IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අනිකාට - ඥාතීන්ට පොලිස් ආරක්ෂාව

මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ 
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ  හිමිකාරිය වූ අනිකා විජේසුරිය මහත්මියට හා ඇගේ ඥාතීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.
 
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකු බව කියන පුද්ගලයෙකුගෙන් එල්ල වු බව කියන ජීවීත තර්ජන හේතුවෙන් එම ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.
 
බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා    විශේෂ  පොලිස්  ආරඬාවක්  ලබාදී තිබේ.
 
අනිකා විජේසුරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත විජේසුරිය මහතාටත් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බෑණා කෙනෙකු බව කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා දුරකතන ඇමතුමක් මඟින් මරණීය තර්ජන එල්ල කොට ඇති බවද මෙම තර්ජන හේතුවෙන් අනීකා විජේසුරිය මහත්මිය රටහැර ගොස් ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පසුගිය දිනෙක කොමිසමට දැනුම් දුන්නේය.
 
  තර්ජන  සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.



අදහස් (40)

අනිකාට - ඥාතීන්ට පොලිස් ආරක්ෂාව

Raveendra Friday, 20 October 2017 06:14 PM

නරි බෑනා සහ හොර මාමණ්ඩිය පිළිබද ආදරකතා වස්තුව " මොනක් චිත්‍රපට ශාලාවේ" දැන් තිරගතවනවා ඇත.මෙය නැරබීම සදහා " තම අර්ථසාදක මුදල් අහිමිවූ " ලක්මවගේ දුදරුවන් අති විශාල පිරිස් පැමිණෙන බැවින් ඔබගේ ප්‍රවේශ පත්‍රය කලින් වෙන්කරවගන්න. අපගේ මතකයට එනවා මේ උන්දැ හොදම මුදල් උන්නැහේට ලැබුන " කෙසෙල් දල්ලේ " ලියනලද සහතිකෙත් අරගෙන මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැකීමටත් ගියනේද ?

:       0       418

abaran Friday, 20 October 2017 11:12 PM

තර්ජනය කරපු එකාට කිසි ප්‍රශ්නයක් නෑ වගේ....අනේ කාලේ වනේ වාසේ කීවලු......

:       89       1541

PA-RA Friday, 20 October 2017 11:46 PM

කියන්නේඅපි හොරු නෙවෙයි, අපි මිනි මරුවන් නෙවෙයි, අපි බබාල කියල, බලන කොට ඇත්තනේ, තොත්ත බබාල දැන් තිර ගත වෙයි.

:       61       1300

ජගත් ලියනගේ Friday, 20 October 2017 11:57 PM

නීතිය නවන එකක් නැහැ නේද , පොලිසිය ?

:       101       527

dasunSaturday, 21 October 2017 07:52 AM

නෑ සර්. අහන්නේ නැතුව මුකුත් කරන්නේ නැහැ.

:       0       373

Thilak Saturday, 21 October 2017 01:26 AM

යකෝ මේක පුදුම රටක්නේ ... එකෙම්ම ඔප්පුවෙනවා මුන්ගේ ගේමේ තරම .... තකඩියන්ට ගිය රට....

:       102       1201

RaveendraSaturday, 21 October 2017 11:40 AM

තිලක් මයා වෙත, ඔබගේ අදහස් කියවීමේදී මෙවර කුඩා දරුවන්ගේ 5 හේ " උසස් පෙළ " විභාගයට අසා තිබුණු එක් ප්‍රශ්නය පිළිතුරු ඔබගේ අදහස්වල කැටිවී ඇත. ප්‍රශ්නය වුයේ " අම්බරුවන් සහ මී හරකුන් පමණක්" පාලනය කරන ලෝකයේ තියෙන එකම රට කුමක්ද යන්නයි?

:       0       648

ජගත් ලියනගේ Saturday, 21 October 2017 01:31 AM

නීතිය නවලා ආරක්ෂාව අයින් කරන එකක් නැහැනෙ ?

