IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලලිත්ට- අනුෂට ඇප

(නිමන්ති රණසිංහ / ඉෂාන් සංජීව)

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි.

ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි. 

පසුගියදා ඔවුන්ට ලැබුණු වසර තුනක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන්ගේ අසනීප තත්ත්වය හා අවුරුදු තුනක සිර දඬුවමක් වීම යන සුවිශේෂී කරුණු දෙක සලකා බලා ඇප ලබාදෙන බව මහාධිකරණය දැනුම් දුන්නේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (65)

ලලිත්ට- අනුෂට ඇප

Srimala Wednesday, 20 September 2017 06:49 AM

දැන් මේ දෙන්නා මොන රෝහලටද නේවාසිකව ප්‍රතිකාරගන්න ඇතුලුවුනේ ? පව් හුගක් අසනීප මහත්තුරු දෙන්නෙක් හිටියේ බන්ධනාගාර රෝහලේ .

:       1786       1921

Hafeel Wednesday, 20 September 2017 06:51 AM

රටේ නීති රීති, දඬුවම් පන්ති පාට අනුවයි. මෙහම ගියොත්, රටට අධිකරණ, බන්ධානාගාර අවශ්‍යද?

:       1162       1318

rohanWednesday, 20 September 2017 02:09 PM

හෆීල් එහෙම කියන්න එපා, ඒ තීරණයට අපි ගරු කරන්න ඕනෑ. මොකද ඒ වගේ මහත්තුරුන්ට හිරේ ඔබින්නේ නෑ. අපි වගේ සාමාන්‍ය අයට යන්නට තමයි හිරේ තියෙන්නේ.

:       0       82

palitha Wednesday, 20 September 2017 06:52 AM

ඕවා නාටක කියල මොලේ තියෙන මිනිස්සු දන්නවා. හොරුන් කියල ඔප්පුකරල දඬුවම දෙන්න. එකේ වරදක් නැනේ.

:       618       577

sanjaya Wednesday, 20 September 2017 02:15 PM

මේ රටේ රාජ්‍ය සේවකයින්ට මම එක දෙයක් කියන්න කැමතියි. කොරකම් කරනවානම් පොඩි ගණන් හොරකම් කරන්න එපා , අඩුම තරමේ මිලියන 600 ක් වත් හොරකම් කරන්න ඕන, එතකොට ඔබ හොරෙක් නෙවෙයි.

:       0       17

sampath Wednesday, 20 September 2017 06:53 AM

ඔව්, ඇප ලබාදීම පමණක නොව. මෙම චෝදනාවෙන් නිදොස්කොට නිදහස්කල යුතුය. මිලියන 600 වන මහජන මුදල් යෙදවූයේ මහජනයාටම සිල්රෙදි බෙදාදීමට මිස තම පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමක් නොව. එසේනම් මෙය හොරකමක් ලෙස අර්ථ දක්වන්නේ කෙසේද?

:       3403       4616

බුද්ධික Wednesday, 20 September 2017 07:48 AM

හැබැයි ඒ මුදල අරගෙන තියෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් නිසි පටිපාටිය උල්ලංඝනය කරමින්. ඒවාගෙම සිල් රෙදි අස්සේ මහින්දගේ ඡන්ද ලේබල් දාලා තිබ්බා. ඒක මැතිවරණ නීතියට පටහැනියි. කෙසේවෙතත් ඔවුන්ට අභියාචනය කරන්න අයිතියක් තියෙනවා. අභියාචනයක් කලාම ඔවුන් තවදුරටත් වැරදිකරුවන් නොවේ සැකකරුවන් පමණයි. ඒකයි ඇප ලැබුණේ. හැබැයි නඩුවේ අවසානය කවදා එයි ද කියන එක ගැටලුවක්. අභියාචනාධිකරණයෙන් තීන්දුවක් දුන්නට පස්සේ ඒකට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළොත් ඒක අහළ කවදා ඉවර වෙයිද?

