IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්

(විනීතා එම්.ගමගේ සහ නාලක සංජීව දහනායක)

අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.



අදහස් (73)

වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්

sam Friday, 16 February 2018 07:30 AM

ප්‍රතිපත්තියක් නැතිකම තම ප්‍රතිපත්තිය කරගත් ලංකාවේ දේශපාලකයන් ගැන හොඳ උදාහරණයක් .

:       4142       1361

Missaka Friday, 16 February 2018 07:42 AM

UNP ආණ්ඩුවට තව ටිකක් දුර යන්ට දෙන්න තිබුනේ. රට අරාජික වෙන එක වැලැක්වීමයි දැන් කර යුත්තේ.

:       1043       1105

pathiranaFriday, 16 February 2018 09:22 AM

රටට හෙන ගැහුවත් එයාට වැඩක් නැහැ එයාට ඕනේ බලය

:       0       0

sena Friday, 16 February 2018 07:46 AM

මට තියෙන ප්‍රස්නේ චන්ද 8% ක් පමණක් තියෙන ජනාධිපතිතුමා චන්ද 38% තියෙන අගමැති ඉවත් කිරෙමට උත්සාහ කිරේම කොතරම් සදාචාරාත්මකද?

:       0       6

Shan Friday, 16 February 2018 07:53 AM

රෙදි ඇඳගෙන ඉන්නවනම් ඉල්ලා අස්වෙන්න ඕන ජනාධිපති. 4% චන්ද අරගෙන.

:       0       18

krishan Friday, 16 February 2018 08:03 AM

අන්තිමට ඇදලා ගත්තා...දමලා ගැහුවා... මලක් පිපුනා... මල පර උනා... කියලා තමා කියන්ඩ වෙන්නේ.

:       0       0

ravin Friday, 16 February 2018 08:33 AM

යකෝ ඒවා ඔක්කොම හොයලා නොවැ හිටන් උඹලගේ නිදහස් පක්ෂයේ 14% වැටුණු ජාමේ බේරගන්න ඕන. මෙයාලා හැමදාම කලේ පක්ෂය පෙරට රට පසුවට

:       518       567

banda Friday, 16 February 2018 08:34 AM

රනිල් හොරා පන්නමු ...

:       2678       2855

sirimal Friday, 16 February 2018 08:54 AM

නුතන හතර බිරි කතාව. චන්දේ තිබ්බේ ප්‍රාදේශීය සභා වලටයි. පිහිටුවන්න හදන්නේ අලුත් ආන්ඩුවකුයි. මැතිවරණය දිනුවේ ජීඑල් පීරිස්ගේ පොහොට්ටු පක්ෂයයි. ජය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ අනුශාසකයි. සියයට 4 ට වැටුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයායි.වෙනස් කරන්න හදන්නේ අගමැති වරයායි. මේ ඔටුවන්ට අවශ්‍යව ඇත්තේ මොන ක්‍රමයකින්හෝ කුඩාරමට ඔලුවක් ඔබ්බවා ගන්නටය.ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය වන්නේ මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කර ගෙන තිබීමය.මේ යතාර්ථය නොසලකා එන එන යෝජනා සේරටම එහෙයි කියමින් කාලය මරන්නේ නැතුව හරි තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. අමුලික බොරු සහ කටකතා පතුරුවා හරිමින් ජනමාධ්‍ය දැන් අගමැති සහ ඇමතිවරු පත්කරන තරමේ බලයක් අත්පත් කරගෙන ඇත.පක්ෂයේ ජනපදනම සියයට හතරට වට්ටවා කුජීතකල සාමාජිකයින් පලවා හැරීමට ශක්තියක් පක්ෂ නායකත්වය නැත.කොන්දක් නැත්නම් පොල්පිත්තක් පටලවාගෙන හෝ මේ වැඩය ඉක්මනින් කලයුතුය. එවෙනුවට තමන් බලයට පත්කළ පක්ෂය විනාශ කිරීමට තවදුරටත් උත්සාහ කිරීම කන්න දුන් අත සපාකෑමක් බඳුය. අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවගේ කැඳහැලි වලටය.

