IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ශිවාජිලිංගම් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලයි

(ඩයනා උදයංගනී)

යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ යැයි ශිවාජිලිංගම් එහිදී ප්‍රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුසලය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

"2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් අනුගමනය කර නැහැ. දෙමළ ජනතාව අඛණ්ඩව බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයි. යුද අපරාධ සම්බන්ධයෙන් තමන් සතුව වැදගත් සාක්කි රැසක් ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙන බව මෙහිදී විශේෂයෙන් කිව යුතුයි. හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙක් යුද අපරාධ සිදු කර ඇති බවට ඔහු පවසනවා.

නමුත් ඊට දින දෙකකට පසුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ යුද වීරයින්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලයි. ශ්‍රී ලංකාවේ අද තත්ත්වය මෙන්න මේකයි. අවසාන වශයෙන් මගේ ඉල්ලීම වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කියන එකයි."

 



අදහස් (10)

ශිවාජිලිංගම් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලයි

Ariyapala Hewage Monday, 25 September 2017 07:57 AM

ජාතියන්තර අධිකරණ අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ විනිවිධ භාවයක් සහිතව ඇති කරන දේශීය අධිකරණයක්. ජාත්‍යන්තර අධිකරණ ඉල්ලීම එන්නේ යුරෝපීය සංගමයේ ජාත්‍යන්තර (විශ්ව) ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීමේ මූලෝපාය වල තවත් එක් අංගයක් ලෙසයි. ජාත්‍යන්තර නීතියේ මෑතකාලීන ප්‍රවනතා ගැන අවබෝධයක් ඇති අය මේ ගැන දන්නවා ඇති. ජාත්‍යන්තර අධිකරණ ඉල්ලීම නව යටත් විජිත වාදයේ බලවත් රටවල් විසින් බලයක් නැති රටවල් පාලනය කිරීමෙ එක් උපායක් / අංගයක් පමණි. එනම් රූකඩ රාජ්‍යයන් බිහි කිරීමේ ප්‍රතිඵලයකි.

:       2       420

ravin Monday, 25 September 2017 08:09 AM

ඉස්සෙල්ලම කරපු අපරාධ ගැන ජාත්‍යන්තර අධිකරණයක් තියලා වැරදි කරුවන්ට දඬුවම් දීලම ඔය වැඩේ පටන්ගන්න කියන්න. එතකොට ඔය තියෙන අර්ශස් අමාරුව හොඳ වේවි.

:       0       192

RaveendraMonday, 25 September 2017 03:55 PM

රවීන් මයා වෙත නියම අදහසක් ඔබ විසින් ඉදිරිපත් කර ඇත. මේ උන්දැලා වලිගය හොයාගන්නවත් බැරි විදියට හංගගෙන ඒකාලේ හිටියේ...

:       0       108

බණ්ඩාර(කැකිරාව) Monday, 25 September 2017 08:15 AM

දැන් ෆොන්සේකා මැතිතුමාට හොඳයි නේද? නපුරු මිනිසුන් හැමවේලෙම කරන්නේ නපුරු පහත් වැඩ විතරයි.

:       32       435

palitha Monday, 25 September 2017 08:17 AM

අපේ අයගේ කටවල් හොඳ නෑ නේ. ඉන්නවනං ඒ විදිහට ඉන්න... නැත්තම් තමිල්නාඩු යන්න.

:       23       219

Manjula Monday, 25 September 2017 08:41 AM

ශිවාජිලිංගම් මහත්තයෝ හමුදාවේ යුද අපරාද ගැන හොයන්න ඉස්සල්ලා ඔයාගේ මස්සිනා ප්‍රභාකරන් කරපු අපරාද ගැන ජාත්‍යන්තර කොමිසමක් ඉල්ලන... ඒ අයට දඬුවන් දුන් පසු අපි බලමු මොනවද? කරන්න පුළුවන් කියල ඔයාට මතකද දන්නේ නෑ එල් ටි ටි ඊ එක කරපු අපරාද මොනවද කියල වහාම මෙයාව අත්අඩංගුවට අරන් හිරේ දාන්න රට පවා දෙනවට....

:       1       196

Thiina Monday, 25 September 2017 09:23 AM

එක පාරක් සුදු කොඩි කතාවක් කියල රටම පාවලා දුන්න..මේ පාර යුද අපරාද කළා කියල සාක්ෂි දෙන්න ලෑස්ති වුණා..කඩේ යන අය ඉන්නකම් මේ රට දිගටම පාවලා දෙයි...

:       10       221

Lapaya Monday, 25 September 2017 09:29 AM

ප්‍රභාකරන් ගිය තැනටම තමා මෙයාටත් යන්න වෙන්නේ...ගහන්න ගහන්න වදින එකා මෝඩයා කියලා සිංහලයෝ දන්න බව තේරෙන්නේ නැද්ද?

:       0       100

upali Monday, 25 September 2017 09:56 AM

කොටි තමයි යුද්ධය පටන්ගත්තේ..., ඉතාම අමානුෂිකව අසරණයන් ඝාතනය කළා. හමුදාවේ අයට දස වද දීලා මරල දැම්මා.. මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි කියලා කියන්න තරම් කෙනෙක් අපේ රටේ නැද්ද..? යම් කිසි හඬක් නැගුවේ සරත් වීරසේකර මහතා විතරයි..

:       0       186

Hafeel Monday, 25 September 2017 05:24 PM

මේ ශිවාජිලිංගම් කියන පුද්ගලයාට තස්ත්‍රවාදීන් විසින් සිදු කරන ලද යුධ අපරාධවල දඬුවම බැර කරන්න..

:       0       38

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 747 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11394 27

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7759 35

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3046 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10672 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7528 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1465 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site