IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)                      

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනෝන් වතුයායේදී බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 10දෙනෙකු අද(28) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව  රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ. එස්. කේ. ජයසූරිය මහතා පැවසීය.
 
වතුයායේ ගසක බැඳ තිබු බඹර වදයක් කඩා ගැනීමට උකුස්සකු තැත්කිරීම හේතුවෙන් බඹරු ඇවිස්සී ඇතැයි කම්කරුවෝ පැවසූහ.
 
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු සහ පුරුෂයන් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.
 
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා පැවසීය.



අදහස් (0)

බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site