IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහින්දගෙන් ප්‍රශ්න කරන්න සී.අයි.ඩී.ය එයි

 

 

(විනිතා එම් ගමගේ සහ ඡායාරූප - ළහිරු හර්ෂණ)

පෙරවරු 10.15

ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණීමට නියමිතය.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මේ වන විට ආධාරකරුවෝ රැස්ව සිටිති.


පෙරවරු 11.25

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  6 දෙනකු පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියේය.

ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිවසට පැමිණියේය.


(අපරාධ පරික්ෂණ නිලධාරීන් පැමිණෙන අයුරු)

(හිටපු ජනපතිවරයා නිවසට පැමිණෙන අයුරු)


 

 



අදහස් (59)

මහින්දගෙන් ප්‍රශ්න කරන්න සී.අයි.ඩී.ය එයි

buddika Friday, 17 August 2018 05:54 AM

වහල්ලුන්ට වෙන වැඩ නැහැනේ, වහල්ලුත් නෙවේ... මේ ඒ කාලේ මොකක් හරි ජාවාරමක් කරන් හිටපු උදවිය, දැන් වේලෙනවා. මොවුන් දන්නේ නැහැනේ ආයිත් මහින්ද මහත්තයට බලේට එන්නත් බැහැ කියලා...

:       4406       5248

samanFriday, 17 August 2018 08:54 AM

බුද්ධික හරියට කමෙන්ට් කරන්නේ සර්ව බලධාරී දෙවියෝ වගේනේ. ඔයා කොහොමද තීරණය කරන්නේ මහින්දට ආයේ බලයට එන්න පුළුවන්ද බැරිද කියලා? ඒක තීරණය කරන්නේ මේ රටේ තියන අන්තවාදී පක්ෂෙක අනුගාමිකයෝ ටිකදෙනෙක් නෙවේ මේ රටේ මිලියන 16ක් විතර ඉන්න ඡන්ද දායකයින් බහුතරයක්. අනික මොන අඩුපාඩු තිබුණත් මහින්ද කියන්නේ අවුරුදු 30ක් මේ රටේ මිනිස්සු විනාශ වුණු යුද්ධයක් අවසන් කරන්න නායකත්වය දුන්නු නායකයෙක්...

:       2580       2311

buddikaFriday, 17 August 2018 09:18 AM

19 වැනි ව්‍යවස්ථා සංශෝදනය කියල දෙයක් අහල නැද්ද, ඔයත් ඔය පාරේ හිටපු වහලෙක්ද, පවු ගේට්ටුවෙන් අතුලටවත් ගන්නේ නැහැ, බලපල්ලා අර බන්දුලාල මහින්දලා වැඩිවෙලා යන වාහනේ සැප, ,අපි නම් ලංකාවෙන් පිට ජීවත්වෙන්නේ, නමුත් අපේ රටේ මිනිස්සු ගැන දුකයි උන්ගේ මෝඩ කම් ගැන,

:       704       1268

RNG Friday, 17 August 2018 03:05 PM

අනිත් අය යන වාහනවල සැප පේන්න ඔහොම ෆොටෝ එකක් දාන්න එපැයි ඉතින්.නැතුව පේන්නෙ කොහොමද ඉතින්.