:       91       651

Rohana Saturday, 21 October 2017 01:55 AM

රවී කරුණානායක බෙල්ලටම අසුවී තිබෙන්නේ බැඳුම්කර වංචාවට.. ඒ නිසා ඔහුගේ ගැලවීමට ඕනෑම දෙයක් කරනවා. බලය අහිමි වී ගිය නිසා ප්‍රවේසම් වෙන්න.

:       100       967

ධම්ම Saturday, 21 October 2017 02:13 AM

ඇයට පොලිස් ආරක්ෂාව ලබාදීම හොඳ දෙයක් එහෙත් තර්ජනය කල කෙනා නිදැල්ලේ ඉන්න එකනේ පුදුමේ.

:       53       875

dasunSunday, 22 October 2017 05:38 AM

පුදුම වෙන්න එපා. අවුරුදු දෙක තුනකට කලින් හොඳ පුවත් මැවූ කැසිනෝ පවුලක පුතෙක්. ඒ කාලේ සපෝර්ට් දුන්නු ප්‍රබලයෝ දැනුත් ප්‍රබලයෝ.

:       0       0

sara Saturday, 21 October 2017 03:31 AM

කොහොමද හිටපු ඇමතිතුමාගේ පතලෙත් සම්බන්දකම් නැතුවම නෙමෙඉනෙ , දෙමට ගොඩ පැත්තේ ලොකු මිනිස්සු අපේ ඇමතිතුමාගේ ලගම හිතවත්තුනේ

:       0       1600

Kandepola Saturday, 21 October 2017 03:37 AM

එතකොට ශනිල් නෙත්තිකුමාරව අත්අඩංගුවට ගන්නේ නැත්ද?

:       1       3230

rahulSaturday, 21 October 2017 05:48 AM

හොයලා බලන්නකෝ කාගේ කවුද කියලා.

:       0       0

RatnamalalaSaturday, 21 October 2017 10:47 AM

අපෝ එහෙම බැහැ.එ්ක යහපාලනයට, ලිච්ඡවි ප්‍රතිපත්ති වලට පටහැනි වීමක්නෙ කන්දෙපොල.

:       0       286

දිලාන් Saturday, 21 October 2017 04:02 AM

සාක්‍ෂිකරුවන්ට ආරක්ෂාව සපයන්නේ මරණ තර්ජන නිසා ඔවුන් රට හැර ගොස් එය මාධ‍්‍ය මගින් හෙළිකලාටත් පස්සෙද​? සමහර විට මේ ගැන පත්තරෙන් තමයි දැනගන්න අැත්තේ.

:       100       2106

චානක Saturday, 21 October 2017 04:21 AM

ඔබලා මේ රටේ ඉපදුනේ රටේ හා රටේ මිනිසුන්ගේ අවාසනාවට... කියලයි මට හිතෙන්නේ..

:       0       322

bamunu Saturday, 21 October 2017 04:47 AM

ආසියාවේ හොඳම හොරා දැන් චණ්ඩිකමත් පටන් අරන් වගේ.

:       0       708

RaveendraSaturday, 21 October 2017 07:36 AM

බමුණු මයා වෙත, ඔබගේ නිවැරදි අදහස මෙසේ වෙනස් වෙන්නේ නම් වඩාත් උචිත වනු ඇත. " ආසියාවේ හොඳම හිඟන්නා" කියලා

:       0       606

de silva Saturday, 21 October 2017 05:00 AM

දැන්වත් නිකන් අඳුරේ අතපත ගෑම නවත්වලා, සැකකාරයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න. ලොක්කොත් විවෘත්ත කිරීම් උත්සව වලදී සුරඟන කතා කියමින් රට වටේ යනවා මිසක් වැඩක් කරන බවක් නොපෙනේ.

:       0       520

asanga Saturday, 21 October 2017 05:17 AM

මේ නාට්ටිය කවදද ඉවරවෙන්නේ. හොරුන් තවමත් නිදල්ලෙනේ.

:       0       623

Kumari Saturday, 21 October 2017 06:24 AM

තර්ජනය කලකෙනාව දැන් ලංකාවම දන්නවනේ.. ඒ අයටම ගිය රට. අපේ අවාසනාවක් මේ වගේ රටක ඉපදීම නම්.

