IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වන අලියකු පහර දී තවත් අයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම සහ කාංචන කුමාර ආරියදාස)
 
කහගල්ල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද(08) පුද්ගලයකු මිය ගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ කහගල්ල, ආඬියාගල පදිංචිව සිටි ආර්.බී.මුනිදාස නැමති  49 හැවිරිදි අයෙකි.

ගම්මානයට කඩාවැදුණු තනි වනඅලියෙකු නිවසක් බිඳ වී ගෝනිය ගෙන ගමන් කරමින් සිටියදී අලියා එළවීම සඳහා එම පුද්ගලයා සිය පුතා සමඟ එක්වී ඇත. එම අවස්ථාවේදී අලියා පහර දී ඇත.අලියාගේ පහරදීමෙන් එම තැනැත්තාගේ පුතා වන ප්‍රදීප් නිරංජන් මහතා දිවි ගලවාගෙන ඇත.

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ සිටින  අලින් ගම්වැදීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

කලා වැව රක්ෂිතයේ ඉඩම් ඉඩකඩම් අනවසර මිනිසුන් අත්පත් කරගෙන ඉතිරි භූමියේ ජලය කිරීම හේතුවෙන් අලින් ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

 සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

 



අදහස් (1)

වන අලියකු පහර දී තවත් අයෙක් මරුට

lanka Wednesday, 13 November 2019 11:21 AM

නගරබදව වෙසෙන අපේ පරිසරවේදීන්ට නම් දුප්පත් ගොවීන් මැරුණට කමක් නැහැ. අලි ටික බේරුණොත් ඇති...

:       0       3

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site