       261

lalithmThursday, 03 October 2019 02:52 AM

සහායක රියදුරෙක්ද කොහෙද? පලයන් යන අතක් බලාගෙන.

:       20       34

Shan Wednesday, 02 October 2019 01:11 PM

දුප්පත් අසරණ මිනිස්සුන්ට දීපු රස්තියාදුවට ඔක්කොම අස්කරලා අලුතින් ගන්න ඕනේ.. ගොඩක් හොඳයි.

:       0       405

නෙවිල් Wednesday, 02 October 2019 01:16 PM

ඔක්කොම අදහස් හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ මොවුන් ඔක්කොම ආපසු වැඩට ගිහිල්ලා පඩිත් අරන්, මේ කාලේට අතිකාලත් ගන්නවා. වර්ජන කාලේ එන්ජින් වල ඇණ ගලවලා රේල්පීලි ගලෝලා, තෙල් ටැංකිවලට සීනි දාලා වැඩට එන අයට තර්ජනය කරලා. අන්තිමට ඔක්කොම සැප උන්ට තමයි.

:       0       443

RaveendraWednesday, 02 October 2019 05:10 PM

අප විශ්වාස කරනවා ඔබගේ අදහස් අනිකුත් අදහස් සමග සංසන්දනය කිරීමේදී වරාපිට පරිසරයට වඩාත් ගැලපෙන අදහස් බවට... මක්නිසාදයත් ඉතිහාසයේ වර්ජනවලින් අපට තිබෙන අත්දැකීම් දෙස බැලීමේදී ඔබගේ අදහස් නිවැරදි බවය. කෙසේවෙතත් තොරතුරු දැනගැනීමේ "අටමගලේ" යටතේ මෙම වර්ජනය කරන සියලුම සේවකයින්ගේ ශ්‍රේණිය තනතුර සඳහා දෙපාර්තමේන්තුවෙන් ගෙවන වැටුප් දැනගැනීමට හැකි නම් එය මහජනතාවට කරන සේවයක් බැවින් ඒ පිලිබදව සොයා බලා පළකරන්නේ නම් මෙම වර්ජන කොතරම් දුරට සාධාරණද? නැද්ද? යන්න අහිංසක මහජනතාවට තීරණය කරගත හැකිවනු ඇත.

:       0       39

කරුණාපාලWednesday, 02 October 2019 08:42 PM

දුන්න දෙපරන්ද අස්සේ ගසාගෙන, වෙනකෙකුට ගල විදීමට ඉඩ සැලසු "රවීන්ද්‍ර මහත්තයෝ", ඔබතුමාට සිදුවෙන අනතුර ගැන, ඔබට කිසිම ගානක් නැත්තේ... එළොවටත් මෙළොවටත් නැති පින්ගුත්තරයෙක් නොවී, මතු උපදින ආත්මයක මෙලොවට කෙලින් වැඩක් කරන පුද්ගලයෙකු වේවායි ඔබට පතමි!!

:       1       34

සන්ජය Wednesday, 02 October 2019 01:34 PM

ඉතාමත් හොඳ තීරණයකි. මෙසේකළ විට දුම්රිය පදවන්නේ බාප්පලාදැයි අයෙක් අසා ඇත. එසේනම්. දිගටම වරජනය කල විට ඒවා පදවන්නේ නැන්දලාද? ඉතාමත්ම කාලෝචිත තීරණයකි. නැවත ආපස්සට හරවන්න එපා...

:       0       164

Chandana Wednesday, 02 October 2019 01:40 PM

ඉතාමත් හොද තීරණයක් ...කාලකණ්ණි දේශපාලන හස්ත වලට යටවෙලා රටට, ජනතාවට හිරිහැර කරන්න දෙන්න එපා.