:       451       495

sampathWednesday, 20 September 2017 11:59 AM

ඔබ කියන අන්දමට වත්මන් ආණ්ඩුවෙන් බිලියන ගණනින් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම හා මිලියන ගණනින් වියදම් කර තම නිල නිවාස සාදා ගැනීම් කලා වගේ පරිපූරක ඇස්තමේන්තුවක දමා මෙය කලානම් සදාචාරාත්මකයි කියලද? වර්තමාන ජනාධිපති, අගමැති තුමත් මොන විවෘත්ත කිරීම්කරත් තමන්ගේ ෆොටෝ ගහලා, නම ගහලා, බැනර් ගහලා තමයි කරන්නේ, ඒවත් මහජන මුදල්ම තමයි.

:       256       440

maheeWednesday, 20 September 2017 08:26 AM

සම්පත් මහතා, ආවේග වලට වහල් නොවී මුල් නඩු තීන්දුව කියවා බලන්න. චෝදනා තුනක් තියෙනවා. නියාමන කොමිසමේ කෝටි 60 ක් වෙන දේවල් වලට යොදවන්න බැහැ. ඒකත් කොමිසමේ අධ්‍යක්ෂවරුන්ටවත් නොදන්වා කල දෙයක්. ජනපතිට මුදල් මදි වුණු නිසා මේ මුදල කොමිසමෙන් ගත්තා කියල විත්තියෙන් නිදහසට කරුණු කිව්වා. නමුත් විනිසුරුතුමා පෙන්වල දුන්න එහෙම නම් කල යුතුව තිබුනේ පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම බව. අනික මැතිවරණ නීතිය එහෙම පිටින්ම කඩලා. මැතිවරණ කොමසාරිස් ලලිත්ට පෙන්වල දීලත් තියෙනවා මේක කරන්න එපා මැතිවරණ නීතියට විරුද්ධයි කියලා. ඒ වෙලාවේවත් මේක නොකළ යුතුව ඉන්න තිබුණා. මේක කලේ තනිකරම එක අපේක්ෂකයෙකුට ඡන්ද වාසි ලබා ගැනීමට බව විනිසුරුතුමා හේතු සහිතව පෙන්වා දී තිබෙනවා.

:       186       777

C.K.LankaputhraWednesday, 20 September 2017 09:29 AM

සම්පත් මහත්තයාගේ ප්‍රතිචාරයට සහ මහී මහතාගේ පිළිතුරට ඌන පූරණයක්. මිලියන හයසීයක් තැන්පත් කරලා තියෙන්නේ ලලිත් මහත්තයාගේ පුද්ගලික බැංකු ගිණුමකට. හරියටම ඔය සම්පූර්ණ මුදල සිල් රෙදි වලට වියදම් කලාද යන්නත් තහවුරු වෙලත් නැහැ. ටෙලිචොම් එකෙන් සල්ලි අරගන්න අධ්දියක්ෂක මණ්ඩලයේ අනුමැතිය අරගෙනත් නැහැ. මහජනයා වෙනුවෙන් කියල මහජන මුදල් නීති රීති සහ මුදල් රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කරන්න කිසිවෙකුට බලයක් නැහැ.

:       362       218

sampathWednesday, 20 September 2017 12:31 PM

ඔබටත් දීමට ඇත්තේ බුද්ධිකට දීපු පිළිතුරමය. මුදල් වියදම් කල ආකාරය ලේඛනගත කොට තිබී ඇත. එය හිටපු ජනාධිපතිතුමා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

:       120       250

sahanWednesday, 20 September 2017 11:58 AM

රෙදිත් නැතුව කඩේ යනවා වගේ වැඩක්... දැන් ඔය රෙදි දෙනකන් ආච්චි සිල් ගන්න ගියේ කොහොමද?

:       0       118

අනුර ඉලන්කෝන් Wednesday, 20 September 2017 06:56 AM

මම නම් දන්නව ඕක වෙනව කියල.

:       38       107

banda Wednesday, 20 September 2017 06:57 AM

මුළු රටම ඕක දන්නවා නිකන් ජනතාව රවටන වැඩ මේවා. දඩුවම් කලාට පස්සේ දඬුවම විදින්න ඕනි. සරත් ෆොන්සේකා මහතාට ඔය කියන අධිකරණයෙන් ඇප දුන්නද.

