IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක ‘අනුර කුමාර‘

( නිමල කොඩිතුවක්කු සහ මුදිතා දයානන්ද )

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක ලෙස  අනුර කුමාර දිසානායක මහතා  නම් කළේය.

සිවිල්  සංවිධාන  සහ දේශපාලන පක්ෂ 28 කින් සමන්විත  ජාතික ජන බලවේගයේ  කොළඹ ගාලුමුවදොර පිටියේදී  මේ වන විට  පැවැත්වෙන  රැළියේදී  මෙලෙස ඔහු  ජනපති අපේක්ෂක ලෙස නම් කෙරිණි.

( ඡායාරූපය - ලහිරු හර්ෂණ ) 



අදහස් (83)

ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක ‘අනුර කුමාර‘

sirimal Sunday, 18 August 2019 12:44 PM

සෙනඟ පෙන්නලා දිනන්න පුලුවන්නම් ඔය තුන් හතර දෙනාම දිනනවා.

:       17       1

Athula Sunday, 18 August 2019 12:46 PM

ජය වේවා ,ඇස් පෑදේවා

:       1       60

Nishantha Sunday, 18 August 2019 12:50 PM

අපෙන් සුබ පැතුම්. එත් මේ සැරේ දෙන්න වෙන්නේ ගෝටාභයට තමයි

:       51       22

FAIROOS Sunday, 18 August 2019 12:52 PM

උණුසුම් සුබ පැතුම්!

:       33       59

Mash Oman Sunday, 18 August 2019 01:04 PM

අනාගත ජනපතිට ජය වේවා !!

:       3       38

Demuni de silva Sunday, 18 August 2019 01:06 PM

සුබ ප්‍රාර්ථනා හදවතින්ම. ඇයි? මට ඔබ විශ්වාසයි

:       2       49

Indika Hemantha Sunday, 18 August 2019 01:10 PM

කන්දක් විලිලා මීයෙක් වැදීම!

:       129       100

සිරිමල් Sunday, 18 August 2019 01:14 PM

සමස්ත ශ්‍රීලංකාවෙන්ම ජනතා විමුක්ති පෙරමුණට තිබෙන ඡන්ද ප්‍රමාණය කොතෙක්ද කියා බලාගන්න හොඳම අවස්ථාව ලෙසට මෙය සලකන්න පුළුවන්වේවි. එය අඩු බවක් පෙනුනොත් අහවලාට උදව් කරන්න කියා කියන්නත් බැරි නැහැ. බලමු මොකද වෙන්නේ කියලා

:       15       6

Prabha Sunday, 18 August 2019 01:26 PM

සිහින කුමරා

:       1       42

Nilantha Sunday, 18 August 2019 01:34 PM

ජාතික ජන බලවේගයේ ඉන්නෙත් ජවිපෙ සාමාජිකයින් තමයි. අනුර චන්ද 5,00,000 ක් වත් ගන්නේ නෑ. එදාට තමා ජවිපෙට තරු පෙනෙන්නේ. දෙවෙනි මනාපේ නොදුන්නොත් ඡන්දෙ අවලංගුයි. පොහොට්ටුව දිනුම්. එක්සත් ජාතික පක්ෂෙට දුන්නොත් හොරේ එළිවෙනවා . මෙදා පාර ජවිපෙ ඉවරයි.

:       1073       678

dilan Sunday, 18 August 2019 01:55 PM

එතකොට මෙයාමද එක්සත් ජාතික පක්ෂයෙත් පොදු අපේක්ෂකයා? දැනගන්න අහන්නේ... මොකද අපි තීරණය කරලා තියනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට කතිරේ ගහන්න,,,,,

:       4624       3554

athuraMonday, 19 August 2019 04:10 AM

මෝඩ අදහසක්.

:       45       298

chinthaka Sunday, 18 August 2019 01:56 PM

අපේ අප්පා...මෙයා මේ ඉන්න විදියටයි මුණටයි පොඩි ළමයි ඇත්තටම බය වෙනවනේ.

