IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂකවරියට ගෙදර යන්න වුණේ එපා කියපු විමර්ශනයක් කළ නිසයි‘

( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

 

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියට ගෙදර යන්න සිදු වුණේ ඇමැතිවරුන් සිව් දෙනකුට එරෙහිව එපා කියද්දීත් විමර්ශන ආරම්භ කළ නිසා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී (ජවිපෙ) විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.


 හේරත් මහතා  මේ බව පැවසුයේ  අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.


 විජිත හේරත් මහතා මෙසේද පැවසීය.


 ඇයට මෙම පරීක්ෂණ නවත්වන්න කියලා  ඉහළින්ම බලපෑම් ආවා. නමුත් බලපෑම්වලට යටත් වුණේ නැහැ.ඒ නිසා ඇයට ගෙදර යන්න වුණා. අද රටේ අල්ලස් ගැන ලොකුවට කතා කළාට ක්‍රියා මාර්ග ගන්නේ නැහැ.අමාත්‍යංශවලට ගොඩනැඟිලි ගන්න කෝටි ගණන් .නමුත් අල්ලස් කොමිසමට තවම ස්ථිර ගොඩනැගිල්ලක් නෑ.දුෂණ විරෝධි අධිකරණ තුන තවම  පිහිටුවලා නෑ.ප්‍රමාදයක් තියෙනවා.ඒ අධිකරණ තුන ඉක්මනින් පිහිටුවන්න කියලා මම ඉල්ලා සිටිනවා.  



අදහස් (29)

‘අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂකවරියට ගෙදර යන්න වුණේ එපා කියපු විමර්ශනයක් කළ නිසයි‘

Anusha Friday, 20 July 2018 09:13 AM

අල්ලස රටේ හැම තැනම පැතිරිලා. හෝඩියේ පන්තියට ළමයි ඉගෙනීමේ පටන් සුසාන භූමියේ තැනක් වෙන්කර ගන්නකන් ඇමැති පස්සේ යන්න ඕනේ. රටේ 99% ක් ඉන්නේ ඔය තත්වේ. ඒකෙන් 225ක් පාර්ලිමන්ට් ගියාම ඒ අය ඔක්කොම හොරු. ඕක තමයි මේකේ තත්වය...

:       106       731

RaveendraFriday, 20 July 2018 11:00 AM

අනූෂා මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. අපට නැගුණු ප්‍රශ්නය තමා මේ අයට එකපාරටම මතක්වුනේ කුමන සැලසුමක් උදෙසාද කියා? මොකද මෙම සිදුවීම අද, ඊයේ සිදුවුණු දෙයක් නොවන නිසා...

:       1014       1136

Sanath KandyFriday, 20 July 2018 07:49 PM

හදිසියේ මතක් වෙලා නෙවෙයි රවින්ද්‍ර. අල්ලස් සංශෝධන පනත ගැන විවාදයේදී තමා මේ කියලා තියෙන්නේ. කොමසාරිස්තුමිය ඉවත් කරපු වෙලාවෙත් ජවිපෙ මේ ටික කිව්වා. ජවිපෙ කොයි තරම් නිවැරදි දෙයක් කිව්වත් එකේ වැරැද්දක් දකින්නේ ඔයාල දාගෙන ඉන්න පාට කන්නාඩිය නිසා.

:       155       625

එර්දි Friday, 20 July 2018 09:37 AM

ඉතින් තුමෝ ඔය ඇමතිවරුන්ගේ නම් ටිකත් කියලම දැම්ම නම් හරිනේ. හැමදාම අරය කළා, මෙයා කළා කියනවා. හැබැයි ඡන්දෙන් මේ සේරම ආයෙත් රට කන්න එනවා (හේතුව අපේ රටේ මිනිසුන්ට කොන්දක් නෑ හොරුවන්ව සමාජයට පෙන්වල දෙන්න)

:       557       989

ප්‍රියංකාFriday, 20 July 2018 10:10 AM

මේ නම් ටික කවුරුත් දන්නවානේ... අර දතාගේ කේස් 10ක්ද කොහෙද... අනුරාධපුරයේ තට්ටයාගේ බිල්ඩිමේ කේස් එක... හිටපු ලොක්කා ... ගම් කබරයාගේ මිනීමරු, තක්කඩි, හොරකම්... වගේ කේස් 15ක් විතර..

