IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රොටුඹ කන්දේ පිරිස ඉවත් කරයි

පස්වරු 11.55

(එස්.ඩී කොඩිකාර)

දෙනියාය,පල්ලෙගම,මොරවක,අකුරැස්ස ආදි ප්‍රදේශවල ගංවතුර තත්ත්වය මේ වන විට අඩුව ඇත.

නිල්වලා ගඟ හා ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට අඩු වී ඇති අතර වාහන ගමනාගමනය ද යථා තත්ත්වයට පත් ව තිබේ.
එම ගංගා වල ඉවුරු කැඩී ගංගා පුළුල් වී අයුරු දක්නට තිබේ.

පස්වරු 10.05

(බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

මාතර රොටුඹ කන්දක් නාය යන නිසා අද සවස පිරිසක් ඉවත් නොකළ බවත්, පවුල් කිහිපයක් ඉවත් කළේ අද උදේ බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

පස්වරු 10.00

මාතර රොටුඹ කන්ද නාය යාමේ අවදානමට ලක්වීම නිසා එහි පදිංචිකරුවන් පිරිසක් අද සවස ඉවත් කරනු ලැබ ඇත.
කන්දේ තිබූ ගසක් පෙරලී යාම නිසා කන්ද නාය යතැයි යන අවදානම මත මෙම පිරිස ඉවත් කරනු ලැබ ඇත.

පස්වරු 9.00

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

ජල ගැලීම්වලින් හා නායයෑම්වලින් පීඩාවට පත්වුවද නගරයේ සිට තරමක් දුර බැහැරව පවතින නිසා ආධාර නොලැබෙන රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පිටකැලේ ගම්මානය ගැන අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

පස්වරු 7.00

(හර්ෂණ තුෂාර සිල්වා)

ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

පස්වරු 6.50

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්තාන රජයෙන්  සහ ඊශ්‍රායල්  රජයෙන් විශාල සහනාධාර තොගයක් අද (30) නිල වශයෙන් මෙරටට ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පස්වරු 4.50

ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 194ක් දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 99කි.


පස්වරු 4.45

මාතර තිහගොඩ, කිතලගම, මද්දමට යන ප්‍රදේශවල අවතැන් වූ පිරිසට මේ වනතුරු අවැසි කිසිවක් ලැබී නැති බව වාර්තා වේ.
ග්‍රාම නිලධාරී කපිල මහතා 0772571238 අංකයෙන් සම්බන්ධ කරගෙන අවශ්‍ය දෑ ලබාදිය හැකි අය කඩිනමින් ආධාර ද්‍රව්‍ය සපයන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


පස්වරු 4.35

(අජිත්ලාල් ශාන්තඋදය )

මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප‍්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරගමු පළාත් සභා මන්ත‍්‍රී නිලන්ත ජයකොඩි මහතා පළාත් සභාවට දැනුම් දුන්නේ ය.


පස්වරු 4.30

(අකිල බද්දෙවිතාන)

ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකතුවූ තරුණ පිරිසක් අද(30) පෙරවරුවේ මරදාන දුම්රියපොළේ දී දිවා ආහාර පාර්සල් හා ජල බෝතල් එකතු කිරීමේ වැඩසටහනකට දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා බාධා එල්ල කළ බව එම වැඩසටහනේ සංවිධායකවරු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ එවැනි කිසිදු බාධාවක් තමන් නොකළ බවත් ඕනෑම අයකුට පැමිණ අවතැන් වූවන් වෙනුවෙන් ආධාර එකතු කළ හැකි බවත්ය. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක අවතැන් වූවන් වෙනුවෙන් එවැනි සත්ක්‍රියාවක් කිරීම සඳහා අනුබල දීම විනා බාධා කිරීමක් කිරීමට තමන් කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවත් මෙවැනි බොරු චෝදනා එල්ල කරමින් තමන්ට ද්වේශ සහගතව ඇතැමුන් පහර ගසන අතරම අදාළ සංවිධායකවරුන්ගේ වැඩසටහන කඩාකප්පල්කිරීමට වුවමනා පිරිස් එවැනි ප්‍රචාර යවමින් සිටින බවද ඔහු සඳහන් කළේය.