:       1       136

කමල් Wednesday, 02 October 2019 01:43 PM

වර්ජන නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙනවා. ඒ නිසා වැටුප් වැඩි කිරීමට, වැටුප් විෂමතා ඉවත් කිරීමට, සියලු අනියම් සේවකයින් ස්ථීර කිරීමට ආදී දෑ අරභයා වර්ජනය කරන අයගේ වැටුප වර්ජනය කරන දිනක් වෙනුවෙන් දින එක හමාරක පමණ බැගින් කපා දැමීමක් කෙරෙන ප්‍රතිපත්තියක් නරකද? වැටුප් වැඩිකීරිම් ආදිය අරභයා වර්ජනය කරන අය මහජනතාවට කෙරෙන පීඩාව වෙනුවෙනුත් පඩි ගැනීම ලැජ්ජා විය යුතු කාරණයක්. එවන් අවස්ථාවල වැටුප් කැපුවත් සමහර වර්ජනවල යහපත් ප්‍රතිඵල සලකා එබඳු වර්ජන වැටුප් නොකපා කරන්න දිය යුතුයි. උදාහරණයකට ආයතනයේ සිදුවන දූෂණ, වංචා ආදිය අරභයා වර්ජන කරයි නම් එබඳු වර්ජනවලදී වැටුප් නොකැපීම සුදුසුයි.

:       1       27

Rata Perata Wednesday, 02 October 2019 01:49 PM

ඉතා හොඳ තීරණයක්. අසාධාරණ වර්ජන කරන හැමෝටම ඕක තමයි කරන්න ඕනේ...

:       1       108

සමන් Wednesday, 02 October 2019 02:01 PM

අපි මේ අපහසුතා විඳ දරාගන්නම් කරුණාකර ඔය තීරණය ක්‍රියාත්මක කරන්න. රජයට පණ තිබේදැයි අපි බලා සිටිමු. තමන්ගේ දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්වයට ගෙනඑ්මට කැප වීම නොකරන තක්කඩි, අනුන්ගේ බදු වලින් තමන්ගෙ මඩිය තද කරගන්න නම් එකතුයි. ඕවා විශේෂ රැකියා කරගෙන තියෙන්නේ ඔවුන් ඇයි පිටින් බදවාගෙන පුහුණු කර කුසලතා සහිත එන්ජින් රියදුරන් නිර්මාණය නොකරන්නේ? බල්ලා වලිගෙ වැනුවොත් මිස වලිගෙ බල්ලාව වැනුවොත් පැවැත්මක් නැත.

:       1       129

jaseem Wednesday, 02 October 2019 02:03 PM

හොඳ වැඩක්...

:       1       70

Ksc Wednesday, 02 October 2019 02:15 PM

තීරණය හරි. ක්‍රියාත්මක කරන්න ලැබුණොත්.

:       1       68

Sarath r Wednesday, 02 October 2019 02:16 PM

මේ මිනිස්සු නිකන් වර්ජනය කරන්නේ නෑ. ඕනෑම සේවක වැඩ වර්ජනයකට දැනුම්දීමක් තියනවා.... ඉල්ලීම් සමග. ඒවා පාලකයින් නොසලකා හැරීමෙන් තමා ප්‍රශ්න දිගදුර යන්නේ... අන්තිමේට වර්ජකයින්ට බැනලා පාලකයින් අත හෝදාගන්නවා.

:       82       118

kamal Wednesday, 02 October 2019 02:19 PM

ඇත්ත වශයෙන්ම ඉන්දියාවෙන් බොහෝ රැකියා සඳහා අඩු වැටුපට සේවකයන් ගත හැකිය.

:       51       17

Ugitha Wednesday, 02 October 2019 02:33 PM

බම්බුව තමයි. අපි නොදන්න ලයිව්...!!! 

:       29       56

MF Wednesday, 02 October 2019 02:50 PM

වෙරි වෙරි ගූඩ්!!! හෙට සිට දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන වගයි!!!

:       0       113

Janindu Perera Wednesday, 02 October 2019 03:08 PM

මම හිතන්නේ නෑ මේ ආණ්ඩුවට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා.. මේ කරන්නේ පොඩ්ඩක් ඔවුන්ව බය කරල ඔවුන්ගෙයි, මිනිස්සුන්ගෙයි දෙගොල්ලන්ගේම කටවල් වහලා තියන්න... හැම එකෙන්ම අන්තිමට තැලෙන්න්‍ෙ අපි..

:       7       244

Purawesiya Wednesday, 02 October 2019 03:10 PM

හමුදාව යොදවලා වැඩ ගන්න. රැකියා විරහිත දක්ෂයින්ව බඳවා ගන්න. මෙ ඉතාමත් කාලෝචිත තීරණයක්. නැවත ආපසු හරවන්න එපා. අර බාප්පා කියපු කතාව මේ රට වලපල්ලට යවන්න කියපු එකක්. ඔවුන්ට හෙන ගහලා මදි. ජනතාවගේ ශාපය ඔවුන්ට වදින්න..

