IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගංවතුරින් මූන්දලමේ පවුල් 155 ක් අවතැන්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මහ වැසි හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 155ක වැසියන් 500 කට ආසන්න පිරිසක් අද(16) වන විට අවතැන්ව සිටින බව මූන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පැවසුවාය.
 
ඊයේ (15) දිනය පුරා පැවති අධික වර්ෂා තත්වයත් සමඟ මූන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් කිහිපයක් වාන්දැමීමත්, වැසි ජලය බැස යාමට කලින් තිබූ ඇළමාර්ග අවහිරවීමත් සමඟ මෙම තත්වය මතුව ඇති බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.
 
මෙයින් මංගලඑළිය පවුල් 50 ක්ද, පුබුදුගම පවුල් 65 ක්ද, මදුරන්කුලිය ශ්‍රීමාපුර පවුල් 40 ක පිරිසක් ද ලෙස පවුල් 155ක්  මෙලෙස අවතැන්වී සිටිති. එසේම පල්ලාවාසල්පාඩු පවුල් 35 ක් සහ නවදන්කුලම පවුල් 20ක් ජලය ගලාඒම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
 
කෙසේ නමුත් දැනට අවතැන්වී සිටින පවුල්  සඳහා  අද(16)  පිසූ ආහාර ලබාදෙන බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පවසා සිටියාය.

 



අදහස් (0)

ගංවතුරින් මූන්දලමේ පවුල් 155 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site