IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී

(මනෝප්‍රිය ගුණසේකර / ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

පෙරවරු 10.45

හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද පෙරවරු 10.30ට සාක්කි දීම ආරම්භ කළේය.

මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඒ සඳහා පැමිණිය නොහැකිවීම පිළිබඳව ඇමැතිවරයා සමාව ඉල්ලා සිටියේය. අනතුරුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දන්වා සිටියේ හිටපු මහ බැංකු අධිපතිට ලිපියක් යැවීම, මොනැක් අපාර්ට්මන්ට් හි පදිංචිවීම හා මිලදී ගැනීමට අදාළව සාක්කි දීමට ඇමැතිවරයා පැමිණ ඇති බවයි.

එහිදී රවී කරුණානායක දන්වා සිටියේ අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමා සූදානම් බවයි.

බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඇමැතිවරයාට දැනුම් දී සිටියේ කොමිසමට සත්‍ය ප්‍රකාශ කළහොත් කිසිදු ගැටලුවක් සිදුනොවනු ඇති බවයි.


පෙරවරු 9.30

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

මීට පෙර ඔහු බැඳුම්කර කොමිසමට කැඳවා තිබුණද විශේෂ රාජකාරී හේතුවෙන් පැමිණීමට නොහැකි බව දන්වා තිබිණි.

 



අදහස් (44)

රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී

ranjan Wednesday, 02 August 2017 04:33 AM

රටේ අහිංසක ජනතාවගේ ධනය කොල්ලකන මේ වගේ පට්ට හොරුන්ව කෙලින්ම යවන්න ඕන වැලිකඩ ,,,,,

:       104       2048

K PereraWednesday, 02 August 2017 09:14 AM

එතකොට අහිංසක ජනතාවගේ ධනය කොල්ලකාපු කබ්බ හොරුන්ව කොහෙටද යවන්න ඕනේ?

:       137       132

darshanaWednesday, 02 August 2017 11:17 AM

ඔක්කොම කබ්බ හොරු තමා. බොරුවට පැත්තවල් ගන්න එපා. අනික මේ ඔක්කොම රගපෑම්. බොරුවට මිනිස්සු රවට්ටනවා. අන්තිමට දීපු දඩුවමක් නැ.

:       10       43

saman Wednesday, 02 August 2017 05:00 AM

කව්රු මොනවා කිව්වත් මෙයාල මොන දහන් ගැටයක් ගහල හරි ඕව ඔක්කොම අද ශේප් කර ගන්නවා. අන්තිමට මේ ජවනිකා බලන් හිටපු අපි රැවටෙනවා

:       24       1068

arunaluWednesday, 02 August 2017 06:09 AM

සම්පුර්ණ ඇත්ත

:       23       301

Sunil Pushpadana Wednesday, 02 August 2017 05:03 AM

රාජකාරිය සහ හෘද සාක්ෂිය මම උගන්වන ග්‍රික නාට්‍යයක තේමාව. මෙය අදටත් අප සමාජයටත් වලංගුයි .හරියට වැඩ කරන්න කොමිසමට ශක්තිය හා බලය ලැබේවා.

:       16       168

sudes Wednesday, 02 August 2017 05:11 AM

මොනවද ඔට්ටු රවී කරුණානායක මුදල් ඇමති තුමා කිසි වංචාවක් කර නැත කියා බැදුම්කර කොමිසමේදී තීන්දු වෙනවා

:       106       1256

srimala Wednesday, 02 August 2017 05:20 AM

වැරදිකරු හෝ නිවැරදිකරු මොහු කොමිසම හමුවේ පෙනී සිටීම අගය කල යුතුයි . බලය නැතිවත් තවමත් කොමිසන් සහ පරීක්ෂණ මග හරිමින් ඉන්න රාජපක්ෂලාට මෙය හොඳ ආදර්ශයක් .

:       2735       2461

rahulWednesday, 02 August 2017 06:32 AM

ශ්‍රිමාල, ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද රාජපක්ෂලා කැඳවීම් මගහැරපු අවස්තාවන්.