:       13       516

Sana Wednesday, 02 October 2019 03:14 PM

මගේ අදහස නම් යුද හමුදාවේ වෙනම ඒකකයක් මෙවැනි හදිසි අවස්ථා සඳහා ගැනීමට පුහුණු කළයුතුයි.

:       13       237

කසුන් Wednesday, 02 October 2019 03:19 PM

නියම තීරණයක්...

:       0       64

Sumith Wednesday, 02 October 2019 03:33 PM

ලක්ෂ 3 මදිලු. ඇපේට අවුරුද්දක්වත් ලැබෙන්නේ නැහැ.

:       0       19

gamaathi Wednesday, 02 October 2019 03:36 PM

නැවත දුම්රිය වර්ජනයක් වැළැක්වීම පිණිස දැනට සේවයේ යෙදී සිටින විශ්‍රාමික රියදුරන් යොදවා යුද හමුදාව පුහුණුකොට සේවයට බඳවාගන්න.

:       0       145

ananda Wednesday, 02 October 2019 04:37 PM

අදහස් දාපු හැමෝම හොඳ අවංක අය..., හැබැයි ඕවා සෝඩා තීරණ... ඇමතිලා අස්වෙනවා. කට්ටිය උඩ යනවා. ආයේ දිවුරනවා. එතකොට බනිනවා. ඇමතිගේ මුහුණ බලපුවාම කියන්න පුලුවන් නිකං සෝඩා තීරණයක් කියලා... ඔන්න මම අනුමත කරන හින්දා කියනවා නෙවෙයි. ජේ. ආර්. එහෙම තීරණයක් ගත්තා 80 ජූලි වර්ජකයින්ට විරුද්ධව.. එදා එතුමා කරපු කතාව මට හොඳට මතකයි. මම ජූලි වර්ජකයෙක් නෙවෙයි.. ඔය කාටවත් යටත් නැති නිදහස් කෙනෙක්.

:       2       523

lalithmThursday, 03 October 2019 02:49 AM

ජේ.ආර්. කළදේ කරන්න පුළුවන් ජගතෙක් මෙතෙක් ලංකාවේ පහළ වුනේ නැහැ තාම... පෙනෙනවා නේද ව්‍යවස්ථා ගැටේ...? ඔක්කොම කියවනවා විතරයි. ලේ හන්ගන්න බැහැ. ඒ වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් කෙනෙක් රටට ආශීර්වාදයක්....

:       0       17

anandaThursday, 03 October 2019 03:31 AM

ලේ කතාව නම් තේරුම් ගන්න බැහැ. මගේ නම් මම ජේ.ආර්. එදා කරපු දේ මතක්කළා විතරයි. ඒ කාලේ මම පොඩියි. ඒත් ජේ.ආර්. වුණත් කෙලින් හිටපු කෙනෙක් නෙවෙයි. එහෙම හිටියා නම් එදා වඩමාරච්චි සටනින් යුද්දෙ ඉවරයි. ඉන්දියාව අහසෙන් පරිප්පුදාලා ජේ.ආර්.ව බයකරලා පළාත් සභා අටමඟල අටවපු හැටිත් මතකයි...

:       2       0

ලක්ශාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2019 05:24 PM

වැඩේ නම් හොඳයි... හැබැයි “නොදන්වා සේවයට නොපැමිණෙන“ කියන වචනේ තමයි අවුල තියෙන්නේ... ඕකට සම්බන්ධ ලොකු ලොකු වුන් ලෙඩ නිවාඩු දාලනේ ඇත්තේ... කොහෙවත් ඉන්න අගක්, මුලක් නොදන්න කීප දෙනෙකුට විතරක් රස්සා නැතිවෙයි. ඔය ප්‍රශ්නේ ඔහොම්මම ඉතුරු වෙයි. මේකත් සාමාන්‍ය මගී ජනතාව රැවැට්ටීමක් විතරමයි..

:       11       76

ලසන්තThursday, 03 October 2019 12:39 AM

‍රාජ්‍ය සේවයේ සියළු දෙනාම ආයතන සංග්‍රහයෙන් තමයි පාලනය වෙන්නේ.. වර්තමානයේ බොහෝ ඉහළ නිලධාරින් මෙන්ම වැඩිදෙනෙක් ආයතන සංග්‍රහයේ ඇති රෙගුලාසි දන්නේ නැහැ. රජයේ නිලයක් නොමැති වියහැකි ලක්ෂාන්ට ආයතන සංග්‍රහයේ වචනය අවුල් ඇති..