:       0       490

රොමේෂ් Friday, 20 July 2018 10:33 AM

හොරුන්ව අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැ මහත්තයෝ. පරීක්ෂණ ඉවරකරපු, සිය ගණනක් ජනතා මුදල් හොරකම් කරපු පැමිණිලි තියෙනවා නීතිපති උපදෙස් එනකම්. නීතිපති උපදෙස් දෙන්නේ "නීතිපතිට ලැබෙන උපදෙස්" මත වීම ඉතාමත් කණගාටුදායක අවස්තාවක්. රටම දන්නවා හොරු කව්ද කියලා. නමුත් රටේ ඉන්න ඇති බහුතර නුවණක්කාර ජනතාවට තමන්ගේ පෙළපතවගේ කදබැඳන් එන දේශපාලන පක්ෂය අතහරින්න තමයි කොන්දක් නැත්තේ. අනෙක් කාරණය තමයි හොරු හොරු කියලා මේ ඉන්න හොරුන්ට බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඒ අයව නැවත නැවත පත්කරන්නෙත් රටේම ජනතාව මිසක් පාර්ලිමේන්තුවේ ගේට්ටු කඩන් ආපු අය නැහැ.

:       1       477

bimal Friday, 20 July 2018 09:56 AM

ජේවීපී නැත්නම් අද රටක් නැහැ. ඔබ 6 දෙනාටම ස්තුතියි..!!!

:       4616       5260

ranjithFriday, 20 July 2018 12:11 PM

දැන් ජේවීපිය ඉඳලා රටට වෙලා තිබෙන හොඳේ මොකක්ද? එම අධ්‍යක්ෂකතුමිය ඉවත් කරපු කාලේ කට වහගෙන ඉඳලා යූ.එන්.පී. යට යටින් සහයෝගය දීලා දැන්ද ඒ බව කියන්නේ? ඒ කාලේ ඕවා කියල පාර්ලිමේන්තුවේ සටන් කරන්න තිබුණනේ. මෙච්චර කල් නිශ්ශබ්දව ඉඳලා දැනුත් හෙළි කරන්නේ සිද්ධියෙන් භාගයක් පමණයි. රතු අලි පැටව් කියන ඒවා මේ රටේ බුද්ධිමත් ජනතාව දැන් හොඳට තේරුම් අරගෙනයි තියෙන්නේ... ඊළඟ මැතිවරණයේදී එයාලට තිබෙන ඔය ආසන හයත් ඉවරයි.

:       3613       3523

රොමේෂ් Friday, 20 July 2018 02:12 PM

උගතුන් කියා තමන්ම කියාගන්න ඊනියා උගතුන් කැකුණ තලන ඉන්දියන් සාගරේ (අ) මුතු අටේ ජීවත්වන බහුතර අයගේ කැමැත්ත තමයි අම්මලා තාත්තලා කරගහන් ආව අපේ පක්ෂේ එකෙක් රටේ සල්ලි හොරකම්කලාට කමක් නැහැ කියන බව. මේවගේ අය ආස නැහැ හොරකමෙන් තොර රටක් බිහිකරගන්න. ජ.වි.පෙ. මිනිසුන්ටත් තේරෙන්නේ නැහැ රටේ බහුතරයගේ කැමැත්ත හොරෙක්ව රජකරවීම බව...