:       147       1233

dahamWednesday, 20 September 2017 11:09 AM

ඔයාට ලංකාව ගැලපෙන්නේ නැහැ. කරුණාකර ලංකාව අත් ඇරලා යන්න ඔයාගේ අදහස් අනුව පවතින රටකට. එතකොට ඔයාට සැනසීමෙන් ඉන්න පුළුවන්නේ.

:       190       12

GuneWednesday, 20 September 2017 11:27 AM

මේ අදහස්වලට ගැලපෙන වෙන රටවල් මේ ලෝකේ නැහැ. හැබැයි, ලංකාව ඇතුලෙම නම් තියෙනවා සුදුසු තැනක්.

:       0       52

supun Wednesday, 20 September 2017 06:58 AM

තෝරු මෝරුන්ට විතරක් ගැලවෙන්න පුළුවන් නීතියක් මේ ලෝකේ තියෙනවනම් ඒ ලංකාවේ තමා... රුපියල් කෝටි 60ක් වංචා කරපු සතියෙන් එලියට... රුපියල් 25000ක අල්ලසක් ගත්තු විදුහල්පතිනිය වසර 25ක් හිරේට.... මෙහෙම නීතියක් ලෝකේ වෙන කොහෙද?

:       486       1368

athula Wednesday, 20 September 2017 07:07 AM

මෙන්න අලුත්ම ඩ්‍රාමා එක.

:       72       89

Kosala Wednesday, 20 September 2017 07:10 AM

දැන් පිණ්ඩපාත සල්ලි වලට මොකද කරන්නේ

:       40       419

suran Wednesday, 20 September 2017 07:14 AM

දේශපාලකයෝ රටේ නීතීය තම තමන්ට වාසි වෙන විදිහට නවනවා. රටේ දුප්පත් ජනතාවට නීතීය යකඩයකි එය රත් කිරීමට හැකියාවක් නැත.

:       1       127

sumee Wednesday, 20 September 2017 07:22 AM

නීතිය කාටත් එක හා සමාන නැති බව ඔප්පු වුණා. ලොකු හොරුන්ට රැකවරණය....

:       0       67

gamini Wednesday, 20 September 2017 07:23 AM

ඇත්තටම මොන රෝහලටද ඇතුළත් වුණේ... ?

:       0       23

AJIT Wednesday, 20 September 2017 07:26 AM

අමරදේව මහතාගේ සසර වසනතුරු සිංදුව වෙනස් කළ යුතු කාලය ඇවිල්ල වගේ දැනෙනවා.... අනේ මෙහෙමත් රටක් ..

:       1       66

dahamWednesday, 20 September 2017 11:12 AM

බලන්නකෝ මහා බැංකු හොරකම වගේ එකක් මේ රට පවතී තාක්කල් ලංකාවේ සිදු උනාද කියල. එත් ඔය යහතින් ඉන්නේ ආණ්ඩුවේ ලොක්කෝ, ආණ්ඩුව ඇවිල්ල දවස් ගානෙන් මහා බැංකු ලොක්ක කල. උගේ බැණත් එක්ක එකතු වෙලා වැඩේ දුන්න. ඔය ඔක්කොම සනීපෙට රට කන්නේ.

:       0       114

clement Wednesday, 20 September 2017 07:27 AM

රන්ජන් හරි නේදෙ? නීතිය ගැන කියපුවා. දුප්පතාට එක නීතියක්.. හැකි කෙනාට තව නීතියක්.. ජනතාව නීතිය අතට ගන්න එක ඉක්මන් වේවි!!!

:       0       205

banda Wednesday, 20 September 2017 07:27 AM

ඉතින් මේ විදියට ලංකාවේ බන්ධනාගාරවල අසනීප තත්වයේ සිටින සිරකරුවන් සියලු දෙනාවම ඇපදීලා ගෙදර යවන්න පුළුවන්නේ...

:       1       323

Don perera Wednesday, 20 September 2017 07:27 AM

එපා දෙන්න පුළුවන් නම් මොකටද හිරේ දැම්මේ? පුදුම රටක පුදුම නීතියක්...

