IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විජයදාස ඉවත් කරන්නැයි ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

(තරිඳු ජයවර්ධන)

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

විජයදාස මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද (22) මෙලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විජයදාස මහතා ගැන විශ්වාසයක් නැතැයි ඒකමතිකව තීරණය වූ නිසා විජයදාස මහතා මෙලෙස එම ධූරයෙන් ඉවත් කරන ලෙස එජාපය ජනපතිවරයාට දැනුම් දී තිබේ.

ඔහු ඉවත් කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජනපතිවරයාට දැනුම් දී තිබේ.
 
අධිකරණ අමාත්‍ය ධුරයෙන් පමණක් නොව බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ද ඒ මහතා ඉවත් කිරීමට නියමිතය.

සාමුහික වගකීම කඩ කිරීම නිසා ඔහුට නැවත කිසිම අමාත්‍ය ධුරයක් නොදීමට ද එජාපය තීරණය කර තිබේ.
 
එම අමාත්‍ය ධුරය මීළඟට ලබාදෙන්නේ කාටද යන්න මෙතෙක් ස්ථීරව තීරණය කර නොමැත.

 



අදහස් (36)

විජයදාස ඉවත් කරන්නැයි ජනපතිට ලිඛිතව දැනුම් දෙයි

පිටිගල මිලානෝ Tuesday, 22 August 2017 08:12 AM

මුදල් නැවත ලබා ගන්න නම් සරත් ෆොන්සේකා මහත්මයා අධිකරණ ඇමති විය යුතුයි.

:       0       0

Rex Dubai Tuesday, 22 August 2017 08:12 AM

නම්බුකාර විදිහට මෙතුමාට ඉල්ලා අස්වෙන්න තිබුණා.

:       0       0

බණ්ඩාර(කැකිරාව) Tuesday, 22 August 2017 08:23 AM

බලමුකෝ ජනාදිපති තුමාගේ තීරණේ, මොන තීරණය ගත්තත් විජයදාස මහතා දිනුම්. අජීත් පෙරේරාත්, ලක්ෂ්මන් කිරිඇල්ල ,එස් බී දිසානායකත් අයින් කරානම් වඩාත් සාදාරන තීරණයක් වේවි .

:       0       0

බණ්ඩාර(කැකිරාව) Tuesday, 22 August 2017 08:24 AM

බලමුකෝ ජනාධිපති තුමාගේ තීරණේ, ජනාදිපතිතුමා මොන තීරණය ගත්තත් විජයදාස මහතා දිනුම්. අජීත් පෙරේරාත්, ලක්ෂ්මන් කිරිඇල්ල ,එස් බී දිසානායකත් අයින් කරනාවානම් වඩාත් සාදාරන තීරණයක් වේවි .

:       720       2613

සෙනෙවි Tuesday, 22 August 2017 08:26 AM

බොහොම හොදයි

:       1177       604

one srilankan Tuesday, 22 August 2017 08:33 AM

ජනතාව විදියට අප තොරතුරු දන්නේ සැකෙවින්. මාධ්‍ය තුලින් පමණි... ඔබතුම වැරද්දක් කරනම් ඔබතුමාගේ හදවත පමණක් දනී.

:       0       42

bimal Tuesday, 22 August 2017 08:37 AM

මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු,. ලජ්ජා නැති කම අදිකරණ ඇමැතිකමටත් වැඩිය ලොකුලු.

:       609       242

kosala Tuesday, 22 August 2017 08:43 AM

මහින්දලාගේ කාලේ කරපු මහා පරිමාන දුෂණ එන මැතිවරණයට කලින් ඇල්ලුවේ නැත්තං ජන්ද කැඩෙන්නේ ජනාදිපතිතුමන්ට , නිදහස් පක්ෂයට එජාපයට නොවෙයි. විජේදාසව ඉවත් කරන එකේ වැඩි වාසිය නිදහස් පක්ෂයටයි.

