IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට

(එෆ්.අස්ලම්)
 
ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය  රෝහලක වෛද්‍යවරයකු  අත්අඩංගුවට ගෙන  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 

මෙකී වෛද්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට යුද හමුදාවට ලද තොරතුරක් මත  යුද හමුදාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාරදී  තිබේ.
 
 යාපනය සහ  චාවකච්චේරි ප්‍රදේශවල පදිංචි මෙම වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාර දී තිබෙන අතර ඔහු මේ වනවිට යාපනය මූලස්ථාන පොලිසියේ රදවාගනිමින් වැඩිදුර විමර්ශනය සිදුකරන බවද පොලිස් අධිකාරිවරයා සදහන් කළේය‍.

 

 



අදහස් (8)

කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට

nisar Monday, 19 August 2019 08:06 AM

නම සඳහන් කර නැත්නම් මුස්ලිම් නොවේ.

:       266       120

AselaMonday, 19 August 2019 01:54 PM

ශ්‍රී ලාංකිකයෙකු වන්න. අන්තවාදීන්ට සහාය දෙන්න එපා...

:       0       15

ගල්කටස් Monday, 19 August 2019 08:12 AM

මොන කණ්ඩාමටද සහයෝගය දීලා තියෙන්නෙ ? අැයි කෙළින් කියන්න බැරි කකුල් වෙව්ලනවද ..? අැයි ලොක්කන් හැම වෙලාවෙම කියන්නෙ ඉවරායි ඉවරායි කියලා . අැත්ත කියන අයට බනින්නෙ බොරු කියනවා කියලා .

:       11       152

galkatas 1Tuesday, 20 August 2019 10:06 AM

අදාළ දොස්තර නැගෙනහිර පළාතේ කෙනෙක් . ද්‍රවිඩ ජනතාව ගැන උදහස් නොවනු මැනවි .

:       0       0

රවින් Monday, 19 August 2019 08:17 AM

අර සංගමය .. ඒගොල්ලෝ උද්ඝෝෂණ වර්ජන එහෙම තියයිද දන්නේ නැහැ ? අසරණයින්ට කාගේ පිහිටක්ද ?

:       2       16

imesh Monday, 19 August 2019 08:49 AM

ත්‍රස්තවාදය කියන එක එහෙම අල්ලලා ඉවර කරන්න බැහැ ගල්කටස්. එහෙනම් ඉතින් මහින්ද හිටපු ජනාධිපති ත්‍රස්තවාදේ ඉවරකරානේ, එතකොට කොහොමද ආයෙමත් ත්‍රස්තවාදීන් එන්නේ. එක දිගටම කරන් යන්න ඕනෑදෙයක්. ත්‍රස්තවාදීන් ලංකාවේ වගේම ලෝකෙම ඉන්නවා. අල්ලලා ඉවරයි කියනවා නම් එ්ක විහිළුවක්. දිගටම අවධානයෙන් ඉන්න ඕනේ. එ්ක අපි හැමෝගේමත් වගකීමක්.. සැකදේවල් දිහා අවධානයෙන් ඉන්න එක. අවාසනාවට අපිට සැක දේවල් ගැන කියන්න තැනක් නැහැ. කිව්වම අපි වැරදිකාරයන් වෙනවා.

:       0       70

isurandi Monday, 19 August 2019 08:52 AM

දැන් ත්‍රස්තවාදීන් නැහැ කිව්වා නේද? එතකොට මේ අනුබල දීලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද?

:       0       11

saliya Monday, 19 August 2019 10:26 AM

මේ මනුස්සය එළියේ හිටියා නම් බෝම්බ තියලා සහරාන් වගේ ගොඩක් දෙනෙක් මරන්න තිබුණා. නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම විවිධ සංවිධානවලින් ලෙඩ අදිනවා. හොඳම දේ තමයි මිනිහා එළියට දාල සුදු බැරිනම් කළු වෑන් හරි දාලා ජනතාව බේරගන්න එක. මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වඩාත් ඉක්මන්, ප්‍රායෝගික හා අත්හදාබැලූක්‍රමය මේකයි...

:       2       202

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site