පස්වරු 4.05

(මහින්ද නිශ්ශංක)

ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 23ක් අද(30) වනවිට අක්‍රියව ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම පිරවුම්හල් වලින් 11ක් දකුණු පළාතේ බවත් 7ක් බස්නාහිර හා 5ක් සබරගමුවට අයත් බවත් එම ඒකකය කියයි.

ආපදාවට පත් කිසියම් ප්‍රදේශයක ඉන්ධන හිඟයක් හෝ බෙදාහැරීමේ ගැටලුවක් ඇත්නම් 0775030222 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.


පස්වරු 3.55

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දින පහක් පුරා මාතර දිස්ත්‍රික්කයේ පැවති ගං වතුර තත්වය අද (30) වන විට යම් කිසි මට්ටමකට අඩු වුවද එය අඩාලව පවතින ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවීය.

මාතර අකුරැස්ස හා මාතර හක්මන සහ මාතර කඹුරුපිටිය යන ප්‍රධාන මාර්ග වල වාහන ගමනාගමනය තව දුරටත් අඩාලව පවතී.

ඊට අමතරව මාතර කොලඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම් මාර්ගය ද තවමත් ජලයෙන් යට වී පවති.

අද(30) වන විට මේ මහා විපතින් මාතර දිස්ත්‍රික්කයේ මිය ගිය පුද්ගලයින් ගණන විසි හත් දෙනෙකු දක්වා වැඩි වී තිබුණි.


පස්වරු 3.10

(හර්ෂණ තුෂාර සිල්වා)

රත්නපුරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් තිබෙන බවට ආපදා කළමනාකරණ ආයතනය අනතුරු අඟවයි. 

ඊයේ(29) රාත්‍රියේ ඇති වූ වර්ෂාපතනයත් සමඟ කළු ගඟ ආශ්‍රිත රත්නපුර ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි එම මධ්‍යස්ථානය මහජනතාවෙන් ඉල්ලා සිටියි. 


පස්වරු 2.50

(චමිල් රුපසිංහ)

නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග එහි සිටි කිඹුලන් විවිධ ප්‍රදේශවලට සැරිසැරිම නිසා නැවත තම නිවාස හා වාසස්ථාන පිරිසිදු කර ගැනිමේදි අවධානය යොමු කිරීම වැදගත් බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

යම් ගැටලු සහගත තත්වයන් සදහා මුහුනදිමට වනඡිවී ‍සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දැනුවත් කර ඇති බවත් ජලය බැස යාමේදි ගොඩබිමේ කිඹුලන් සිටියහහොත් 0112888585 හා හදිසි ඇමැතුම් අංක 1992 ට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

              



පස්වරු 2.40

අකුරැස්ස දෙණියාය පාරේ පෝරඹ, අස්මාගොඩ ගඟඅද්දර පවුල් 45ක පුද්ගලයින් 160කට මෙතෙක් කිසිදු ආධාරයක් ලැබී නැත. ඇඳිවත පමණක් හිමි ඔවුන්ට කෑම, වතුර, පොත්, ඇඳුම් අත්‍යවශ්‍ය වී තිබේ. අද දිවා ආහාරයවත් නොලැබුණු බව ඔවුහු කියති. විමසීම් සුජීව - 0776340466


පස්වරු 2.35

(තරිදු ජයවර්ධන සහ බිගුන් මේනක ගමගේ)

රත්නපුර ප්‍රදේශයේ විපතට පත්වූවන්ට ආහාරපානාදිය ලබා දෙද්දී නිසි ආකාරව සිදු නොකරන බව අපදාවට ලක්වූවෝ චෝදනා කරති. ඇතැම් දේශපාලනඥයන්ගේ නියෝජිතයන් පැමිණ ඔවුන්ගේ හිතවතුන්ට පමණක් ආධාර බෙදා දෙන බව ද ඔවුහු පවසති.
තවමත් කොටුවී සිටින කිහිප දෙනෙකුම පැවසුවේ තමන්ට පෙර දින සිට කිසිවක් නොලැබුණු බවයි. බලධාරීන් වහා මැදිහත්වී දේශපාලනඥයන්ගේ අනවශ්‍ය මැදිහත්වීම වළක්වන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


පස්වරු 2.30

(ඩයනා උදයංගනී )