:       18       420

RohanFriday, 27 July 2018 01:16 AM

මේ රටේ ගොඩක් මිනිස්සු ජවිපෙ වටිනාකම අවබෝධ කරගෙන නෑ. ඔවුන් කරන කියන දේවල් හරි සොයා බැලීමක් නැතිව, බොරුවට තේරුමක් නැතිව අවලාද නගලා, ඡන්දයකදී අංක එකේ හොරෙකුට මනාපය දීලා වහලෙක් වෙනවා. ඊට පස්සේ අවලාද නගනවා ජවිපෙ කට්ටිය කිසිම දෙයක් රටට කරන්නේ නෑ කියලා. මන්ත්‍රී වරු 6ක් එක්ක පාර්ලිමේන්තුවේදී මේ දක්වා මේ රටේ ආණ්ඩුවේ සහ පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රී , ඇමති වරුන්ගේ දුෂණ ක්‍රියා සියල්ලම වගේ හෙළිකරලා තියනවා. එත් මේ ආණ්ඩු කිසිවක් කිසිවෙකුට දඩුවම් කරන්නේ නෑ. එක ජවිපෙ වරදක් නොවේ.

:       0       0

ධනුෂ්කSaturday, 21 July 2018 01:22 AM

බිමල් ඔබ හරි කවුරු අවලාද නැගුවත් මමත් පුද්ගලිකව දන්නවා. මෙතුමන්ලා ගොඩක් බාධක මැද දේශපාලනය කරගෙන යන්නේ. ගොඩක් කැප කිරීම් කරලා. ඔවුන් ධනය හ සැප සම්පත් පසු පස යනවනම් මෙලහකටත් අනිත් අය වගේ මෙතනින් ගැලවිලා අැමතිකමක් අරගෙන. මෙතුමන්ලට කරන චෝදනා වලින් එකක් හෝ අැත්තම චෝදනා වුනානම් කොහොම තියේද? නමුත් චෝදනා බොරු නිසා එ්වට පැවැත්මක් නෑ.එ් නිසා මම දන්නවා රට වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව වැඩ කරන එකම තැන මෙතන.

:       10       847

ජයන්ත මිලානෝ Friday, 20 July 2018 10:20 AM

අනේ එර්දි තුමෝ. ඔවුන්ට කොන්දක් නැතිවා නොවේ. රටේ මිනිසුන්ගේ නිහීනකම මිස. එක වතාවක් හෝ රතුමල්ලිලාව බලයට පත්නොකිරීමේ කරුමක්කාර කමට සියලුම රටවැසියන් වගකීම බාර ගතයුතුයි. කවුද දන්නේ මේ අය රට හරියට ගෙනයයිද, නැත්නම් මෙපමණ අවුරුදු ගාණක් රට කාබාසිනියා කරපු හොරුන්ගේ ගානටම යයිද කියලා. අපේ රටේ මිනිස්සු කරුමක්කාර කං කරගහන්න ඉපදිලා ඉන්න ජාතියක්...

:       971       1062

senakaFriday, 20 July 2018 11:43 AM

ඔය කියන රතුමල්ලිලාව 88-89 කාලයේ සමහර ප්‍රදේශ තමන්ගේ බලයට නතු කරගෙන හිටියා. ඒ කාලේ ඒ අය සාමාන්‍ය මිනිස්සුන්ට දඬුවම් කල ආකාරයත් අපිට අමතක නැහැ. එම නිසා, ඔය කියන රතුමල්ලිලාව බලයට ගෙනෙන්නට ප්‍රථම, දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුයි.

:       1433       1608

chathuriFriday, 20 July 2018 01:19 PM

මහත්තයෝ, ඔය කියන රතු මල්ලිලා නැතිනම් අද මේ රටේ ඉන්න දේශපාලකයන් ඔයත් එක්කම රට විකුණලා...

:       373       1634

naradha Friday, 20 July 2018 10:21 AM

ඇයි මේ ඇමැතිවරුන් සිව් දෙනාගේ නම් කියන්න බැරි? දේශපාලනය අවංකව කරනවා නම්, මෙවැනි දෙයක් කීමට බයවන්නේ නැහැ.