:       169       145

samanSaturday, 18 August 2018 12:37 AM

ඇත්ත බුද්ධිකල වගේ පිටරටවල හිටපු අයට ලංකාවේ සියලු ජාතිවල මිනිස්සු අවුරුදු 30ක් තිස්සේ යුද්දෙන් විදපු දුක දැනුනේ නෑ. ත්‍රස්තවාදීන් තමන්ගේ නෑදෑ හිත මිතුරන් බල්ලෝ වගේ මරල තියනවා දැකපු, තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන්න ඉස්කෝල ළඟ මුරකරපු, මරබයේ පොදු වාහන වල රස්සාවට ගිය අපිට යුද්දේ අවසන් කරන්න මුලික වුණු මිනිහ මොන වැරදි තිබුනත් වීරයෙක්. ඒ අපේ දරුවන්ට සිරියාවේ වගේ මරණ බයෙන් ජිවත් වෙන්න නොදී සාමකාමී රටක් හදල දුන්න නිසා. ඔබතුමා ඔය ඉන්න රටේම සුර සැප විඳගෙන ඔය රටේම ඉන්න ලංකාවේ කට්ට කාගෙන ඉන්න අපේ මිනිස්සු අපේ රට ගැන බලාගනිවී. හැබැයි ඔයාල කඩේයන ඔය අන්තවාදී පක්ෂේ අයටනම් අපි බලයට එන්න දෙන්නේ නෑ

:       573       587

BamunuarachchiSunday, 19 August 2018 12:22 AM

19 වැනි සංශෝදනය කළේ දෙවියන් වහන්සේ නොවෙයි 2/3 බලය ලැබූ දෙශපාලකයන් මහින්දගේ පක්ෂයට නැවත ඒ බලය ලැබුනොත් ඒ ගොල්ලෝ නැවත එය වෙනස් කරාවි. මම එය හොඳයි කියනවා නොවෙයි. කියන්නේ තිබෙන හැකියාවයි. රටට ආදරය කරන එකාධිපතියකු හැරෙන්න මෙරට මොකෙකුටවත් ගොඩගන්න බැහැ. මම මෙරට හොදින් තුබුන කාලේ රටේ හෝඳ දේවල් බුක්තිවින්දා එහි ප්‍රතිඵල ලෙස ළමයි දියුණුරටවල පුරවැසියෝ වුණා. දැන් මෙරටේ කාලකන්නි දෙශපළුවන් බිහිකරන මෙජනතාවත් සමග මෙරටට හෙනගහිලා ගියත් මටකමක් නැත.

:       115       93

sirimal Friday, 17 August 2018 05:56 AM

මේ මහා ජනගංගාව දැක්කට පස්සේ සී.අයි.ඩී. එකේ කට්ටිය තියා සක්කරයාවත් ඔතෙන්ට එන එකක් නැහැ.

:       1074       872

samFriday, 17 August 2018 07:20 AM

ගංගාව ගැලුවේ මහින්දට සහ හෙන්චයියන්ට තමයි..

:       764       508

Thilina Friday, 17 August 2018 08:32 AM

තමන්ගේ නායකයාට කියලා ඉක්මනට ඡන්දයක් තියන්න කියන්නකෝ බලන්න.. එතකොට බලාගන්න පුළුවන් ජන ගඟ මොන පැත්තටද ගලන්නේ කියලා...

:       313       358

sirimalFriday, 17 August 2018 10:51 AM

අරක්කු භාගයයි, රුපියල් 1000යි. බත් පැකට් 1යි. ඡන්දයක් ඉල්ලන්න කලින් ගුටි ඇන ගැනිල්ල නවත්වලා අපේක්ෂකයා කවුද කියලා තෝරා බේරා ගත්තොත් නේද හොඳ? මේවා නිකන් මහින්දවාදී මාධ්‍ය ගෙනයන සංදර්ශන. ඒවාට දැන් රටම මුලා වෙලා වගෙයි පෙනෙන්නේ. මොනවා නැතත් ඇස් බැන්ඳුම් වලින් මහජනතාව සිහින ලෝකයක රඳවා තියා ගන්න ඒ ගොල්ලෝ හරිම දක්ෂයෝ නේ.

:       411       854

Hafeel Friday, 17 August 2018 06:13 AM

කොහොමද රටේ නීතිය? යහපාලනයට හොඳ ඒකාබද්ධයටම තමයි.

:       4       203

pawan Friday, 17 August 2018 07:03 AM

මගේ ප්‍රශ්නය ඇයි 88-89 කාලේ පැහැරගත්තු හෝ මරාදාපු මාධ්‍යවේදීන් ගැන හොයන්නේ නැත්තේ කියලා...