:       1404       1153

TharinduSunday, 18 August 2019 04:07 PM

බුදුරජාණන් වහනසේ වරක් ‌දේශනා කරලා තියෙනවා මිනිසෙක් ව මැනිය යුත්තේ ඔහුගේ මුහුණේවත් සිරුරේවත් ස්වභාවය අනුව ‌නොව ඔහුගේ ක්‍රියාව අනුව යැයි යනුවෙන්. ඉදින් බුදුන් වහන්සේ විසින් ‌දේශනා කරන ලද ‌දේවත් අවබෝධ කර‌නොගෙන බුද්ධාගම රැකගැනීමට ‌ගෝටා වැනි අයවලුන් පසුපස එ‌‌ඬේරා පසුපස යන ‌ගොනුන් ‌මෙන් ‌බොහෝ පිරිස් ගමන් කරති.

:       39       129

karunajeewaSunday, 18 August 2019 09:38 PM

විදිය ගැන පොඩි අදහස් කිරීමක් කරන්නකෝ. දැනගන්න කැමතියි..

:       1       21

Shan Sunday, 18 August 2019 02:08 PM

මේවට වියදම් කරන සල්ලි වලින් ඇයි මැරෙන්න ඉන්න කෙනෙක් බේරගන්න බැරි..? ජනතා විමුක්ති පෙරමුණ සිංහල අය කොච්චර මැරුවද? මටනම් ගෝඨාභයගේ සුදු වෑන් එක ඕනෙමයි. ඒත් එක එයාගේ කියලා මම දන්නේ නැහැ.

:       1169       173

TharinduSunday, 18 August 2019 03:21 PM

ඔව්,‌බේරගන්න පුලුවන්. හැබැයි ඒ එක්කෙනයි. නමුත් බලයට ආවොත් මුළු ජීවිත කාලයම ‌‌තේරුමක් නැතිව දුක් විඳලා මැරිලා යන මිනිස්සු ලක්ෂ ගණනාවකගේ ජීවිතවලට නියම වටිනාකමක් එක් කරලා ඒ අයට සතුටින් මැරිලා යන්න අවස්ථාව හදලා ‌‌දෙන්න පුළුවන්. ඒනිසා අනෙක් අය වගේ කළු සල්ලි වලින් ඡන්ද ව්‍යාපාර කරන්නේ නැතිව සාධාරණ ව උපයාගත් පාක්ෂිකයින්ගේ අරමුදල් සුළු ප්‍රමාණයක් ‌ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයකට ‌වෙන් කිරීම ගැන අප කිසිසේත් කනගාටු විය යුතු නැත. අවාසනාවකට ඔබ වැනි ‌බොහෝ පිරිසකට අපේ රටේ ප්‍රධාන ‌දේශපාලන පක්ෂ ‌දෙක විසින් ‌වසර 71ක් පුරාවට ‌මෙරට ජනතාව පැහැදිලි ‌ලෙස මුලා කිරීමේ ස්වභාවය අබමල් ‌රේණුවක් තරම්වත් නිවැරදි ව ‌තේරුම් ගත හැකි බුද්ධියක් තිබුණේ නම් ‌ඔවුන්ට ‌මෙම මුදලවත් තම ඡන්ද ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට අවශ්‍ය ‌නොවේ. ‌‌කෙසේ ‌හෝ ‌මේ බව ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුන්ට සිදුව ඇති බැවින් කුමන මුදලක් දරා ‌‌හෝ ඔවුන්ට එය කිරීමට සිදුවේ. ඔබ වැනි පිරිස් ‌මෙරට තුළ වැඩිවන තරමට එම මුදල් ප්‍රමාණය ද අසීමිත ව වැඩි වීම ‌නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත.

:       0       104

සෙනෙවිරත්නSunday, 18 August 2019 06:46 PM

ගෝඨාභය වෙනුවෙන් කරලා තියෙන වියදම් දැක්කෙම නැත්තේ ඇස්වල දෝෂයක්ද? අර ලෙක්ෂි කටවුට් ගැහැව්වෙ ඇමරිකාවේ වියදමින්ද? ගාලු පාරේ කි.මීටර 1/2 න් 1/2 ට කටවුට්, මහා තොරණවල්, 2015ට පෙර තිබිච්ච අප්පිරියා සහගත සංස්කෘතිය ආපසු එනවා නෙවෙයි ඇවිල්ලා... බලේ නැතිව මෙහෙම නම්... බලේ ආවම කොහොමද?

