IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නවකවද සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 5 දෙනා දින 14 කට රිමාන්ඩ්

අමල් වික්‍රමරත්න

නවක වදය ලබාදීමේ සිද්ධියක් මත අත්අඩංගුවටපත් ගාල්ල ලබුදුව කෘෂි තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් 5 දෙනා  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට අද සවස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

නේවාසිකාගාරයේ සිටි නවක සිසුවියක් විසින් නවක වදය ලබාදීමක් පිලිබදව අක්මීමන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කිරීමෙන් පසුව අදාල සිසුවියන් 4 දෙනා සහ සිසුවා අද අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කලබව අක්මීමන පොලිසිය සදහන් කරයි.

නවක වදය ලබාදීමට එක්වූ සිසුවියන් අතර කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසර සිසුවියන්  දෙදෙනෙකු සහ තෙවන වසර සිසුවියන් දෙදෙනෙකු මෙහෙයවූ අනෙක් සිසුවාද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිලිබදව අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (19)

නවකවද සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 5 දෙනා දින 14 කට රිමාන්ඩ්

රවින් Thursday, 21 June 2018 11:35 AM

වහාම මේ පස් දෙනාව මානසික වෛද්‍ය වරයකු වෙත යොමු කරන්න.

:       0       0

rama Thursday, 21 June 2018 11:50 AM

ඒක නම් හොඳ දඩුවමක්. හොදට මතක හිටින දඩුවම් දෙන්න ඕන මේ මානසික රෝගීන්ට

:       0       0

tommy Thursday, 21 June 2018 12:21 PM

මෙවැනි අපරාධ පාලනය කල හැක්කේ ඒ සඳහා දැඩි දඬුවම් දීමෙන් පමණි.

:       0       0

සතයපාල Thursday, 21 June 2018 12:49 PM

නවක වදය කියන අමානුෂික ක්‍රියාව සියලුම අධ්‍යාපන ආයතන වලින් තුරන් කල යුතුයි. ඒ සදහා නවක වදයට විරුද්ධ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ හා ගුරුවරු පෙරමූණ ගත යුතුයි. මෙයට සම්බන්ධ වන අය අධ්‍යාපන ආයතන වලින් නෙරපා දැමිය යුතු අතර ඔවුන්ට වෙනත් රාජය ආයාතනයක අධ්‍යාපනය ලැබිය නොහැකි ලෙස අසාදු ලේඛණ ගතකර ප්‍රසිද්ධ කල යුතුයී.

:       0       0

dilantha Thursday, 21 June 2018 01:17 PM

තාමත් මේ වගේ මානසික ලෙඩ්ඩු ඉන්නවනේ. දැඩි දඩුවම් දෙන්න ඕන ශිෂ්‍ය භාවය නැති කරලා දාන්න ඕන. අඩුම ගානේ මේවටවත් නිතිය ක්‍රියාත්මක උනොත් හොඳය.

:       0       0

sam Thursday, 21 June 2018 03:20 PM

බොහොම හොදයි. ශිෂ්‍ය භාවයත් අහෝසිම කරලා දැම්මනම් බොහොම හොදයි.

:       0       0

Raveendra Thursday, 21 June 2018 03:41 PM

මේ ඔබේ අපේ මහජන මුදල් විනාශ කරන , නිදහස් අධ්‍යාපනය ගැන මහ ලොකුවට අඬ බෙර ගහන මෙවන් අය ශිෂ්‍යයන් යයි කියා ගන්න අයව එලවාදැමිය යුතුමය. මේ අයගේ අහිංසක දෙමාපියන් ඇත්තෙන්ම පව්.

:       0       0

විකුම් රංගන Thursday, 21 June 2018 04:21 PM

මානසික රෝගීන්. මේ අයගේ ශිෂ්‍ය භාවයද අහෝසි කල යුතුයි. දෙමල හා මුස්ලිම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඔවුන්ගේ ඊළඟ සගයින්ව අතට අත දී පිළිගනිද්දී සිංහලයින් පමණක් මෙසේ ක්‍රියා කරන්නේ, මොවුන්ගේ ජානවලම ඇති ගෝත්‍රික හා මිලේච්ජ බව ලොවටම ප්‍රදර්ශනය කරමින්.