:       353       485

Thilina Friday, 17 August 2018 08:35 AM

තමන් කරපුවා තමන්ටම හොයන්න කියලද දැන් ඔබතුමා කියන්නේ.. කලින් හිටපු අයට ඒක ලස්සනට කරන්න තිබ්බනේ.. කොහෙද යුද්ධයක් බදාගෙන හිටියනේ..

:       15       317

pawanSaturday, 18 August 2018 05:36 AM

යුද්ධය බදාගෙන හිටියා නෙවෙයි ඒක අවසන් කළා. ඒ නිදහස බුක්ති විදිමින් ගරහනවා

:       0       46

DUMINDA Friday, 17 August 2018 07:03 AM

විනාඩියෙන් විනාඩියට රිපෝර්ට් කරන්න මේවා නිවුස්ද?

:       61       502

sampath Friday, 17 August 2018 07:12 AM

මහින්දගේ ගෙදරට ගියාම තමයි අපේ සිංහලයන්ට අමාරුව. විජයකලාගේ ගෙදරටම ගියාම අපේ අයට කිසි ගානක් නෑ. කොටි නම් හොඳයි..

:       54       837

බිස්වා Friday, 17 August 2018 07:12 AM

අරක්කු භාගයයි, රුපියල් 1000යි. බත් පැකට් 1යි. ඒවාට ආපු කට්ටිය, සී.අයි.ඩී. එක ඕවා ගණන් ගන්න එපා හොඳේ...

:       803       1206

BamunuarachchiFriday, 17 August 2018 09:02 AM

මොනවද මේ කතා? මහින්ද මහතා පරාදවෙලා ගෙදර ඉන්න කාලෙත් මිනිස්සු නෑගම් යනවා වගේ ගියේ... එතුමා බලන්න එ් ගියේත් අරක්කු බෝතලයටද හලෝ? ඉරිසියාව ඉහටත් උඩින් නේද? මොනවා කරන්නද හලෝ ඊර්ෂ්‍යාවෙන් පෙලීමත් ඔහෙලාට හොඳ දඬුවමක්...

:       1207       1104

Chanak Los angelesFriday, 17 August 2018 02:25 PM

මොලේ හසරක් නැති මෝඩයෝ වෙන්න ඇති යන්න ඇත්තේ...

:       581       661

PereraFriday, 17 August 2018 07:23 PM

ඔයා තවත් මහින්දගේ රෙදි අපුල්ලනවද , ඔය තක්කඩියන්ට කඩේයන එක දැන්වත් නවත්වන්න.

:       5       247

RNG Saturday, 18 August 2018 03:09 AM

ඔය අයත් මහින්දට නොවුනත් කාට කාට හරි කඩේ යනවානෙ. හැමෝටම තමන් කැමති පක්ෂයකට සහයෝගය දෙන්න අයිතියක් තියෙනවා. කාටවත් ඒක නවත්වන්න බෑ..

:       0       64

ජනාදිරි කොස්තා Friday, 17 August 2018 07:14 AM

මිනිස්සු ගෙදරට ගෙන්න ගන්න.... ලජ්ජවක් නැහැ. පරණ ගති තාමත් එහෙම්මනේ.

:       283       358

ශ්‍රිනි සොය්සා Friday, 17 August 2018 07:15 AM

අල්ලලා පැය 2ට වත් ඇතුලට දාන්නකෝ...

:       622       683

RNG Friday, 17 August 2018 02:42 PM

තමුන්ගෙ නියෝගෙ ලැබෙනකන්මයි ඉදලා තියෙන්නෙ ..හරි එහෙම කරන්නම්කෝ..

:       12       83

බලය අයුතු ලෙස Friday, 17 August 2018 07:15 AM

මලයාසීයාව සහ ලංකාව අතර වෙනස. එහි හිටපු නායක අත්අඩංගුවේ. ජීවත් වීමට හොඳ රට ලංකාව 130 තැනට. හේතුව උඩ දර්ශන වලින් පෙනේ. චූදිතයා දැනටත් රජ කෙනෙක්ද? සිරිසේන සහ රනිල් සරල මිනිස්සු. බලය අයුතු ලෙස යොදා නොගනියි.