:       485       186

සුවිස් තැන්පත් රාජපක්ෂ Tuesday, 22 August 2017 08:58 AM

ඉතින් හොරකම් කරලා නැති අය වෙන ඇමති කෙනෙක් දාල හරි පරීක්ෂණ කඩිනම් කරනවට සතුටු වෙන්න ඕනෙනේ. එතකොට චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන්නේ. හොරු නම් විජේදාස මාරු කරනවට විරුද්ද වේවි.

:       658       386

mahee Tuesday, 22 August 2017 09:14 AM

එක එක්කෙනා අස්වෙනවා අස්කරනවා. අපි නම් හරි සතුටුයි යන අය දිහා බැලුවහම. රටට හොඳක්. අනේ, අපි ගැන අනුකම්පා කරලා හරි, අපිට දරා ගන්න බැරි තරම් සතුටක් දෙන්න කෙනෙක් නැද්ද ඔය විදිහට ගිහිල්ල?

:       6       67

Dilshan Tuesday, 22 August 2017 09:17 AM

විජයදාස අයින් කලා නෙමේ හිරේ දැම්මත් අපිට වැඩක් නෑ..

:       73       53

Tharidu Tuesday, 22 August 2017 09:18 AM

දැන් හොරු අල්ලයිද?

:       0       35

ලුම්බිණි Tuesday, 22 August 2017 09:23 AM

මීට වඩා හොඳ නැද්ද කලින්ම ගියා නම් තමන්ගේ තත්වය තියාගෙන.

:       568       215

udara jayasinghe Tuesday, 22 August 2017 09:51 AM

තමා වපුරන දේ තමා කපා ගන්නේ ය . ශුද්ධ බයිබලය

:       561       369

siri Tuesday, 22 August 2017 09:58 AM

විජේදාස මහතා වෙනුවට පත් කරන කෙනා ගැන මට හිත ගත හැකියි. අනිවාර්යයෙන්ම නොම්බර එකේ වාචාලයෙක් බව නම් සිකුරුයි.

:       83       372

dias Tuesday, 22 August 2017 10:04 AM

අපිත් එකඟයි. හොරුන් ආරක්ෂා කලාට දඬුවම් දිය යුතුයි.

:       521       378

Chanak los anjalis Tuesday, 22 August 2017 10:14 AM

යහපාලන රජය පෙරලන්න කුමන්ත්‍රණ කරන අයට හොද පාඩමක්.

:       660       357

Rohan Tuesday, 22 August 2017 10:15 AM

මුළු රටම බලන් හිටපු දෙය දැන් ඉෂ්ට වුණා. මහා දවල් හොරා කාපු මහජන මුදල් ගැන කිසිම නඩුවක් ඉවර කලේ නැහැ. යහපාලනය මිනිස්සුන්ට එපා වෙලා රනිල් මහත්තය කුණු බැනුම් ඇහුව. දැන් ඉතින් අවංක යහපාලනය තේරෙන ඇමති කෙනෙක් දාල හොරා කාපු අයගේ දේපල රාජ සන්තක කරන්න.

:       677       352

upul Tuesday, 22 August 2017 10:24 AM

හොරුන්ට නඩු වැටීම ඉක්මන් උවහොත් හොඳයි.

:       50       65

පරික්ෂාවඅංක 1 Tuesday, 22 August 2017 10:29 AM

1.ඔහු ඉවත් කරන ලෙස රනිල් ජනපතිට දැනුම් දී තිබේ. 2. ඉන්පසු ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව. ජනපති පරක්කු මොකද? රනිල් හොඳයි. ජනපති කොහොමද ? හොරු සහ වංචනිකයින් පිටුපස කවුද?

:       416       63

nisha Tuesday, 22 August 2017 10:33 AM

කලින් නොදුටු වෙනසක්. ජයවේවා.!

