IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්

(හසිත රංග ගුණතිලක)
 
ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය අද (4) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහරක් ආරම්භ කෙරිණි.

 
පැවිදි හඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලැබූ මෙම රථ පෙරහර හික්කඩුව සීනිගම දේවාලයට ගොස් දේව කන්නලව්වක ද නිරත වූහ.
 
මහ මැතිවරණයකට බල කරමින් පැවැත්වුණු මෙම රථ පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඤ්ඤායනය කර ආශිර්වාද කළහ.
 
පසුගිය 29 වැනිදා අභයාරාම විහාරස්ථානයෙන් ඇරඹි මැතිවරණයට බල කරන අත්සන් පනස් ලක්ෂයක් ලබා ගැනීමේ ජනතා පෙත්සම පෙරටු කරගත් රථ පෙරහර වැල්ලවත්ත, මොරටුව, පානදුර, වාද්දුව, කළුතර,බේරුවල,අම්බලන්ගොඩ නගර ඔස්සේ සීනිගම දේවාලයට ළඟා විය. 
 
පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ,එම සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
ඡායාරූප සහ වීඩියෝ  -  රොමේෂ් ධනුෂ්ක ද සිල්වා

 

 



අදහස් (31)

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්

පිටිගල මිලානෝ Tuesday, 04 December 2018 01:40 PM

බුදුදහම නැති කරන්නෝ කවරහුද?

:       0       421

BamunuarachchiWednesday, 05 December 2018 01:52 PM

පිටගල මිලානෝ වගේ කට්ටිය. ඔවුන්ට ආගමක්, ජාතියක්, ජන්මයක් නැත. පක්ෂයක් පමණක් ඇත. ඒ පක්ෂයට සිංහල රටට හරියන ඔබින නායකයෙක් නැත. ඒ නිසානේ ජනාධිපති කීවේ 225ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එජාපෙට නායකයෙකුට ඉන්නේ රනිල් විතරද?

:       224       0

athuraThursday, 06 December 2018 04:08 AM

පොහොට්ටුවට නායකයා කියල ඉන්නේ රාජපක්ෂලා විතරද.

:       1       10

BamunuarachchiFriday, 07 December 2018 09:53 AM

ප්හොට්ටුවට නම් රාජපක්ෂලාම් 3 දෙනෙක් ඉන්නවා එජාපෙට රනිල් නැති උනොත් නෑම තමයි.

:       0       0

sirimal Tuesday, 04 December 2018 01:51 PM

වහෙන් හොරෝ නැතුව කෙලින්ම "අපට අවශ්‍ය මහින්ද රාජපක්ෂගේ පාලනයක්" කියල කියන්න බැරි මොකද අපේ හාමුදුරුවනේ ? ඔය මොන කරුණු කාරනා ඉදිරිපත් කලත් ඔබවහන්සේලාගේ උත්සාහය මහින්ද මහත්තයා බලයට පත් කිරීම බව කවුරුවත් දන්නවා.

:       0       205

බද්රානි Tuesday, 04 December 2018 01:51 PM

මැතිවරණ ඉල්ලා පිඬුසිඟා වැඩීම බුද්ධාගමට එක් වුන අලුත්ම අංගයක්ද? එක අතකට කඩේ යන එකෙයි පිඬුසිඟා වදින එකෙයි මහා වෙනසකුත් නැතිව ඇතිනේ? මොනවා අත් හැරියත් මැතිවරණයක් නම් ඕනෑම වෙනවා නිවන් යන්න නේද අපේ හාන්දුරුවනේ?

:       0       191

BamunuarachchiSaturday, 08 December 2018 02:20 AM

බද්රානි නෝනා මහින්ද පත් කරගැනීම ගැන නොව රනිල් තවදුරටත් තියාගත යුතුයි කියන්න හේතු කියන්නකෝ... මෙතන ලියන අපිට මහින්ද අගමැති කලයුත්තේ ඇයි කියන්න මේ පිටුව පිරෙන්න ලියන්න හේතු තිබෙනවා. කරුණාකරලා ඔබත් රනිල් මේ රටට 2001-2005 සිට 2015-2018 ඔක්තෝබර් දක්වාත් කල සේවය කියන්නකෝ...? එතකොට අපිත් රනිල් වෙනුවෙන් කඩේ නොවෙයි සාප්පු යන්නම්...