:       2       117

mamaMonday, 19 August 2019 12:03 AM

මේ මිනිසුන් නිකරුනේ සල්ලි වියදම් කරන අය නෙමේ. මේක විශේෂ අවස්ථාවක් . කල්පනා කරලා කතා කරන්න ළමයෝ .

:       47       116

fasmy Sunday, 18 August 2019 02:45 PM

මහා පක්ෂ වලින් කව්රු ආවත් අනුරගේ අධ්‍යාපන සුදුසු කම් එක්ක හැප්පෙන්න පුලුවන්ද ?

:       3       58

ජයන්ත මිලානෝ Sunday, 18 August 2019 02:54 PM

අපරාදෙ කාලයයි වියදමයි. ගහපු බෙර පද හැටියට මම නම් හිතුවෙ ලංකාවේම ගෞරවයට පාත්‍ර වූ පින්වත් මූනක් එලියට එයි කියලා.

:       71       51

ravi Sunday, 18 August 2019 03:06 PM

හරිම නිශ්ශබ්ද චාම් පෙනීසිටීමක්. සමහරවිට මෙයා වෙන්නත් පුළුවන් ..

:       13       9

de silva Sunday, 18 August 2019 03:11 PM

උඩින්ම දිනාවි

:       6       16

උදය Sunday, 18 August 2019 03:23 PM

බලන්නකෝ ගාම්භීර ප්‍රතාපවත් පෙනුම.

:       24       2

Suranga Bandara Sunday, 18 August 2019 03:40 PM

කෙකර ගාපු විදිහට මම හිතුවේ ඔබාමාවත් ගේයිද කියලා.

:       34       132

Anurudda Sunday, 18 August 2019 03:51 PM

සියලුම අපේක්ෂකයන් ජනාධිපති වීමෙන් පසු කරන සංවර්ධන වැඩසටහන් වගේම ඒ සඳහා මුදල් උපයන ආකාරය පැහැදිලි කරන්න. එවිට යහපත් පුද්ගයෙකු තෝරාගත හැකි වේවි,

:       0       3

ධම්ම Sunday, 18 August 2019 05:22 PM

දැන් ඉතින් ජනතාව දැනුවත් කිරීම දෙවනුවට තබා ඡන්දේ ගන්න ක්‍රමයක් ගැන අවධානය යොමුකරන්න වේවි.

:       0       62

chandani Sunday, 18 August 2019 05:55 PM

අපි හිතුවේ සිවිල් කෙනෙක් කියලා. මෙයා එපා.

:       1       213

Saman Sunday, 18 August 2019 06:21 PM

දිනන එකක් නම් නැහැ. නමුත් දින්නොත් කියපු විදියටම අනිවාර්යයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරයි.

:       2       21

sirimal Sunday, 18 August 2019 06:56 PM

අනුර කුමාරට සැහෙන ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ගෝඨාභයටත් එජාප අපේක්ෂකයාටත්. මේ කණ්ඩායම් වල සියලුම දෙනා ඒ ගැන උදම් අනන අතරේ කිසිකෙනෙක් ගණන් ගන්නේ නැති යතාර්ථය තමයි මේ බෙදෙන්නේ සිංහල ඡන්ද කියන එක.

:       0       6

chandima Sunday, 18 August 2019 09:53 PM

වෙනසක් කරනවානම් ඒ වෙනස් කරන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන්ම ඉදිරිපත් කරන්න.

:       0       1

sama Sunday, 18 August 2019 10:28 PM

මම මේ බලන්නේ කෝ කොමෙට්ස් කියල, නො කොම්මේන්ට්ස් වගේ මේ නිව්ස් එකට

:       0       0

Warnakulasuriya Sunday, 18 August 2019 10:42 PM

මෙතුමා දුෂිතයෙක්, මිනිමරුවෙක්, නුගතෙක් වුනා නම් ජනතා බහුතරය පසුගිය දිනමෙන් රට දෙවනත් කරමින් ජය ඝෝෂා පවත්වනු ඇත . රාජකීය උරුමයකින් හෝ වලව් පැලැන්තියකින් පැමිණියේ නම් ජනතාව ඉහළින්ම පිළිගනු ඇත . සත්‍ය තේරුම් ගත්ත ජනතාවක්ද රටේ සිටියි . ඔවුන් නොවෙනස්ව මෙතුමා වෙනුවෙන් කැපවෙන බව සහතිකය. ජයවේවා !