:       384       124

තේරුම්කරන්න Tuesday, 22 August 2017 10:43 AM

මේ ගැන කබීර් හෂීම් මහතා ජනතාවට TV අදම නීතිය අනුව තේරුම් කරන්න. රාජපක්ෂ නමට උසාවි නොව පවතින නඩු කඩිනම් කිරීමට නඩු අසන අලුත් ස්තාන පවතින නීතියට අනුව බවත් ව්‍යවස්ථා සංසෝදන අනවශ්‍ය බවත් පක්ෂ බෙහෙදයෙන් තොර බවත් නීතිය දන්නා අයකු සමග කියන්න. නුබල මෙතරම් මෝඩ ඇයි?

:       0       34

හොරාපොලිස් Tuesday, 22 August 2017 10:47 AM

ජනපති යටින් MR සමගද?

:       158       1

husen-riyad Tuesday, 22 August 2017 10:50 AM

ඔන්න ඔහොමයි වෙන්නෝන. ඔය සම්බන්ධව සාධාරණව හිතල, ක්‍රියා කරපු හැමෝටම මාගේ ප්‍රණාමය. තනතුරේ ඉන්නකම්, රාජපක්ෂවරු අත් අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියපු කාලෙදිම මිනිහා අයින් කරානම්.., මෙලහකට පහුගිය දුෂණ භීෂණවලට සම්බන්ධ හැමෝම මහඋළුගෙදර. බයියලට බෙබිලට ඔච්චර කියවන්න වෙන්නේ නැහැ එතකොට. පරක්කුවෙලා හරි.., හරි දේ සිදුවුනානම්.., එච්චරයි වෙන්නෝන.

:       341       434

SusilTuesday, 22 August 2017 02:31 PM

හරියටම හරි, ඒක තමයි විය යුතුව තිබුණේ.. අපේ අය හැම දෙයක්ම කරන්නේ පරක්කු වෙලා.. දැන් මෙයා එළියට ඇවිත් වීරයා වගේ ගොඩක් දේවල් කියයි. එදා නොකියපු රහස් කියලා.. "අප්පමාදෝ අමත පදං"

:       0       0

රනිල්ගොඩයයි Tuesday, 22 August 2017 10:57 AM

රනිල්ට සහ යහපාලනයට මෙයින් ලකුණු 75 සිට 100%. Face බූක් මුහුණු පොත හරහා තරුණ තරුණියන්ට WR ගේ ප්‍රශ්නය තේරුම් කරන්න.

:       670       437

ආසන105 Tuesday, 22 August 2017 11:17 AM

ලක්ස 62 සහ ආසන 105 තබාගෙන මෙතෙක් මෝඩකම් කලා ඇති. WR මෙතෙක් තබා ගත්තට UNP යට දඩුවම් කල යුතුය.

:       0       0

aravinda Tuesday, 22 August 2017 11:48 AM

වෘත්තියෙන් නීතිඥයෙක් නොවන කෙනෙකුට එම තනතුර භාර දිය යුතුයි. එවැනි කෙනෙක් මහජන මතයට මීට වඩා හොඳින් ගරු කරයි.

:       0       0

KP Tuesday, 22 August 2017 12:29 PM

බුද්ධ සාසනේ ජෝන්ටත් අධිකරණය රවීටත් දුන්නොත් මීට වඩා නරකද?

:       0       0

Lapaya Tuesday, 22 August 2017 02:27 PM

මහ බැංකු හොරකමට නඩුත් නැහැ. අවුරුදු 2 1/2 ක් නේද? ඒකත් අහමු මේ පාර... කොමිසම් එපා..

:       0       0

Saman Tuesday, 22 August 2017 02:34 PM

පුතාවත් අයින් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන්.. නැත්නම් මෙයා අයින් කරන එකෙන් වැඩක් වෙන්නේ නෑ..

