IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


යාන්ත්‍රික කියතකින් කැපීමෙන් දෙදෙනකුට තුවාල

(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල  තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම මොරගහවැව පදිංචි අයකු බව කියයි.

පොලිසිය පවසන්නේ  කලක් පටන්  පැවති ආරවුලක් මෙම සිද්ධියට මුල් වි  ඇති බවයි.

පොලිසිය පවසන්නේ යාන්ත්‍රික කියතකින් කැපුම් තුවාල සිදුවූ අය මෙම සැකකරු  සමග සවස ගැටුමක් ඇති කරගෙන ඇති බවත් ඉන්පසුව සැකකරු නිවසෙ තිබු යාන්ත්‍රික කියත පණ ගන්වා ඉන්පසුව තුවාල ලැබූ පිරිස පසුපස හඹායමින් කපා ඇති බවයි.

බරපතල තුවාල ලැබු දෙදෙනාගෙන්  අයකු ගල්ගමුව රෝහලටත්, අනෙක් තැනැත්තා පුත්තලම මූලික රෝහලටත් ප්‍රතිකාර සඳහා යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු යාන්ත්‍රික කියතත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (8)

යාන්ත්‍රික කියතකින් කැපීමෙන් දෙදෙනකුට තුවාල

Nimal Saturday, 15 August 2020 08:47 AM

අපි දවසින් දවස දියුණුවට යන ජාතියක්නේ... දැන් අපරාධත් යාන්ත්‍රික වෙලා. මේ පුණ්‍ය භූමියක් නේද?

:       5       74

සිරා Saturday, 15 August 2020 10:19 AM

ෂුවර් එකට GTA ගේම් එක ගහපු පොරක්..

:       2       1

Kamal Saturday, 15 August 2020 12:28 PM

නවගත්තේගම කියන්නේ 90% ක් පමණ පොහොට්ටු ඡන්ද දායකයන් සිටින ප්‍රදේශයක්...

:       280       607

Upali Sunday, 16 August 2020 01:59 AM

10%ක අනුවණයිනුත් ඉන්නවනේ...

:       0       0

ramaSunday, 16 August 2020 03:52 AM

කමල්ට ඒකත් දේශපාලනයට ගන්න ඕනෑවෙලා.

:       0       0

සත්‍යපාල සත්‍යපාල Saturday, 15 August 2020 03:11 PM

හිතක්, පපුවක් නැති කාලකන්නි පව්කාරයින්ගේ වැඩ...

:       117       0

ජයන්ත මිලානො Saturday, 15 August 2020 03:29 PM

ඉතාලියේ මාෆියා විරුද්ධවාදීන්ට මාෆියා එකෙන් දෙන භයානක දඬුවම... අත් දෙකෙන් එල්ලලා යාන්ත්‍ර්‍රික කියතෙන් කැපීම...

:       0       20

Wimal Herath -Araachchikattuwa Sunday, 16 August 2020 05:28 AM

නවගත්තේගම කියනකොටම සිහියට නැගෙන්නේ, විමලරත්න කුමාරගම කවියා... ඔහු එකල නවගත්තේගම ආදායම් පාලක නිලධාරී... වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් තනතුර... ඔහු සයිමන් නවගත්තේගමගේ පියා. එහෙව් අතීතයේ ඔය පැත්තේ අයම ඇයි ගුරුවරුන්ව දණගස්සලා තිබ්බේ? එහෙම පරිසරයක ඉස්සර දඬුකඳේ ගහපු අයගෙන් මීට වඩා යහපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 2525 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11491 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7865 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3048 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10707 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7532 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site