IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති

ආරියරත්න රණබාහු
 
මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත්  වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි වි‍ජේසිංහ මහතා අද (18) පැවසීය. 

 
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හි අද පැවති වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා එසේ කීය.



අදහස් (38)

හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති

Narada Monday, 18 June 2018 02:39 PM

එතකොට අපිද හරි එක කරන්නේ?

:       2       287

janatha anura Tuesday, 19 June 2018 03:39 AM

බළලුන් ලවා කොස් ඇට බාවන්න එපා ඕක බොහොම භයානක වැඩක්.

:       1       0

rasika Monday, 18 June 2018 02:41 PM

ඉතින් කරන්නකෝ. වැරදි කරලනම් හොයලා අත්අඩංගුවට ගන්න.. බාගයක් වුනාට මොකද ඕනෑතරම් සුදුසුකම් තියෙන අය ඉන්නවා මෙරට ඒ තැන්වල හරියට වැඩ කරන්න. මේකද ආදර්ශය.. නීතිය දේශපාලනීකරණය කිරීම ඉතාම භයානකයි..

:       1       271

kamal Monday, 18 June 2018 03:09 PM

ඇයි හරි විගණනයක් කරන්නේ නැත්තේ? හරි විගණනයක් නොකිරීම ගැන... විගණකාධිපති වග කියන්න ඕනේ.

:       2       225

WCA Monday, 18 June 2018 03:22 PM

දැන් අපිද එ්ක කරන්න ඕනේ. හැමෝම බෝල පාස් කරකර ඉන්නවා.

:       1       112

Raveendra Monday, 18 June 2018 03:36 PM

ඇයි ඉතින් ඔබ වැනි අවංක නිලදාරියකු එසේ නොකරන්නේ? එසේ කිරීමෙන් රටට සෙතක් මිස අවැඩක් නොවෙනවා නේද?

:       2       169

praba Monday, 18 June 2018 03:39 PM

ඒ කියන්නේ හරි විගණනයක් කෙරෙන්නේ නෑ කියන එකද. විගණකාධිපති ඉන්නේ හරියට ඒක කරන්න නෙමෙයිද..

:       1       174

Mahinda Bandara Monday, 18 June 2018 03:40 PM

ඒ කියන්නේ දැන් කරන්නේ වැරදියටද? පුලුවන්නම් ජනාධිපති කාර්යාලයේත් අගමැති කාර්යාලයේත් ඔයාගේ කාර්යාලයේත් හරියට කරලා බලන්නකෝ.

:       1       124

Sunil Monday, 18 June 2018 04:46 PM

විගණකාධිපති පත් කරලා තියෙන්නේ, ඔහුට ජනතාව වැටුප් ගෙවන්නේ හරි නොවන වැරදි විගණනයටද? මේ කියන්නේ තමුන් හරියට වැඩකරන්නේ නැහැ කියලද?

:       1       218

සතයපාල Monday, 18 June 2018 04:56 PM

මේක මහා කණගාටුදායක කතාවක්... රටේ විගණකාධිපති කියන විදියට අමාත්‍යාංශවල ගිණුම් නිසිලෙස විගණනයට ලක්වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන සම්පත් හා සේවකයන්ගේ හිඟකම... ඒ නිසා මහජන මුදල් හොරා කන්න නාස්ති කරන්න හා අවභාවිතා කරන්න පහසුවෙන් ඉඩ හදාගෙන තියෙනවා.

:       3       151

sas Monday, 18 June 2018 05:56 PM

කමල්, ප්‍රභා ඔබ දෙදෙනාම වැරදියි. විගණකාධිපති හරි විගණනයක් කරනවා යන්නෙන් අදහස් කරන්නේ විගණන පනත, අවශ්‍ය සම්පත් වැනි දේවල් තිබේ නම් නිසි විගණනයක් කල හැකි බවයි.

:       212       151

Dr.bandulaTuesday, 19 June 2018 12:33 AM

හරියට ගණනය කරන්න බැරිද?

