IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ

(රංජන් කස්තුරි)

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය නතර කිරීම පිළිබඳ අද පස්වරු 3 වනතෙක් කිසිදු තීන්දුවක් නොගත් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.

කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර, ඩෙංගු, වකුගඩු, පිළිකා ප්‍රතිකාර සේවා නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන බවත් ළමා හා මාතෘ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.



අදහස් (35)

වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ

තිවංක Friday, 23 June 2017 10:15 AM

සාර්ථකත්වය මනින්නේ දුක් විඳින අසරණ මිනිස්සු ගණන් කරලා ද? මෙහෙමත් වෛද්‍යවරු..!!!

:       60       1296

Kamjay Friday, 23 June 2017 10:17 AM

මේ අනිත් කට්ටිය... මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන දැන් එගොල්ලටම කෙනහෙලිකම් කරන එකයි දිගටම කරන්නේ...

:       142       725

indika Friday, 23 June 2017 10:18 AM

වර්ජනය නතර කරන්න එපා මහත්වරුනි, මොකද ජීවිත ගණනක් මැරෙනකම් ඕක ඇදගෙන යන්න එපා. නැත්නම් ඔයාලට සතුටක් ලැබෙන එකක් නැහැ...

:       14       445

maalaka Friday, 23 June 2017 10:20 AM

ඇත්තද? ලෙඩ්ඩු කී දෙනෙක් මැරුණාමද සාර්ථක වෙන්නේ?

:       5       412

upali Friday, 23 June 2017 10:21 AM

දොස්තරලාට කිවිසුමක් වත් යනවද දන්නේ නැහැ...? ලෙඩුන් ගැන නොතේරෙන්න තරම්...

:       2       60

karolis Friday, 23 June 2017 10:25 AM

වර්ජනය කරන වෙලාවෙත් චැනල් වලින් කුට්ටියක් හොයා ගන්න පුළුවන් දොස්තරලාට ....

:       59       234

thiwa Friday, 23 June 2017 10:28 AM

ඔව් හොඳටම සාර්ථකයි... අසරණ ලෙඩ්ඩු දුක් විඳිනවා.. මේ වැඩ වලින්.

:       3       48

Mahasenavi Friday, 23 June 2017 10:34 AM

දැන් සතුටුද ?. මෙහෙමත් ලැජ්ජාවක් නැති ප්‍රකාශයක්... ලෙඩා මළොත් කියාවි අතිසාර්ථක වර්ජනයක් කියලා. හිතක් පපුවක් නැති දොස්තරලා.!

:       13       226

dingirala Friday, 23 June 2017 10:48 AM

තමන්ට පුද්ගලිකව කිසිම වැරද්දක් නොකළ අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන ඔවුන්ට ප්‍රතිකාර නොකොට ඔවුන් දුක් විඳිනවා බලමින්, සතුටු වෙමින් තමතමන්ගේ පුරාජේරුව ගැන කතා කරන මේ අය මානසික රෝගීන් නොවෙයිද? දුබලයා පෙළමින් තමන්ගේ වර්ජන ජයග්‍රහණය තක්සේරු කිරීමට තරම් මොවුන් කොතරම් බංකොලොත් වෙලාද?

:       241       816

jayantha Friday, 23 June 2017 10:53 AM

මේක විසඳීම රජයේ වගකීමක්..... නිකන් බලන් ඉන්නේ නැතුව මේ ප්‍රශ්නයට රජය ඉක්මණින් විසඳුමක් දිය යුතුයි. දොස්තරවරුන්ට බනින්නේ මේ ප්‍රශ්නය නිමාවක් දකින්න අකමැති කොටස් විතරයි.

:       3575       3052

ThiwankaFriday, 23 June 2017 01:14 PM

මිනිස්සුන් තේරුම් ගන්න ඕන දොස්තරලා මේ කරන්නේ සැප සම්පත් වලට නෙවේ. රටේ අනාගතේ හරි මගට ගන්න. දෙමව්පියන් කොච්චර දුක් මහන්සි වෙලාද ළමයින්ට උගන්නන්නේ... දොස්තරලට සල්ලි තියනවා එයාලගේ ළමයි ඕවට යවන්න. නිදහස් අධ්‍යාපනය රැකගන්න ඕනේ... ඒක අපේ යුතුකමක්...මොකද? අපි මේ තැන ඉන්නේ ඒකට පින් සිද්ද වෙන්න. අයිතිවාසිකම් වෙනුවෙන් නෙවේ මේ සටන දොස්තරලා කරන්නේ යුතුකම ඉටු කරන්න. සල්ලි කාරයන්ගේ සල්ලි බලය දුප්පත් අයගේ සමගිය සමග සටනක් මේක. ඒ හින්දා අපි ඔක්කොම ඉගෙන ගමු.