:       0       49

පිටිගල මිලානෝ Wednesday, 20 September 2017 07:36 AM

අභියාචනයේදී දඬුවම වැඩිවේ යයි බලාපොරොත්තු වන අතර මේවාට අණ දුන්නේ තමා කියපු පුද්ගලයාද මේ අයත් සමග ඇතුලට යවන්න කියා ඉල්ලා සිටිනවා.

:       26       253

asanka Wednesday, 20 September 2017 07:45 AM

ඔය ඡන්දය දෙන අය තමයි මෝඩයෝ.

:       0       83

ජයන්ත මිලානෝ Wednesday, 20 September 2017 07:51 AM

ලංකාවේ නීති පද්ධතිය තුළ තියෙන්නේ හාල්මැස්සන් අල්ලන දැල් විතරයි .ඒකය් තොරු, මෝරුන් දැල් ඉරාගෙන යන්නේ .

:       0       87

Nalin Wednesday, 20 September 2017 07:58 AM

සිල් රෙදි බෙදීමේ අනිසන්සයෙන් ඔබ දෙපලට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා.!

:       56       46

jim k. Wednesday, 20 September 2017 08:01 AM

රන්ජන් හරියට ම හරි, පිණ්ඩපාතයේ හම්බවුනු සල්ලි වලින් මොනවා කරයිද මන්දා...

:       0       216

Ruwan Wednesday, 20 September 2017 08:03 AM

ඇපීල් කොර්ට් එකේ තීරණය ඉක්මණින් ලබාදීම ඉතාමත් වැදගත්. නැතිනම් මේවා වැරදි පුර්වාදර්ශ වීමට ඉඩ වැඩිවේ.

:       0       439

mahee Wednesday, 20 September 2017 08:06 AM

මෙහි ඇති වැඩි දෙනෙකුගේ අදහස් වැරදි වැටහීමක් මත ලියා ඇති බව පෙනෙනවා. සිර දඬුවමකට හෝ දඩයකට යටත් වුවෙකු අභියාචනයක් ඉදිරිපත් කර ඇති විටක (වරදේ බරපතලකම හා වෙනත් කරුණු අනුව ඇප දීම නුසුදුසු බව ඇප නියම කරන අධිකරණයට පෙනී යන්නේ නම් විනා) ඔවුන්ට ඇප ලබා දීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්. දඬුවම ක්‍රියාත්මක වන්නේ අභියාචනාධිකරණයෙන් දඬුවම ස්ථිර කිරීමේ තීන්දුවක් දුන්නොත් පමණකි. කිසියම් විදිහකින් අභියාචනා අධිකරණයෙන් මොවුන් නිදහස් කරනු ලැබුවහොත් (ඊට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රති අභියාචනයක් නොකරන්නේ නම්) සියලු දඬුවම් අහෝසි වනු ඇත. මහාධිකරණයේ මේ සිදුව ඇත්තේ ඩ්‍රාම එකක් නොව නීත්‍යනුකුල ක්‍රියාවලියකි.

:       356       283

sathyayaa Wednesday, 20 September 2017 09:35 AM

මහී! ඔබ සිතන පතන ආකාරය ඉතාමත් සාධාරණයි. ඔබ වැනි අය ලංකාවේ හිඟවීම නිසා ලංකාව අගාධය දක්වා ගමන් කරනවා. මිනිස්සු අධිකරණය දිහා බලන්නේ නිල පාට, කොළ පාට හෝ රතු පාට කන්නාඩි පැළඳගෙන. බලයට පත්වෙන ආණ්ඩුත් මේ වැරැද්දම කරනවා.

:       302       67

yaka mahaththaya Wednesday, 20 September 2017 08:12 AM

මම දාපු සල්ලි නම් ඕනේ. අදම යන්න ඕනේ...