:       0       0

sas Monday, 18 June 2018 06:02 PM

කමල්,ප්‍රභා ඔබ දෙදෙනාම වැරදියි. විගනකාධිපති කියා ඇත්තේ විගණන පනත, මුදල් හා අන් පහසුකම් තිබේනම් හොද විගණනයක් කල හැකි බවය.

:       213       3

නාත් රණසිංහ Monday, 18 June 2018 06:04 PM

ඇයි ඉතින් නොකරන්නේ?

:       0       6

sanath Monday, 18 June 2018 06:22 PM

ආණ්ඩු කරන දේශපාලන ලොක්කන්ට උවමනා විධියට තමයි රජයේ සේවකයෝ වැඩකරන්නේ. එහෙම නොකලොත් එස් එල් ඒ එස් අය කෙලින්ම පූල් එකට වැටෙනවා. ඔක්කොම වරප්‍රසාද, දීමනා, වාහන, නිල නිවාස නැතිවෙලා නිකන් පැන්ෂන් ගත්තු පොලිස් කාරයෙකුගේ තත්වයට පත්වෙනවා. මේ බව හොඳින් දන්නා නිසා මෙයාල ඇමතිලාට සලකන්නේ දෙවියන්ට වගේ. ඒ නිසා හිරේට දමනවානම් ඇමති තමයි පළමුවෙනියා.

:       0       11

Thilina Monday, 18 June 2018 06:38 PM

ඔබ තුමා නොකිය කියන්නේ විගණනයත් දැන් නවනවා කියලද? ඉස්සර නම් විගණකාධිපති වරු සේවය කළේ රජවරු වගේ. දැන්? අනේ මන්දා.

:       0       0

V.warnakulasuriya Monday, 18 June 2018 10:24 PM

මෙතුමා ගැන අපි සතුටු විය යුත්තෙමු. එතුමාගේ ගමන යාමට නිවැරදි දේශපාලන දායකත්වය ලැබිය යුතුය. ඒ සඳහා සුදුසු පාලකයන් පත්කිරීමේ වගකීම ඇත්තේ ජනතාවටය. එහෙත් අද ජනතාව කරන්නේ මාරුවෙන් මාරුවට හොරු එතනට යැවීමයි.

:       1       11

Chanak Los angeles Monday, 18 June 2018 11:27 PM

එහෙනම් මෙපමණ කල් විගණන කරලා තිබෙන්නේ හොරට ? විගණකාධිපති කෙනෙක් කියන කතාද මේ ? අනේ කාලේ වනේ වාසේ .

:       0       1

Chanak Los angeles Monday, 18 June 2018 11:35 PM

මේ අනුව අපිට අහන්න වෙන්නේ රටට විගණන දෙපාර්තමේන්තුවක් ඕනද ?

:       0       1

gayan Monday, 18 June 2018 11:47 PM

එම ප්‍රකාශය විගණකාධිපතිට එරෙහිව විගණනයක්. හරි විගණනයක් නොකිරීමෙන් රාජකාරිය නිසිලෙස ඉටුනොකිරීම නිසා රජයට විශාල මූල්‍ය පාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා විගණකාධිපති ඉන්න ඕනෙත් ඔය හිරගෙදරම තමයි. ඒ විතරක් නොවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණනය කරන්නෙ කවුද? කෝ ඒකෙ වාර්තා. අපි දන්නවා එතන ඉන්නෙත් දෙවිවරු නොව තවත් නිළධාරි පිරිසක් බව. රටට අවශ්‍යයි අපක්ෂපාතී තෙවන පාර්ශවීය විගණනයක් විගණකාධිපති දෙපාර්තමේන්තුව ගැනත්

:       0       3

පුෂ්පා Tuesday, 19 June 2018 12:11 AM

මේ වගේ ප්‍රකාශයක් ඕස්ට්‍රේලියාවෙ විගණාධිපති කළා නම් රටම කැළඹෙනවා. රජය මෙලහකට ඉල්ලා අස්වෙලා. ලංකාවෙ මිනිස්සුන්ට , මැති ඇමතිවරුන්ටත් එක්ක, මේ ප්‍රකාශයේ බරපතල කම තේරෙනවද මන්ද.