:       1617       689

mangala Friday, 23 June 2017 10:58 AM

මෙතුමන්ලාට සිංහල නොතේරෙන හැටි. මේකේ පහළින්ම තියෙනවා. අමාරු රෝගීන්ට, ඩෙංගු රෝගීන්ට, මාතෘ සහ ළමා වාට්ටු, වකුගඩු සහ අනෙකුත් සියලුම වාට්ටු වැඩ කියල. බය වෙන්න එපා වැඩවර්ජන හින්දා ලෙඩ්ඩු මැරෙන්නේ නම් නැහැ. ස්ට්‍රයික් එකක් කරන්නේ සාර්ථක වෙන්න තමා, නැතුව අසාර්ථක වෙන්න නෙවෙයි මහත්වරුනි. එත් ලෙඩ්ඩු මැරෙනකම් බලා ඉන්න එපා දොස්තරලට එ්ක අල්ලන් බනින්න. මේ ප්‍රශ්නේ ඇතිකරපු අයටත් ඕව කියන්න. මොකද එයාලට බයද?

:       3224       2281

කරුණාපාල Friday, 23 June 2017 01:02 PM

එතකොට මංගල..., ඔය කියන ලෙඩ්ඩුන්ට අමතරව යන අනෙක් රෝගීන් ඉස්පිරිතාලෙට යන්න විනෝදෙට වෙන්න ඇති නේද? මම දන්නා විදිහට "ටිකිරි මොළ වර්ධන බෙහෙත" තවම කවුරුවත් හොයාගෙන නැහැ. ඒ නිසා ලියල තියන දේට ඔබට වැරදියි කියන්නත් බැහැ.

:       381       699

mangalaFriday, 23 June 2017 03:54 PM

කරුනාපලට ටිකිරි මොළ වර්ධන බෙහෙත ඕන වෙයි කියලයි මට හිතෙන්නේ. කියවල තේරුම් ගන්න බුද්ධියක් නැහැ වගේ. මම කිවේ ඕනෑම වර්ජනයක් කරන්නේ සාර්ථක වෙන්න මිසක් අසාර්ථක වෙන්න නෙවෙයි. එහෙත් අවම අපහසුතාවයක් වීම නොවැලැක්විය හැකියි.මම කිවේ ලෙඩ්ඩු වර්ජනය නිසා මැරෙන්නේ නැහැ කියල විතරයි. තාවකාලික වර්ජනයක්නෙ . රජයට කියන්න මේකට විසදුම් දෙන්න කියල.

:       0       0

karolis Friday, 23 June 2017 11:01 AM

ලෙඩාගේ සාක්කුවට බහින්න මිසක් ලෙඩා ට කරුණාවක් තියෙන දොස්තර කෙනෙක් මට ලංකාවේ නම් හම්බ වෙලා නෑ...

:       372       661

Dimz Friday, 23 June 2017 11:14 AM

රෝගීන් අපහසුතාවට පත්වීමේ වගකීම රජය භාර ගත යුතුයි. බනින ය දන්නේ න ස්ටයික් කරන එකේ තේරුම

:       0       0

Shan Friday, 23 June 2017 11:34 AM

අයියෝ !!! වැඩ සේරම කාලනේ තියෙන්නේ... මෙහෙම කරලා හරියයිද රටට?

:       2       85

Perera Friday, 23 June 2017 11:37 AM

දොස්තරවරුන්ගේ තත්වය අඩුවී අවසන්...

:       0       4

Sam Friday, 23 June 2017 12:00 PM

මහ ජනතාව ගැටලුව තමා අතට ගන්නා දිනය ආසන්නයි. එදාට මේගොල්ලන්ට දුවන්න වෙයි. ජී.එම්.ඕ.ඒ. වගේ තවත් වෘත්තීය සමිතියක් හදන්න ඕනේ සයිටම් දොස්තරලගෙන්....

:       0       2

Mahasenavi Friday, 23 June 2017 12:03 PM

මංගල මහත්තයාට එහෙම වුණාට අපට උණුවෙන හදවත් ඇත. රෝහලට එන්නේ රෝගීන් නොව අසරණ දිළිඳු ජනතාව බව නම් පැහැදිලියි.

:       0       81

dilan Friday, 23 June 2017 12:29 PM

ලංකාවේ දොස්තරලා වගේ ජාතියක් ලෝකෙම නෑනේ... අන්තිමට මොකකින් මොකක් වෙයිද?

:       0       3

දිනේෂ් Friday, 23 June 2017 12:32 PM

වැඩ වර්ජනය සාර්ථක වුණත්, වැඩවර්ජනය සාර්ථක විසඳුමකින් අවසන් වූවොත් නම් හොඳයි නේද?