:       0       82

husen-riyad Wednesday, 20 September 2017 08:15 AM

යහපාලනය කිව්වට මේක කොළඹ හතේ පාලනයක්. ඒකනේ සුපිරි අය සම්බන්ධ චූදිතයින්ට විතරක් මෙහෙම තීන්දු තීරණ. ලැජ්ජයි අප්පා. අධිකරණ පද්ධතියම ලැජ්ජාවට පත්කරනා වැඩ මේවා. ඔය හැම නීතියකම දරදඬුකම තියෙන්නේ අසරණයින්ට විතරයි. ලලිත්ට, අනුෂට මේ වගේ සැලකිලි නම්, රජපවුලේ උදවියට නීතිය කොහෙත්ම ක්‍රියාත්මක වෙන එකක් නැහැ. බලේ ගන්නකම් තමයි කප්පරක් පොරොන්දු. ගත්තට පස්සේ කවුරුත් එකයි. දැන් මේ දෙගොල්ලෝ අයින් කරලා ජවිපෙට රට බාරදෙන්නයි තියෙන්නේ. මොකද? මේ යමපාලනයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       11       261

Ruwan Wednesday, 20 September 2017 08:15 AM

මොවුන්ගේ සෞඛ්‍ය තත්වය මීළඟ වාරයේ අධිකරණයට පෙන්වන්න කියන්න. ඒ වගේම මොවුන් දැන් නැවතී සිටින හොස්පිටල්වල විස්තර සහ අසනීප තත්වය ගැනත් පරීක්ෂාවෙන් සිටින්න.

:       1       562

aravinda Wednesday, 20 September 2017 08:26 AM

මේ දේවල් නිකන් මහජනයට පෙනෙන්ට කරන මාධ්‍ය සංදර්ශන පමණයි. මේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ දේශපාලකයින් කොයිතරම් දූෂිතද යන්නයි. මෙවැනි දේට ජනතා විරෝධයක් වශයෙන්, ඉදිරි මැතිවරණ වලදී ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුයි.

:       17       113

ධම්මWednesday, 20 September 2017 09:09 AM

ඡන්දය දීමෙන් වැළකී සිටියොත් ඒ ඡන්දේ කවුරුහරි දා ගනීවි. ඡන්දේ දෙන්න සුනිල් හඳුන්නෙත්තිලා වගේ අයට.

:       88       87

naradhaWednesday, 20 September 2017 09:34 AM

එහෙනම් ඉගුරු දී මිරිස් ගත්තා වගේ තියෙයි.

:       69       17

Sony Wednesday, 20 September 2017 08:38 AM

දෙන්න බෙදපු සිල් රෙදි දෙකක්ද ඇඳන් ආවේ. ගෙදර යන්න වෙන්නේ නැහැ..

:       0       3

rohana kumara mendis Wednesday, 20 September 2017 09:01 AM

එකනේ කියන්න දැන් රටට අවශ්‍ය පිටරට විනිශ්චකාරයෝ කියලා. අපේ අය ගැන මොන කතාද. පිටරට දොස්තර වරුන් ටිකකකුයි විනිශ්චකාරවරුන් ටිකකුත් උනානම්

:       1       58

Neil Wednesday, 20 September 2017 09:08 AM

වැලිකඩ පැත්තෙ කෙනෙක් හිරේ ගියොත් හිරගේ ළඟයි කියලා ඒ අය නිදහස් කරයි මාර නීති . මීට පස්සේ හොරු ඔක්කොම වැලිකඩ පැත්තෙන් ගෙවල් ගනී.

:       0       41

vipula Wednesday, 20 September 2017 09:16 AM

මීට පස්සේ නඩු අහන්න කලින් සෞඛ්‍ය තත්වේ පරීක්ෂා කරන්න .වාට්ටු වලට යන එක පාලනය කරන්න පුළුවන්.

:       0       37

piyaruwan Wednesday, 20 September 2017 09:24 AM

අද වයස අවුරුදු පනහ ඉක්මවූ ගොඩක් දෙනාට සීනි, අධික රුධිරපීඩනය ආදිය තියෙනවා. ඉතින් බන්ධනාගාර ගතවූ වහාම ඒකට පෙති ගන්නේ නැතුව ඉන්නවා. එතකොට වෛද්‍යවරයා පරීක්ෂා කරනකොට ඒව වැඩිවෙලා. එතකොට පහසුවෙන්ම බන්ධනාගාර රෝහලේ. මේගොල්ලන් යොදා ගන්නේ මේ උපක්‍රමය වෙන්න බැරිද?