:       355       301

සමන් Australia Sunday, 18 August 2019 11:15 PM

යමු යමු ආපහු 89 ට යමු .

:       337       364

Bandara Sunday, 18 August 2019 11:24 PM

අපිනම් කවුරු ආවත් දෙන්නේ නැහැ .

:       117       224

sisira Sunday, 18 August 2019 11:25 PM

ඇපත් නැතුව තමයි යන්න වෙන්නේ. ඒ සමගම පක්ෂයේ අවසානයත් දැකිය හැකියි.

:       163       143

keppetipola Sunday, 18 August 2019 11:51 PM

මෙයාද මේ මහා ලොකුවට මෙච්චර දවස් පුල පුලා කියල ඉදිරිපත් කරපු කෙනා. හැමෝටම කඩේ ගිහින් මුළු රටම හෙම්බත් කරලා, තරුණ පරපුර විනාශ කරපු මේ වගේ අයට ඡන්දේ දෙන්න රටේ මිනිස්සු මෝඩ නැහැ . රට මංකොල්ල කාලා , ජීවිත දහස් ගණනක් නැති කරපු හිරගෙදර ඉන්න ඕන අය දැන් ඡන්දෙ ඉල්ලනවා. අනේ අපේ රටට ගිය කල ....

:       1281       1254

lion Sunday, 18 August 2019 11:59 PM

ඔබලා මේ රටේ සිටි පාලකයන් ගැන හොයා බලන්න . ටික දෙනෙකු හැර ඔය බොහෝ අය විසාල පෝසතුන් උනා .හැම පක්ෂයක්ම තමන්ගේ පවුලේ අය දේශපාලනයට ගේනවා . රටට වැඩ කරන්න නෙවේ. හොඳට ජීවත් වෙන්න . මේ මිනිසුන් ඒ වගේ දේවල් කළේ නැහැ. ඔවුන් දෙවරක් ගිය පාර වැරදුනහම ප්‍රජාතාන්ත්‍රික පාර තෝර ගත්තා. ඉන්පසු ඔවුන් විනාශකාරයන් ලෙස කවදාවත් හැසුරුනේ නැහැ. අනෙක් පක්ෂවල අය කර වැරදි වලට සමාව දෙන්න පුළුවන් උනානම් ඇයි ජනතා විමුක්ති පෙරමුණට සමාව දෙන්න බැරි ? බලන්න ඔවුන්ගේ මන්ත්‍රී කෙනෙකුට වරක් චෝදනාවක් ආවේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා කෙනෙක් ජපානයට ගෙනිහිල්ල මුදල් ගත්ත කියල .පක්ෂය චෝදනාව විභාග කරලා ඔහුව පක්ෂයෙන් අයින් කළා. වෙන කිසිම පක්ෂයක මේ වගේ විනය ක්‍රියාමාර්ග ගන්නවද ? පොඩ්ඩක් හිතන්න. අපි අවුරුදු 70 ක් මුලාවුන අය කෝටිපතියන් වුන රට සමග අපි අන්ත දුප්පතුන් උනා.

:       172       425

TigerMonday, 19 August 2019 10:15 AM

ඔවුන් දෙවරක් ගිය පාර වැරදුණාම ප්‍රජාතාන්ත්‍රික පාර තෝර ගත්තා. ඉන්පසු ඔවුන් විනාශකාරයන් ලෙස කවදාවත් හැසිරුනේ නැහැ. පොඩි වෙනසකට තියෙන්නේ අයර්ලන්තේ තියන දේපලයි, එහෙ ඉන්න බිරිඳයි විතරයි...

:       545       523

nimaza Monday, 19 August 2019 12:21 AM

ජනතාවට වෙනස් වෙන්න කියන මේ සහෝදරයන්ට අපි කියනව ඔයාලා ඉස්සෙල්ලා වෙනස් වෙන්න කියලා . දෙවනුව මෙතුවක් ගත් සියලු මොට දේශපාලන තීන්දු වලට සමාව ගන්න කියල. තෙවනුව සමජයේ අවංක මිනිසුන් තවදුරටත් අතරමං කරන්න එපා කියල.

