IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මාපාකඩ රක්ෂිතයේ පුවක් පැළ 1000ක් සිටුවති

(නිශාන්ත කුමාර)
 
මහියංගන, මාපාකඩ වාරිමාර්ග කාර්යාලයට අයත් නාගදීප  දික්කෙන්දයාය වාරිමාර්ග රක්ෂිතයේ පුවක් පැළ 1000ක් රෝපණය කිරීමේ  වැඩසටහනක් අද (22)   පැවැත්විණි.
 
වාරිමාර්ගයන්හි පාංශු හා ජල රක්ෂණය සඳහා පරිසර හිතකාමී මෙන්ම ආර්ථික වශයෙන්ද ප්‍රයෝජන සහිත භෝග වර්ග වගා කිරීමේ  වැඩසටහනකට  සමගාමීව නියමු ව්‍යාපෘතියක් ලෙස  මෙය සංවිධානය කර තිබිණි.
 
බදුල්ල කලාපය භාර  වාරිමාර්ග අධ්‍යක්ෂක එම්. අයි. එම්. ඉෂඩි. ඊබ්‍රහිම්  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා,  ප්‍රදේශයේ වාරිමාර්ග ජනපදවල ඉංජිනේරුවරු නිලධාරීහු, ගොවි මහත්වරු, පාසැල් සිසු දරුදැරියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
වාරිමාර්ගයන්හි පාංශු හා ජල සංරක්ෂණය, අවම වියදමකින් වාරි රක්ෂිත මායිම් ලක් ලකුණු කිරීම, පරිසර සංරක්ෂණය, පුවක් වගාව ප්‍රවර්ධනය, අපනයන ආදායම වැඩිකරගැනීම ආදී අරමුණු රැසක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බව මාපාකඩ වාරිමාර්ග ඉංජිනේරු එස්. කේ. නදීකා සමන්මලී  මෙනෙවිය පැවැසුවාය.

 

 



අදහස් (3)

මාපාකඩ රක්ෂිතයේ පුවක් පැළ 1000ක් සිටුවති

Sarath Kariyakaranage Tuesday, 22 October 2019 09:18 AM

රටට ආදරේ මිනිසුන් ....

:       0       24

Rveendra Wednesday, 23 October 2019 07:33 AM

අපේ අනාගත පරපුර මෙවන් මිලකළ නොහැකි වැඩසටහන් වලට සහභාගිවීම අපි ඉහළින්ම අගය කරන්නෙමු. පුතේ, දුවේ මේ ඔබලා අද කරන ලද පරිසර හිතකාමී ක්‍රියාවෙන් ඔබලාට එහි ප්‍රතිඵල නොලැබුනත් ඔබලාගේ අනාගත දරු කැලට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.

:       0       31

මාර ලෝකයක් Sunday, 27 October 2019 02:30 AM

ලොකු අයට කපාගන්න පොඩි අය ලවා ගස් සිටවීමේ සංකල්පය... මාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 274 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site