IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කතරගම ආරක්‍ෂාවට එස්.ටී.එෆ් - 100 ක් අත්අඩංගුවට

එම් කේ නන්දසේන, කේ ඩී දේවප්‍රිය සහ නෙල්සන් ප්‍රියන්ත

කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තැබීම නිසා කළහකාරී වූ පිරිස් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිසියේ 20 දෙනකුට පමණ සුළු සුවාල සිදුවූ බවත්, පොලිස් පරිපාලන ගොඩනැගිල්ල, පොලිස් නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස ඇතුළු දේපොළ රැසකට අලාභ හානි සිදුවූ බව ද පොලිසිය පවසයි.

පොලිස් වෙඩි තැබීමට විරොධය පළ කරමින් අද කතරගම - තිස්ස මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් විරෝධතා පැවැති අතර ප්‍රදේශයේ කළු කොඩි ඔසවා ඇති අයුරු දැක ගත හැකි විය. 

පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් 100ක් පමණ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

ඡායාරූප 

කතරගම කලබලයෙන්



අදහස් (28)

කතරගම ආරක්‍ෂාවට එස්.ටී.එෆ් - 100 ක් අත්අඩංගුවට

erdi Sunday, 21 January 2018 11:57 AM

කතරගමදී පුද්ගලයෙක් මියයාමේදී පොලිසියට ගල්මුල් උද්ඝෝෂණ කලහැකිමුත්.... යාපනයේදී කලොත් නම් කොටියෙක්? නොනවත්වා යතුරුපැදිය හෝ වාහනයක් ධාවනයකදී පොලීසිය පුද්ගලයා හඳුනාගෙන වෙඩි තබනවා නොව පොලිස් අණ නොතකා ධාවනය වන නිසා වෙඩි තබන්න ඇති. කොහොමත් මේ වෙලාවේ බොරදියේ මාළු බාන අයට නම් හොඳයි.

:       23268       6775

pahan Sunday, 21 January 2018 01:44 PM

කුඩුගේන අහවල් ජාතිය සහ කේරල ගංජා ගේන කට්ටිය නගුට පස්සේ ගහගෙන ඉන්න. අහවල් දෙපාර්තමේන්තුව සිංහලයෝ ඉස්සරහ සිංහ වෙස් ගන්නවා විතරයි.

:       93       4801

SanathMonday, 22 January 2018 09:35 AM

හැම දෙයක්ම ජාතිවාදි ඇහැකින් බලන ඔබ වැනි මිනිසුන් සිටින තුරු අපේ රටට අනාගතයක් නෑ පහන්.

:       188       11

janatha anura Sunday, 21 January 2018 02:39 PM

තමන්ගේ ඔළුවට වෙඩි තැබුවදාට බොරදියේ මාළු කතාවක් නැහැ මිය යනවා හැරුණු කොට පොලිසියට ඔළුවට වෙඩි තැබීමට බලයක් නැහැ... බීමතින් සිටියා නම් දෙපාර්ශවය අතින්ම වැරදීමට පුළුවන්... ඔහු අණ නොතකා සිට නැවැත්වූ නිසාත් දුර ප්‍රමාණය අඩු නිසාත් ඔළුවට වෙඩි තැබීමට හැකි වූ බයිසිකල්කරුට විදානය ඇසී නැවැත්වීමට කාලයක් ගත වෙනවා. විද්‍යාත්මක විමසුමකින් කරුණු හෙළි වේවි.... හැම දෙයකටම දේශපාලනයයි පිළිතුරු දෙන්නේ... මුග්ධ ජනයා වෙන මොනවා කරන්නද මැරෙනවා හැර...?

:       279       3287

bamunuarachchiMonday, 22 January 2018 02:50 AM

තුවක්කුවක් ලැබුනම වඳුරට දැලිපිහිය ලබුනාවගෙයි හැබැයි යාපනේ වෙඩිතියලා පොලිස්කාරයෝ නැට්ට පස්සේ ගහගෙන දැඟලුවා. ඉසෙල්ලා පොලිස්සියේ අයට කියල දෙන්න මිනිහෙක් මරන්න නොව අඩපන කොරන්න වෙඩිතියන්න. ඇමරිකාවේ තුවක්කුවක් නොතිබුන මිනිහෙකුට පොලිස්සියෙන් වෙඩි තිබ්බනම් ගස්. ඉස්සර පළමුව අහසට වෙඩිතියා මිනිස්සු බයකලේ දැන් කෙලින්ම වෙඩි තියනවා.