:       408       502

Anurudda Monday, 19 August 2019 02:18 AM

උසස් අධ්‍යාපනය ලබා ඇති පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක් පමණ සිටි නායකයෙකි. පක්ෂය සහ ප්‍රතිපත්ති පසෙකලා දේශීයකම රැක ගනිමින් තමාට පෙර රට ගැන සිත හොඳ වැඩපිළිවෙලක් ඇතුව ඉදිරිපත් වන්න. ජනතා බලය පෙන්විය හැක.

:       47       577

Sanath apura Monday, 19 August 2019 02:19 AM

සුබපැතුම් අනුර ඔබට මිනිසුන් කොතරම් ගැරහුවත් ඔබට සහ පක්ෂයට අදටත් රට ටිකක් හරි පාලනය වී ඇත්ත ඔබල නිසා ඉදිරිපත් වීමම සතුටක්

:       330       526

නුවන් Monday, 19 August 2019 02:40 AM

ආපු සෙනඟ ටිකත් පෙන්නුවනම් නේද හොඳ?

:       20       114

ලුම්බිණි Monday, 19 August 2019 02:46 AM

යල් පැන ගිය 'සමාජවාදය' සහ 71 සහ 88-89 ප්‍රතිපත්ති වලින් මිදිලා එන්න බලන්න. මිනිස්සු ඔබට ඡන්දය දෙනවා. අර දොස්තර මාෆියා එකෙනුත් අයින් වෙලා ලෙඩුන්ගේ පැත්ත ගන්න.

:       164       225

Rasika Monday, 19 August 2019 03:04 AM

අයියෝ සල්ලි !

:       88       132

SAMPATH PATHIRANA Monday, 19 August 2019 03:08 AM

මෙදා සැරේ ජන්ද පත්‍රිකාවේ සලකුණු මෙහෙමයි තියෙන්නේ... පොහොට්ටුව , කොළ අලියා සහ රතු අලියා ......

:       754       825

MamaMonday, 19 August 2019 05:56 AM

පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න ...

:       153       259

sandy123Monday, 19 August 2019 08:05 AM

අං ඇවිල්ලා නේද ?

:       2       24

ajith Monday, 19 August 2019 03:16 AM

ජ.වි.පෙ. හිතන්නේ එයාලගේ ප්‍රධාන බලකොටුව හම්බන්තොට කියල. ඔවුන් 2005 දී තිස්ස සබාව දිනුවේ ප්‍රධාන පක්ෂ දෙකම පරද්දලා. මහින්ද ජනපති වීම නිසා, ඒක වෙනස් වුණා. අනාගතයේදී සජිත් ඔවුන්ට හම්බන්තොටදී අභියෝගයක් වුනොත් ඔහුටත් බනීවි.

:       60       38

Bamunuarachchi Monday, 19 August 2019 03:43 AM

නුඹලාට කොහෙන්ද ජාතික බලවේගයක් ....

:       429       485

WarnakulasuriyaMonday, 19 August 2019 06:21 AM

ඔව් ජාතික බලවේග තියෙන්නේ දුෂිත, මිනීමරු, නුගත් ජනාධිපති අපේක්ෂකයන්ට බව අපි දකින්නෙමු. රාජකීය වලව්වලින් පැමිණෙන අයට පමණක් වහල් ජනතා බලවේග තිබෙන බවකුත් අපි දකින්නෙමු. අනුර කුමාර දිසානායකට එම සුදුසුකම් නොමැති බවත් පෙනියන්නකි. ඒ අනුව උගත් බමුණු ආරච්චි මහතා වඩාත් නිවැරදිය.

:       67       270

BamunuarachchiMonday, 19 August 2019 09:15 AM

1984-1989 කාලේ ඔබේ වයස කීයද? අනේ පිස්සු කරන්න එපා හලෝ..

:       114       134

BamunuarachchiMonday, 19 August 2019 11:46 AM

කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමින්වහන්සේලා 41නමකට සිදුවූ දේ, ප්‍රේමකීර්ති අල්විස්ට සිදුවූ දේ අමතකද?

:       67       104

Bamunuarachchi Monday, 19 August 2019 03:56 AM

මෙයාලා අනික් මිනිස්සුන්ට හිට්ලර් කියලා මෙයාලත් හිට්ලර්ගේ ක්‍රමයටනේ ආචාර කොරන්නේ....