:       0       0

ලක්ශාන් ප්‍රනාන්දුFriday, 04 October 2019 10:22 AM

ඇත්තටම ආයතන සංග්‍රහයේ තියන ඒවා හරියාකාරව හැම දෙයක්ම මම දන්නෑ... මට කියන්න ඕනේ වුනේ මේවා මේ බොරුබයිලා කියලා විතරයි. ඔය ස්ට්‍රයික් එකට මූලිකත්වය ගත්ත අය දිගටම රස්සාවේ ඉඳියි.. මිනිස්සු දුක් විඳියි.. එච්චරයි.

:       0       0

sanasa Wednesday, 02 October 2019 07:45 PM

නියමයි. මීට කලින් ගතයුතු තීරණයක්...

:       0       0

රවිඳු Wednesday, 02 October 2019 07:54 PM

මේ රටේ දුගී දුප්පත්, ජනතාව අගය කරන, ජනතාවාදී තීරණයක්.... එ්ත් මේ තීරණය මේ රටේ ජනාධිපති විසින් ගත් තීරණයක් වෙන්න බැහැ. මේ වසර හතරහමාර තුළ මෙවන් තීරණයක් එදා ගත්තා නම්, ඒ දෙගොල්ලන්ම ජනතා ආකර්ෂණය ලබාගැනීමට ඉඩ තිබුණා... නමුත් දැන් ප්‍රමාද වැඩියි. මේ නරුමයින්ව සදහටම ඔවුන්ගේ රැකියාවලින් නෙරපීම තුළින් කිසියම් ජයග්‍රහණයක් ඔවුන්ට ලැබිය හැකියි. මේ ජාතික ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනීසිටින දේශපාලකයින්ව විනාශ කර දැමීමට ජනතාව කිසිසේත් පසුබට නොවනවා සේම අප ඒ වෙනුවෙන් ජනතාව පෙලගස්සවන බව කිසිවෙක් අමතක කරන්න එපා. නින්දිත දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් මේ විප්ලවය අරඹමු! දුම්රියේ ගමන් කරන දුගී ජනතාවගේ අයිතිය නැතිකරන ජාතික මාෆියා වර්ජකයින් ඔවුන්ගේ රැකියාවලින් නෙරපීමට අපි පෙලගැසෙමු. මොවුන්ගේ රැකියා අහිමිකළ අය වෙනුවෙන් අපි අපේ සහයෝගය ලබාදෙමු...!!

:       0       25

Chanak los angeles Wednesday, 02 October 2019 10:06 PM

මේ සියල්ල මෙහෙයවන්නේ සාටක බැසිල්ය. දුම්රිය දුවවන්න විකල්පයක් හොයාගන්න පුළුවනි .ගෙදර යවපු අයට පුළුවනි බැසිල් ලඟට වැඩට යන්න .

:       0       53

Upul Thursday, 03 October 2019 12:04 AM

ඔය තීරණය වෙනස් කරන්නට එපා. හෙට වැඩට අවොත් හරවල ගෙදර යවන්න. ගිහින් අලුත් රස්සාවක් ස්ට්‍රයික් කරන්නට උපදෙස් දුන්න අයගෙන් ඉල්ලගන්න කියන්න.

:       0       0

sunil Thursday, 03 October 2019 01:13 AM

සාමාන්‍ය මිනිසුන්ට මෙතරම් වද දුන් කාලකන්නි ආණ්ඩුවක් ලංකාවේ කිසි දිනක තිබුනේ නැහැ.

:       0       1

තරිඳු පෙරේරා Thursday, 03 October 2019 02:47 AM

නියමයි.. ඕක මීට කලින් කරන්න තිබුණේ... කියන විදියටම කරයිද කියලා බලමු.