:       515       629

gayanSaturday, 21 July 2018 12:06 AM

ආ ඕකවත් දන්නෙ නැද්ද? ඒයාලට මේක සටන් පාඨයක් විතරයි. බොරුව ගෙනියන්නෙ. ඇත්තටම එයාලගෙ සහයත් ඕවට නොමදව ලැබෙනවා. දූෂණ විරෝධය නිසි පදමට පවත්වගෙන යාමයි ඒගොල්ලන්ට පැවරිලා තියෙන කටයුත්ත. ඒක ඕනෑවට වඩා වැඩි කරන්නෙත් නෑ අඩු කරන්නෙත් නෑ. නැති කරන්න නම් කැමතිම නෑ මොකද සටන් පාඨයක් විතරක් නොවේ තමන්ගෙ දේශපාලන පදනම නැති වෙන බව එයාල දන්නවා. මේ රටේ හැම මිනිහෙක්ම කාටහරි රැවටිලා තමයි ඉන්නෙ. කට්ටියක් මහින්දට. කට්ටියක් රනිල්ට. කට්ටියක් ජේවිපියට ඒ හැමෝම සාමූහිකව මේ සමාජ ක්‍රමය පවත්වගෙන යනවා.

:       145       255

ජවිපෙ අවංක නැත Friday, 20 July 2018 11:08 AM

1. ජවිපෙ කිසි දෙයක් නොදන්නා අය වගේ පෙනේ. අල්ලස් කොමිසමේ හිටපු තැනැත්තිය ගෝඨාභයගේ ඇවන්ගාඩ් නඩුව දැමූ දිනට පසුදා, ජනපති කියූ දේ බලන්න. "හමුදාවේ අයව උසාවියට දක්කාගෙන යාමට මම ඉඩ නොදෙමි." පසුදා රාජිත කියූදේ බලන්න. " මැය හිටපු ජනපතිගේ ඩුබායි ගිණුම පරීක්ෂාවට ජනපතිගෙන් ලිඛිත අවසරගෙන ", "එය හිටපු ජනපති දැනගෙන, කෝල් කරලා සිරිසේනට " "සිරිසේන ෆුල් අප්සෙට්.... "අනුර කුමාරට මොකද වුනේ?

:       649       572

Chandima Friday, 20 July 2018 12:13 PM

දැන්ඉතින් අලුත්ම තර්කය වෙන්නේ රට පාලනය කරන අයගේ හොරකම, වංචාව මැද රටේ ජනතාව ලෙස හඳුන්වන සත්ව කොට්ඨාශය ජීවත් වෙන්න පුරුදුවෙන්න ඕනෑ කියන මසුරන් කියමන... ඔන්න බලන්න වැඩිකල් නොගොහින් ඔය යක්කු ඕක ටීවී එකෙන් පත්තරෙන් කියන්නේ නැද්ද කියලා...

:       5       18

සතයපාල Friday, 20 July 2018 12:53 PM

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ නම් කියන එක සුළු දෙයක්... නඩු දාන්නවත් බැරි නිසා නමුත් දැන් කට්ටියම නම අහන්නේ මොකටද? මෙයාලට විරුද්ධව උසාවි යන්නද? නැත්නම් ඊළඟ පාරත් ඔබේ ඉහළම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නද? එ් කොහොම වුණත් හොරුන්ට වඩා භායානකයි, හොරු රකින නායකයින් දැන් ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අත දික්කරලා හඳ පෙන්නුවාම, හඳ ගැන නොවෙයි කතා කරන්නේ අත ගැනයි. අපේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයන් ඉන්නතුරු ලංකාවට අබ සරණයි.

:       124       385

BamunuarachchiSaturday, 21 July 2018 12:10 AM

මෙයාලව නැවත පත්කර එවීමේ වැරද්දක් තිබෙනවාද? මේගොල්ලෝ නොසිටින්න බැංකු කොල්ලය එලියට එනවාද? මෙගොල්ලන්ගෙන් වුන සේවයත් අනුමත කරන්න.

:       0       103

gayanMonday, 23 July 2018 03:40 AM

මෙයාලා නිසා බැංකු කොල්ලය එලියට ආවා කියලද හිතාගෙන ඉන්නෙ. පව්!