:       0       92

මිඝාර.Monday, 22 January 2018 06:47 AM

පොලීසියට මිනිසුන්ගේ ඔලුවට වෙඩි තෑබීමට අයිතියක් නෑත.පොලීසිය යනු විශේශ පුහුණුවක් ලෑබු අයවලුන්ය,ඔව්න් ප්‍රතිවාදියා මෙල්ලකල යුත්තේ අවම බලය යොදාමිස උපරිම බලය යොදා නොව,යතුරු පදිය නෑවතුවේ නෑතිනම් පොලීසිය සතුව යතුරු පෑදියක් තිබුණේනම් හබාගොස් නෑවතිය යුතුය.නෑතිනම් දනින් පහල වෙඩි තෑබිය යුතුය.බොහෝ පොලිස් නිළධාරින් රාත්‍රී සේවය කරන්නේ මත්පෑන් පානයකරය.

:       0       102

Lankaputh Sunday, 21 January 2018 12:03 PM

ඔන්න එකා පිට එකා නාගන්නවෝ...

:       241       444

daham Sunday, 21 January 2018 12:15 PM

අනේ මන්දා. හැමතැනම වගේ කලබල. ආණ්ඩුවට අපලයි වගේ....

:       218       262

anuraSunday, 21 January 2018 02:41 PM

ආණ්ඩු? කොහෙද ඒවා තියෙන්නේ උතුරේ වෙන්න ඇති...

:       176       3141

KEPPAYA Sunday, 21 January 2018 01:09 PM

යහපාලන පොලිසිය මෙහෙමත් අහිංසක මිනිසුන් මරනවාද? හෙනම ගසාවි...

:       1036       2793

SanathMonday, 22 January 2018 09:31 AM

රතුපස්වල බීමට වතුර ඉල්ලූ ජනතාවට, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක අරගලයට හා වෙන්නපුවේ අරගල කළ ධීවරයින්ට වෙඩි තබීමට අණ කළේ කවුද කියා රටම දන්නවා. ඒත් ඊයේ කතරගම ප්‍රෙකා්ප වූ ජනතාව පොලිසියට ප්‍රහාර එල්ල කරද්දී ඉවසිලිමත්ව ක්‍රියා කිරීම පැසසිය යුතුයි.

:       80       2

chamal Sunday, 21 January 2018 01:52 PM

පොලිස් අණ නොතකා ධාවනය කරොත් වෙඩි තියන්න පුළුවන්ද? පොලිස් අණ නොදැක්කා නම් මොකද කරන්නේ? පොලිසිය ගස් අස්සේ ඉඳන් එකපාරටම නවත්තන්න කිව්වම එක තැන වාහනේ නවත්තන්න පුළුවන්ද? වෙන රටවල් වලනම් එහෙම ධාවනය කලොත් එලවලා ගිහින් අල්ලන්නේ. මෙහෙනම් ඔලුවටම වෙඩි තියනවා.

:       1677       3175

BamunuarachchiMonday, 22 January 2018 02:53 AM

හරියට හරි ගස් අස්සේ ඉඳන් පාරට පැනලා නවත්තාපන් කියනවා නවත්තගන්න බැරි උනාම වෙඩි තියනවා.

:       0       253

Bamunuarachchi Monday, 22 January 2018 01:02 PM

මේ වෙන සිද්දීන් ඔක්කොම මානව හිමිකම් එකේ අය එකතු කරනවා

:       0       0

කපුවා කපෝති Sunday, 21 January 2018 02:02 PM

මේවා ගැන දෙවියෝ බලාගනීවි!!!