:       0       0

V.warnakulasuriya Tuesday, 04 December 2018 03:18 PM

"අපේ පැවැත්ම සඳහා අපි හොරුන්ට කඩේ යමු. අනේ දෙවිවරුනි; අපේ පැවැත්ම වෙනුවෙන් මේ රටේ සිටින රාජකීය හොරු සහ මිනීමරුවන් ආරක්ෂා කර දෙනු මැනවි. ළඟදීම තවත් කණ්ඩායමක් අප මෙන් මෙවැනි කන්නලව්වක් කරනවා. ඒ වුනාට මේ මොහොතේ අපිව ආරක්ෂාකර දෙනු මැනවි. අඩුම තරමින් මාරැවෙන් මාරැවටවත් අප ගැන අනුකම්පා කරත්වා! මේක අපේ මොහොත බව නැවත නැවතත් කන්නලව් කර සිටිමු. මැතිවරණයකට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබුණොත් යම්තම් අපි ගොඩ. ඔබවහන්සේලාගේ පැවැත්මට අපේ දේශප්‍රේමය වැදගත් වෙන බව අමතක නොකරනු මැනවි." මෙසේ ඇසුණි.

:       2       412

Bamunuarachchi Tuesday, 04 December 2018 03:57 PM

මේ හාමුදුරුවරු මහින්දට හෝ රනිල්ට චන්දය දෙන්න කියන්නේ නැහැ. කියන්නේ ජනතාවට තමන් කැමති රජයක් පිහිටුවා ගැනීමට අවස්තාවක් දෙනලෙසයි. අපිත් ඒ ඉල්ලීමට ගරුකරමු.

:       325       24

Nihal Tuesday, 04 December 2018 05:18 PM

කාගෙන්ද ඉල්ලන්නේ ?තානාපතිවරුන්ගෙන්ද ?

:       3       20

Kumar Tuesday, 04 December 2018 06:24 PM

ස්වාමින්වහසේලා දේශපාලනය ගැන දන්නෙ කොහොමද. ඔබවසේලා දේශපාලනය අතහැරදමා ඔය පවුකාරයන් සසරෙන් එතරකරන කරන කරමයක් සොයන්න.

:       38       115

BamunuarachchiWednesday, 05 December 2018 01:07 PM

හාමුදුරුවරු තරම් දේශපාලනය දන්නා අය තවත් ඉන්නවාද? දශරාජ ධර්මයෙන් රටක් පාලනය කරන හැටි රජුන්ට කියා දුන්නේ හාමුදුරුවරු... මේ මොනවා දැනගෙන කතා කරනවාද?

:       161       0

V.warnakulasuriya Wednesday, 05 December 2018 03:40 PM

හාමුදුරුවරු දේශපාලක හොරුන්ට, මිනීමරුවන්ට කඩේ යන එකත් දශරාජ ධර්මයේම තත්ත්වයක්ද?

:       0       12

Ajith Nissanka Tuesday, 04 December 2018 06:29 PM

කට්ටිය දිහා බැලුවහම කියන්න පුළුවන් ජනතා පරමාධිත්වය කෙසේ වෙතත් රාජපක්ෂ පරමාධිත්වය ඉල්ලලා කෑගහන බව!

:       4       131

vidya Wednesday, 05 December 2018 01:37 AM

සම්බුද්ද චීවරය දරාගෙන දේවාල වල පොල් ගසල සම්මා සම බුදු රජාණන් වහන්සේගේ ධර්මයට නිගා දෙන්න එපා . ඔය විශාල වාහන වලින් පිටකරන දුමාරය මිනිසුන් ටත් , සතුන්ටත් ස්වභාව ධර්මය ටත් අහිත කරයි. අැයි තවමත් මෙයා මෝඩ වැඩ කරන්නේ. ඉන්දියාවේ මිනිසුන් හිනාවෙනවා අපි වගේ නුඋගත් මිනිසුන්ට .