:       0       47

Sudesh Perera Wednesday, 20 September 2017 09:31 AM

අහිංසක මිනිහෙක් කලානම් බේරෙනවා බොරු.

:       0       28

ro Wednesday, 20 September 2017 10:06 AM

ලංකාවේ අධිකරණ පද්ධතිය අකර්යක්ෂමයි කියලා කව්රු හරි කිව්වොත් ගහලා හරි මේක පෙන්නන්න. කමෝන් සිරි ලංකා ඔහොම යමු!!!

:       0       38

Arnold Wednesday, 20 September 2017 10:16 AM

බලයේ ඉන්න අයට වඩා බලය නැති අය කොහොම බලවත්ද කියලා දැන් නම් හොඳට තේරෙනවා.

:       1       21

anoj Wednesday, 20 September 2017 10:23 AM

මේ රට හොරුන්ට ගිය රටක් වෙලා දැන්නම්...

:       0       94

godfrey Wednesday, 20 September 2017 10:30 AM

රනිල් මහතා ගිහින් මහින්දගේ ගෙදර කෝපි බිව්වත්, මහින්ද මහතා හොරෙන් ගිහින් රනිල්ගේ ගෙදර කෝපි බිව්වත්, රටේ නීතිය නමැති රෝදය කරකවා ගන්නේ තමන්ගේ වාසියටම නම්... ලිවීමට ඇත්තේ.. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරු වනේ ...

:       0       200

daham Wednesday, 20 September 2017 11:15 AM

ඔහේ අභියාචනදිකරණයට පත් වෙලා එන්න. එතකොට ඔය කියන දේ කරන්න පුළුවන් වෙයි. ඊට වැඩ නරකද ලංකාවේ ආණ්ඩුවේ මහා ලොක්කොත් එක්ක එකතුවෙලා කරපු මහම ලොකු මහා බැංකු මංකොල්ලේ ඔක්කොටම ඇවිල්ල වැඩක් දීල ගියා නම්.....

:       18       12

antan Wednesday, 20 September 2017 11:37 AM

මහත්තයෝ අර 25000 හේ පගාව ගත්ත කියල අවරුදු 8 කට හිරේ යවපු විදුහල්පතිනියවත් වහාම ඇපපිට නිදහස් කරන්න.

:       0       283

jifrizahid Beruwala Wednesday, 20 September 2017 12:14 PM

පව්නේද අප්පා අපේ දොස්තර නෝනාව මහා ඉස්පිරිතාලෙට මාරුකරපු එක. අර ගත්තු සල්ලි ආපහු දෙනවද? මමත් රුපියල් තිහක් දුන්නා...

:       0       513

sampath Wednesday, 20 September 2017 12:25 PM

නියාමන කොමිසම, අර අමාත්‍යාංශය, මේ අමාත්‍යාංශය කුමක් හෝ වේවා මේ හැම මුට්ටියකටම වතුර පිරෙව්වේ මහා භාණ්ඩාගාරය කියන කලයෙන්. කල, මුට්ටි ඔක්කොම අයිති මහජනයාට. වර්තමාන ආණ්ඩුව කරන්නෙත් ඇමතිවරුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පරිපුරක ඇස්තමේන්තු දමාගෙන නවන නැවිල්ල බලන්න ඕනෙනම්, 2017 වසරේ අය වැය සහ 2018 යෝජිත අය වැයේ සාරාංශය කියවා බලන්න. මැතිවරණ කොමසාරිස් ලලිත් මහතාට දැනුම්දීම කලේ පන්සල් මගින් සිල් රෙදි බෙදන අවස්ථාවේදීය. නමුත් පන්සල් වලට සිල්රෙදි බෙදා අවසන් වී ඇත්තේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදීමටත් පෙරය.

:       16       2

kosala pemarathna matikumbura Wednesday, 20 September 2017 12:47 PM

මොකද මේ එකපාරට වෙනස් වුණේ? මෙච්චර ඉක්මණට ඇපල් දෙන්නේ ඇපල් නරක්වෙන්ද හැරිලද? අනේ අර අර රු25000.00 ක් ගත්ත විදුහල්පතිතුමියටත්, රු100. 00 ක දඩයක් ගහල ගෙදර යවන්නකෝ. අනේ කාලේ වනේවාසේ කිව්වලු.....