:       122       61

කමිල සංජීව Sunday, 21 January 2018 02:51 PM

පොලීසිය කියන්නේ රජයේ අවසරය ඇතිව ප්‍රසිද්ධියේ ගිනිඅවි භාවිතා කිරීමට අවසර ඇති පිරිසක්. ඕනෑම ආයතනයක විශාල පිරිසක් සේවයේ යෙදෙන විට සිය බලතල වැරදියට පාවිච්චි කරන පුද්ගලයන් කිහිප දෙනෙක් හෝ සිටීම අනිවාර්යයෙන් බලාපොරොත්තු වියහැකි තත්ත්වයක්. පොලීසියට සම්බන්ධ පුද්ගලයින්ට අපරාධ, චෝදනා එල්ල වනවිට ඒ ගැන පරීක්ෂණ කිරීමට වෙනත් පොලිස් නිලධාරීන් පිරිසකට පැවරීම වෙනුවට වෙනත් ස්වාධීන ආයතනයක් අත්‍යවශ්‍යයි. මන්ද පොලීසියේ සිටියදී, අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයෙන් වැරදිකරු වූ පුද්ගලයින් සම්බන්ධ සිද්ධි වාර්තා වන බැවිනි. කණගාටුවට කරුණ එවැනි අවස්ථාවල ඔවුන් බොහෝවිට අපරාධ සඳහා යොදාගනු ලබන්නේ මහජන බදු මුදලින් මිලදීගත් ආයුධයි. මේ තත්වය සාමාන්‍ය අපරාධකරුවකු මිනීමැරීම් සිදුකිරීමට වඩා භයානකය. අනෙක් අතට පොලිස් සේවයට නුසුදුසු පුද්ගලයන් එහි සිටීම නිසා බහුතර විනයගරුක නිලධාරීන් අපහසුතාවයකට සහ කලකිරීමට පත්වේ.

:       274       300

JiwanMonday, 22 January 2018 03:41 AM

බහුතර විනයගරුක නෙමෙයි. සුළුතර විනයගරුක ලෙස වෙනස් විය යුතුයි.

:       0       27

Appuhami Sunday, 21 January 2018 06:02 PM

අර නීතිය නමන එක්කෙනා දැන් භාවනා කරනවද දන්නේ නැහැ.

:       0       25

chandana Sunday, 21 January 2018 06:32 PM

ප්‍රදේශ වාසීන්ට අනුව මේ පුද්ගලයා පොලිසියේ යම් යම් අකටයුතු කම් ප්‍රසිද්ධියේ විවේචනය කරපු කෙනෙක්, ගංජා සිද්දියක් සම්බන්ධව කතරගම පොලිසියට ප්‍රසිද්ධියේ චෝදනා කරපු පුද්ගලයෙක්, පහුගිය සතියේ දවසක පොලිසියෙක් මොහුට තර්ජනය කරලා තුබුණා "තොට මහා පාරේදී බල්ලෙක් වගේ වෙඩි තියන්නේ" කියලා. මොහුගේ සයිකලය නැවැත්වීමේ ප්‍රමාදය දඩමීමා කරගෙන පොලිසිය තමාගේ වාඩුව ඔලුවටම වෙඩි තියා ගත්තා, සැකකරුවෙක්ට දණහිසෙන් පල්ලෙහට වෙඩි තියනවා මිසක පළමු වතාවෙන්ම ඔලුවට වෙඩි තියන රීතියක් නැහැ. මහ කුජිතයගේ හැසිරීම එක්ක බලද්දී පොඩ්ඩෝ ගැන කවර කතාද?

:       0       83

U Siriwardane Sunday, 21 January 2018 08:37 PM

එදා ඇඹිලිපිටිය අද කතරගම. උදෑසන භාවනාවෙන් පසුව දවසේ වැඩ පටන්ගන්න අැති. ජීවිතයක වටිනාකම නොදන්නා නිළ අැදුමින් කය වසාගත් අවි ගත් වෘෂභයන්.

