IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගිවිසුමේ කෙටුම්පත ශ්‍රීලනිපයෙන් සන්ධානයට

(ඩයනා උදයංගනී)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ඒ සදහා අත්සන් තැබිය යුතු ගිවිසුම්වල කෙටුම්පත් එම පක්‍ෂය වෙත යොමුකළ බවත් ඒ සදහා ඔවුන්ගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.
  මෙම කෙටුම්පත් පොදුජන පෙරමුණේ  ලේකම්වරයා හා එහි අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ (1)  පස්වරුවේ යොමුකළ බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
 
 සන්ධාන ව්‍යවස්ථාවට අදාළව එකගවිය යුතු කරුණු, පොදුජන පෙරමුණේ  අපේක්‍ෂකයා සමග අත්සන් කරන ගිවිසුමට ඇතුළත් විය කරුණු මෙම කෙටුම්පත්වල ඇතුළත්ව ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.
 
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 දෙපාර්ශවය අතර දැනට පැනනැගී ඇති ප‍්‍රධානම ගැටලූව ඉදිරිපත් වන ලකුණ බව කී මන්ත‍්‍රීවරයා එය ඉක්මනින් විසදාගැනීමට හැකිවේයැයි විශ්වාස කරන බව ද ප‍්‍රකාශ කළේය.
 

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  බැසිල් රාජපක්‍ෂ මහතා සුබවාදී ප‍්‍රතිචාරයක් දක්වා ඇතැයි කී දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවසන් තීන්දුව වෙනුවෙන් රැස්වන ලබන 5 වැනිදාට පෙර ඔවුන්ගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බව ද කීවේය.



අදහස් (4)

ගිවිසුමේ කෙටුම්පත ශ්‍රීලනිපයෙන් සන්ධානයට

gunarathna Wednesday, 02 October 2019 01:16 PM

අනේ මන්දා මොන ලකුණකින් හරි ගෝඨාව දිනවපල්ලා. මහා ඡන්දෙදි ඕනෙම ලකුණකින් ඇවිල්ලා දිනලා පාර්ලිමන්ට් එකට යමල්ලා...

:       47       73

Ossan Salam Wednesday, 02 October 2019 01:19 PM

ශ්‍රීලනිපය පොදුපෙරමුණ සමග සන්ධානගත වුවහොත් එය ශ්‍රීලනිපයේ අවසාන ඇණයක් වෙනවා පමණක් නොව සහ එය දියවී යාමද වැළැක්විය නොහැකියි.

:       2       15

SujeewaWednesday, 02 October 2019 02:09 PM

සලාම් මෝහම්මද්ට SLFP ගැන පුදුම දුකක්නේ තියෙන්නේ. ඔයා තමයි අපට තියෙන ලොකුම ඇණය.

:       1       7

sandy123Wednesday, 02 October 2019 03:36 PM

දිය වෙන්න තවත් ඉතුරුවෙලා තියෙනවද? මේ දේශපාලකයින් හරියට වතුර වගේ. ඉන්න තැන හැටියට පාට මාරුවෙනවා

:       0       11

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site