:       0       111

Sameera Wednesday, 20 September 2017 12:51 PM

මේකේ තියන සමහර කොමෙන්ට් කියවද්දී තේරෙනවා ලංකාවේ ඉන්නේ මොනතරම් මෝඩ පහත් දේශපාලන වහල්ලු පිරිසක්ද කියලා ..

:       460       100

naradha Wednesday, 20 September 2017 12:57 PM

ඔය ලස්සනට ඇවිදගෙන එන්නේ. දෙයියන්ගේ පිහිටෙන් දැන් නම් ලෙඩ ඔක්කොම සනීපයි වගේ!

:       0       82

parakkrama Wednesday, 20 September 2017 01:32 PM

බලන්නකෝ මේ දෙන්නා එන උජාරුව. බන්ධනාගාර රෝහලේදී හොඳට ප්‍රතිකාර කරලා, සාත්තු කරපු නිසා ඉක්මනටම සුවය ලබලා මෙහෙම එයි කියලා දැනගත්තා නම් මල්මාලා දාලා පිළිගන්න උත්සවයකුත් ලෑස්ති කරන්න තිබුණා. පව් අහිංසක උත්තමයෝ දෙන්නා. නීතිය මෙහෙම ඉක්මණටම නැමෙයි කියලා අපට හිතුනේම නැහැ නේ. පිණ්ඩපාත පින්කමේ ආනිසංශ වෙන්න ඇති.

:       0       9

parakkrama Wednesday, 20 September 2017 01:41 PM

වෙනදා මෙයාලව බලන්න බන්ධනාගාරයට ආපු බර බර උදවිය....මෙයාල උසාවියෙන් එළියට එනකොට පිළිගන්න ආවේ නැත්තේ මොකද දන්නේ නැහැ.

:       0       1

Ruwan Wednesday, 20 September 2017 01:54 PM

රනිල් වික්‍රමසිංහ මහතාට මෙහිදී විශේෂයෙන් ස්තුතිය පුදකළ යුතුය.

:       0       0

Karunarathna Gampola Wednesday, 20 September 2017 02:01 PM

ජිෆ්රි සහිඩ් බේරුවල. මහත්මයාණෙනි, ඔබතුමාලත් පණ්ඩපාතේ බෙදනවද? කමක් නෑ. රුපියල් තිහයිනේ නේද? මොනා වුනත් ඉස්සරහට වැරදිකාරයෙක් වෙන්න බයවෙන්න ඕනේ නෑ. අවුරුදු දහයට අඩුනම් විනිසුරුතුමාම අභියාචනාව භාර අරගෙන නඩුව ඇදගෙන යනවා. ඕක අවුරුදු දහයක් විතර යනකොට විත්තිකාරයෝ මැරිලා.

:       0       1

Don Wednesday, 20 September 2017 02:30 PM

මොන තරම් අසනීප වුණත් හොඳට හිනාවෙලා ඉන්න එක මොන තරම් වටිනා දෙයක්ද ? දැන් මෙච්චර අසනීප වෙලත් මෙහෙම හිනා වේවි ඉන්නවා නම් ඉස්සර ජොලියේ ඉන්න කාලේ කොහොම හිනා වේවි ඉන්න ඇද්ද?

:       0       0

Don Wednesday, 20 September 2017 02:31 PM

සිල් රෙදි කතාවත් සමාප්තයි එහෙනම් ..

:       0       0

අයි.බ්නවරත්න බණ්ඩා Wednesday, 20 September 2017 02:58 PM

පොඩි මිනිහගේ පොඩි භොරකමකට ලොකු දඬුවම්... ලොකු හොරාට දෙන දඬුවමත් දෙන්නේ නැහැ. බුදුන්ගේ දේශයේ නීතිය මේකද හාමුදුරුවනේ...?

:       0       4

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1734 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3350 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2114 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5650 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4677 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site