:       645       3511

Sathyayaa Saturday, 17 February 2018 10:17 PM

කොළ පාට කණ්ණාඩිය දාලා බලන කොට රනිල් කොළපාට ඇඳුම් ඇඳගෙන සිල් ගත්තත් වන්දි භට්ටයින්ට ඒක සුදට පේන එක පුදුමයක් නොවෙයි. මෙයා කතා කරන්නේ හරියට රනිල් මෛත්‍රීව තැනුවා වාගේ. 24 වරක් පැරදුණු මිනිහෙකුට මැරෙන්න කලින් අගමැති පුටුවේ උණුසුම ලබන්න දීපු හින්දා වෙන්න ඇති..

:       36       109

sirimalSunday, 18 February 2018 08:23 AM

ඔබට එවැනි මතයක් දැරීමට අයිතියක් තියෙනවා. මා රනිල්ගේ ගුණ වැනුවේ නැත. මා ඇසුවේ රට අරාජිකත්වයට යන තත්වයක් උදාවේගෙන එද්දී ප්‍රථම පුරවැසියා බකන් නිලාගෙන ඉන්නේ මොකද කියලයි. සමහර මාධ්‍ය මගින් කිසිදු සදාචාරයක් නොමැතිව රනිල් ඉලක්ක කරගෙන වසර ගණනාවක සිට ගෙනයන අසාමාන්‍ය ප්‍රහාරය සාධාරණද කියලයි. ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ එක පෙළට හිටගන්න බැරි තමන් සමඟ ඉන්නා මැති ඇමැතින් මඩු වලිගයෙන් තළා හෝ කැත්තෙන් කොටා හෝ එක මතයකට ගෙන ඒමයි. පක්‍ෂයේ සිටිනා ප්‍රගතිශිලීන් සහ වැටඋඩ ඉඳගෙන කටකැඩිච්ච කතා කියන අයද වෙන්කර ගත යුතුය. ජනාධිපති පස්වග මහණුන්ගෙන් ආරම්භ වූ දෙයක් ගැන කියයි. පස් දෙනාගෙන් පටන්ගැනුනේ වෙන දෙයකි. එය මේ මජර දේශපාලනය සමඟ පටලවා ගත යුතු නැත. දේශපාලන තලයේ වැදගත් ලෙස නොසැලකූ ගම්සභා ඡන්දයක් ආණ්ඩු පෙරලන බලවේගයක් බවට පත්වෙන්නට ඉඩහැර වෙච්ච නස්පැත්තිය ගැන තුශ්නිම්භුතව හොර ගල් අහුලමින් සිටියා ඇති. සතියකට වැඩි කාලයක් රට අරාජික කරමින් කට කතාවලට ආන්බාන් නොකර වැවෙන්නට ඇරියා ඇති. ජනාධිපතිතුමනි, වහාම කන්න දුන් අත කපාදැමූ අයට බලය දෙනවාද? කියා තීරණය කල යුතුයි.

:       0       0

Thilak Friday, 16 February 2018 08:57 AM

බලයට තිබෙන තණ්හාව කොපමණද . ජනධිපතිතුමටත් තීරණ ගන්ඩ කොන්ද පන මදි.....

:       26       281

සිරි Friday, 16 February 2018 09:00 AM

සිරිසේන යනු නොහොබිනා චරිතයක්ද? UNP ය දෙකඩ කිරීමට කරු ජයසූරිය නායකයා ලෙස පත් කරන ලෙස සිරිසේන ජනපති රන්ජන් රාමනායකට පවසා ඇත. මොහුට මානසික රෝගයක්ද? දෝශාභියෝගයක් අත ළඟද?

:       246       830

Perakum Friday, 16 February 2018 09:06 AM

මොනවද මේ කතා? රාජ්‍ය නායකයෙක් උනහම පිට කරන හැම වචනයක්ම ඉතාමත්ම වගකීමකින් හා ගාම්භීරත්වයකින් යුතුව ප්‍රකාශ කල යුතුය.

:       0       0

සතයපාල Friday, 16 February 2018 09:08 AM

මේ අය අගමෑතිව ඉවත් කරන්න කථා කරනවා නායකතුමා අගමැතිට යන්න එපා ඉන්න කියලා උපදෙස් දෙනවා.රට විනාශ උනේ මේ දේශපාලකයන්ගේ ඩබල් ගේම් නිසා තමයී!