:       236       456

Sanka Wednesday, 05 December 2018 02:15 AM

මේ හාමුදුරුවෝ ඔක්කොම ධර්මයේ පිහිටලා පන්සල් වලට වෙලා සමාජයට බණක් දහමක් කියල මිනිසුන්ව යහමගට ගන්න බලන්න.චන්දයක් ඕන කාටද? අනික කොටි 550 ක් යනවා චන්දයකට.ඔබ වහන්සේලාගේ සාක්කුවේ සල්ලිද මේ සල්ලි? මේවා මහජන මුදල්.අපේ රට අද තියෙන අන්ත දුගී තත්වෙන් ගොඩ එන්න චන්ද ඕනේ නැහැ.ජනදිපතිට කියන්න විවස්ථාව අනුව වැඩකරන්න කියල.ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ එකය්.

:       0       285

Ranaweera Wednesday, 05 December 2018 02:48 AM

අන්ධභත්තික සංවිධානය නිර්මල බුදු දහමට නිගරැ කරන්න බැහැ අවබෝධ පිරිස් ඉන්නව..

:       0       49

Chanak Los angeles Wednesday, 05 December 2018 03:56 AM

ඕනෑම දෙයක් කරන්න බලය තිබෙනවා කියන කෙනාට මැතිවරණයක් තියන්න බලයක් නැතිද ?

:       2       21

athura Wednesday, 05 December 2018 04:01 AM

අහෝ රටට ගිය කලක්.හාමුදුරුවොත් දේවාල ගානෙ.

:       4       148

Amila Wednesday, 05 December 2018 04:27 AM

ඉල්ලන ඉල්ලන වෙලාවට චන්ද තියන්නේ ඔබවහන්සේලාගේ සල්ලි වලින් නම් හෙට වුනත් චන්දයක් තියමු. රටේ මිනිස්සුගේ සැබෑ ප්‍රශ්න සහ රටේ දියුනුව ගැන කතා නැත. එහෙත් දේශපාලනය කරන අයගේ පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් නන් ඔලුව වුනත් දෙන්න ලෑස්තිය.

:       0       167

Amila Wednesday, 05 December 2018 04:29 AM

නිකමට හරි චන්දයෙන් අරයට ඕන කෙනා දින්නේ නැතොත් අයෙත් චන්දයක් තියන්න වෙනවා. ඉස්සෙල්ලා ප්‍රශ්නය විසදගන්න ඔන මොන දේ කරන්නත්.

:       3       22

BamunuarachchiFriday, 07 December 2018 10:13 AM

එයා කියන්නේ රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා? ඒක අපිත් අනුමත කොරනවා. රනිල් මෙරටට ගැලපෙන නායකයෙක් නොවෙයි ඒ නිසයි ප්‍රබාකරන් 2005 දී දමිලයින්ට චන්දෙ දාන්න නොදුන්නේ.

:       0       0

ලුම්බිණි Wednesday, 05 December 2018 04:33 AM

බිත්තියේ එල්ලලා තිබෙන පින්තුර වලින් සියල්ල තේරෙනවා.

:       3       59

BamunuarachchiWednesday, 05 December 2018 11:57 PM

රටට ජාතියට වැඩක්කල පුද්ගලයින්ගේ පින්තුර ඒ වැඩ අගය කරන පුද්ගලයින් විසින් බිත්තිවල එල්ලනවා. නිකන් ආසාවට කියන්නකෝ රනිල් රටට ජාතියට කල වැඩක්.

:       160       0

athuraThursday, 06 December 2018 07:18 AM

ඔබතුමා දන්නවද ලංකාවේ විද්‍යාපිඨ කියලා දෙයක් තියනවා කියලා. ආ තව දෙයක් තරුණසේවා සභාව කියලා.