:       196       165

ධනුෂ්කMonday, 19 August 2019 05:02 AM

ආචාර කරන විදියෙන් කොහොමද හිට්ලර් කෙනෙක් වෙන්නේ. හිට්ලර් කරන විදියට අනිත් වැඩත් කරොත් ඔක්කොම හිට්ලර්ලද එතකොට

:       137       156

sharm warn Monday, 19 August 2019 03:59 AM

දෙගොල්ලොම මාරුවෙන් මාරුවට බලයට ඇවිත් රාජ්‍ය මට්ටමින් තොගයක් එලිමහනෙ මරා දැම්මා. තවමත් මරනවා . බදු ගෙවන මහ ජනතාව නොමරා මරනවා . නමුත් අපි තවමත් කියවන්නේ ජේ.වී.පී එකෙන් මැරුවා කියලා විතරයි ඒ අපේ කුහක කම ද නුගත් කම ද ?

:       29       488

gunarathna Monday, 19 August 2019 04:04 AM

අනුර කුමාර මහත්තයෝ.. උත්සාහයට ගරු කරනවා . අඩුගානේ ඔබතුමාගේ ප්‍රතිපත්තිවත් දැනගෙනද ඔය මිනිස්සු අාවේ කියල මට කල්පනා වෙනවා . ඔය යන විදියටම කරගෙන යනවද? උතුරු නැගෙනහිර ප්‍රශ්නය....මොකක්ද විසඳුම ? මේවට හොඳ විසඳුම් දෙනවනම් අපිටත් අපේ ඡන්දය ගැන කල්පනා කරන්න පුළුවන්.

:       115       288

අපි හම්බන්තොටMonday, 19 August 2019 05:39 AM

පොහොට්ටුවේ අපිනම් එන්නේ ඔක්කොම ප්‍රතිපත්ති දැනගෙන. අපි ලයිට් කණුවල වත් නැග්ගේ නෑ .

:       13       147

Sugath Premalal Monday, 19 August 2019 04:36 AM

මහත්තයෝ......ඔය ලොකු බණ කතා කිව්වට ප්‍රයෝගිකව කරන්නේ රට විනාසයට අද දැමීම. රටේ බහුතර ජනතාව එ්ක හොදින් අවබෝධ කරගෙන ඉන්නේ. ඔයාලට චන්ද 25000ක් ගන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කටුවපිටිය බෝම්බ ප්‍රහාරයේ වැඩි දෙනෙක් ඔයාලගේ පක්ෂයේ සාමාජිකයෝ නේද ?

:       1986       1926

amila Monday, 19 August 2019 04:43 AM

අවුරුදු 20 කට පස්සේ මොකද ජවිපෙට ලංකාවේ මිනිස්සු මතක් උනේ යුද්දේ කාලේවත් මෙහෙම අනුකම්පාවක් තිබ්බේ නෑ.

:       163       71

athuraMonday, 19 August 2019 06:15 AM

නැතුව නැතුව එ්කනේ මහින්දගේ පළවෙනි පාර මහින්ද දිනවන්න වැඩ කළේ...

:       6       70

KANDEPOLA Monday, 19 August 2019 05:07 AM

මම නම් හිතාගෙන හිටියේ ජාතික බලවේගයේ අපේක්ෂකයා ලෙස හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාව යෝජනා කරයි කියලා. එහෙම වුනානම් හොඳ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කරලා තරඟයක් දෙන්න තිබුනා. ජේ වී පිය කියා කියා හිටියේ කීර්තිමත් රජයේ සේවකයෙක් අපේක්ෂකයා ලෙස පත් කරනවා කියලයි. එක වෙනස් වෙලා තියෙනවා. නමුත් අනුර කුමාරට ඔය හිතන තරම් චන්ද ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ වතාවේ ඇත්තටම තරඟය තිබුනේ පොදු ජන පෙරමුණේ හා ජේ වී පිය ඉදිරිපත් කරන අපේක්ෂකයන් අතරයි.

:       126       61

රයන්Monday, 19 August 2019 06:26 AM

ගාමිණී හත්මයාට මෑතකදී ලොකු චෝදනාවක් එල්ල වුණා ඉහළ නිළතල දරාපු බොහෝ අයට එවැනි චෝදනා තියෙනවා ඒ නිසා මෙහෙම වුනා කියලා.

