IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සැර අලියා අල්ලා ගස් බඳියි

(කාංචන කුමාර ආරියදාස සහ කග කරුණාරත්න)

ඇළහැර බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ ජන ජීවිතයට හානි වන ලෙසින් හැසිරුණු වන අලියකු අල්ලා ගස් බැඳීමට අද (12) වනජීවී නිලධාරීහු සමත් වූහ.

පසුගියදා එම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයකු පහරදී ඝාතනය කර නිවාස කිහිපයක් කඩා බිඳ දැමීම සහ වගාවන් රැසකට මෙම තනි අලියා හානි කළැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කළහ. 

පසුව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම වන අලියා 12 වැනිදා ප්‍රථම අල්ලා රැගෙන යන බවට පොරොන්දු වීමෙන් පසුව විරෝධතාකරුවන් ඉවත්වූ අතර වනජීවී නිලධාරීහු එදින සිට මෙම ප්‍රදේශයේ වන අලියාගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා රැකවල්ලා සිටියහ.

ගිරිතලේ  පශු  වෛද්‍ය කණ්ඩායම සහ වයඹ පළාත් බාර පසු වෛද්‍ය නිලධාරීන් ඒකාබද්ධ වී ඊයේ (11) රාත්‍රී සිට මෙම වන අලියා අල්ලා ගැනීම සඳහා මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.

මේ වන විට අල්ලා ගස් බැඳ සිටින වන අලියා වයස අවුරුදු 35ක පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම වන අලියා ඇල්ලීම සඳහා 25 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් දින  එක හමාරක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

ඡායාරූපය - කාංචන කුමාර ආරියදාස

ඡායාරූප - කග කරුණාරත්න

(වීඩියෝ - කාංචන කුමාර ආරියදාස )



අදහස් (4)

සැර අලියා අල්ලා ගස් බඳියි

Sarah kumara Thursday, 12 December 2019 11:32 AM

දක්ෂ කාර්ය ශූර නිලධාරී වනජීවී එකේ ඉන්නවා

:       0       3

AnandaR Thursday, 12 December 2019 05:41 PM

අර වීඩියෝ එක අස්සෙන් ඇහුන හොඩවැලේ තුවාලක් තියනවා කියලා. අලියට මොකුත් හානියක් එහෙම වුනොත් පස්සේ කියන්න එපා අපි නොවෙයි බැන්දේ එයාම කඹයක් අරන් බැඳගත්තා කියලා.

:       0       0

ඉරේෂ් එස් කුමාර Monday, 16 December 2019 11:34 AM

අන්තිමට අලියා මළ බව ආරංචි වුණා.

:       0       0

Ruwani Tuesday, 17 December 2019 08:39 AM

අලියා කොහොමද දන්නේ අලියා ජිවත් විය යුතු සිමාව ? සතුන්ට හරිම අසාධාරණයි. අලි වැටක් හදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site