ආපදාවකදී අවතැන් වන්නන් වෙනුවෙන් ආහාර ලබාදීමට වෙන් කරන මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අවතැන්වූවන්ට පිසූ ආහාර ලබාදීමේදී එක් අයෙකු වෙනුවෙන් මෙතෙක් වෙන් කළ රුපියල් 225, රුපියල් 300ක් දක්වා ඉහළ නංවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

වියළි ආහාර සලාක වෙනුවෙන් වෙන්කරන මුදල්ද ඉහළ නංවා ඇති අතර එක් සාමාජිකයකු සිටින පවුලක් වෙනුවෙන් මෙතෙක් වෙන් කළ රුපියල් 700, රුපියල් 900ක් දක්වාත්, දෙදෙනෙකු සිටින පවුලකට ලබාදුන් රුපියල් 900ක මුදල රුපියල් 1200ක් දක්වාත්, තිදෙනෙකු සිටින පවුලකට දුන් රුපියල් 1100ක මුදල 1400 දක්වාත්, සිව්දෙනෙකු සිටින පවුලකට රුපියල් 1300 සිට 1600 දක්වාත් සහ පස් දෙනෙකු සිටින පවුලකට රැපියල් 1500 සිට 1800 දක්වාත් වශයෙන් වැඩි කර තිබේ.


පස්වරු 1.10


පස්වරු 1.50

(තරිඳු ජයවර්ධන , බිගුන් මේනක ගමගේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර සිට අකුරැස්සට යන මාර්ගය තවමත් ජලයෙන් යටවී ඇති නිසා කොටුවී සිටින ජනතාවට සහන සැලසීමට වෛද්‍යවරු පිරිසක් අද බෝට්ටුවෙන් ගියහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට ඇත්තේ ද මෙම මාර්ගයේමය.

වෛද්‍ය එන් එස් වීරසිංහ මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් ද, හෙදියෝ සහ සහන සේවකයෝ පිරිසක් ද මෙම කණ්ඩායමට ඇතුළු වුහ.

වෙනදා වාහන යන අධිවේගී පිවිසුමේ අද ගමන් කළේ බෝට්ටු පමණි.


පස්වරු 1.30

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගංවතුර තත්ත්වය නිසා දොඩංගොඩ සිට කොක්මාදුව තෙක් වසා දමා තිබූ අධිවේගී මාර්ගය අද (30) පස්වරු 1.30 සිට විවෘත කළ බව අධිවේගී මාර්ග පාලනාධිකාරිය පවසයි.


 

පස්වරු 1.10

ආපදා හේතුවෙන් මියගිය ගණන 188 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තුවාල ලැබූවන් ගණන 112ක් බවත් 99 දෙනකු තවමත් අතුරුදන්ව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 


පස්වරු 1.00

ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජුනි මස සම්පුර්ණ වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

අපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන '' ආපදා සහන ගිණුම'' වෙත තම වැටුප බැරකරන ලෙස ඒ මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත.


 

 

පස්වරු 12.55

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස ඉන්දීය රජය විසින් ශ‍්‍රී ලංකාවට එවන ලද වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් ‘ජලස්වා‘ නෞකාව අද (30) කොළඹ වරායට ළඟාවිය.
නෞකාවෙන් රැගෙන ආ ආධාර තොගය ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් භාරගනු ලැබීමෙන් අනතුරුව එම ආධාර නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.


පස්වරු 12.50

ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජුනි මස සම්පුර්ණ වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

අපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන '' ආපදා සහන ගිණුම'' වෙත තම වැටුප බැරකරන ලෙස ඒ මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත.


පස්වරු 12.40
(විනීතා එම්. ගමගේ)
ආපදා සහනාධාර ලෙස විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර සියල්ලම නිවාස අහිමි වූවන්ට  නිවාස ඉදිකර දීම සඳහා යෙදවීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ  බව වරාය හා නාවික  කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. එම නිවාස ඉදිකිරීම් වලදී මීතොටමුල්ල, සාලාව, අරණායක ඇතුළු මෑතකදී ආපදාවට පත් සියලු ස්ථානවල නිවාස අහිමිවූවන්ට නිවාස ඉදිකර දීමට කටයුතු කිරීමට තීරණය කළ බවද ඇමතිවරයා පැවසීය. 


පස්වරු 12.35

පාකිස්තාන ආධාර රැගත් නෞකාවක් කොළඹ වරායට අද(30) සේන්දු විය.

