IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රහස හෙළිවෙයි

තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය විසින් ඊයේ (23)  කොළඹ රාජකීය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයෙක් (19) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ශිෂ්‍යයා නාරාහේන්පිට පොලිස් රෝහලේ    වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තනතුරක් ලැබූ පුද්ගලයකුගේ පුතකු බව ද පොලිසිය කියයි.

රහස් පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විභාගය පැවැත්වෙන අතරතුරදී එම සිසුවාට පිළිතුරු සැපයීම වෙනුවෙන්  සිසුවාගේ පියා වන වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ටියුෂන් ගුරුවරයාට ලබා දී ඇති බවයි. සිසුවා විභාගය ලියන අතරතුර අති නවීන ඉලෙට්‍රෝනික උපකරණයක් ආදාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිසුවාගේ පියාට සහ ගුරුවරයාට යවා ඇතැයි ද ඊට පිළිතුරු ගුරුවරයා ලබා දී ඇතැයි ද, සිසුවා ගුරුවරයාගේ පිළිතුරු කනේ සවි කරන බ්ලූටූත් තාක්ෂණයෙන් වැඩ කරන උපකරණයකින් සිසුවා ශ්‍රවනය කර ඇතැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.



අදහස් (35)

ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රහස හෙළිවෙයි

pradeep Wednesday, 23 August 2017 09:46 AM

ප්‍රමිතියෙන් ඉහල වෛද්‍ය වරයෙක්ද ?

:       0       0

senaka Wednesday, 23 August 2017 10:04 AM

දොස්තරගෙ පුතාට අවුරුදු පහකට උසස් පෙල තහනම් කල යුතුයි. මගෙ පන්තියෙ යාලුවෙකුගෙ ලඟ පොඩි කොල කෑල්ලක් තිබිල අහුවෙලා අවුරුදු 5කට උසස් පෙල තහනම් කලා.

:       0       0

Bimal Wednesday, 23 August 2017 10:08 AM

මේ ආදර්ශමත් පියා දොස්තර විභාගය සමත් වුනේ කොහොමද කියලා ඔක්කොටම කලින් සොයා බැලිය යුතුයි. ඔහුගේ දොස්තරකම අත් හිටුවා ඉදිරියේදී ඔය තනතුරු ගන්න උත්සහ කරන දරුවන්ට අවංකකම සහ වෘත්තීය ගරුත්වය යනු කුමක්ද කියා දැන ගැනීමට සැලැස්විය යුතුයි.

:       0       0

Asanka Suraweera Wednesday, 23 August 2017 10:09 AM

අපේ රටේ ඉහලින් ලැබෙන ආදර්ශය පහළටත් ගලායනවා. ඔක්කොම හදන්නේ බොරුවෙන් වංචාවෙන් ඉහලට යන්න.

:       0       0

Rajith Wednesday, 23 August 2017 10:25 AM

ඔය දොස්තරලා නේද සයිටම් වහන්න කියල පෙළපාලි යන්නේ

:       0       0

Kanthi Wednesday, 23 August 2017 10:26 AM

එතකොට ඔය උපකරණය විභාග ශාලාවට ගෙනගියේ කොහොමද? පාවිච්චි කරනකොට විභාග ශාලාධිපති දැක්කේ නැද්ද? තාත්තත් දොස්තර කෙනෙක් වුනේ ඔහොමද?

:       0       0

Upali Wednesday, 23 August 2017 10:29 AM

මේ වෛද්‍ය වරයා සයිටම් එකේ කෙනෙක් නෙමේ වෙන්නැති. පුතා විභාගෙන් එස් තුනක් ගත්තොත් යවන්න වෙන්නෙ සයිටම්නෙ. ඒක නිසා ඒ තුනක් අරගෙන රජයේ වෛද්‍ය විද්‍යාලයකට යවන්නයි මෙහෙම කරල තියෙන්නෙ.

:       0       0

roshan Wednesday, 23 August 2017 10:32 AM

ඔන්න ආණ්ඩුවේ විද්‍යාලෙට යන කට්ටිය.

:       0       0

පුෂ්ප Wednesday, 23 August 2017 10:45 AM

මෙයත් දොස්තර කෙනෙක් වෙන්න වගේ අරඅඳින්නේ .

:       0       0

dhamneth Wednesday, 23 August 2017 11:10 AM

මේ වෛද්‍යවරයාත් සෛටම් විරෝධි කෙනෙක්ද දන්නේ නැහැ.

