IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මස්කෙළියේ තේවතු 10 ක උද්ඝෝෂණ

( ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වෘත්තීය අයිතිවාසිකම් කිහිපයක් මුල් කර ගනිමින් මස්කෙළිය වැවිලි සමාගමට අයත් තේ වතු 10 ක ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද  (26) මස්කෙළිය   මාවුස්සාකැලේ  මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ .
 
උද්ඝෝෂණයට එක්ව සිටි ලංකා වතු සේවා සංගමයේ උප සභාපති කෙල්ල දොරේ මනෝහරන් මහතා කියා සිටියේ මෑණියන්ගේ නොවැම්බර් මස 6 වැනි  දින වතු සමාගම් 18 ලංකා වතු සේවා සංගමය සමඟ අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් 25% ක පඩි වැඩිවීමක් ලබා දීමට එකඟ වූ බවයි .
 
එම වැටුප් වැඩි කිරීම මූලික වැටුපට එකතු කරන බව කියා සිටිය ද එය දීමනාවක් වශයෙන් ගෙ වන නිසා තම සාමාජිකය ගේ සේවක අර්ථ සාධක හා සේවා නියුක්තියන්ගේ අරමුදල හා අනෙකුත් දීමනා සඳහා බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව ය 
 
නමුණුකුල කෑගලු මස්කෙළිය  වැවිලි සමාගම් වලට අයත් අයත් තේ වතු වල සේවය කරන තම සාමාජිකයන් සඳහා මෙම 25% ඒ වැටුප් වැඩි වීම දීමනාවක් ලෙස ගෙවන බව ය තම මූලික වැටුපට මෙම 25% ය වැටුප් වැඩිවීමේ දීමනාව එකතු කරන ලෙස වතු සමාග වල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවැසීය.
 
 තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් මෙම මස 29 වැනි දායින් පසුව ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයින් විසින් ඉල්ලීම් ඉටු වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු කියති.



අදහස් (0)

මස්කෙළියේ තේවතු 10 ක උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1395 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site