:       0       0

Chandra Friday, 16 February 2018 09:09 AM

ආයේ නඩු ලිපි ගොනු වහලා මේ කට්ටිය යන්න යන්නේ පරණ දුෂිත යුගයටමය් . කව්රු හරි බයය් තමන්ගේ පරණ දුෂිත ක්‍රියාවල් එළිවෙය් කියල. හිතන්න තියෙන්නේ ඒකම තමයි . රටට හෙන ගැහුවත් කමක් නැහැ . පරණ නඩු හංගල අලුත් නඩු එස්සරහට ගෙනාව චන්ද දිනන්න . ඒ ක්‍රියාදාමයේ අඩුගානේ රටට පාඩුවේච්ච යමක් ආපසු ලබාගන්නවත් පුළුවන් . අනික ආණ්ඩු දෙකක් තිබුනද මේ රටේ . ජනරජයේ නායකයෝ දෙදෙනෙක් හිටියේ නැහැනේ . දැන් ඔක්කම නඩු ටික උඩට ගෙන්න . ඉස්තුතිය් .

:       0       0

Athula gunasekara Friday, 16 February 2018 09:15 AM

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ල මහ බැංකුවට පත් කරපු එකා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද ? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා උනෙත් . එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ ?

:       0       192

ගලබොඩඅත්තේ චමින්ද Friday, 16 February 2018 09:21 AM

ගරු ජනාධිපති තුමනි, අර ජනවාරි 9 වෙනිදා කිවුව අඩි හයක් පොලොව යට කතන්දරේ දැන් ප්‍රශ්නයක් නැද්ද? ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි.

:       0       0

sirimal Friday, 16 February 2018 09:32 AM

ඊයේ පළාත් සභා වලට පත්වෙලා ඉන්න දෙතුන් දෙනා ඉදිරියේ තර්ජනාත්මකව කිවා නේද "පක්ෂ තීන්දුවෙන් පිට ගිහින් ක්‍රියා කලොත් අස් කරනවා අස් කරනවා අස් කරනවා මයි " කියල. එතකොට පක්ෂය සියයට හතරට බස්සවන්න ක්‍රියාකරල දැන් ජයපැන් බොන පක්ෂ සාමාජිකයින් අස්කරනවා අස්කරනවා අස්කරනවා මයි" කියන්න දිව නැමෙනේ නැත්තේ මොකද අප්පා?

:       0       0

Jehaan Friday, 16 February 2018 09:43 AM

ඒ වගේම අහන්න තිබුණා.. සර් කාන්තා කටයුතු පිලිබඳ ඇමැතිකමත් ලඟදි හිස් වෙනවාද කියලා...

:       0       0

සෑම් Friday, 16 February 2018 09:46 AM

ඔව්...ඔව් කළගුණ සලකන්න එපැයි.. නැත්තම් හොඳ නෑනේ ...

:       0       0

dias Friday, 16 February 2018 10:02 AM

රනිල් හේ අපිත් කැමති නා.වෙල්ගමල ගැන නම් කියල වැඩක් නා. 8 පාස් විමලව අගමැති කළා නම් රට හරි යයි. ෆොට්ටුව දිනේවා.

:       0       0

dias Friday, 16 February 2018 10:08 AM

උන්ට රට වැදගත් නෙව්. බලය තමා. තොපිලා නරකාදියට යනවා. අපිටත් කෙලවෙනවා.

:       340       813

Thilak Friday, 16 February 2018 10:13 AM

රට අනතුරේ

:       160       186

Nuwan Friday, 16 February 2018 10:21 AM

තමන් හිරේ යන එක නවත්තන්න ඉක්මනට ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. එහෙත් එජාපය විපක්ෂයට තල්ලු කිරීමෙන් ඊලග මහා මැතිවරණයේදී ඔවුනට වාසියක් අත්වෙන්න පුළුවන්. එජාපයට උපක්‍රමශීලී ලෙස පසු බැසීමට හොද අවස්ථාවක්. නමුත් පොහොට්ටුව පැත්තෙන් බැලුවොත් ආණ්ඩු පිහිටුවල ඡන්ද පදනම යටිගම් බලා යවා ගැනීමෙහි අවදානමක් තියනවා.

:       472       587

athula Friday, 16 February 2018 10:33 AM

කිසිම ජවයක් නොමැති නායකයෝ අද එකක් හෙට එකක් කියන උන් , රට ගිලගත් , හොරකම , අපරාද අනතුරු, වසංගත රෝග ගොවියාගේ ප්‍රශ්න, මේ එකක්වත් මුන්ට ප්‍රශ්න නොවේ , එකම ප්‍රශ්නය බලයට එන්නේ කොහොමද , බලය රැක ගන්නේ කොහොමද කියන එක විතරයි රටේ බුද්දිමත් මිනිසුන්ට එකම එක විකලොයක් තියෙන වා මුණු එකයි උනුත් එකයි 3 කියන පිරිසිදු කණ්ඩායමකට බලය දෙන්නම ඕන

:       0       0

Lanka Friday, 16 February 2018 10:49 AM

එතකොට ජනවරි 8 අපට දුන්න පොරොන්දුව ? එක අමතකද ? අපිත් බලන් ඉන්නේ.................