:       241       596

athuraWednesday, 02 August 2017 07:09 AM

මට පුළුවන්.ඇයි පහුගිය 27,28 අම්මටයි පුතාටයි දෙන්නටම එන්න බැහැ කිව්වේ.

:       765       915

etarahelayaWednesday, 02 August 2017 08:23 AM

මේ බැදුම් කර වංච්වට සම්බන්ද අය පාලනෙන් ඒවත් විය යුතුය. පකිස්තානේ අගමැතිවගේ .අපේ අගමැතිත්.

:       1       53

INDIKAWednesday, 02 August 2017 06:53 AM

කවදද පරීක්ෂණ මග හැරියේ? මගහරින්න පරීක්ෂණ තියන්න එපා!

:       46       161

surangaWednesday, 02 August 2017 08:03 AM

මේ සියල්ල තවත් රගපෑමක් කියාවත් තේරුම් ගන්න බැරි වීම ගැන කනගාටුවෙමි.

:       5       51

වික්‍රම Wednesday, 02 August 2017 05:26 AM

මම හිතන්නේ දේශපාලන සදාචාරය ගත්තහම , අප්‍රිකාවේ අන්ත නොදියුණු රටවලුත් ඉන්නේ අපට වඩා බොහොම ඉස්සරහෙන්. ඒවගේ රටක වුනත් මේ වගේ බරපතල චෝදනා වලට ලක් වෙච්ච, විශේෂ විමර්ශනයක් පවතින දේශපාලකයෙකුට තතතුරේ රදවන එකක් නැහැ. රටේ නායකයාටවත්, මේ පුද්ගලයාගේ පක්ෂේ නායකයාටවත් ශක්තියක් නැද්ද, මේ විමර්ශන ඉවර වෙන තුරුවත්, මේ පුද්ගලයාව අයින් කරන්න .

:       164       537

SARA Wednesday, 02 August 2017 05:53 AM

රවි අනිවාර්යෙන්ම බේරෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .....

:       0       931

Rex Perera Wednesday, 02 August 2017 06:05 AM

පැනමා පේපර්ස් නිසා පාකිස්තානයේ අගමැති ඉල්ලා අස්වුණු පුවත ඇහෙනකොට අපේ රටේ නම් සඳහන් වුන අයට කරපු පරීක්ෂණයක් හෝ දඩුවමක් ගැන තවම දන්නේ නෑ. කෙසේ වුනත් වංචා පිලිබඳ සොයා බැලීම හා බලයේ ඉන්න ඇමතිවරයෙක් ඊට මුහුණදීම වැදගත්.

:       3       72

Senarath Wednesday, 02 August 2017 06:08 AM

srimala වගේ හිත උදවිය ඉන්නකම් මේ රටේ හොරු රජවෙනවා. ඕනෙම ජඩ වැඩක් කරලා උසාවිය ඉදිරියේ කොට බයක් ගහගෙන ගියාම සුදනා වෙනවද ? රාජපක්ෂලා අඩුම තරමේ රටේ යුද්ධය නිමකරලා , රටට ඉතාම අවශ්‍ය මාර්ග පද්ධතිය 50% ක් නිමකළ ඔවුන්ගේ අවුරුදු 10 ඇතුලත. ඒ ගනිපු ණයවලට කරපු වැඩක් පෙනෙන්න තියෙනවා. විරුද්ධවාදියෝ මොනවා කිවුවත් ඒ වැඩකොටස නිමකලේ නැත්නම් අද රට කොතනද තියෙන්නේ ? මේ රජයට එහෙම අභියෝග තිබුනද ? යුද්ධේ තිබුනද ? උතුරේ බිම්බෝම්බ ඉවත්කරලා මාර්ග සංවර්දනය කරන්න තිබුනද ? රටේ කෘෂිකර්මාන්තය වැටිලා තිබුනද ? නැත. මේ රජය අවුරුදු 2 ට පසුගිය රජය ගත්තාටත් වඩා වැඩි ණය අරගෙන මොනවද කලේ ?

