IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සජිත්ට

(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)

දෙමළ ජාතික සන්ධාන‍යේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී  සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අද (03)  පැවැති  මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය. වවුනියාව පෞද්ගලික හෝටලයකදී  මෙම  මධ්‍යම කාරක සභාව රැස්විණි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂවල සහාය කාහටද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය දැනුම්දෙන බවද සුමන්තිරන් මහතා කීය.

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ්  මධුෂංඛ)

 



අදහස් (40)

තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සජිත්ට

Sumana Sunday, 03 November 2019 12:20 PM

ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද? බෙදුම්වාදී අරමුණු සඳහා සමනල් පාලනයක් තිබීම ඔවුන්ට ඉතාම වැදගත්..

:       2461       3372

විනිවිද WASHINGTON DCSunday, 03 November 2019 09:23 PM

පළමුව තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය දීමට තීරණය කර තිබුණේ ගෝඨාභයටයි. හේතුව මහින්දත්, ගෝඨාභයත් ඔවුන්ගේ ඡන්ද වේදිකාවල දෙමල සහ මුස්ලිම් ඡන්ද ඉල්ලා ඔවුන්ට කතාකළේය. නමුත් විමල් සහ උදය ගෝඨාගේ වේදිකාවේ සිට සුලුජාතින් නොමැතිව ගෝඨාභය දිනීමට හැකිබව පුන පුනා කීවේය. ඒ හේතුවෙන් ඔවුන් මෙවර මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය නොදමනු ඇත. විමල් සහ උදයලාගේ කටවල් ලොකු වූවාට ඡන්ද ඇත්තේ 2000කටත් අඩු ප්‍රමාණයකි. ඡන්ද නොමැති විහිළු සමාජයට සපයන පුද්ගලයන් දෙදෙනෙකුගේ ජාතිවාදී කතාවන් නිසා පොහොට්ටුවට ලැබීමට තිබූ ලක්ෂ 5ක් පමණ ඡන්ද නැතිවිය.

:       153       663

nayanaMonday, 04 November 2019 03:33 AM

මේ දේශපාලුවන් ගුරුකන්ද විහාරයේ හිමියන්ට කළ අපරාධය කිසිදා අමතක නොකරමු.

:       2       111

Rasika Pradeep Sunday, 03 November 2019 12:21 PM

මේ තීරණේ අහසින් වැටුණු එකක් වෙන්න බෑ. මෙයාලා මුලින් කළ ඉල්ලීම් 13 ගැන හිතන්නම වෙනවා. මෙයාලා හැමදාම මස් රාත්තලම ඉල්ලපු අය. මේ තීරණේ පිටිපස්සේ කතාව බුද්ධියෙන් අවබෝධ කරගන්න ඕනේ එකක්. රටට විනකරන සහ කරපු කණ්ඩායම එක පැත්තකට එකතු වෙලා. තීරණය ගොඩක් පහසුයි දැන්... මේ කණ්ඩායමේ නැගිටීම කෙසේ හෝ පරාජය කළයුතුමයි. දේශමාමක බලවේග එකතු විය යුතු මොහොතක්...

:       1602       2060

AmilaSunday, 03 November 2019 03:42 PM

ඔබට තිබෙන්නේ එසේ මෙසේ බයක් නෙවේනේ.

:       796       735

sharm warnMonday, 04 November 2019 03:19 AM

ඔව්.. එයා විතරක් නෙමෙයි. අපි ඔක්කොම මේ ගැන අවධානයෙන් ඉන්නේ.. ඔයාට යෝජනා 13 ගැන දන්නේ නැතිද? නැත්නම් ඔහේ කමක් නැහැ කියලා ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ජීවිත දහස් ගණනක් විනාශ වෙලා ගිය කාලකන්නි තත්වය අපිට ආයෙත් ඕනෑ නැහැ.. රටක් හැටියට ලංකාව දෙකට බෙදන්න අපි සූදානම් නැහැ.. ඒකද ඔබේ කැමැත්ත?

:       4       151

desha premiMonday, 04 November 2019 07:53 AM

අනේ නිකන් මැරෙන්නේ නැතුව ඉන්න. ගෝඨත් ඇමරිකන් තමයි. එයා ඊටත් එහා පොරොන්දු දෙන්නේ ඒ මිනිස්සුන්ට. එයාගෙත් බොරු දේශප්‍රේමයක් තියෙන්නේ. මුලින්ම ජනතාව සමගි වෙන්න ඕන. මෙයාලා ඒක කරන්න දෙන්නේ නෑ.