:       0       0

Sunil Friday, 16 February 2018 10:54 AM

මෙරට ඡන්ද දායකයින් වශයෙන් අපි අද මහත්සේ ලැජ්ජාවට සහ අපේක්ෂා භංගත්වයට පත් වී සිටිමු. මේ ද අපි අපගේ ගරු ඡන්දෙන් පත් කල අපි මහත් බලාපොරොත්තුවක් තැබූ නායකයින්ගේ තරම??.

:       0       0

Ranjith Silva Friday, 16 February 2018 11:01 AM

රනිල් විශ්වාස කල නොහැක. කෝ මේ අර්ජුන් මහේන්ද්‍ර උසාවි ආවාද? කොහෙද ඔයාගේ විශ්වාසවන්තකම. එ්කම ඇති ඔයා ඉල්ලා අස් වෙන්න මලේ. උදව් කළා තමයි. නමුත් ගසා කන්න බලය දුන්නේ නැහැනේ.

:       0       14

රට අස්ථාවර කිරීම Friday, 16 February 2018 11:05 AM

19 ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති ඉල්ලා අස්වුවහොත් හෝ මන්ත්‍රීවරයකු නොවුවහොත් මිස සිරිසේන ජනපතිට අගමැති අස්කළ නොහැක. තවද මන්ත්‍රී 113 ඇත්නම් එම කණ්ඩායමට පුළුවනි. එසේ නැතුව, ජනපති මෙලෙස රට අස්ථාවර කිරීම බරපතල වරදක් නොවේද? ව්‍යවස්ථා විරෝධී නොවේද? රට අස්ථාවර වීම භයානක බව මහා බැංකු අධිපති පෙන්වා දී තිබේ. (ඩොලරය ඉහල යාම, පිටරට ආයෝජන හැකිලීම , ජාත්‍යන්තර පොළී අනුපාත සහ තෙල් මිල වැඩිවීම)

:       0       0

naradha Friday, 16 February 2018 11:06 AM

නිකන් ගැලරියට ප්‍රකාශන නිකුත් කරන්න එපා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට, අගමැති ඉවත් කල නොහැකිය.

:       0       0

Chandra Friday, 16 February 2018 11:25 AM

මේ මොනවාද කරන්නේ ? තමන්ගේ ජනප්‍රියතාවය අඩුවුණාට රට ගැන හිතන්න . 2015 මොකටද ආවේ ? පක්ෂ පාට නොබලා දුෂිතයන්ට දඩුවම් දෙන්න . ඔබ තුමාට මොකුත් මතක නැද්ද ? නිහතමානී අය කාටවත් යටත් වෙන්නේ නැහැ , බයවෙන්නෙත් නැහැ . රටට වෙන්න යන්නේ කුමක්ද ?

:       1       1

බද්රානි Friday, 16 February 2018 01:09 PM

මේ හෙළ දිවයින තව දුරටත්, මේ රටේ වාසය කරන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ඇතුළු රට තුල ජීවත් වෙන ජාතීන්ට අයිති රටක් නොවේ. මේ රට හොරුන්ට රටේ ජනතාව විසින්ම හොරකම් කිරීමට බාරදී ඇති අශිෂ්ඨයින්ගේ මගඩි දුපතයි.

:       128       1117

danru Friday, 16 February 2018 03:42 PM

ප්‍රාදේශීය සභා නගර සභා පැරදුනහම ආණ්ඩු විසුරුවේ ලෝකේ කොයි රටේද?ලංකාව මෙන් හත් අට ගුණයක් විශාල ප්‍රාන්ත රාජ්‍ය ගණනාවක් ඉන්දියාවේ තිබෙනවා. ප්‍රාන්ත රාජ්‍ය පැරදුනා කියා ඉන්දියාවේ ආණ්ඩු විසුරුවේ නැහැ.

