( තිලකරත්න දිසානායක.)
අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ ) විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය සෙනසුරාදා (19) ලිවීම අවසන් වු පසුව එම ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රධාන පාසලක් අසලදී බෙදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
දිවයිනෙහි ප්‍රදේශ ගණනාවකදීම රසායන විද්‍යා විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන බව සදහන් කරමින් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න කිහිපයක් සහිතව උපකාරක පන්ති ගූරුවරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් මෙම අත් පත්‍රිකාව බෙදා හැරීමට පියවර ගෙන ඇති බව විභාගයට පෙනී සිසූහු පවසති.
විභාගය අවසන් වු සැණින් මෙලෙස ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත පත්‍රිකාවක් ලබාදීම සම්බන්ධයෙන් මව් පියන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේත්තුවට දැනුම් දී ඇති අතර මේ අනුව පොලිස් මුලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ගූරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ විභාගය අවසන් වු සැණින් මෙලෙස ප්‍රශ්න සහිත අත් පත්‍රිකාවක් බෙදා හැරීමට නම් අදාල පුද්ගලයාට විභාගයට කළින් ප්‍රශ්න ලැබී තිබිය යුතු බවත් මෙය බරපතල ගැටළුවක් බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ වි
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලය
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹයි
dingirala Sunday, 20 August 2017 04:21 AM
උගත් යයි කියගන්නා සමහර ටියුෂන් ගුරුවරු සදාචාරාත්මකව වැටී ඇති පහත් ඛේදනීය තත්වය පෙන්වීමට මීටත් වඩා උදාහරණයක් අවශ්‍යද?
පෙරේරා Sunday, 20 August 2017 05:09 AM
කට්ටියට පෝස්ටරේ තියෙන සිංහල තේරෙනවා මදි වගෙයි. මේකේ විදිහට මට තේරෙන්නේ මේ ටියුෂන් කරුගේ ප්‍රශ්න පත්තරේ විභාග දෙපාර්තමේන්තුව හොරකම් කරල වගෙයි. මොකද මෙයානේ විභාගෙට ඉස්සරවෙලා සම්මන්ත්‍රණේ මේ ප්‍රශ්න කියලා තියෙන්නේ. අනික හැමදාම කරන්නේ ඔය පරණ ප්‍රශ්න අඹර අඹර දෙන එකනේ. ඕක අනුමාන කරන්න එච්චර අමාරු නෑ.