:       0       1

Silva Tuesday, 19 June 2018 02:20 AM

ලලිත් වීරතුංග... තාම එලියෙනේ... ඔයා ඔය තර්ක ඇයි ඒ ලලිත් නඩුව වෙලාවේ උසාවියට ඇවිත් කිව්වේ නැත්තේ?

:       0       2

රවින් Tuesday, 19 June 2018 03:01 AM

ඔබගේ නිලය හරි විගණනයක් කිරීමට මිස වැරදි විගණනයක් කොට ජනතාව මුළා කිරීමට නොවේ. ඔය වචන වලින් පොදු ජනයාට තේරෙන්නේ " හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් " වගේ නේද?

:       0       2

Nirmala Tuesday, 19 June 2018 03:07 AM

විගණන පනත ගෙන එන්නේ නැත්තේ, ඊට පසුව නිසි විගණනයක් සිදු වෙන නිසා. හෝරකම් කරන්න පාර හදාගන්න ඕන නිසා විගණන පනත පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නෑ.

:       2       0

නාරද Tuesday, 19 June 2018 03:22 AM

විගණන නම් කුමන කථාද? ලිපියකට පිළිතුරු නැතිව කී දෙනෙක් ලතවෙනවාද? නේද? රා.සේ.කො. / රා.ප.

:       0       0

gamini Tuesday, 19 June 2018 03:33 AM

සම්පත් ලබා ගැනීමත් ඔහුහේ වැඩක්. ඔහුගේ රාජකාරිය නියමිත පරිදි කෙරෙන්නෙ නෑ කියන එකයි ඔහු කීවෙ

:       0       5

kumara Tuesday, 19 June 2018 03:44 AM

SAS නටන්න බරිවිට පොලව ඇදයි වගේ...

:       0       4

shelton Tuesday, 19 June 2018 03:52 AM

හරි විගණනය කරන්නේ අල්ලගන්න ඕන අයට විතරද.?

:       0       1

Uditha Tuesday, 19 June 2018 04:09 AM

කරුණාකරලා ඉතින් කරන්න. කියවන්න එපා කරලා පෙන්වන්න. බාගයක්ම ගෙදර ඇරියට කමක් නැහැ. හොරු අහක් කරලා. ඕන තරන් හොද සුදුසුකම් තියන මිනිස්සු ඉන්නවා රටේ හරි හමන් රස්සාවක් නැතුව. අපේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැනේ....

:       0       10

ලකිත Tuesday, 19 June 2018 04:14 AM

මෙතුමාට මේ තනතුර දී ඇත්තේ දේශපාලන කතා පවත්වමින් වීරයෙකු වීමට නොව වැඩ කිරීමටයි ජේ ආර් ජයවර්ධන පාලන සමයේ හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහි විශ්වාස භංග ‍යෝජනාවත් ආවේ එතුමා ටියුටරියකට ගොස් රජය විචේචනය කරමින් දේශපාලන කතාවක් පැවැත්වීම නිසා- එදා යූ එන් පියට බැන්නත් ඔවුන් ගත් පියවර නිවැරදියි එම නිසා වෘත්තීය රාජ්‍ය සේවකයෙක් ලෙස වැඩ කරනවා විනා අන්නා හසාරේ වර්ගයේ පුහු වීරයන් වීමෙන් වළකින එක හොඳයි.

:       0       43

PRASANNATuesday, 19 June 2018 05:56 AM

ඔබ හරියටම හරි බොරු වීරයින් වෙන්න දඟලනවා....රස්සාව හරියට කරන්න .....පඩි නදී වාහන ටෙලෙෆොනේ එහෙම දීල තියෙනවනේ.....කතා විතරයි..වේද නැහැ...