:       30       99

Deepal Nirosh Monday, 19 August 2019 05:39 AM

ඔන්න දෙවනි මනමාලය නම් කල එළි බැස්සා. ඒ්ත් තවම මනමාලයා කවුද කියල ප්‍රකාශ නො කරපු එකයි ගැටළුව. මනමාලයා පවුලේ අයිය ද මල්ලි ද කියල තාම තීරණයක් නැහැ. ඒ් තියා මේ අවුරුද්දෙ මඟුල ගන්නව ද කියලවත් තාම ස්ථිර නැහැ නෙව .

:       8       66

vindika Monday, 19 August 2019 05:57 AM

අනුර අද ලංකාවේ ඉන්න ප්‍රබලම දේශපාලකයෙක් . ඔහුට රට ගැන මිනිසුන් ගැන ලොකු අවබෝධයක් තියනවා . හොඳ සටනක් දෙන්න පුළුවන් . ජය වේවා !

:       324       333

Sarath R. Monday, 19 August 2019 06:19 AM

දැන් ඉතින් පහුගිය මැතිවරණ වලදී වගේ බොරු කෝටියක් කියයි .

:       105       58

Rohan Monday, 19 August 2019 06:28 AM

මේ රට හැමදාම පාලනය කළේ එක්කෝ එක්සත් ජාතික පක්ෂය නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ දෙක ඇරුනම අපේ රටට වෙන විකල්පයක් නැහැ. රට බාරදෙන්න ඕනේ උගත් තරුණ කණ්ඩායමකට . ජාතික ජන බලවේගය තමා හොදම විසදුම. 71 87-89 මතක් කරමින් රට කන්න දෙනවද එහම නැත්නම් වෙනසකට යනවද ? හොදට කල්පනා කරලා ඔබලාගේ වටිනා ඡන්දය දෙන්න කියල කියනවා. සජිත්ට වත් ගෝඨාභයටවත් මේ රට ගොඩ දාන්නා බැහැ. මේ දෙන්නගෙන් කවුරු ගෙනාවත් පිටිපස්සේ ඉන්නේ පරණ හොරුම තමා. එ්ක නිසා හොදට කල්පනා කරන්න . බොරුවට දෙස් දෙවොල් තියන්නේ නැතුව දැන්වත් වහල් සේවයෙන් මිදෙමු.

:       70       252

BamunuarachchiMonday, 19 August 2019 09:29 AM

මොවුන් කොහොමද ගොඩගන්නේ? මොවුන් ඉස්සෙල්ලාම කරන්නේ අවුරුදු 2600 පැරණි සිංහල ජාතිය හම්බයින්ටයි, දෙමළුන්ටයි සම කිරීමයි. හම්බයයි දෙමලයි උඩට එනවා. සිංහලයා ඔවුන්ගේ තත්වයට පහළට යනවා.. එ්කවෙන්න දෙන්න බැහැ. නුඹලා 1984-1989 කාලය තුළ කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි ඇතුළු සවාමීන් වහන්සේලා 41ක් මැරුවා. එ්කත් හිතපල්ලා...

:       1075       859

Rohana Monday, 19 August 2019 06:51 AM

ඡන්ද අඩු නිසා ජනපතිවරණයට ඉල්ලීම තේරුමක් ඇති දෙයක් නොවේ. පසුගිය සැරේ වගේ දෙපැත්තටම නැතිව හිටියොත් නරකද? නැත්නම් අපරාදේ සල්ලි. නැතිබැරි කෙනෙකුට ඒ සල්ලි වලින් ආධාරයක් දුන්නොත් නරකද ?

:       189       161

raman Monday, 19 August 2019 07:24 AM

ඔන්න බබෝ බිල්ලෝ එනවා .

:       6       3

BamunuarachchiMonday, 19 August 2019 09:23 AM

ඔව් මේ ගොල්ලෝ 1989 බිල්ලන්ගේ කොටස කළා.