:       0       0

hesa Wednesday, 23 August 2017 11:14 AM

මෙන්න බලන්නකෝ රඡයේ වෙන්ඩ දොස්තරල නිදහස් අධ්‍යාපනය විකුනන්න එපා ,පුද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන්න කියල අඬන්නේ ඇයි කියල. තාත්තල, පුතාල, ටියුෂන් ගුරුවරු, එකතුව ගහන ඩීල් එක කෙහොමද කියල

:       0       0

Hafeel Wednesday, 23 August 2017 01:50 PM

සිසුවාගේ පියා සයිටම් වෛද්‍යවරයෙක්ද?

:       0       1

නාමල් Wednesday, 23 August 2017 02:03 PM

අධ්‍යාපනය මුදලට විකිණුනා නම් මේ වගේ දේවල් සුළු දේවල් වේවි ඉදිරියට...

:       0       0

lalith Wednesday, 23 August 2017 02:22 PM

පව් අනේ! දරුවාව අර පුද්ගලික වෛද්‍ය විද්‍යාලෙකට දාන්න හිතාගෙන ඉන්න ඇති...

:       0       0

chandana Wednesday, 23 August 2017 02:25 PM

තාත්ත විභාගය ලියන කාලේ පරෙවියෝ ඇතිකරන්න ඇති මගේ හිතේ? ගුරාගේ වයස කීයද? තාත්තා විභාගේ ගන්න කාලෙත් මනුස්සයා ටියුෂන් දුන්නාලුද?

:       0       0

sahan Wednesday, 23 August 2017 02:49 PM

පියාගේද, ගුරුවරයාගේද, සිසුවාගේද, වරද එතකොට..? මේ අය වැරැදි නම් දඬුවම් දිය යුතුයි.

:       0       0

buddika Wednesday, 23 August 2017 02:53 PM

පරණ විභාග ක්‍රම දැන් හරියන්නේ නැහැ, නවීන ක්‍රම හොයාගන්න ඕනෑ.. සාධාරණ විදියට පෙනී හිඳින දක්ෂ ළමයින්ට මේකෙන් කොයිතරම් බලපෑමක් වෙනවද? අර ටියුෂන් ගුරුවරයාට පන්ති පවත්වන එකත් තහනම් කරන්න ඕනෑ...

:       0       0

sam Wednesday, 23 August 2017 02:56 PM

රාජකීය වැඩක්නේ. කොහොමද රාජකීය ටිකිරි මොලේ?

:       0       0

ධම්ම Wednesday, 23 August 2017 03:08 PM

රාජකීය විද්‍යාලය, පොලිස් රෝහලේ වෛද්‍ය සහකාර පොලිස් අධිකාරි, නවීන ඉලෙට්‍රෝනික උපකරණ, කනේ සවි කරන බ්ලූටූත් තාක්ෂණය, රුපියල් ලක්ෂ 10ක මුදල අපට වැදගත් නැහැ. ඒත් රටේ අනාගතය ගැන නම් බියක් හිතට දැනෙනවා.

:       0       0

Sujeewa Wednesday, 23 August 2017 03:15 PM

පාසල් යන්නේ රාජකීයට! කරන්නේ නරක දේවල්. තාත්තා වැඩ කරන්නේ පොලීසියේ. තාත්තා දොස්තර වුණෙත්, සීයා මේ විදියටම වැඩ කරලාද?

:       0       0

nimal Wednesday, 23 August 2017 03:30 PM

ඒ ශිෂ්‍යාගේ උත්තර පත්‍රයේ උත්තරවලට ලකුණු කීයක් ලැබුණ ද කියලා පත්තරේ දැම්මා නම් හරි. දොස්තර තාත්තත් පාස් වෙන්න ඇත්තේ ඔහොම තමයි. අනේ මේ දොස්තරලා නේද අඩු ලකුණු අය සයිටම් යන එකට විරුද්ධ? එතකොට හොර ලකුණු අය කැම්පස් යන එකට මොකද?

:       3       1

Vipula Wednesday, 23 August 2017 03:44 PM

රාජකීය වෛද්‍යවරයකු, පොලිස් අධිකාරි, සිසුවාගේ පියා , මේ ඔක්කොම සමාජයේ ඉතා වැදගත් යැයි සම්මත දේවල්.. ලැජ්ජයි නේද?

:       0       0

sunil Wednesday, 23 August 2017 03:56 PM

නවීන තාක්ෂණය උපකාරයෙන් අපේ රට ලබා තිබෙන දියුණුව මොනවට පැහැදිලි වෙනවා නොවේද?

:       0       0

Chanak los anjalis Wednesday, 23 August 2017 04:00 PM

ඕක ඔච්චර ලොකු දෙයක්ද කෑගහන්න තරම්?