:       315       1442

saraWednesday, 02 August 2017 06:24 AM

සහතික ඇත්ත ...

:       118       526

athuraWednesday, 02 August 2017 07:06 AM

මේ රජයට කරන්න යුද්දේ තිබුනේ නැහැ තමයි. හැබැයි සුද්දෙ දෙන්න ගත්ත ණය ගෙවන්න තියනවා කියල අමතක කරන්න එපා මහත්තයෝ.

:       1210       229

thilinaWednesday, 02 August 2017 10:17 AM

කඩේ නෙමෙයි. මෙයා යන්නේ සුපර් මාර්කට්.. ණය අරන් කරපු වැඩ පෙන්නලා තියෙනවා නේ.. යුද්ධයක් ඉවර කළ, හයිවේ හැදුව රටේ හැම පාරක්ම කාපට් කළා. මේ ආණ්ඩුවට විකුණන්න හරි දෙයක් හැදුවේ කලින් ආණ්ඩුවෙන්. හා කියමු බලන්න කරපු එක වැඩක්. හැබැයි කලින් ආණ්ඩුවට වඩා ණය අරන්.. හොඳේ..

:       1       242

ගයාන් Wednesday, 02 August 2017 09:47 AM

නෑ නෑ ඒ එකක්වත් වැටිලා තිබුණේ නෑ. මෙයාලා එනකොට. හැබැයි දෙයියනේ කියලා අද වෙනකොට නම් ඒ හැම දෙයක්ම වලපල්ලට දාලා තියෙනවා. මම මේ නොදන්නා නිසයි අහන්නේ. උඩින් තියෙන පොලිස් පති, කොටි ආයෙත් වැඩ පටන් ගෙන කියලා තියෙන පුවත බ්ලොක් කරලා තියෙන්නේ ඇයිද දන්නේ නෑ. රටේ මිනිස්සු ඇත්ත දැනගනියි කියලද? අවංකවම දන්නේ නැති නිසයි ඇහුවේ..

:       0       19

JayampathiWednesday, 02 August 2017 10:31 AM

අනේ සෙනරත් , එක සහතික ඇත්ත , හොරු රජවෙලා හිටපුඑක කව්රුත් දන්නවා ඒවායේ සනීප තමයි දැන් රටට උදාවෙලා තියෙන්නේ ..මල්වානේ මාලිගා , ඩේසි ආච්චිගේ මැණික් මලු , රජයේ වියදමින් රාජපක්ෂ ස්මාරක , සි එස් එන් නාලිකා ඩුබායි ගිණුම් වගේ කාටත් පේන දේවල් වගේම දහස් ගණන් නොපෙනන දේවල් නිසා තමයි රට අද මෙතරම් අපහසුතාවයක පත් වෙලා තියෙන්නේ. රාජපක්ෂලා යුද්දයේ අන්තිම කාලය කෙරුව තමයි එතකොට ඊට කලින් ප්‍රේමදාස ජීවිතය පුජා කලේ , චන්ද්‍රිකා ඇසක් දන් දුන්නේ , ඒජාප ඇමතිලා බුරුතු පිටින් මලේ , ත්‍රිවිද හමුදාවේ දහස් ගණන් ජීවිත් පුජා කරපුව වලංගු නැද්ද . මැච් එකක් වුනත් දිනන්නේ අන්තිම ඕවරේට වුනාට ඊට කලින් ගහන උන් තමයි වැඩි හරියක් කරන්නේ

:       46       88

ruwan Wednesday, 02 August 2017 06:15 AM

මේ වගේ සුපිරි නාට්‍ය කියක් නම් අපි දැන් බැලුවද? මේක තවත් එක මෙගා නාට්‍යක ආරම්බය පමණයි. අවසානයේදී ප්‍රධාන නළුවට ජයග්‍රහණය අත්වනු ඇත. මෙම නාට්‍ය නැරබු අපට පරාජය අත්වීම සහතිකයි.

:       0       199

බණ්ඩාර(කැකිරාව) Wednesday, 02 August 2017 06:28 AM

මේ පොඩි නාට්‍යයක් කරන්නේ. මේවට රැවටෙන්න එපා .