ගංවතුරින් හා නායයාම්වලින් විපතට පත් ශ්‍රී ලාංකික වැසියන්ට බෙදාදීම සඳහා ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් එහි එවා ඇති බවත් චීනයෙන් තවත් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.


 

පස්වරු 12.30

වැලිපිටිය, කණංක හා කොක්මාදූව ප්‍රදේශ වලට වියළි ආහාර හිඟයක් පවතින බවත් පාසල් පොත්, යට ඇඳුම්, ළදරු කිරිපිටි, සනීපාරක්ෂක තුවා විශේෂයෙන්ම අවශ්‍ය වී ඇති බවත් කියති.
0713255676 - ප්‍රතිභා


 

පස්වරු 12.25

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

මී උණට දෙන ඩොක්සිසයික්ලින් 10,000 බැගින් සහ වතුර පිරිසිදු කිරීමට ක්ලෝරීන් පෙති 50,000 බැගින් ආපදා ප්‍රදේශවලට යැවූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පවසයි.


පස්වරු 12.20

(හර්ෂණ තුෂාර සිල්වා)

අද(30) උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කැලණි ගඟ නිම්නයේ ඉහළින් පිහිටි නෝර්වුඩ් පෙදෙසට මිලිමීටර 57.7 ක වර්ෂාවක්ද, මැද කොටසේ පිහිටි කිතුල්ගල පෙදෙසට මිලිමීටර 55.3 ක වර්ෂාවක්ද ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත වල සටහන් වේ. 
කැලණි ගඟේ ඇතැම් ස්ථානලට මිලිමීටර 75ට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. 
⦁ කැලණි ගඟ - දැරණියගල මිලිමීටර 65.5
⦁ ගිං ගඟ - තවලම මිලිමීටර 61.1
⦁ කැලණි ගඟ - නෝවුඞ් මිලිමීටර 57.7
⦁ කැලණි ගඟ - කිතුල්ගල මිලිමීටර 55.3

 


පස්වරු 12.15

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර සේරුපිට දී  අඟුලක් පෙරළී  අතුරුදන් වු පුද්ගලයාගේ මළ සිරුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 වෙල්යායේ පාවෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.


පස්වරු 12.05

දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සියලුම වාහන ගෙන්වීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.


මධ්‍යහන 12.00

(සිරංගිකා ලොකුකරවිට)

ගංවතුරෙන් අවතැන් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම සඳහා අදත් (30) ගාල්ල බන්ධනාගාරයේ බත් පාර්සල් 3000ක් සකස් කැරිණි.

ආපදා සිදුවූ දිනයේ සිට දිනපතා මෙලෙස ගාල්ල බන්ධනාගාරයේ මුළුතැන්ගේ බත් පිළියෙළ කර බෙදා දීම් සිදුකෙරේ. 


පෙරවරු 11.25

මාතර ප්‍රදේශ කිහිපයකම අවතැන් පිරිස් සඳහා ආහාර හා ජලය කඩිනමින් අවශ්‍යව ඇත. ෂා ගාමන්ට්ස්,ලේනදූව,ගොඩගම,මාතර
සුනිල් ලියනගේ - 0777106422


පෙරවරු 11.20

(සනත් ගමගේ)

හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ  නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇති බව කළමැටිය ධීවරයෝ පවසති.
අධික ජල ගැලීම් හේතුවෙන් හුංගම කච්චිගල් ආරේ පැමිණි මහා ජල කඳ හේතුවෙන් මෝය කට කඩා ගෙන යෑම නිසා වෙරළේ නතර කර තිබූ මෙම ධිවර යාත්‍රා මුහුදට ගසා ගෙන ගොස් ඇත.


පෙරවරු 10.55

(චාමින්ද දිසානායක)

වැලිගෙපල පතාන මද්දෙකන්ද ප්‍රදේශය නාය යාමේ අවදානමක් ඇතැයි වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් එච්. එම්. එච්. බණ්ඩාර මහතා පවසයි.

මිලි මිටර් 100ට වඩා වැඩි වර්ෂාවක් පැවැතුණහොත් එම ප්‍රදේශයේ පවුල් එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බව ඒ මහතා කියයි. 


පෙරවරු 10.40

ආපදා හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 183 දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අතුරුදන්ව ඇති පුද්ගලයින් ගණන 103කි.