:       63       2

harsha Sunday, 03 November 2019 12:27 PM

දැන් අර කොන්දේසි 13ට මොකද වුනේ? සජිත් ප්‍රේමදාස මහතා කියනවා කිසිම කොන්දේසියකට එකඟ වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ TNA එක සුපුරුදු පරිදි අහිංසක දෙමළ ජනතාව මේ වතාවෙත් රැවැට්ටුවා නේද?.. දකුණේ සිංහල බිල්ලෙක්ව පෙන්නලා ඒ මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරලා තමන්ගේ වාසියට දැන් කිසිම කොන්දේසියක් නැතිව සහාය දෙනවා තමන්ගේ වාසියට... උතුරේ මිනිස්සු ළඟදීම දවසක ඔයාලාට උත්තර දෙයි.

:       1295       2928

BamunuarachchiSunday, 03 November 2019 02:01 PM

මොකද කොන්දේසි නැත්තේ? රනිල් 30 වෙනිදා කොළඹදී රනිල් කීවා සජිත්ගේ ආණ්ඩුවේ එයා අගමැති කියලා. සජිත්ට දාපු පලවෙනි කොන්දේසිය එයයි. TNA එක දාපු කොන්දේසි 13 ට සජිත් එකඟයි. එ් නිසයි TNA එක සජිත්ට සහය දෙන්නේ. ඒ නිසාම සජිත් කියන ගොයියාට සිංහලයින් ඡන්දය නොදිය යුතුයි. සජිත් කියන්නනේ අපිට අපේ ජනාධිපති කියා කියන්න පුළුවන් කෙනෙක්ද?

:       556       625

BamunuarachchiSunday, 03 November 2019 02:35 PM

මගෙන් පිටරැටියෙක් ඇසුවොත් කවුද රටේ ජනාධිපති කියලා මම කියන්නේ මම දන්නේ නැහැ කියලා.

:       300       165

SamanSunday, 03 November 2019 03:59 PM

දැන්කාලෙ කවුරුවත් බමුණන්ගෙන් අහන්නේ නැහැ "රටේ ජනාධිපති කව්ද?" කියලා.. මිනිස්සු උගත් දැන්.. ඒ ගොල්ලො 'ගූගල්' කරලා දැනගන්නවා..

:       245       644

SuranimalaMonday, 04 November 2019 05:04 AM

මේ බමුණු මහත්තය නම් කියන්නෙම මෝඩ කතාවක්.

:       2       101

Chanak los angelesMonday, 04 November 2019 05:49 AM

ඒකනේ අපි කියන්නේ ඔවුන් සාටකයන්ට සහයෝගය දෙනව කීවානම් 13 ක් නොවෙයි 36 ක් දැමුවත් ප්‍රශ්නයක් නැහැ.

:       1       81

Chanak los angelesMonday, 04 November 2019 06:03 AM

ලංකාවේ ඉපදුනු ජාතියකට බලය බෙදුනාම මොකද වෙන්නේ කොහෙවත් ඉන්න චීනුන්ට රටේ බාගයක්ම සින්නක්කරම විකුනලා තිබෙන එකේ ..

:       14       2

dresha premiMonday, 04 November 2019 08:29 AM

අනේ ගෝඨා, රනිල් මෙහෙ කරන්නෙත් ඕකමයි.

:       1       1

Thilina Sunday, 03 November 2019 12:37 PM

කඳවුරු දෙක පැහැදිලියි නේද? දැන් අර පුතාණෝ කියයි කොන්දේසි වලට එකඟ නැහැ. මේවා ප්‍රතිපත්ති කියලා ගියපාරත් මෙයාලා ඡන්දය දුන්නේ මේ නඩයටම නේද? ඒත් ගන්න පුළුවන් වුනේ වැඩි ඡන්ද ලක්ෂ 4කට විතරයි.. ජේවීපී එකට මෙයලගේ ඡන්ද ලක්ෂ 6කට වඩා කැඩිලා යනවා. හිතාගන්න පුලුවන්ද කොහොමද පරදින්නේ කියලා...?

:       866       1172

pakeer Sunday, 03 November 2019 12:59 PM

දැන් ඉතින් සජිත් දිනලා ඉවරයි...