:       0       0

ගාල්ලේ පාල Thursday, 21 June 2018 04:43 PM

මෙහි පාලකයන්ට නවක වදය දීම් ගැන පැමිණිළි කළාට වැඩක් නැහැ. එයාලගෙ සහයොගය වක්‍රව ලැබෙනවා. මානසික ලෙඩ්ඩු තමයි නවක වදය දෙන්නෙ

:       0       0

vidya Thursday, 21 June 2018 04:52 PM

දඬුවම වශයෙන් පරිසරය පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලකට යොදවන්න. එතකොට පෙනේවි නිදහස් අද්යපනයේ අගය,

:       1       0

Maheshika Thursday, 21 June 2018 05:30 PM

රෝගයක් සුවකිරීමට රෝග නිදානය මුලින් උපුටා දැමිය යුතුය. ඔවුන්ව ගෙදරම යවන්න. අනිත් සිසුවියන්ට රෝගය බෝවීමට කලින්. විසබීජ පැතිරවීමට ඔවුන්ට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න.

:       0       19

sanath Thursday, 21 June 2018 05:41 PM

නවක වදය කියන්නේ මහා අපරාධයක්. මේකෙන් සෙතක් සිදුවුන කිසිම කෙනෙක් මට නම් හමුවෙලා නැහැ. හැමෝම කියන්නේ නවක වදය දෙන්නේ මානසික ලෙඩ්ඩු කියල. මටත් පළමු වසරේදී මාසයක් නවක වදය විඳින්න වුනා. ඒ මාසේ අපි විශ්ව විද්‍යාලයේ හිටියේ මරණයට මුහුණ දෙන්න තියෙනවා වගේ භයකින්. සමහර ළමයි නවක වදයට බයේ විශ්වවිද්‍යාල අත්හැරලා යනවා. මං නම් කියන්නේ නවක වදය දෙන ළමයින්ට උපරිම දඬුවම් ලබාදෙන්න කියලයි. අඩුම වශයෙන් අවුරුද්දකටවත් ශිෂ්‍යභාවය අවලංගුකරන්න ඕන.

:       0       28

Bimal Thursday, 21 June 2018 06:29 PM

සරසවියේ මදිවාට තාක්ෂණ අධ්‍යාපනික ආයතනවලත් අර කවුද කියපු උප සංස්කෘතිය කාවද්දන්න යනවා. මේ ළමයින්ට මේ අමන වැඩ වල ප්‍රතිපල පේන්නේ තමන්ගේ ළමයෙකුත් අනාගතයේ මෙවැනි තැනකින් පීඩාවට පත්ව ගෙදර ආපු දවසට. මම කල්පනා කරන්නේ මේසිසුන්ගේ දෙමව්පියන්ගේ මානසික මට්ටම මොකද්ද කියලා. තමන්ගේ දරුවාව උසස් අධ්‍යාපනයකට යොමු කරන්නේ තව කෙනෙකුගේ දරුවෙකු පීඩාවට පත් කරන්න නම් කොහේ හෝ වරදක් සිදු වී තිබෙනවා. දරුවන්ව හදලා නෙවෙයි , වල් පැලැටි වගේ ඔහේ වැවෙන්න ඉඩ හැරලා.

:       0       1

Bamunuarachchi Thursday, 21 June 2018 06:40 PM

හම ගහන්න.

:       0       8

Mahee Thursday, 21 June 2018 10:51 PM

මේ අයටත් පොඩි නවක වදයක් දෙන්න සමහර විට බන්ධනාගාරේ දැන් ඉන්න කට්ටියත් ආසාවෙන් ඇතිනේ. එතකොටවත් තේරෙයිද බලමුකෝ මේකේ රසය.

:       0       0

theshan Friday, 22 June 2018 02:39 AM

මෙයාලගෙ ශිෂ්‍ය භාවය අහෝසි කරලා, රජයේ කිසිඅම විභාගයක්ට පෙනී සිටින්න සහ රජයේ කිසිම රැකියාවකට අයදුම් කිරීම තහනම් කරන්න ඕනේ.

:       0       1

lalithsjm Friday, 22 June 2018 02:58 AM

අමානුෂික නවක වාදය කරන අයගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි.

:       0       1

sumith Friday, 22 June 2018 03:52 AM

මෙයාලට හොඳ ට මතක හිටින්න දැඩි දඩුවන් දෙන්න , තව කෙනෙක්ට වද දීල සතුටු වෙන්න තරම් පහත් මිනිස්සු ඉන්න ඕන හිරගෙදර තමා

:       0       0

Mahee Friday, 22 June 2018 06:37 AM

නවක වදය කියන්නේ උප සංස්කෘතිය ඉගැන්වීමේ අහිංසක වැඩ සටහනක් කියලා සටහනක් තිබුනා මතකයි. මේ කියන වදකයොත් ඒ අහිංසකයෝ වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3447 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3661 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3041 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11668 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7967 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3051 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site