:       198       153

චන්ද්‍රිකා ලන්ඩන් Monday, 19 August 2019 11:30 PM

බිල්ලෝ මැවුවේ සහ සමුලඝාතනය කලේ බලය ලබාගත් ධනපති පන්තිය නියෝජන කල හාම්පුතලගේ පිරිවර।

:       0       217

Bamunuarachchi Monday, 19 August 2019 09:22 AM

මේ ගොල්ලෝ මේ කරන්නේ රනිල්ගේ කොන්තරාත්තුවක්... මේ ගොල්ලන්ට කොහෙත්ම මේ ඡන්දය දිනන්න බැහැ. නමුත් මේ ගොල්ලෝ සහ නාගානන්ද නැමැත්තා සිංහලයාගේ ඡන්ද කොටස් 4කට බෙදා දමනවා. ඉන් වාසිය ලැබෙන්නේ පොල්පිත්තක් ආවත් ඡන්ද ලැබෙන එජාපයටයි. ඊට පසු එජාපෙ හම්බයින් දෙමළුන් සමග එකතුවී මෙරට කනවා. සිංහලයා බලු කරනවා.

:       652       609

Nuwan Monday, 19 August 2019 09:26 AM

රෝහණ විජේවීර නම් දෙලක්ෂයකට වඩා ඡන්ද ගත්තා. ලපයා නම් එච්චරවත් ගන්න එකක් නැහැ.

:       311       272

kamalaa Monday, 19 August 2019 12:49 PM

කවුරු නැතත් මම ඡන්දෙ දානවා. මම ලපයගේ පුංචි අම්ම ....!!!

:       5       0

vipula Monday, 19 August 2019 10:07 AM

88 හා 89 කාලේ මිනිසුන් මරනකොට නිදා සිටි අයට පාස්කු ප්‍රහාරය ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. ඒවගේ මිනිසුන්ට නැවත බලය දෙන්න පොරකන මිනිස්සු අපේ රටේ සිටීම අනෙක් මිනිසුන්ගේ අභාග්‍යයක්...

:       53       477

Dalit Monday, 19 August 2019 10:15 AM

මැරුවෙත් සිංහලයින්, මැරුණෙත් සිංහලයින්... මොවුන් ඉන්දියාවේ සිංහල ත්‍රස්තයින්ය.

:       40       131

චන්ද්‍රිකා Monday, 19 August 2019 11:26 AM

රටේ අනාගත අපේක්ෂාව අනුර කුමාර දිසානායක...

:       1       168

ROHAN DAYADARA PARIS Monday, 19 August 2019 01:02 PM

ඡන්ද ලක්ෂ 07 ඉක්මවනවා කියා මට හිතෙනවා.

:       2       109

චන්ද්‍රිකා ලන්ඩන් Monday, 19 August 2019 11:19 PM

අනුර කුමාරගේ දේහ ලක්ෂණ හෝ පුද්ගලිකත්වය මඩගැසීමට ලක්නොකර ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලිමයි කලයුතුවන්නේ।

:       0       101

kumara Tuesday, 20 August 2019 11:28 AM

හොද රටක් සාදා ගැනීමට මූලික අඩිතාලම දැමීමක්

:       0       1

sampath Friday, 23 August 2019 11:07 AM

එඩේරුන් පස්සේ ගොනුන් යා යුතුයි. නැත්නම් වල්මත් වෙලා කාට හෝ ගොදුරුවෙනවා. එඩේර ගොනුන් ටික පරිස්සමට බලාගෙන තණකොළ කවාගෙන ගෙදරට දක්කන් යනවා..

:       0       0

sampath Friday, 23 August 2019 11:31 AM

මේ පාර පොදු අපේක්ෂකයා වෙන්නේ ජවිපෙ අපේක්ෂකයා.. එතකොට කරටකර සටනක් තියෙනවා. කොහොමටත් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයට දන්නා අපේක්ෂකයෙක් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පස්සේ හිටියේ නෑ ප්‍රේමදාස ජනාධිපතිවරයා වුනේ 88 89 ජවිපෙන් ඡන්දෙ දාන මුල් පස් දෙනා මරනවා කිව්වම මිනිස්සු ඡන්ද පළට නොගිය නිසා ඒජාපය එක කළ හැකි කිසිම අපේක්ෂකයෙක් නැහැ. කාට දුන්නත් 3කට කැඩෙනවා. ඒ නිසා මේ පාරත් පොදු අපේක්ෂකයෙක් විදියට ජවිපෙ දානවා. හොඳ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 3014 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7350 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3727 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3070 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11753 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8026 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site