:       0       0

දිනේෂ් Friday, 23 June 2017 12:32 PM

වැඩ වර්ජනය සාර්ථක වීම කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට සාධාරණ පිළිතුරක් ලැබිලා වැඩ වර්ජනය අවසන් වෙනවා නම් අපි කාටත් හොඳයි නේද?

:       22       44

saraSaturday, 24 June 2017 04:03 AM

හැම වැඩවර්ජනයක්ම අපි හොඳයි කියන්නේ නැහැ. හැබැයි මම නම් මේ වෙලාවේ මේ පැත්තේ ඉන්නේ මොකද මේකට ස්ථිර විසඳුමක් ඕනේ... මම කියන්නේ මේකට අනික් සේවකයන්ගෙත් සහය ලැබෙන්න ඕනේ... දොස්තරවරු අවශ්‍යම ප්‍රතිකාර කරනවනේ... අපි ඒ ගැන සතුටු වෙන්න ඕනෙ වගේම ගැටළුව ඉක්මණින්ම රජයෙන් විසඳන්න ඕනේ..

:       0       33

Pradeep Friday, 23 June 2017 01:17 PM

උ.පෙළ ඉහළින් සමත්වීම පමණක් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට ඉඩදීමේ බරපතළකම දැන් පේනවා. හොඳ වෛද්‍යවරයෙක් වීමට නම් හොඳ හදවතක්ද තිබිය යුතුයි.

:       2       202

Sunil Friday, 23 June 2017 01:17 PM

වැඩ වර්ජනයේ කොහොමද සාර්ථකත්වය? රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී රෝගීන් වැඩිවීමද? මහා ජනතාව? සාර්ථකයි, දුප්පත් මහා ජනතාව අසරණයි! මේකද මේ කියන සාර්ථකත්වය?

:       2       160

saman Friday, 23 June 2017 01:18 PM

දැන් ඉතින් මීට වඩා නම්බුකාරයි වෙන රැකියාවක් කළානම්...

:       2       272

kumara Friday, 23 June 2017 01:24 PM

අපේ රටේ බලවතුන්ගේ ළමයි මේ කැම්පස්වල ඉන්න තාක් කල්, ඒ අය බලය පෙන්වන තාක් කල් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ..

:       0       3

ධම්ම Friday, 23 June 2017 01:30 PM

ලෙඩුන් ප්‍රාණ ඇපයට තබා ආණ්ඩුව මේ කරන සෙල්ලම වහා නතර කල යුතුයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය වහා විසඳිය යුතුයි.

:       67       5

Siripala Friday, 23 June 2017 01:39 PM

සයිටම් වහන ගමන් දොස්තරලාගේ පුද්ගලික වෙළඳාමත් නවත්තනවා නම් අපිත් දොස්තර මහත්වරුන්ට එකෙන්ම සපෝර්ට් කරනවා...

:       49       33

mangala Friday, 23 June 2017 02:02 PM

මේ දොස්තරලට නම් නිකන් ඉන්න දෙන්න හොඳ නැහැ... මේ වගේ දේවල් කරනවා නම්..!!!

:       3       75

mangalaFriday, 23 June 2017 03:57 PM

අන්න හරි... එහෙම නම් මොකද කරන්නේ අසරණ රෝගී ජනතාවට...?

:       0       0

ප්‍රීති Friday, 23 June 2017 02:24 PM

දොස්තරලා හා වෛද්‍ය සිසුන් ටික නම් ඔවුන්ගේ පොකට්ටුව ගැන හිතල විප්ලව හා වර්ජන කරන එකේ ගැටළුවක් නැහැ. එත් මේ විශ්ව විද්‍යාල වල ඉන්න කලා උපාධි අපේක්ෂකයෝ කරන වැඩ දිහා බැලුවම අනුකම්පා හිතෙනවා. පෞද්ගලික රෝහලකට ගොඩ වෙන්න සිදුවුණ දිනෙක..., මේ අයට තේරෙයි ජීවිතය. ජීවත් කරන එක මුදල මත තීරණය වෙන බව.. එහෙම නේද?

:       0       6

Kasun Saturday, 24 June 2017 03:11 AM

සහතික ඇත්ත.. දොස්තරලා කලා උපාධිකරුවන් ගණනකටවත් ගන්නේ නැහැ. නිකන් බොරුවට උඩ පනින එක විතරයි කරන්නේ..

:       0       0

palitha Saturday, 24 June 2017 06:14 AM

රට තුල ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා තීරණාත්මක බලපෑමක් කලහැක්කේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ වෛද්‍යවරුන්ට පමණි. ඉතිහාසයේත් එසේම සිදුවී ඇත. ජාතිය වෙනුවෙන් ඔවුන් කරන එම යුතුකමට සියලුදෙනාගේ ගරුත්වය හිමිවිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6951 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3716 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3059 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11735 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8003 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site