:       784       1098

BamunuarachchiFriday, 17 August 2018 09:17 AM

සිරිසේන සහ රනිල් සරල මිනිස්සුලු ඕක අර 62 ට කියන්න. මොනවා දැනගෙන කතා කොරනවද මේ ගොයියලා

:       245       124

RNG Friday, 17 August 2018 02:46 PM

ලංකාව 130ට වැටුනෙ මහින්ද මහත්තයගෙ කාලෙ නෙවෙයි .මේ අවුරුද්දට. හැමදේකටම මහින්ද ගාව ගන්න බලන් ඉන්න තමුන්ලට ටොයිලට් එකට නොගියත් මහින්ද ම තමයි ..ඕවා ජන්මෙන් එන ගති.බෙහෙත් නෑ ඕවට

:       49       158

Sumi Friday, 17 August 2018 07:24 AM

කොහොමද සැප... වාහනයේ බන්දුලටත් යන්න එකක් ලැබිලා. ආණ්ඩුව මේ අයට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට තව නීතියක්... ලොකු හොරුන්ට නම් රජ සැප...

:       433       587

BamunuarachchiFriday, 17 August 2018 09:06 AM

ඇයි බැංකු හොරුන්ට මේ සැප නැද්ද? ලියන්න ඉස්සෙල්ලා හිතලා බලන්න.., ලියනදේ තමන්ට කැරකිලා එයිද කියලා.

:       357       422

amila Friday, 17 August 2018 08:35 AM

මේ මනුස්සයා අපි සියලුදෙනාටම නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා ගිය එකට මෙහෙම කරලා මදි. ඉතිහාසේ ලොකුම මහා බැංකු හොරකම කරලා ඒවා හොයන්න කවුරුවත් නෑ.

:       737       634

amila Friday, 17 August 2018 08:35 AM

මේ මනුස්සයා අපි සියලුදෙනාටම නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා ගිය එකට මෙහෙම කරලා මදි. ඉතිහාසේ ලොකුම මහා බැංකු හොරකම කරලා ඒවා හොයන්න කවුරුවත් නෑ.

:       730       812

ranavi Friday, 17 August 2018 08:51 AM

වහල්ලුන්ට හොරු ආරක්ෂා කරනවා ඇරෙන්න වෙන මොනවද?ලෝකේ ඕනෙම නායකයෙක් නීතියට ගරු කරනවා. එහෙත් ලංකාවේ නීතීය දේශපාලකයින්ගේ ඉදිරියේ බලු වෙලා කියලි මේ රූප රාමු පෙළ මනාවට පෙන්නුම් කරයි..

:       465       712

Janahitha Friday, 17 August 2018 09:49 AM

අපේ යුගයේ වීරයා මෙතුමායි. මේ ජාතික සම්පත අපි සියලු දෙනා එකාවන්ව රැකගනිමු.

:       551       541

rohana Friday, 17 August 2018 10:28 AM

සමන් සහ අමිල කොහෙද හලෝ? මෙයා යුද්දේ කාලේ අන්තිම කාලේ රටෙත් නැහැ. යුද්ධය ඉවර කළේ සරත් ෆොන්සේකා... අැයි කැමැති නැද්ද එක අහන්න කියන්න..

:       503       313

RNG Friday, 17 August 2018 02:57 PM

මුලින් ජනාධිපති කෙනෙක් සතු බලතල හා කාර්‍යයන් ගැන ඉගෙන ගන්න ගිහින් ..යුද්ධ කරන්න ජනාධිපතිවරු යන්නෙ නෑ කොහොමත් ..ඒ අය කරන්නෙ අණ දෙන එක විතරයි .අදහසක් පළ කරලා නිකන් සමච්චල් නොවී දෙයක් දැනගෙන පළ කරන්න .