:       0       7

Saluka Thursday, 03 October 2019 02:51 AM

ගුණරත්න, නුඹලා වගේ රාජපක්ෂ දේශපාලනය වහල්ලු ඉන්නකම් මේ රට ගොඩයන්නේ නැහැ. තවත් යවන්න ඕනේ ගෙදර හරි හිරේට හරි. වර්ජනයේ දීලා ඉන්න හැමදෙනාටම මේ තීරණය දෙන්න ඕනේ... එතකොට රාජපක්ෂ දේශපාලනය වහල්ලු ජීවිතේට ආයේ මේවගේ බලුවැඩ කරන එකක් නැහැ. ජයවේවා ශ්‍රී ලංකාවට...!!!

:       0       46

vimal Thursday, 03 October 2019 03:10 AM

අනේ පව් ලක්ෂ දෙක මදි... අපිට ගොඩක් වියදම් යනවා. අපිට හැමෝම වගේ කාලාබීලා පුරුදු නැහැ ටිකක් හොඳට ඕනෑ.. එතකොට ඔය කියන ලක්ෂ දෙක ඉතාමත් සොච්චම් වැටුපක්... අනෙක දේශපාලුවන් ඊටත් වඩා සැපවිඳිනවනේ නිකම්ම ඉඳගෙන.. අපිව ගෙදර යවන්න ලේසි නැහැ. මොකද අපිත් නිකම්ම ඉන්නේ නැහැ. මේක දිනාගන්නම තමයි ඉල්ලන්නේ.. ඒත් අතිකාල නොලැබෙන එක තමයි අපිට තිබෙන ප්‍ර‍ධානම ප්‍ර‍ශ්නය.. එ්කත් දෙනවා නම් දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා පිං...

:       12       6

ධම්ම Thursday, 03 October 2019 03:13 AM

වර්ජනය කිරීම වැඩකරන ජනතාවගේ අයිතියක් බව මේ රටේ නීතියේ තියෙනවා. ඒ නිසා මහජනතාව පීඩාවට පත් නොවෙන විදියට වර්ජනය කරන විදිහ කියලා දෙන්න මෙතන කමෙන්ට් කොටලා තියෙන උගතුන් කිසිවෙක් විස්තර කරලා දෙන්නේ නැත්තේ ඇයි...?

:       7       8

guneeThursday, 03 October 2019 04:22 AM

වර්ජනය කිරීමේ අයිතියක් බව මේ රටේ නීතියේ තියෙන බව සැබෑව නමුත් මහජනතාව පීඩාවට පත්කරමින් කරන මෙම වර්ජන වලින් ලබාගන්න ප්‍රතිඵල භුක්ති විඳින අයට පවා සාපවෙනවා..!!!

:       1       1

supun Thursday, 03 October 2019 03:25 AM

ලියුම් ගැහුවා කියලා ඵලක් නැත.. රාජ්‍ය සේවයෙන් අස් කලා කියලා ලියුම් ගහන්න.

:       0       22

Nana Thursday, 03 October 2019 03:29 AM

ඔවුන් ඇතිවෙන්න හොයලා ඉන්නේ. රස්සාව ඕනෑම නැහැ...

:       0       7

kamal bandara Thursday, 03 October 2019 03:42 AM

මෙම ලිපි ලබා දීමට දුම්රිය සාමාන්‍ය අදිකාරී විසින් යොමුකල යුතුව ඇත, ගැටලුව දුම්රිය සාමාන්‍ය අදිකාරී බේරා ගැනීම සදහා මෙම වර්ජකයන් පසුගියදා වර්ජනය කලා නොවේද ? එබැවින් මෙවර දුම්රිය සාමාන්‍ය අධිකාරී වර්ජකයන් බේරා ගැනීමට කටයුතු කරනු ඇත. තවදුරටත් මගීජනතව අපහසුතාවයෙන්. එබැවින් මෙම ලිපි ලබාදෙන්නේ කවදාද කියා මහජනතාවට කිය යුතුව ඇත,

:       0       15

taridu @yahoo.com Thursday, 03 October 2019 03:46 AM

වැඩ බැරි දුම්රිය සාමාන්‍යධිකාරී සේවයෙ සිටින තුරු මෙය ලබාදීමට කට යුතු නොකරනු ඇත.

:       0       3

app Thursday, 03 October 2019 03:52 AM

ඊතාම හොද වැඩක් ,අධික වැටුපක් ලබමින් ජනතා සේවය පහර හැරීමක්. අසාදාරන වැටුප් වැඩිකිරීම්.