:       249       861

Thilina Sunday, 03 November 2019 01:17 PM

ඒක නම් ඇත්ත.. මේ වැඩෙන් සජිත් දිනලා හමාරයි.. දකුණේ මිනිස්සු කවදාවත් මේ වගේ අන්තවාදී ඉල්ලීම් කරපු පිරිසක් වටකර ගත්තු කෙනෙක්ට කිසිසේත්ම බලය දෙන්නේ නැහැ. ගියාපාර ලොකු රැල්ලක් තිබිලත් සිරිසේන දින්නේ වැඩි ඡන්ද ලක්ෂ 4කින්.. එතකොට මේ අයත් හිටියේ සජිත්ලා එක්කම තමයි.. කෝ මේපාර ජේවීපී එකෙන් වැටුණු ඡන්ද?

:       89       318

Athula k Sunday, 03 November 2019 01:52 PM

ඔය බළලා මල්ලෙන් එළියට එන්නේ...

:       18       117

Cps Sunday, 03 November 2019 01:53 PM

සජිත් දිනනවා. නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන, පොඩි මිනිහාගේ හදවතට සමීප මානවවාදී පාලනයක් බිහිවෙනවා. මගේ මව්බිම සදා දිනේවා..!!!

:       1247       1361

ChandiSunday, 03 November 2019 03:18 PM

17 වැනිදා ගෝඨාභය දින්නට පස්සේ මෙතන කමෙන්ට් කරන්න..

:       174       686

Suranga Sunday, 03 November 2019 02:01 PM

ඒක අමුතුවෙන් මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙමල සන්ධානය හැමදාම හිටියේ මහින්දට විරුද්ධව. මොකද දෙමළ ජාතික සංධානය හොඳටම දන්නවා යුද්දෙ ඉවර කරේ කවුද කියලා. තෝරාගැනීමට තියෙන්නෙ විකල්ප දෙකයි.. 1) රටද? 2) අන්තවාදයද ?

:       42       433

Nuwan Sunday, 03 November 2019 02:03 PM

කොහොමත් කොටි අන්තවාදීන්ගේ සෙවනැලි සපෝර්ට් කරන්නේ එජාපයට...

:       68       379

සනත් Sunday, 03 November 2019 02:42 PM

යෝජනා 13ට කිසිඳු පක්ෂයක් එකඟ වී නැත. මෙය හුදෙක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීමෙන් පසු එළඹුණු තීරණයකි.

:       186       353

Amila Sunday, 03 November 2019 03:37 PM

මෙතන මේ සමහරු නැති බයක් මවමින් යනවා. 2015ත් මේ අය එජාපයට සහයෝගය දක්වද්දී කිව්වේ ඔය කතා ටිකම තමයි.. ඔහොම බයවෙවී ඉන්න එකත් මානසික ලෙඩක්.

:       347       164

wije Sunday, 03 November 2019 04:07 PM

සජිත්ගේ පරාජය ස්ථීරයි. මේ ගොල්ලෝ එකතුවුණු නිසා සජිත්ට ඡන්දය දෙන්න හිටිය අයවත් දෙන්නේ නැහැ.

:       25       249

නිර්මලා Sunday, 03 November 2019 04:30 PM

පරාජය නෙමෙයි ජයග්‍රහණයයි ස්ථීර වෙන්නේ... මම ඉස්සර හොඳ එජාප කාරයෙක්... ඒත් 1994න් පසු 2001 මහ මැතිවරණයේදී ඇරුණාම අද වෙනකල් මං UNP එකට ඡන්දයක් දීලා නෑ. ඒත් මෙදාපාර සජිත් මහත්තයාට දෙනවා. ඔය කොටි බිල්ලෝ මවලා අපේ හිත් වෙනස් කරන්න බෑ.

:       484       551

AsankaSunday, 03 November 2019 05:35 PM

එහෙනම් අර නාගවිහාරේ සහ අනිකුත් බෞද්ධ සිද්ධස්ථාන වලට ද්‍රවිඩ දේශපාලුවෝ ගහන්නේ වෙන රටක වෙන්න ඇති මගේ හිතේ.. ඇමරිකාවේ වෙච්ච සිද්ධි වෙන්න ඇති ඒවා..

:       4       227

Aris Sunday, 03 November 2019 04:23 PM

අලුතින් යෝජනා ඉදිරිපත් කරන්නේ බොරුවට... සජිත් ළඟ පියාගේ කාලේ හදපු ෆෙඩරල් විසඳුමක් තිබෙන බව මේ දෙමළ සන්ධානයේ අය දන්නවා. ඒකට එවකට යූ.එන්.පී. පාර්ලිමේන්තු කණ්ඩායමේ අත්සනුත් ලබාගෙනයි තිබුණේ...

:       2       68

Bishan Sunday, 03 November 2019 04:37 PM

බයියෝ පව්.. පව්....පව්...!!!