:       5       247

indikaSaturday, 18 August 2018 02:30 AM

සරත් ෆොන්සේකාත් කරේ යුද්ධෙට අණ දීපු එක විතරයි. එයාට බෝම්බ වැදුනෙත් කොළඹ ඉන්නකොට, නැතුව යුද්ධෙට ගිහිල්ල නෙවේ.

:       6       0

parakramaSaturday, 18 August 2018 12:58 PM

මහින්ද කලේ මුදල් වියදම් කළ එක හැරෙන්න යුද්දෙට ගියාද? ඔහු යුධ පිටියට ගොස් අණ දුන්නාද? යුද්ධය මෙහෙයව්වාද? ඔහුත් හිටියේ අරලිය ගහ මැදුරේ නේද?

:       12       1

RNG Saturday, 18 August 2018 04:10 PM

ඒක තමයි මං සිංහලෙන් කිව්වෙ ජනාධිපතිවරු යුද්ධ කරන්න යන්නෙ නෑ..ඒවා මෙහෙයවන එක,ඒවට නායකත්වය දෙන එක විතරයි කරන්නෙ කියලා .කියපු දේවත් හරියට තේරුම් ගන්න නුවණක් නැති මිනිස්සුන්ට තවත් මොනවට කියනවද..?කළගුණ මතක තියෙන මිනිස්සු ඒ නායකයට ගෞරව කරනවා කුහකයො මොනවා කිව්වත්..එච්චරයි කියන්නේ තියෙන්නෙ

:       0       45

sumith Friday, 17 August 2018 10:35 AM

හොරු ටික ඔක්කොම වටේ තියාගෙන, ලොක්කා පුටුවක වාඩිවෙලා ඉන්නේ බයවෙලාද? ලැජ්ජා ඇත්නම් මහින්ද කරන්න ඕනේ පළවෙනිම කාර්යය ඔය හොරු දඬු කඳේ ගහන එක... පපුවට ගහගන්න එක නොවේ.

:       163       637

athula Friday, 17 August 2018 11:31 AM

අැයි රටේ නීති 2ක්? ඕනෑම කෙනෙකුට නීතිය සමාන වෙන්න එපැයැ.. නිකම් වීරයෙක් වුණා කිසිම දෙයක් නොකර 2005... ජවිපය නැහිලා නැහිලා මැතිවරණය දිනලා ගෙදරටම ගෙනවිත් දුන්නා. එ් දවස්වල ඔය දැන් ඉන්න අය කීදෙනෙක් ඇඳන් යට හැංගිලද හිටියේ? අන්තිමට රටේ ඉන්න හොඳම තක්කඩින් ඔඩොක්කුවේ මොකද? මෙයාගේ ආරථික ක්‍රම කැසිනෝ එක ගෙනාවේ කොහොමද? අපේ හෙට උපදින ගැහැණු දරුවන්ට මොකද වෙන්නේ?

:       107       287

ThusithaFriday, 17 August 2018 12:44 PM

පිස්සුද හැටිද? තමුන් කියන්නේ මොකක්ද කියලා තමුන්ටවත් තේරෙනවද?

:       182       211

ගලබොඩ ඇත්තේ චමින්ද Friday, 17 August 2018 11:40 AM

ඔන්න කාටත් සාධාරණ නීතිය. ප්‍රශ්න කරන්න එතුමාගේ දෙපතුල ගාවට යන්න ඕනේ. නීතිය ඉදිරියේ කවුරුත් එකයිලු. යහපාලන රජය මහජනතාවට කරන කෝචොක් එකක් නේද මේක?.

:       17       25

RNG Friday, 17 August 2018 03:00 PM

ඔයාට පෙනුනෙ මේක විතරද ..?එතකොට අර විජයකලාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න දෙපතුල් ඉබින්න ගියේ..??