:       0       142

sam Wednesday, 02 August 2017 06:28 AM

අන්තිමට අපිට වෙන්නේ කොමිසම් වාර්තාව අරාබි නිසොල්ලාසය වගේ ළමයින්ට රෑට කියවල ළමයි බය කරලා නිදිකරවන්න. වෙනනම් සුගතියක් පෙනෙන්න නැහැ. කොමිසමට ගිය වියදමත් අපිටම තමයි දරාගන්න වෙන්නේ.

:       0       331

riswan dubai Wednesday, 02 August 2017 06:36 AM

අයියෝ අපේ රට ගිය කලක්.. හරිම දුකයි

:       33       131

vipula Wednesday, 02 August 2017 07:18 AM

යහපාලනය කියල ඇවිල්ල බදු වැඩි කරලා බඩු මිල වැඩි කරලා අන්තිමේදී අපිටම කෙලියා

:       59       188

rohana Wednesday, 02 August 2017 07:24 AM

පළමුවෙන්ම මම සතුටුවෙනවා මේ වගේ කොමිසමක් පිහිටුවීම ගැන. මහින්දගේ රජය කාලේදී ඇමතිවරයෙක් පොලිසියටකවත් ගියේ නැත. නීතිය යුක්තිය ඉටුවේද? මෙම කොමිසමට අධිකරණ බලතල නැත. කවද නිතිය යුක්තිය ඉටුවේද?

:       234       332

ගයාන් Wednesday, 02 August 2017 09:52 AM

කවදාවත් වෙන්නේ නෑ බබෝ !!!

:       0       23

de silva berlin Wednesday, 02 August 2017 07:26 AM

බොරුවට කෝටි ගණන් සල්ලි වියදම් කරමින් කාලේ කන කොමිසම් අවශ්‍ය නැහැ, වංචාවක් වෙලා කියල සාධාරණ සැකයක් තිබෙනවා නම් උසාවියේ නඩු පවරන්න එතකොට තීන්දුවක් ලැබේ, ඔය පාර්ලිමේන්තුවේ, මාධ්‍ය හරහා බොරුවට අපි රවටන්න කුලල් කාගත්තට පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සේරම එක පැලැන්තියක් , ඔය කොමිසම අධිකරණයේ නඩු පැවරුවොත් රිමාන්ඩ් එකට යන්න වෙන නිසාත් අන්තිමට හිරේ යන්න වෙන නිසාත් ඉන් ගැලවෙන්න යහළුවෝ ආරක්ෂා කරගන්න බොරුවට කාලේ කන්න හදපු එකක්

:       0       113

MP Wednesday, 02 August 2017 07:28 AM

පෙනෙන්නේ නම් වීර කමක් කල වීරයෙක් වගෙයි.

:       0       63

mahesh Wednesday, 02 August 2017 08:21 AM

මේවා දැක්කම ඉහ මොළ රත්වෙනවා . මේ කොමිසමේ මාස ගණනක් ගෙවල උසාවියට යාවි ! උසාවියේදී අවරුදු ගණනක් ගෙවල නිවෙරදි කරයේ වේවි. අපි උඩට කට ඈරන් බලන් ඉදිවී. මිලිටරි ජුන්ටාවක් අවනම් මිට වඩා හොඳ යි.

:       0       11

chaminda Wednesday, 02 August 2017 08:38 AM

අපි කට ඇරගෙන බලන තිරපිටපත ලියා අවසන් තවත් එක නාටකයක් පමණි.

:       0       9

aravinda Wednesday, 02 August 2017 08:50 AM

අද බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ මහජනයාට වඩා තමන්ගේ සුබ සිද්දියටයි. මෙය බොහෝ තුන්වන ලෝකයේ රටවල සිදුවන දෙයක්. මේ පුද්ගලයා අග්‍රමාත්‍යවරයට ලගින්ම සිටි කෙනෙක් බැවින්, පක්ෂ නායකයා මොහුගේ ක්‍රියා කලාපය ගැන නොදැන සිටියයි සිතිය නොහැකියි. මෙවැනි පුද්ගලයින් නෙරපා හැරියත්, තවත් මෙවැනි පුද්ගලයින් ලංකාවේ දේශපාලනයට රිංගීම වැලැක්විය නොහැකි යන්නයි මගේ මතය.