:       0       3

lanka Tuesday, 19 June 2018 04:52 AM

මෙයාගෙ රස්සාව විගනන කරන එක නේද? ඇයි අපේ සල්ලිවලට ගහනකන් බලාගෙන ඉන්නෙ?

:       0       1

tesh Tuesday, 19 June 2018 05:12 AM

ඉහලින් බලපෑම් ඇති.

:       0       0

රජින්ද Tuesday, 19 June 2018 05:36 AM

මේ තවත් එක කාඩ්බෝඩ් වීරයෙක්... ලොකු ලොකු පම්පෝරි කතා එමටයි. මොහු සිතා සිටින්නේ මොහු මේ කතාවල් පවත්වන්න ඉන්න දේශකයෙක් කියලයි. මොනා කරන්නද රටේ මුල් පුටුවේ ඉන්න කෙනත් හිතාගෙන ඉන්නේ එයා ඉන්නෙත් ප්‍රසිද්ධ සභාවල විරිදු කියන්නයි... කතා පවත්වන්නයි... බණ දේශනා කරන්නයි.. විතරයි කියල. යහපාලනේ ඉන්න 99%ක්ම ප්‍රසිද්ධ සභාවල ජනතාව පිනවන අන්දරේලා විතරයි.

:       0       39

janahitha Tuesday, 19 June 2018 08:40 AM

මොකද කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අය ගැන?

:       0       1

kalani Tuesday, 19 June 2018 10:30 AM

අත් දෙක පිටුපසට තබා බැඳ දෙපයට විලංගු දමා පිහිනුම් ශුරයකු වුවත් පිහිනන්නට දියට දමා සිනාසීම කුරිරුකමකි. යහපාලන රජයේ දින 100 වැඩ පිළිවෙලේ ඇතුළත් විගණන පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. බැදුම්කර වංචාව පිලිබඳ සාකච්ජාවේදී 'සුප්‍රකට පාද සටහන් කල්ලිය විගනකාධිපතිවරයාට ඇඟිල්ල දිගුකර තර්ජනය කල බවක් මතක් වෙයි. සංස්ථා, මණ්ඩල තම වාර්තා නිසිපරිදි ඉදිරිපත් නොකරයි. " නරියන්ට කුකුල්කුඩු බාර දුන්නාසේ ' ඒවාට පත්කර ඇති දේශපාලකයින්ගේ පවුලේ අය බැවිනි.

:       0       0

Bandara Wednesday, 20 June 2018 02:02 PM

ලෝකයේ මෙතුමන් කියන සුවිශේෂී විගණන පනත් නැතත් තිබෙන සම්පත්වලින් මීට වඩා වැඩක් නිසි කළමනාකාරීත්වයකින් කළ හැකි බව කුඩා ළමයකුටත් තේරෙයි. වැඩකාරයෝ නොකියවති... නිසි ලෙස වැඩ කරති

:       0       1

sampath Saturday, 23 June 2018 10:35 AM

භාගයක් නෙවෙයි ඔක්කොම හිරේගියත් ප්‍රශ්නයක් නැහැ. හරි විගණනය කිරීමට එතුමාට බෙදියාවක් තියෙනවා. අනෙක් අතට මෙය රාජකාරි පැහැරහැර ඒ පිළිබඳව කරන පාපොච්ඡාරණයක් හා සමනයි. මොකද ඔය තර්කයම පොලිසිය ගෙනාවොත් ඔක්කොම වැරදිකාරයින් ඇල්ලුවොත් රටෙන් භාගයක් හිරේ.. ඒ නිසා අපි ටිකක් අල්ලනවා කියලා මෙය නරක පූර්වාදර්ශයක්... රජයේ විගණනයට සියල්ල යටත් විය යුතුයි. මේ ජනතාවගේ මුදල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3237 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2109 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5622 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4064 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4660 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7012 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site