IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුරාණ ගල්ලෙන් විහාරය නිධන් හොරුන්ට බිලිවෙයි

(මොහොමඩ් ආසික්)

මහනුවර  වට්ටාරන්තැන්න මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික චෛත්‍ය්‍යයෙ හතරැස් කොටුවට නිධන් හොරුන් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ හේතුවෙන් චෛත්‍යයට බරපතල හානි සිදුවී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට  වසර 200ක් පමණ  පැරණි මෙම චෛත්‍යයේ හතරැස් කොටුව යකඩ උලක් වැනි උපකරණයකින් හාරා නිධන් සෙයා ඇති බව නිරීක්ෂණය වෙයි. මෙම  ඓතිහාසික චෛත්‍යයේ හතරැස් කොටුව හාරා  නිදන් සෙවීම කර ඇත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීම සඳහා කටුගස්තොට පොලීසිය විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටින අතර මේ සඳහා පොලිස් අපරාධ කොට්ඨාසයේ සහ නිල සුනඛ අංශයේද සහාය ලබා ගැනීමට අදහස් කරන බව පොලීසිය කියයි.මෙම චෛත්‍යයේ  හාරා කිසිවක් සොරකම් කර ඇත්ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බවද පොලීසිය පවසයි.



අදහස් (0)

පුරාණ ගල්ලෙන් විහාරය නිධන් හොරුන්ට බිලිවෙයි

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site