:       2       151

Lal Friday, 17 August 2018 12:33 PM

"ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිවසට පැමිණියේය.@ මොකක්ද මේ "පෞද්ගලික රාජකාරියක්" කියන්නේ ????

:       24       92

සතයපාල Friday, 17 August 2018 12:56 PM

මම මේ කල්පනා කරන්නේ මහින්ද රහස් පොලීසියට මොනවා කියයිද කියලා. අනේ අපි නම් ඕවට සම්බන්ධ නැහැ... ඕක හරියටම දන්නේ ගෝඨා තමයි කියලා කියයිද දන්නේ නැහැ.

:       104       49

RNG Friday, 17 August 2018 03:02 PM

ඇයි ඒකත් ඔයාට කියලා යන්න ඕනද ?

:       53       67

සතයපාලFriday, 17 August 2018 03:35 PM

ඇයි මේ කලබල වෙලා !

:       37       17

ranjith Friday, 17 August 2018 01:16 PM

මට තියෙන ප්‍රශ්නේ කිත් නොයාර් ලංකාවට එන්නෙත් නැහැ මේ නඩුවේ සාක්කි දෙන්න. පොලිසිය ඔස්ට්‍රලියාවට යනවා සාක්කි ගන්න. මොකද්ද පොලිසියට තියන ඕන කම මේ නඩුව ඉදිරියට ගෙනියන්න. නොමිලේ රට සවාරි ගහන්නද නැතිනම් වෙන අරමුනක්ක්ද?

:       62       66

සතයපාලFriday, 17 August 2018 04:24 PM

ඔය කියන විදියට රංජිත් ලෝකයේ එකම මිනි මැරුම් නඩුවක් වත් විභාග කරන්න බැහැනේ. ඇයි මිය ගිය පුද්ගලයා එන්නේ නැහැනේ සාක්ෂි දෙන්න. ඒ වගේම පොලිසිය මිනිමැරුම් නඩු ගැනත් හොයන්න මහන්සි වෙන්නේ යමලෝකේ සවාරි යන්න වෙන්න ඇති. රංජිත්ගේ ටිකිරි මොළයට තේරුනු කරුණු කාරනා අපිට නොතේරුනු හැටි.

:       89       85

කරුණාපාල Friday, 17 August 2018 01:17 PM

කොහොමත් මේ මෝඩයින්ගේ පාරාදීසයේ කුමන පක්ෂයකට අයත් වුවත්, දේශපාලනය කරන ඒ උත්තමයින්ට විරුද්ධ වෙන නරුමයින්ව මරන්නම ඕනා. පක්ෂ, පාට, ජාති, බේදයක් නැහැ. කටු කන රටේ බල්ලන්ව එක්කෝ, කප්පාදු කර කුඩු කරන්න ඕනා, නැත්නම්, මරලා දාන්න ඕනා. මම නම් කියන්නේ වැරදි කරමින් හෝ දේශපාලකයින් මේ රටේ යහතින් ජීවත් විය යුතුයි. බලු කුක්කන්ගේ සමාජයේ පහරන එක බලන්නත් ඇප්පිරියයි

:       14       265

BamunuarachchiSunday, 19 August 2018 12:05 AM

ඔව් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශ පාලකයින්ට විරුද්ද අය මරමු, යුඑන්පී දේශ පාලකයින්ට විරුද්ද අයත් මරමු කොටින්ම හැමදේශ පාලකයකුටම විරුද්ද අය මරමු නේද? දැන් ඔයකියන උත්තමයෝත් එකිනෙකාට විරුද්ද නිසා උන්වත් මරා දමන්න ඕනේ. ඉතින් කව්ද ඔය මැරීම කොරන්නේ? වැඩකට ඇති කතාවක් කියන්නකෝ හලෝ අපිටත් යමක් ඉගෙනගන්න.

