IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට පත්විය.  ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි.  

අද (27) පැවැති ඡන්ද විමසීමේදී මෝසමට විරුද්ධව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 436 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. මෝසමට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙක් එහි නොවූහ. 

ඒ අනුව ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ඉදිරිපත් කරන යෝජනාව තවදුරටත් වලංගු වන අතර ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න අවසාන වශයෙන් යුරෝපා සංගම් කවුන්සිලය තීරණය කරනු ඇත.  ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම ඉකුත් ජනවාරි (11) නිවේදනය කළේය.

මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීමත් සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන තිබිණි.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම ඇතුළු අංශ කිහිපයකින් ප්‍රගතියක් පෙන්නුම් කර තිබුණ ද එය ප්‍රමාණවත් නොවන බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කඩවීම්, ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම් ආදිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැති බවත් අප්‍රේල් 20 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෝසමේ සඳහන්ව තිබිණ. ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව තරමක පසුගාමී තත්ත්වයක සිටින බව ද එහි සඳහන්ව ඇත.



අදහස් (7)

ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි

Nilantha Thursday, 27 April 2017 04:17 PM

හොද ජයග්‍රහනයක්. කීදෙනෙක් අපේ රටට මේ ජයග්‍රහනය වලක්වන්න හැදුවද?. අන්තිමේදී රට දිනුවා. කටුනායක කොච්චර කර්මාන්ත වැහුනද කියලා පුහු කුහක දේශපාලකයන්ට වැඩක් නෑ. බියගම, ගාල්ලත් ඒවගේමයි. කොච්චර මිනිස්සුන්ට රැකියා අහිමි වුනාද ? දැන් නැවතත් චීනය, වියට්නාමය, බංගලාදේශය වගේ රටවල් ඒක්ක තරග කරන්න අපිට පුලුවන්. නව රැකියා සමග අායෝජකයෝ නැවත ලංකාවට ඒයි.

:       172       737

K Perera Thursday, 27 April 2017 07:04 PM

පොදුජන විපක්ෂය මේකටත් මොනවහරි කීයාවි.

:       0       30

Fareed Thursday, 27 April 2017 08:14 PM

රටට යම් කිසි හොඳ දෙයක් ලැබෙනවනම් අපේ රටේ ආර්ථිකයට හා මුළු මහත් ජනතාවටත් ප්‍රතිලාභයක් ලැබේවි. අර පක්ෂද මේ පක්ෂද කියල අපිට වැඩක් නැහැ. මොන ආණ්ඩුවත් අපේ ඡන්දයෙන් පත්වෙන්නේ

:       1       10

mahee Friday, 28 April 2017 12:38 AM

නිලන්ත, ඔබ සමග මුළුමනින් එකඟයි. මේ සහනය අහිමි කල වෙලාවේ කයිවාරු ගහපු කුහක දේශපාලුවෝ කිව්වේ අපිට ඔය කෙහෙල්මල නැතුවට කමක් නැහැ අපට කිසිම බලපෑමක් නැහැ කියලයි. නමුත් අපේ අපනයන ආදායම පහත වැටිලා කර්මාන්ත වැහෙනකොට ඔවුන් දුන් පිලියමක් තියෙනවද? කොන්දේසි නොදා ලෝකේ මොනම රටක්වත් සහන දෙන්නේ නැහැ. අපට අවාසීනම් කොන්දේසි වෙනස් කරව ගන්න උත්සාහ කරනවා මිසක් බැන වැදීමෙන් මොනවද ලැබෙන්නේ? රට ඇතුලේ බොරු වීරයන් වෙන්න හදන අයට නම් යමක් ලැබෙනවා ඇති.

:       0       20

Susil Friday, 28 April 2017 03:56 AM

මෛත්‍රී/රනිල් සුසංයෝගයට තව අවුරුදු තුනක් දීලා බලන්න. අනිවාර්යයි. රටේ ආර්ථිකය හදනවා. ඕනෙනම් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්දෙන් පරාජය කරන්න. බොරු වර්ජන වලින් රටේ අනාගතය විනාශ කරන්න එපා.

:       42       89

Ajith Friday, 28 April 2017 07:20 AM

සුසිල් ඔයාට තේරෙන ටික ,පක්ෂ හා ජාතිවාදී කන්නාඩි දාගත්ත අයට වැඩක් නැහැ , එක ජාතියේ අවාසනාව ,නිදහස ලබල මෙතරම් කාලයක් ගිහිල්ලත් අපි වලේ ඉන්නේ ඔය සෙට් එක හින්ද නිසයි

:       6       11

sanath Friday, 28 April 2017 09:21 AM

මෙය අපේ රට ලැබූ ජයග්‍රහණයක්....

:       0       8

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2698 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2072 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5586 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4059 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4641 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7005 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site