පෙරවරු 10.30

(සිරි නන්දසිරි)

මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහින්දතිස්ස හිමියන්ට ප්‍රාදේශීය දේශපාලනඥයකු මරණ තර්ජන කළ බව කියමින් ඒ හිමියෝ බදුරලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.


පෙරවරු 10.00

(රංජිත් රාජපක්‍ෂ) 

නායයැමේ අවදානමක් හේතුවෙන් දිඹුල යුනිෆිල්ඩ් වතුයායේ වතු පවුල් 19ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට දිඹුල පොලිසිය කටයුතු කර තිබේ.


පෙරවරු 8.00

(තරිඳු  ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

ගංවතුර බැස යද්දී වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
ජලයෙන් යට වූ ළිං වතුර බැස ගිය පසු පිරිසිදු කර ගත යුතු බව ද එම අංශ පවසයි.


පෙරවරු 7.30

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

සුළි කුණාටුව අද දින බංගලාදේශ ගොඩබිමට ඇතුළු වී දුර්වල වේයැයි බලාපොරොත්තු වන බවත්, එසේ වුවද අද දින වැසි සහ සුළං තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට මිලිමීටර සියයකට වැඩි තද වැසි ඇතිවනු ඇතැයි කියන කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද අනාවැකි පළ කරයි.

 


පෙරවරු 7.00

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

රත්නපුර - කිරිඇල්ල සමන් දේවාලය අසල ගංවතුර මේ වන විට පහව යමින් පැවැතියද කිරිඇල්ල - සමන් දේවාල මාර්ගය මීටර 500ක් පමණ දුර තවමත් යටවී ජලයෙන් යටවී තිබේ.

සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටි යුද හමුදා රථයක් රාත්‍රී අනතුරට පත් වූ අතර වෙනත් රථයක් ආධාරයෙන් එය ගොඩට ගෙන ආවේය. 

රත්නපුර පොත්ගුල් කන්දේ නාය යෑමේ අවධානම නිසා ඉවත් කළ පවුල්වල පිරිස් තවමත් වෙනත් ස්ථානවල සිටිති.



අදහස් (5)

රොටුඹ කන්දේ පිරිස ඉවත් කරයි

siri Tuesday, 30 May 2017 07:36 AM

පිට රටින් ලැබෙන ආධාර විතරක් නෙමේ,මොවුන් ජාතික ධනයෙන් ඔවුන්ගේ පරිබෝජනය සදහා ගන්න සියලු දේ අවතැන් වුවන් වෙනුවෙන් යොදවන්න. වාහන ගෙන්වීම තාවකාලිකව නැවැත්තුවත් හෙට දිනයේ ඔවුන් ඒ වරප්‍රසාදය ගනීවි.

:       0       28

පිටිගල මිලානෝ Tuesday, 30 May 2017 08:45 AM

ගංවතුර බැසගියපසු කලයුතු රෝග නිවාරණ වැඩ කොටස සහ ඊට අවශ්‍ය දැනුම සහ ක්ලෝරීන් වැනි ද්‍රව්‍යද ලෝක සෞඛ්‍ය සංවිධානයේද උපකාර ඇතුව කිරීමට අදාළ ඇමතිවරයා දැනටමත් පියවර අරන් ඉවරද?

:       248       4

පිටිගල මිලානෝ Tuesday, 30 May 2017 08:45 AM

ගංවතුර බැසගිය පසු කලයුතු රෝග නිවාරණ වැඩ කොටස සහ ඊට අවශ්‍ය දැනුම සහ ක්ලෝරීන් වැනි ද්‍රව්‍යද ලෝක සෞඛ්‍ය සංවිධානයේද උපකාර ඇතුව කිරීමට අදාළ ඇමතිවරයා දැනටමත් පියවර අරන් ඉවරද?

:       192       49

methsiri Tuesday, 30 May 2017 10:59 AM

කැලෑ පත්තර කඩේට පැනලා ඕකුන්ව කිඹුල්ලුම කන්න ඕනා මේ ගංවතුර අස්සේ උන් කරන බලු වැඩ වලට.

:       0       14

dusanthayaggahavita Tuesday, 30 May 2017 11:00 PM

මාතරට ආධාර ගෙනත් දුන් ජනතාවට බොහොම පින්

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1977 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7220 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3721 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3064 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11739 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8015 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site