:       44       0

BamunuarachchiFriday, 07 December 2018 10:03 AM

විද්‍යාපීටයි තරුණසේවා සභා මොන බම්බුවකටද හලෝ තරුණයින්ට රකියාදෙන කර්මාන්ත ශාලා ෆැක්ටරි රටේ ඉන්දිවෙන්නේ නැතුව. ඔබ දන්නවාද මෙරටේ දැනට කර්මාන්ත ශාලා කීයක් වසුනාද කියා. මහින්ද මහතාගේ අවරුදු 8 කාලයට ව්‍යාපෘති 45 ඉවරකර තිබුනා. ලොකුම ව්‍යාපෘතිය අවරුදු 25 ක යුද්දය. මෙයා විද්‍යාපීට ගැන කතා කොරනවා.

:       0       48

Chanak Los angeles Wednesday, 05 December 2018 05:18 AM

අනේ නැහැ මේ අය මහින්දට දෙන්න කියන්නෙත් නැහැ රනිල්ට දෙන්න කියන්නෙත් නැහැ .. කියන්නේ කප්පරක් නඩු තිබෙන හොරුන්ට දෙන්න කියලයි . එහෙම නේද ?

:       0       169

Bamunuarachchi Wednesday, 05 December 2018 05:14 PM

l මමත් ඉහළින්ම කැමතීයි මහින්දවගේ පෞර්ෂත්වයක් ඇති කෙනෙක් රටේ නායකයා වෙනවානම්.

:       221       0

Ajith NissankaThursday, 06 December 2018 04:41 PM

මේ රටට වෙලා තියන විනාශයට රටේ ජනතාවත් වග කියන්න ඕන කියලා මෙතන පලවෙන කියුම් වලින්ම ඉතාම පැහැදිලියී !

:       0       1

BamunuarachchiSaturday, 08 December 2018 02:29 AM

2015 මහින්ද ලක්ෂ දෙකහමාරක ඡන්දෙන් පැරදුණු එකත් හොඳයි. එ්කෙන් ජනතාව දැනගත්තා රනිල් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. ඒ වගේම මහින්දට තිබුණු වටිනාකම වැඩි වුණා. ඒ බව 2018 ඡන්දෙන් අපි දැක්කා... රනිල් ගැන ජනාධිපති සමහරු නොදන්නා එ්ත් අපි දන්නා බොහෝදේ හෙළි වුණා. ඒ කියූ ඒවාට කව්රුවත් අභියෝග කළේ නැහැ නේද? එහෙනම් තව මොනවද කතා...?

:       10       27

බද්රානි Monday, 10 December 2018 10:11 AM

රටක වෙසෙන මනු සතුන්ගේ හඬ ශබ්දය මත පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට වඩා රටක ව්‍යවස්ථාව අනුව මැතිවරණය පැවැත්වීම තමයි රටක වෙසෙන බුද්ධිමත්, නීතිගරුක ජනතාව බලාපොරොත්තු වන්නේ. ලංකාවේ වෙසෙන එලොවටත් පලක් නැති, මෙලොවටත් වැඩක් නැති, අධර්මවාදී, දේශපාලකයින්ට ගැතිකම් කරන චීවරධාරීන් මහපාරේ කරන නාඩගම් වලට රැවටීමට තරම් රටේ ජනතාව මන්දබුද්ධික නොවන බව ඔවුන් දැන ගත යුතුයි. පුද්ගලවාදය මත පදනම්ව දේශපාලන විග්‍රහවල යෙදෙන බමුණුආරච්චිලා වැනි මොන්ටිසෝරි මනසක් සහිත වැඩිහිටි ළදරුවන්ගේ අදහස් අප උපහාසයෙන් හා හාස්‍ය රසයෙන් රසවිඳීමටත් මේ පවතින වාතාවරණය මත අප හුරුපුරුදු විය යුත්තෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 197 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site