:       0       47

savanthSaturday, 21 October 2017 08:14 AM

යහපාලනයේ තව අයත් එයාලගේ යාළුවොනේ. ඉතින් මොකද බය වෙන්නේ? ඕන තරම් තර්ජනය කරාවි. දුක කියන්නේ මෙයාලගේ අයට ගිය ආණ්ඩුවේදී සපෝර්ට් දීපු අයත් අද ලොකු තැන්වල. හැබැයි මහජන ඡන්දයෙන් නෙවෙයි.

:       0       26

lusena Saturday, 21 October 2017 06:33 AM

වෙනත් රටක නම් පොඩි වංචාවක් කලත් මහජන නියෝජිතයෙක්, අලාබය අයකරගෙන ධුරයෙන් පහකරලා නීතිමය දඬුවම් දෙනවා. අවාසනාවකට ඉල්ලන් කෑවේ, ඇමතිධුරය පමණක් අහිමිකර අනිත් සියලු වරප්‍රසාද එහෙම්ම ලබාදෙනවා. දූෂකයා සාක්ෂි කරුවන්ට බලපෑම් කරන තත්වයට පත්වන්නේ ආර්.කේ.ලට නීතිය නැමෙන නිසාද ?

:       0       141

Don Saturday, 21 October 2017 06:54 AM

පැමිණිල්ලක් දාල රටෙන් පැනලත් ගියහම අමාරුවේ වැටෙන්නේ විත්තිකාරයයි.. කවුරු කිවුවත් හිතුමතේ පැමිණිල්ලක් දාපු පලියට කෙනෙක්ව අත්අඩංගුවට ගන්න නීතියේ හැටියට බැහැ. පැමිණිල්ල ගැන හොයලා බලලා මොකක් හරි කරනකන් නෙත්තිකුමාරගෙන් හැංගිලා මෙයාට ටික දවසක් ඉන්න ලංකාවේ වෙන තැනක් තිබුනෙම නැද්ද?

:       174       6

lal Saturday, 21 October 2017 07:34 AM

සාක්‍ෂිකාරියට මරනීය තර්ජනයක්, දන්වන්නේ අතිරේක සොලිසිටර් ඡෙනරාල්, තර්ජනය කරන්නේ රාත්‍රී සමාජ ශාලා හිමි, පාතාල කෙරුමෙක්, රවීගේ නෑයෙක්, ඒ හේතුවෙන් දැන් අනීකාට ආරක්‍ෂාව විතරද? තර්ඡනකරු අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?

:       0       169

Perakum Saturday, 21 October 2017 07:56 AM

අනේ මෙහෙම ලංකාවක්...! අපේ පෙර පිනකට තමයි මේ රටේ ඉපදුනේ...!! ඊළඟ ආත්මයෙත් මේ රටේම සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදේවා...!!!

:       4       109

සජිත්Saturday, 21 October 2017 03:58 PM

සිංහල බෞද්ධයෙක් වෙලා උපදින්න සෑහෙන පින් තියෙන්න ඕනේ. බුදු දහම අහන්න දකින්න ලැබෙන්න, ඒ වගේම ඒ දහම තේරුම් ගන්නත් මහා පින් ඇති නිසයි. පාලකයො කොච්චර කාලකන්නි වුනත්, නිවට තුප්පහි අසමජ්ජාති වුනත් සිංහලකමයි බෞද්ධකමයි අපි ලැබුවේ පින් නිසාමයි. ඒක උපහාසයට ගන්න මේ මිනිහා නම් මෝඩයෙක්ම තමයි.

:       0       7

shanika Saturday, 21 October 2017 08:03 AM

ඇත්තටම මේ අය කියන්නේ හිඟන්නෝ... මේ විදියට හොරකම් කරලා තමයි අද මේ ලොකු සල්ලි කරයෝවෙලා ඉන්නේ.. ඇත්තටම ලැජ්ජයි...

:       0       104

de silva Saturday, 21 October 2017 10:03 AM

තර්ජනකාරයා අත්අඩංගුවට ගන්න බැරි මොකද? සමහරවිට පොලිස් පතිට කවුරු හරි " සර් " කෙනෙක් කෝල් එකක් දීලා එය අර "ඇරෙස්ට් කරන්නේ නැහැ සර් ප්‍රොමිස් යු සර්" මන්තරය මතුරනවද දන්නේ නැහැ....