:       0       0

hesa Tuesday, 22 August 2017 04:16 PM

ඇත්තටම පක්ෂ භේදයකින් තොරව හිතල බලන්නකො. මහ ඡනතාවට මේ ගැන පැහැදිලි අර්ථකතනයක් දෙන්න බැහැ. එක එක මත නිසා ඇයි ඡනාධිපතිතුමාම එය කල යුත්තේ .එයද නීතිය. (අවංකවම නොදන්න නිසා අහන්නෙ) ඇත්ටම වි.රාඡපක්ෂ ඇමතිතුමා ඒ වැරැද්ද කලාද නැද්ද දන්නේ තමායි. කිසි කෙනෙක් නොදන්නවා උනාට ඒ ඒ අය දැනටම බෙදිල අවසන්. නැවතත් එඡාපය වෙනමත් ශ්‍රීනිප වෙනමත් යනවා හැබැයි මයිත්‍රී මූලිකව. මේ ආන්ඩුව පොදු අපේකෂක පිහිටෙන් ගොඩ ආ බව අමතක කරන්න එපා. විඡයදාස රාඡපක්ෂ ඇමති තුමා ඉන්නේ එයා දිනුම් ගානට. එයාට විශ්වාසයක් ඇති ඒකයි. මෙගා නාට්‍යක් වගෙ ඇදෙනවා

:       0       0

බද්රානි Tuesday, 22 August 2017 09:57 PM

සරත් ෆොන්සේකා මහත්තයාට සමහර ගැරඬි පෙනේ පිප්පුවයි කියන කතාව ඇත්තක්ද? ගැරඬි හැව අපි නම් හොඳට හඳුනනවා.

:       0       0

Dhammananda Tuesday, 22 August 2017 11:24 PM

අස් කරලා මදි. මෙයා අසීමිත ධනයක් උපයපු ආකාරය ගැනත් සොයන්න කියන්න.

:       0       0

rohana Wednesday, 23 August 2017 03:19 AM

මේවගේ ප්‍රස්නයක්වත් විසදන්න රජය අසමත්ද ? අවන්ගර්ඩ් සැලකිලි අදිකරණ ඇමතිතුමා කෙසේ අමතක කරන්නද? තනතරු අතහැරීම මේ තරම් අමාරුද.? මහින්ද මහත්තය අදර්සේට ගන්න.

:       0       0

Senarath Wednesday, 23 August 2017 04:01 AM

ජනපති තුමා නිවැරදි තීරණයක් ගන්නවානම් , විජේදාස මහත්තය එම තනතුරේ තවදුරටත් සිටිය යුතුයි . මේ රටේ කිසිම් දේශපාලන පක්ෂයක් නැහැ හොරු නැති. ඒ හොරකම් කරේ , කරන්නේ ජනතාවගේ මුදල් . ඒ නිසා ලොකුම හොරකම් ගැන සොයා බලා ඒවාට සම්බන්ද වුණු උදවියට පක්ෂ බේදයෙන් තොරව නීතියෙන් කටයුතු කොට දඩුවම් කලයුතුයි . එහෙම කරොත් අඩුම තරමේ හොරකම් කල මුදල් වලින් කොටසක් වත් නැවත ලබාගැනීමට පුළුවන් වේවි. එහෙම නැතිව කැරම් බෝර්ඩ් , යකඩ බට බෙදාපුව, සිල්රේදී දීපුවා වගේ සිල්ලර වැඩ අල්ලාගෙන තවත් රටේ ජනතාවගේ සල්ලි කා දැමීම නිෂ්පල දෙයක්. විජේදාස මහත්තය ඉවත් කරන්න හදන්නේ වර්තමාන හොරකම් වහගන්න නම් , එක යහපාලනයට උච්තත් නැහැ , රටේ ජනතාවගේ මුදල් වලට , රටේ සම්පත්වලට කණකොකා හැඩීමක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2035 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3354 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5651 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4679 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site