:       43       62

Bandara Monday, 04 November 2019 12:46 AM

කොහොමත් මේවා අපි කලින් දැනගෙන හිටිය දේවල්... එක ජාතියේ කුරුල්ලෝ එකට ඉගිලෙති.

:       1       40

Sena Monday, 04 November 2019 01:33 AM

දෙමළ ජාතික සංධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ගෝඨාභයගේ ප්‍රචාරණ ව්‍යාපාරය 'සුපුරුදු කොටි නැඟිටින කතා' සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.

:       21       57

Sena Monday, 04 November 2019 01:33 AM

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපාරය 'සුපුරුදු කොටි නැඟිටින කතා' සමඟින් රට බෙදන කුමන්ත්‍රණ ගැන කියමින් ජාතිවාදය ඇවිස්සීමේ ස්ථාවරය දක්වා පල්ලම් බැස තිබේ.

:       62       141

chandi Monday, 04 November 2019 01:34 AM

මේ පාර එජාප එකට දිනන්න පුළුවන් වෙන්නේ දිස්ත්‍රික්ක 6ක් විතරයි. යාපනය, නුවරඑළිය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල ත්‍රිකුණාමලය. අනිත් ඔක්කොම ගෝඨාභය දිනනවා. දැනට කරපු සමීක්ෂණ වලින් ඒ බව පැහැදිලියි.

:       7       192

කාදර් හනීෆාMonday, 04 November 2019 04:01 AM

මේපාර යූ.එන්.පී එක ට්‍රින්කොයි, දිගාමඩුල්ලයි ශුවර් එකටම පරාද වෙනවා. අනිත් ඒවා ගැනනම් මම දන්න්නෙ නැහැ.

:       1       148

wijesinha -kalaniya Monday, 04 November 2019 02:34 AM

දෙමළ මිනිසුන් ඝාතනයට ලක්වුණා නේද? ජාත්‍යන්තරය අපට සාප කරන්නේ මේ නිසා නොවේද? මුස්ලිම් මිනිසුන්ට ආගම අදහන්න මේ ලංකාවේ අයිතියක් නැද්ද?

:       144       5

sharm warnMonday, 04 November 2019 03:36 AM

දෙමළ, සිංහල, මුස්ලිම් බර්ගර් මැලේ මෙකී නොකී හැම ජාතියකම මිනිසුන් පහුගිය වසර 30ක් යුද්ධයේදී ඝාතනය වුනා. ඊට පස්සේ සිංහල බහුතරයක් සහිතව දෙමළ ජන කොටසක් සහ මුස්ලිම් කිහිපදෙනෙක් ඝාතනය වුනා අප්‍රේල් 21 ප්‍රහාරයෙන්. ඔබේ වේදනාව මුස්ලිම් මිනිසුන්ගේ ආගම ඇදහීමේ අයිතිය නම්, ඔබම හිතන්නකෝ මේ වතාවේ වෙසක් පොහොයට සිල් ගන්නවත් ඔබට හැකි වුනාද කියලා....කතෝලිකයන් ක්‍රිස්තියානි පල්ලියට ගිහින් දේව මෙහෙයකට සහභාගී වුනේ මාසෙකටත් පස්සේ හමුදා ආරක්ෂාව ඇතිව....දෙමළ ජනතාව කෝවිල් ගියේ නැහැ මුල් මාසය ඇතුලත. හැබැයි අප්‍රේල් 26 සිකුරාදා මුස්ලිම් මිනිස්සු රොත්ත පිටින් පල්ලි ගියා විතරක් නෙමෙයි හැම සිකුරාදාම පල්ලි ගියා. ඔයාට සිංහල ජාතිය ගැන හැගීමක් නැතිනම් අඩු ගානේ රටේ ලෝකේ වෙච්ච දේවල් හරියට බලලා කතා කරන්නකෝ.

:       1       1

wijesinha -kalaniyaMonday, 04 November 2019 06:16 AM

සජිත් කියන්නේ හොද නායකයෙක් , සිංහල, දෙමල මුස්ලිම් අපි හැමෝටම.

:       59       2

kumara aiyaMonday, 04 November 2019 06:44 AM

මංගල කියන්නේ හැම ජාතියකටම සමානව සලකන කෙනෙක්.

:       21       1

Romesh Monday, 04 November 2019 04:01 PM

මේව දැක දැකත් කවුරුහරි හරි කෙනෙක් යූ.එන්.පී එකට ඡන්දෙ දෙනව නම් ඒ වගේ කෙනෙක් එසේ මෙසේ කෙනෙක් වෙන්න බැහැ.

:       1       25

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site