:       0       111

ධම්මික Saturday, 21 October 2017 10:52 AM

නීතිය නැමීම දෙපාර්තමේන්තුවේ ලොක්කා කෝ ?

:       0       56

Mr. Bond Saturday, 21 October 2017 11:19 AM

අනිකාට පොලිස් ආරක්ෂාව නම් "ඒකාට" ආරක්ෂාව කොහෙන්ද අත්අඩංගුවට පත් නොවී ඉන්න.

:       0       62

athula Saturday, 21 October 2017 12:46 PM

මේක පුදුම රටක්නේ... මරණ තර්ජන කරපු කෙනා හිරේ දමන්න.

:       0       39

de silva Saturday, 21 October 2017 12:47 PM

අනිකාට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව දෙනකොට තර්ජන කාරයාට පොලිසියේ අැමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව දෙනවා ඇති... මේවට වියදම් කරන්නේ අපේ බදු මුදල් තමයි.

:       0       47

lalin Saturday, 21 October 2017 03:31 PM

මේකට සම්බන්ද ඔක්කොම කට්ටිය දැන් හත්පොලේ නාගෙන ඉන්නේ. හැබැයි කවදා මේවට දඬුවම් කරයිද කියන එක දෙවියෝ තමයි දන්නේ.

:       0       0

de silva Saturday, 21 October 2017 03:45 PM

මෙම තර්ජන ගැන අමෙති තුමා කිසිදෙයක් දන්නේ නැතුව ඇති , මේවා කරන්න ඇත්තේ එතුමාගේ පවුලේ උදවිය වෙන්න ඕනේ ?

:       0       0

emerson Saturday, 21 October 2017 11:09 PM

රවීන්ද්‍ර ඔයා වෙත හිඟන්නෝ හිඟා කන්නේ හොරකම් කරන්න ලජ්ජා හින්දයි මූට හිඟන්න කිවුවොත් පිනක් කරගන්නවත් හින්ගන්නෙක්ව හොයා ගන්න බැරිවෙයි

:       0       0

Hafeel Sunday, 22 October 2017 03:41 AM

දැන් රවී කියයි එයා දන්නේ නෑ.....බෑනාගෙන් අහන්න කියලා...

:       0       0

de silva Sunday, 22 October 2017 10:43 AM

ලංකාවේ මිනිස්සු පාරවල් වහගෙන උද්ඝෝෂණ කලේ සයිටම් වැනි කුඩා දේවලටය. මෙම වංචාව නිසා රටේ දළජාතික නිෂ්පාදනයෙන් 1/5 තරම් විශාල මුදලක් රටට අහිමි විය. නමුත් මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නඩු පැවරීමක් මෙතෙක් සිදුවී නැත. මෙම හොරකමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස රජයට බලකර අප දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් කල යුතුය. මේ සම්බන්ධව කොමිසමක් පත්කර ඇතත් මොවුන්ට දඬුවම් කිරීමට බලයක් නැත. නමුත් කොමිසම හමුවේ ප්‍රකාශ වුණු කරුණු කාරණා අනුව මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට හොඳටම සාක්ෂි ඇත. අඹගෙඩි 3 හොරෙන් කැඩුවා කියා කාන්තාවක් අධිකරණයට ගෙන ගිය පොලිසිය ඩොලර් කෝටියකට වැඩිය මහජන මුදල් හොරකම් කර ඇති සැක කරුවන්ට විරුද්ධව අද හෙටම ක්‍රියාත්මක විය යුතුය.

:       0       1

DD Monday, 23 October 2017 09:24 AM

ඔය "අම්බලම" රත් කරන 225ම ඔහොම තමයි. මේ අය ඔය අම්බලමේ පුටු රත් කරන්න ඇවිල්ලා තියෙන්නේ මිනිසුන්ගේ ලේ උරා බොන්නයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 3182 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7364 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3729 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3070 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11766 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8029 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site