:       0       0

තිලක් Wednesday, 23 August 2017 07:46 PM

ප්‍රමිතියක් ඇති වෛද්‍යවරුත් මේ වගේ නින්දිත වැඩ කරනවා.. තමන්ගේ කුලය රැක ගන්න.. තව කොච්චර කට්ටියක් මේවා කළාද දන්නෑ.. නවීන උපකරණ.. ගැන පරීක්ෂණ විභාග ශාලවට පිවිසෙන්න පෙරම දැන් පරික්ෂා කළ යුතු වෙනවා..මේවා කරන්නේ..මෙවැනි නින්දිත උගතුන් තමයි.. මේ අය තමන් අන්තිමට නිදහසේ ඉගෙන ගන්න අයටත් අධ්‍යාපනය විනාශ කරන්න අරගල කරන්නේ....

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 23 August 2017 08:54 PM

අපි ඒ කාලේ අල්ලේ ලියූවා... රෝල් කරපු පුස්ථක කණේ ගහගෙන විභාග ලියුවා. වැසිකිළිය හරහා බොහෝ ගණදෙනු කර ගත්තා. විභාගවලට ඇන්දේම අත්දිග කමිස හරියට මැජික් කාරයෝ වගේ කොළ කෑලි හංගාගන්න පහසු වෙන්න.

:       0       0

ravin Wednesday, 23 August 2017 11:57 PM

ඔක්කොටම ඉස්සෙල්ල ඔය කියන තාත්ත පොදු මහජන සේවාවලින් ඉවත් කල යුතුයි. දොස්තර බුරුවෙක්. තම දරුවන් යහමගට ගැනීම දෙමව්පියන් හා ගුරුවරුන් කල යුතු වුවත් හොරකමට පුරුදු කරන දෙමවුපියන්ට සමාජය කොහෙත්ම සැලකීමක් නොදක්වියයුතුයි

:       0       0

ranjith Thursday, 24 August 2017 01:00 AM

ටියුෂන් කාරයො මේ රට කනවා. සල්ලි වලට කෑදර හැත්තක්

:       0       0

chandima Fonseka Thursday, 24 August 2017 01:56 AM

ටියුෂන් ගුරාගේ වැඩි තණ්හාව නිසා මේ සිද්ධිය අහුවුනා. තව කි දෙනෙක් ඔය විදියට අහු නොවී කරගෙන යන්න ඇද්ද?අපරාදේ අපේ ළමයි තරගෙන් පරදිනවා.

:       0       0

Ranil Thursday, 24 August 2017 02:33 AM

ඔක්කම හොරු දැන් එන්නේ රෝයල් එකෙන්ද? ලොකු රෝයල් හොරු මහා බැංකුව හොරා කනවා. මද්යම හොරු ෆූට්නොටේ ගහල ගෙවල් ගන්නවා පගාව විදිහට. මේවා බලන් ඉන්න දැන් ඉස්කෝලේ ඉන්න පොඩි රෝයල් පැටව් හොර විබාග කරනවා.

:       0       0

ashan Thursday, 24 August 2017 02:52 AM

ඔය වියදම් කරපු සල්ලි වලින් ලමයට කඩයක් දාල දෙන්ඩ තිබුනනෙ දියුනුවෙයන් කියල. මෙහෙම කරල විශ්වවිද්‍යාලෙ යන අය තමයි නිදහස් අද්‍යාපනෙ ගැන කදුලු සලන්නෙ.

:       0       0

hasitha Thursday, 24 August 2017 03:00 AM

කමක් නෑ.. එයත් රෝයල්.. රවී මාමත් රෝයල්..

:       0       0

yaka mahathaya Thursday, 24 August 2017 03:08 AM

මෙන්න රාජකීය බඩු ...

:       0       0

රට හැදෙන ලකුණු Thursday, 24 August 2017 04:07 AM

"කොළඹ රාජකීය විද්‍යාලයයේ" .. හොරු වැඩියෙන් ඉන්නේ කොහෙද? රාජපක්ෂ වරු ප්‍රදාන හොර කොට්ටාසයක්. ජොබ් වලට ගන්න විට බලන්න වාසගම සහ පාසැල. හොර වැඩ කෙරීමට දුප්පත් අය බයයි. රජයේ ආයතනවල ලොක්කන් ටෙන්ඩර වලින් හොර වැඩ එළිපිට කරනවා. යහපාලනය හොදයි. හොර එලිවනවා. හොරු රකින අයව ඇමති කමින් පහ කරනවා. නඩු කල්දමන හේතු බලන්න. ලංකාවේ ටික දෙනෙක් මුළු රටම කනවා. මෝඩ මිනිස්සු වහලුන් ලෙස සිටියි.

:       0       0

mali Thursday, 24 August 2017 05:48 AM

අනේ මෙහෙමත් තාත්තා කෙනෙක්... දරුවාගේ මුළු අනාගතේම කාලකණ්ණි කරලා ඉස්කෝලේ නමටත් ලජ්ජා කළා... දරුවා ගැන හරිම කනගාටු හිතෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4258 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3684 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3044 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11675 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7970 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site