:       0       20

Don Sunday, 21 January 2018 08:43 PM

ඉඳල හිටලා නාගත්තේ නැත්නම් පොලිසියට කැසිල්ල වගේ ඇති ..මාර්ග නීති කඩ කර අණ නොතකා පලායාමට උත්සහ කිරීමේදී එය වැලැක්වීමට ශ්‍රී ලංකා පොලිසියේ පළමු උපක්‍රමය නම් ඔලුවටම වෙඩි තැබීමයි ...මේවාට කියන්නේ වනචාරි ක්‍රියා කියල ...පොලිස්පති තුමාගේ ඉඳල අන්තිම පහලට එනකන් ඉන්න සියලු නිලධාරීන්ට අඩුම තරමේ යුටියුබ් එකේ තියෙන පලායාමේදී පොලිසිය වීඩියෝ කල වීඩියෝ ටිකක්වත් පෙන්වන්න මේ රටේ පාලකයෙක්ට කවදා මොලයක් පෑදෙයිද? මේවා කරන උන්ට නිසි දඬුවමක් නොලැබුනොත් හෙට දිනයේදී පොලිස් අණ නොදැක ඉදිරියට යන අපේ ඔලුවටද බුලට් එකක් එන දවස වැඩි ඈතක නැහැ ..

:       0       53

danushka Sunday, 21 January 2018 11:11 PM

රජය අපහසුතාවයට පත් කිරීමට එක්තරා කෙනෙකුගේ හිතවාදීන් සිදුකරන මෙම කුර ක්‍රියා තරයේ හෙලාදැකිය යුතුයි.

:       80       14

kasun Sunday, 21 January 2018 11:13 PM

අහිංසකයෙකුගේ ජීවිතය උඩින් බලයට ඒමට දගලන තිරිසන් මිනිසුන්.

:       71       6

සෙනෙවි Monday, 22 January 2018 12:41 AM

අදාල නිළධාරියා අත්අඩංගුවට ගෙන ඇත පරීක්ෂණ සිදු කරනු ඇත. මෙසේ හැසි‍රෙනවුන්ට උතරේද දකුනේද වෙනසක් නොමැතිව උපරිමයෙන් කටයුතු කල යතුය. නීතිය අතට ගැනීමට මෙම රස්තියාදුකාරයන්ට ඉඩ නොතබන්න. මහින්ද මහතානෙනි! වසර10 ක රට කල නායකයෙකු ලෙස වගකිමකනින් කතා කරනන්න. ගැලරිය අමතන ආකාරයට කටයුතු නොකරන්න

:       136       2

ලුම්බිණි Monday, 22 January 2018 02:28 AM

පොලිස්පති තුමාගේ භාවනා පන්ති වලට මේ පොලිසියේ උදවිය ගිහින් නැති පාටකුයි පෙනෙන්නේ. එහෙමත් නැත්නම් 1971 මතක් උනාදෝ?

:       0       8

thimothi Monday, 22 January 2018 07:46 AM

මෙවැනි වනචර ක්‍රියා නවත්වගන්න නම් මුළු රටම පාරට බැසිය යුතුයි ..විපක්ෂයක් තිබිය යුත්තේ එවැනි අවස්ථාවල මුලිකත්වය ගෙන එවැනි උද්ගෝෂණ සංවිදානය කර පාලක පක්ෂයෙන් වෙන වැරදි නවත්වාගනිමටයි ..මෙවැනි සිදුවීම් උනාම පාලක පක්ෂයක් කලයුත්තේ එසේ වැරදි කරන උන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට නීතියට බලය දීමයි සහ නැවත එසේ නොවන ලෙස නීති සකස්කිරීමයි ...

:       0       12

Nuwan Monday, 22 January 2018 08:18 AM

මේච්චර ලෝකේ දියුණු තාක්ෂණය ඇති කාලෙක මිනී මරන්නේ මෙච්චර සුළු දෙකට. මේ රටනම් කවදාවත් හැදෙන්නේ නැත. දවසක ඔබට මටත් මෙහෙන් යන්න වෙනවා නිදහසේ නීතියක් ඇති රටකට ඉන්නනම් සිකුරුයි

:       0       1

LANKA Tuesday, 23 January 2018 04:15 AM

නීතිය කාටත් එකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 887 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 6627 33

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 2984 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 9710 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7488 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


සුබ අලුත් අවුරුද්දක් වේවා
2024 අප්‍රේල් මස 13 265 3

ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site