:       0       0

ලලිත් Thursday, 03 October 2019 04:03 AM

රටේ ජනතාව මහත්වූ පීඩාවකට පත් කරමින් තමන්ගේ මඩිය තරකර ගැනීම පමණක් පරමාර්ථය කරගත් වැඩ වර්ජනයක යෙදුන සියළු දෙනාම සේවයෙන් වහාම සේවයෙන් ඉවත් කිරීමට කටයුතු යොදනවා වාගේම එම තීරන නොපැකිලව ක්‍රියාතමක කිරීමද සිදුවිය යුතුයි. මෙම සේවකයින් නැවත සේවයට බඳවා ගත්තාට වරදක් නැහැ මොකද ඔවුන් සේවයේ අත්දකීම් සහ පලපුරුදුකම් ඇති අයවළුන් නිසා. නමුත් ඔවුන් නැවත බඳවා ගතයුත්තේ සම්පූර්ණයෙන්ම අළුත් සේවකයින් හැටියටයි. ජනතාව පීඩාවට පත් කිරීමේ හැකියාව නැතිවන පරිදි අලුතින්ම සකස් කල සේවා කොන්දේසි යටතේ. ආරම්භක වැටුප් තලය දැනට ලබාගන්නා වැටුපට වඩා අඩු විය යුතුයි. කැමති අය ආවාවේ. අනිත් අය අල හිටවපුවාවේ.

:       0       1

Bamunuarachchi Thursday, 03 October 2019 04:23 AM

හරිම සාධාරණයි.. 1980 කළා නම් දැන් මොකද බැරි? රාජකාරියට නොපැමිණීම නිසා AR 191 නිකුත් කිරීම සාධාරණ නිසානේ... පසුව පැමිණි රජය එම සේවකයින් නැවත සේවයේ පිහිටෙව්වේ නැත්තේ නේද?

:       0       2

ashraf Thursday, 03 October 2019 04:34 AM

නියමි සාදු සාදු... ගන්න තීරණයක් ඉක්මණට ගන්න ... හුරේ...

:       0       2

truelankan Thursday, 03 October 2019 04:42 AM

අපි කට්ට කන්නම් .. අවුලක් නැහැ. නමුත් මුන් ටික සේරම ගෙදර යන්න. 2500 කගේ වර්ජනය නිසා ලක්ෂ ගණන් මිනිස්සු ජීවිතෙත් මරනෙත් අතර කෝච්චි වල එල්ලිලා යන්නේ. පාඩමක් උගන්නන්න අමතක නොවන්න.

:       0       4

rocky Thursday, 03 October 2019 04:59 AM

එලෝලාම දාන්න! ලක්ෂ ගණන් පඩි ගන්නවා. හොරට ඕවර්ටයිම් කරනවා. දවසට පැය 24 ක් ඕවර්ටයිම් ගන්න අයත් ඉන්නවලු!

:       0       2

sharm warn Friday, 04 October 2019 07:54 AM

කෝ කෝ ලියුම් ?ඉක්මනින් බෙදලා මේක ඉවරයක් කරන්නකෝ.කවදද වැඩ කරන මිනිස්සුන්ට යහපතක් කරන්නේ?

:       0       0

latha Friday, 04 October 2019 10:04 AM

මාසයක් පුහුණු වී කළ හැකි වැඩකට ඔය තරම් පඩි ගෙවන්නේ අයිදැයි නොතේරේ.

:       0       0

karu Saturday, 05 October 2019 04:03 AM

ඉතාමත් හොද තීරණයක් ...කාලකණ්ණි දේශපාලන හස්තවලට යටවෙලා රටට, ජනතාවට හිරිහැර කරන්න දෙන්න එපා. හොරට ඕවර්ටයිම් කරනවා. දවසට පැය 24 ක් ඕවර්ටයිම් ගන්න අයත් ඉන්නවලු...! වර්ජනය කිරීම අයිතියක් බව මේ රටේ නීතියේ තියෙන බව සැබෑව... නමුත් මහජනතාව පීඩාවට පත්කරමින් කරන මෙම වර්ජනවලින් ලබාගන්න ප්‍රතිඵල භුක්ති විඳින අයට පවා සාපවෙනවා..!!! දුම්රියේ ගමන් කරන දුගී ජනතාවගේ අයිතිය නැතිකරන ජාතික මාෆියා වර්ජකයින් ඔවුන්ගේ රැකියාවලින් නෙරපීමට අපි පෙලගැසෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site