:       178       276

dhamneth Friday, 16 February 2018 03:52 PM

මේ දිනවල කියන කරන දේවලින් අගමැතිතුමාගේත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පරිනතභාවය මනාව පැහැදිලි වෙනවා.

:       39       250

Chanak Los Angeles Friday, 16 February 2018 03:54 PM

රනිල් පිරිසිඳු නායකයෙක් ..

:       1803       2154

SanjeewaFriday, 16 February 2018 05:55 PM

ඔව් ඔව් පිරිසිදුයි. හැමදාම නානවා. ඡන්දයක් ආවාම හොඳටම නානවා.

:       0       73

ධම්මිකා ගීතානි ලොස් ඇන්ජලීස් Friday, 16 February 2018 06:54 PM

වෛද්‍යවරයෙක් හමුවෙන්න මල්ලියේ ඉක්මණට....

:       0       0

RaeendraSaturday, 17 February 2018 05:30 AM

චානක් ලොස් ඇන්ජලීස් මයා වෙත, ඔබ දුරු රටක වාසය කරන නිසා සිංහල භාෂාවේ වචනවල නියම අර්ථය අමතකවී ඇද්ද.. නැත්නම් නොදන්නවා විය හැක. ඔබ මෙන් අපද දුරු රටවල ජීවත්වන්නෝ වෙන්නෙමු. නමුත් තවමත් අපට අපගේ මව්බස හොඳින් මතක තිබෙනවා මෙන්ම හොඳින් තේරුම් ගැනීමටද හැකිය. රනිල් " පිරිසිදු" නායකයෙක් වන්නේ කෙසේද කීමට හොඳම උදාහරණය මහා බැංකුවට හතර ගාතේ වැටෙන්න ගහපු ගැහිල්ලම ඇති කියා අප විශ්වාස කරනවා.. අප අවංකවම පාට කන්නාඩිවලින් ප්‍රශ්න දෙස නොබලන්නෝ වන්නෙමු. ඔබට අපගේ මෙම අදහස්වලින් සිත් තැවුලක් ඇතිවුණි නම් අප කණගාටු වන්නෙමු.

:       288       622

samanSaturday, 17 February 2018 11:26 AM

"පිරිසිදුයි" කියලා මෙතන අදහස් කරලා ඇත්තේ නිතරම නාල කරලා ඉන්න එක වෙන්න ඇති.

:       3       217

RaveendraSaturday, 17 February 2018 02:10 PM

ඒ කිව්වේ බටහිර ස්නානයද? ලාංකීය ස්නානයද?

:       0       0

Shanaka Sunday, 18 February 2018 12:45 AM

ඔබතුමාගේ විහිළු කිරීමේ සීමාවක් නැහැනේ.. මෙහෙමත් කඩේ යාමක්.

:       0       0

vidya Friday, 16 February 2018 05:54 PM

ඕකනේ ළමයිනේ කියන්නේ අපොස සා/පෙ විභාගයෙන් ගොඩ ගිය අය පාර්ලිමේන්තුවට ගියා නම් මෙහෙම වෙන්නේ නෑ. අපි ඔක්කොටෝම අපොස සාපෙ වැදිලා තියෙන්නේ. ඉන්දියාවේ දෙවියන්ට පොල්ගහන අය ඉන්නකම් රට ප්‍රපාතයටම වැටෙනවා.

:       0       0

rohana kumara mendis Friday, 16 February 2018 06:13 PM

ඔව් ඔව් මේ අගමැති අයින් කරලා මහින්දව අගමැති කරගත්තා නම් ආයේ අර ලංගමයෙන් හොඳට ගරන්න පුළුවන්නේ.

:       0       0

Jehaan Friday, 16 February 2018 06:23 PM

මේ ඒ කාලයේ කෝච්චි ටික හරියට යවා ගන්න, වර්ජන ටික පාලනය කරගන්න බැරිව හිටපු කට්ටිය අගමැති ගෙදර යවන්න කතා කරනවා. ඒ මනුස්සයා ගෙදර යැව්වා කියලා තමුන්නාන්සේ එතන වාඩි කරනවාට ජනතාව කැමතියි කියලා හිතනවාද?

:       0       0

Jand Friday, 16 February 2018 06:33 PM

ජනාධිපතිතුමා ගැන තිබුණු පැහැදිම එතුමාගේ අදූරදර්ශී ක්‍රියා නිසා එන්න එන්නම අඩු වෙනවා. යහපාලනය වෙනුවට පැරණි දූෂිත පාලනයට පාර කැපූවොත් අර වේදිකාවේදි කිව්ව අවීචි නරකාදියට යන පෝලිමේ ඉස්සරහින්ම හිටගන්න වෙන්නේ ඔබතුමාට !!.. ඔබතුමාගේ නුවණ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා!.