:       1       50

sanju Wednesday, 02 August 2017 09:29 AM

අහිංසක මිනිහෙක් රුපියල් 500ක් වංචා කලත් හිරේ. මෙව්වා මේ හැමෝටම පෙන්න කරන විකාර.

:       0       24

Danushka Wednesday, 02 August 2017 11:36 AM

වරදට සමාව, පොල්ගඩියක් හොරකමට අවුරුදක් හිරේ, මහා බැංකු හොරාට වරදට සමාව මෙය යහපාලනය නංවෙඉ

:       0       0

Danushka Wednesday, 02 August 2017 11:43 AM

අන්තිම ෆොටෝඑක දැක්කහම අලිබබා සහ හොරු 40 දැක්ක වගේ

:       0       9

raveendra Wednesday, 02 August 2017 12:28 PM

පේනවා නේද අපේ රටේ හොරුන්ටත් පුදුම පිළිගැනීමක් නේ තියෙන්නේ.4,5 චායාරුපවලින් ඉතා පැහැදිලිව අපහට දැකගත හැක.බලන්නකෝ කොච්චර පින්වන්ත මුණක් ද ලෝකේ හොදම මුදල් ඇමති වන රවී " මහත්තයට " තියෙන්නේ. බලන්නකෝ ඒ මුනේ තියන " අවංක " බවය .

:       0       13

lanka Wednesday, 02 August 2017 02:06 PM

මෙයා බැසිල්ගේ මල්ලි. කෙනෙක්ද කොහෙද. ඔක්කොම එකයි. මිලියන ගානක් වටිනා ගෙදරක පදිංචි උනා. අනේ ගෙදර වටිනාකමවත් දන්නේ නැහැ නේ. තොත්ත බබා. මේ වගේ හොර තක්කඩියෝ ඉන්න කොට රටට මොනවද වෙන් නේ. අන්න විදේශ අමාත්‍යංශයේ වෙබ් සයිට් එක මෙයාගේ බූදලයක් වගේ පාවිච්චි කරනවා. ජනාධිපති තුමා මගේ කොමෙන්ට් එක දකීද දන්නේ නෑ..

:       0       1

CHARITH Thursday, 03 August 2017 03:32 AM

පව් මේ අහින්සකයෙක්වනෙ හොරකමකට ගාවල තියෙන්නෙ. හරී පව්.............. අහින්සක මිනියෙක්........

:       0       6

ජුවානිස් Thursday, 03 August 2017 10:11 AM

කිරි සප්පයා හරහට වඩාගෙන කිරිටිකක් පෙව්වානම් හොඳයි. අාසියාවේ හොඳම මුදල් අැමැතිතුමා. අනේ අම්මපා මේ වගේ අයට නැවතත් රට බාරදුන්නනේ...

:       0       0

CHOOTY Friday, 04 August 2017 09:22 AM

හොරුන් වැනි නුසුදුසු අය වහාම හිරේ දමා ආණ්ඩුව ආදර්ශමත් විය යුතුයි.

:       0       0

Lakvidu Monday, 07 August 2017 03:03 AM

ජනාධිපතිතුමාට කොන්දක් තියෙනවානම්, දැන්වත් තාවකාලිකව ඇමැතිකමෙන් අයින් කරලා මෙයාගේ ඇමැතිකම පවරාගන්න ඕනෑ.

:       0       7

hewawitharana Monday, 07 August 2017 03:17 AM

ඔහුගේ මුහුණේ තිබෙන හිනාවෙන් කියන්න පුළුවන් ඔහු නිවැරදි කාරයෙක් වෙන බව... ජනාධිපතිතුමාත් මුරුංගා අත්තේ තියාගෙන තමයි ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site