:       0       0

BamunuarachchiMonday, 23 July 2018 11:16 PM

මෙයාලා නිසා බැංකු කොල්ලය සඟවන්න බැරිඋනා. ජේ වී පි හැරෙන්න වෙන කවුරු කෝප් කමිටුවේ සබාපති උනත් වැඩේ හන්ගනවා.

:       0       0

Anusha Friday, 20 July 2018 02:13 PM

රවීන්ද්‍ර - අල්ලස් ගන්නෙත් දෙන්නෙත් අපිමය. පක්ෂ පාට මොනවා වෙතත් අපි ඔක්කොම (99%) හොරුයි. මුළු ජනගහනය හොරු බැවින් 225න් හොර නැති අය සොයා ගැනීම අපහසු කටයුත්තකි. අපිම මුල් වී මේ සෙල්ලම නැවැත්තුවේ නැත්නම් රට තවත් පහළට යනු ඇත. දේශපාලකයින්ට බැන වැදීම නවතා අපි හැදෙමුද?

:       26       221

Sunil Friday, 20 July 2018 02:14 PM

දැන්ද ඒ බව දැනගත්තේ? ඒ දවස් වල මේ ටික නොකිව්වේ ඇයි? එදාට පස්සේ අදද පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත උනේ?

:       199       319

rasika Friday, 20 July 2018 03:54 PM

ජවිපෙ ගැන අපිට ඉස්සර විශ්වාසයක් තිබුණා. හොරකමට, නාස්තියට විරුද්ධව රට දියුණු කිරීමේ සැබෑ වුවමනාවක් තිබුණා කියලා. ඒ වගේම සමහර තැන්වල ඔවුන් එය භාවිතයෙන් පෙන්නුවා. ඔවුන්ගේ දේශපාලකයින් හැසිරීම වුණත් අනෙත් පක්ෂවලට වඩා වැදගත්කමක් තිබුණා.. මිනිස්සු ඔවුන්ගැන පැහැදීමක් තිබුණා... විශේෂයෙන් අලුත් පරපුර. ඔවුන්ට ඡන්දය දුන්නේ නැති වුනාට ඔවුන් කියන වෙන කෙනෙකුට ඡන්දය දෙන ජන චින්නනයක් සමාජය තුල හැදුණා. කොටින්ම ඔවුන්ට ආණ්ඩු පෙරලීමේ හෝ හැදීමේ හැකියාවක් තිබුණා. ඔවුන්ගේ අදහස් සමාජය තුළ වැදගත් කියල පිළිගත්තා. නමුත්, ඔවුන්ගේ නව නායකයා, ගත්ත තීරණ රටට ගැලපුනේ නැ. ඔවුන්ගේ මෑතකාලීන භාවිතය ඔවුන් ගැන මිනිසුන්ගේ තිබුණු විශ්වාසය නැතිවුණා. මිනිස්සු දැක්ක රට වෙනුවෙන් කතාකරනවට වඩා දේශපාලනය සහ තමන්ගේ වාසියට කතා කරන යුගයක්. මහින්දව පරද්දන්න ඔවින් ක්‍රියාකළා. එ්කේ වරදක් නැ.. නමුත් දැන් තියෙන ආණ්ඩුව පරණ ආණ්ඩුවට වඩා නරක විදියට දේපල විකුණනවා.. රට නැති කරනවා.. නමුත් ඔවුන්ගේ මැදිහත්වීම අඩුයි. අනුර කුමාර කියන්නේ ප්‍රබල නායකයෙක් නෙමේ. සමහර වෙලාවට හිතෙනවා "කූඹියෝ " ටෙලිනාට්‍යයෙන් කියන්නේ ජවිපෙට වෙච්ච ඇත්ත කතාවද කියලා..

:       1361       1323

bimalSaturday, 21 July 2018 04:14 AM

ජවිපෙ මේ ආණ්ඩුව කරන හැම වැරදි දේටම විරුද්ද වුනා. වෙනවා, ඉදිරියටත් එහෙම වෙයි කියලා අපි හිතනවා. නමුත් මාධ්‍ය වල මේවා යන්නෑ. රටට අහිත කරන හැම දේටම ඔවුන් සෘජුව මැදිහත් වුනා. විරුද්ද වුනා. අපිට නම් ජවිපෙ තවමත් විස්වාස කරන්න පුළුවන්

:       291       654

sanjeewaSaturday, 21 July 2018 09:43 AM

රසික කියන දේ සම්පුර්ණ ඇත්ත. රට ජාතිය වෙනුවෙන් ජවිපෙ පෙනී හිටියේ ඒකාලේ.

