(ශාන්ත රත්නායක)
පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
“ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් තෝර ගන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ වගේම පනත අනුව අපේක්ෂක නාම ලේඛන වලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී තිබෙනවා.නැතහොත් එම න්‍ාම ලේඛන ප්‍රතික්ෂේප වෙනු ඇති “
ඒ මහතා මේ බව පැවසුවේ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අද (12) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති උත්සවයකදී ය.
ආසියානු කලාපයේ සියළුම රටවල මැතිවරණ දෙපාර්තමේන්තු, කොමිෂන් සභා නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහා සමුළුවක් 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය සැලසුම් කර ඇති අතර එහි අවබෝධතා ගිවිසුම මෙහිදී අත්සන් කෙරිණ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පළාත් පාලන ඡන්දය ලබන වසරේ
chandana Wednesday, 13 September 2017 03:04 AM
මෙතුමා ඒ දවස්වල නම් චන්දයක් දවසක් පරක්කු වුනත් වේවැල අතට අරගෙන සිංහ තෙජාවෙන් හතර අතට පහර දුන්නා, එත් දැන්, ආණ්ඩු පක්ෂෙන් තියන්න කිව්වොත් කියන දවසක චන්දෙ තියන සේය්යාවෙන් ඉන්නවා. අනේ මන්දා, සිංහයෙක් වුනත් දේශපාලනයට ගැති වුනොත් රටේ පුරවැසියන්ට උඩ ඉන්න දෙය්යන්ගේම පිහිටයි.
priyantha Wednesday, 13 September 2017 03:16 AM
චන්ද ඔිනි නැ යහපාලනය හරිම සැපයි ..... ආයේ මොකටද චන්ද සැප ජනතාවගේ කටින් බෙිරෙනවා...
Ranil Wednesday, 13 September 2017 08:39 AM
තව ටිකක් රසට කන්න හැදුවට දැනටමත් රට කාලා ඉවරයි වගේ...