:       81       9

සඳුන් Friday, 17 August 2018 03:10 PM

ටොයියොයි බයියොයි මරාගන්නවා කොමෙන්ට්ස් වලින්. සත්‍යය නම් රනිල් විසින් මහින්දවත් මහින්ද විසින් රනිල්වත් හිරේ යවන් නෑ. ඕනම නම් මේ ප්‍රශ්න වලට ගෑවිච්ව රාජ්‍ය නිලධාරියෙකුට ජම්පරේ අඳින්න වෙයි. මේ දේශපාලන ජවනිකා මාධ්‍ය සංදර්ශන ලෙසම පවතියි. කාලයාගේ ඇවෑමෙන් අර චන්ද්‍රිකාගේ සූරියකන්ද වගේ ජනතාවගේ අමතකවීම නැමති මීදුමෙන් වැසී යයි. මේක දේශපාලන මාෆියාවක්. දූෂණය හොරකම මේ දේශපාලන දහරාවේ දෙබිඩි නිවුන් සොයුරන්ගේ හදවත වගේ. දෙදෙනෙකු වුනාට බොක්ක එකයි. එක පංතියක් හැදෙනව. ලංකාව එන්න එන්න වලපල්ලට යනව ඒත් මෝඩ ටොයියො බයියො පාරේ මරාගන්නවා. උඹලාට හූ .....

:       35       1145

මංජුල Friday, 17 August 2018 06:56 PM

කරුණාපාල, කියලා තියනවා වගේ මටත් නම් පේන්න බැරි ඔය කටු කන බල්ලන්ව තමයි දේශපාලකයින්ගේ සෙවනේ හැදී වැඩී කකුල් ලෙවකන කුක්කෝ තමයි දේශපාලකයින්වත් නොමග යවන්නේ. මහපොළවට බරක් වුණ කාලකන්නි. ඔය කුක්කන්ට වචනයක් හෝ වැරදුනොත් හපා කන්න පනිනවා. දැන් පේනවනේ මෙතන උනත් කුක්කන්ගේ සැර???

:       56       126

RNG Saturday, 18 August 2018 04:14 PM

පේන විදියට ඔයගොල්ලොත් කාගෙ හරි කටු කාල වගේ...

:       0       25

KUMAR (Gulf) Friday, 17 August 2018 07:18 PM

අර මහින්දමහත්ත්යාගේ අත වහලා පෙන්නන්නේ එයාගේ ළඟ තියෙන මන්තර පොජ්ජද ? අනේ මෙහෙම යක්කු බුත්යෝ ගැටගහගෙන රට රවට්ටන්න හදන දේශපාලකයින්.

:       157       308

ලුම්බිණි Saturday, 18 August 2018 01:45 AM

ඇයි මහින්ද රාජපක්ෂ මහතාට කට උත්තරයක් ගන්න එන්න කිව්වම පොලිසියට යන්න බැරි? මෙතුමා මේක සංදර්ශනයකට පත් කරගෙන ඇති බවකුයි මට පේන්නේ. තමන් වැරද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? මෙතුමා මහින්ද නිසා පොලිසියට ප්‍රශ්න කරන්න අයිතියක් නැද්ද?

:       26       39

Shan Saturday, 18 August 2018 07:20 AM

බලන්නකෝ මේ මිනිස්සු අපේ සල්ලි වලින් ඉන්න සැප. මොකද මෙයාට CID එකට ගිහිල්ල ප්‍රකාශයක් දෙන්න බැරි

:       0       30

RNG Saturday, 18 August 2018 04:12 PM

විජයකලාටත් ඔහොම යන්න කියන්නකෝ බලන්න පුළුවන් නම්..

:       0       19

BamunuarachchiSaturday, 18 August 2018 11:49 PM

අපේ සල්ලි? ඔබේ සල්ලි මොනවද? ඔබ සල්ලි අච්චු ගහනවද? ඔබ ඉපයුවායින් පසු ඔබේ සල්ලි නම් එයා ඉපයුපසු එයාගේ සල්ලි. මොනවද මේ කතා

:       160       86

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2374 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2009 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5524 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4058 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4639 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7002 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site