:       233       179

tommySaturday, 21 July 2018 02:28 PM

මා සිතන්නේ නෑ ජවිපෙ වර්තමාන නායකත්වයේ එතරම් වරදක් ඇත කියා. අනුර දිසානායක රටේ අතීතයේ තිබුන තත්වයට වඩා, වර්තමානයේ රටේ පවතින වාතාවරණය සහ ප්‍රවණතා මත දේශපාලනය කරන බවයි මගේ හැගීම. මා සිතන හැටියට ජවිපෙට ඉදිරියට පැමිණීමට අපහසුවන හේතු දෙකක් ඇත. ඉන් එකක් නම්, අතීතයේදී ඔවුන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු දේශපාලන ප්‍රතිපත්තියක සිටීම. තවමත් ඔවුන් මේ ප්‍රතිපත්තියේ එල්බ සිටිනවාදැයි නොදනිමි. අනික් කරුණ නම්, මැතිවරණ වලදී රටේ පවතින දුෂණය සහ හොරකම ගැන කතා කරනවා විනා, ඔවුන්ගේ රටේ ඉදිරි දැක්ම ගැන පැහැදිලි ප්‍රකාශනයක් නිකුත් නොකිරීමයි.

:       0       17

kalani Tuesday, 24 July 2018 06:41 AM

ශ්‍රීලාංකික පොදු ජනතාවට ඉතිරිව ඇත්තේ තෝරාගැනීමට මාවත් දෙකක් පමණය. එනම් ම්ලේච්ජත්වය තෙක් පසුපසට හෝ යහපත් මිනිසුන්ගෙන් යුත් ජනතාවාදී රජයක් පත්කර ගෙන පෙරට යාම පමණය. මෙතුවක් කාලයක් දේශපාලන චෞරයන් ඉතිරි කළ සන්තාපය, කළකිරිම, භ්රාන්තිය බිඳ වැටීම හේතුවෙන් ජීවිතය විඳවන,නොදන්නා ගමනක යෙදෙන, උප්පැන්න සහතිකයෙන් සහතික කළ දේශපාලන පක්ෂවලින් නිර්වින්දනය වූ අපට තෝරා ගැනීමට ඇත්තේ පළමුවන මාවත පමණි. නිදහස ලැබීමෙන් පසු විවෘත ප්‍රශ්නයක් ලෙස ශ්‍රී ලාංකිකයාගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නය ඉදිරිපත් ව තිබුනත් පිළිතුරු නොදන්නා දේශපාලන කණ්ඩායම් දෙකක් නැවත නැවතත් රජ කරවීමේ දේශපාලන අහංකාරයෙන් අපි පෙළෙමින් සිටියෙමු. සමාජය වෙලාගෙන පවතින අධිපතිවාදී සන්නිවේදන ජාලයන් ජවිපෙ දේශපාලන පෞරුෂය මුළුමනින් ම සඟවා තබන්නට දරණ තැතට එරෙහිව සැබෑ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි බහුතරයක් දෙනා ජවිපෙ පිළිබඳ උස්පිලේ හිඳ කරන සත්‍යයෙන් ඔබ්බට ගිය ඕපාදුප සංවාදවල යෙදෙති. ලියති. අප නිරුවත්ව මුහුණ පා සිටින්නේ තේරුම් ගැනීමට ගැඹුරු දේශපාලන බුද්ධියක් අවශ්‍ය නොවූ කරුණකට මුත් එයට යටත්වීමේ කැමැත්තෙන් පෙලෙන මිනිසුන් කණ්ඩායමක් සමඟය.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1514 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 1868 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5324 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4053 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4632 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6997 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site