:       0       0

tikiri banda -nugegoda Friday, 16 February 2018 06:46 PM

රටම විනාශ කරපු ඒකාධිපති පාලනයක් ගෙන ගිය මහින්ද පාලනය වෙනස් කරන්න මොන තරම් ජීවිත ප්‍රමාණයක් බිලි දෙන්න ඇතිද? ලසන්තලා, ප්‍රගීත් එක්නැලිගොඩලා, විශ්වවිද්‍යාල කොල්ලෝ ජීවිතය පූජා කලේ රටේ ඒකාධිපති වියරුව විනාශ කරලා රට ඒකාධිපති පව්ලෙන් නිදහස් කර ගන්න. මහින්දට නැවත බලයට ගන්න ඡන්දය දුන්නු "නාමල්ගේ හොර නීති ලෝගුව ගලවමු". "යු ටියුබ්" එකේ බලන්න..

:       0       0

sam gun Friday, 16 February 2018 07:30 PM

එතකොට දැන් වෙල්ගම රට දුවන්නේ, ජනාධිපති වෙල්ගමට රිපොර්ට් කරන්නේ ! අනේ මෙහෙම නායකයෙක් !

:       0       0

siri Friday, 16 February 2018 07:59 PM

සිරිසේන උන්නැහේ කියන ඒවා නෙමේ කරන්නේ... එන එන කෙනාට මොකක් හෝ බයිලයක් ගහලා යවනවා. පසුගිය මහමැතිවරණයේදී ඒකාබද්ධයත් එක්ක එකට තරඟ කරලා අන්තිම දිනවලදී කකුලෙන් ඇදපු හැටි ජනතාවට හොඳට මතක තිබුණු නිසා තමයි මෙවර එයාලාට අන්ත පරාජයක් දුන්නේ. ඒ නිසා මෙවන් පුද්ගලයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ.

:       0       0

Nandalal DE SILVA - France Friday, 16 February 2018 10:06 PM

උඩට නගින්න පිහිට වුණු ඉනිමගට පයින් ගහලා පෙරලා දමන්නයි, සිරිසේන මහත්තයා හදන්නේ. අනාගත ඉතිහාස පොත් ලියන කතුවරුන්ට ඔබ ගැන පරිච්ඡේද ගණන් ලියන්න මාතෘකාවක් ඔබගේ "අවංක භාවය" නිසා ලැබී තිබෙනවා. ඔබට හොරුන්, වංචාකාරයන්, රට හෝදගෙන කාපු අය, පිටරටවල මුදල් තැන්පත් කරපු පිල්ලි කාරයන් ගැන තිබෙන්නේ පුදුම සහගත අනුකම්පාවක් මෙන්ම එවැන්නන් රැකගැනීමට දරන අප්‍රතිහත ප්‍රයත්නය ගැන අපට දුකයි. ඔබ, රට සහ ජනතාව ගැන කිසිම හැඟීමක් නැත. අවීචි මහ නරකයට යවන්න හිටපු අය දැන් ජෝගි නටන බව ඔබට පෙන්නේ නැද්ද?

:       0       0

kalpa Saturday, 17 February 2018 12:49 AM

සිරිමල් හා දන්රු කියන දේ හරි. 10 වෙනිදා පැවැත්වුණේ පළාත් පාලන ඡන්දය පාර්ලිමේන්තු මැතිවරණය නොවේ... මොවුන් කියන්නේ කෙනෙකු විවාහ 2ක් කරගත්තාම දෙවැනි විවාහය බල සහිත වෙනවා වගේ කතාවක්. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව වෙනස් කළ හැකි නම් කෝටි ගණන් ජනතා මුදල් වැයකරලා විවිධ මැතිවරණ පවත්වන්නේ කුමකටද? එකකින් ඔක්කොම කරන්න පුළුවන්නේ..

:       0       0

Rasika Saturday, 17 February 2018 01:07 AM

ඩැනොන් නැත්නම් හොයලා බලන්න කැමරන් වයිට්ට මොකද වුනේ කියලා... බ්‍රිට්න් යුරෝපා හවුලෙන් ඉවත්වෙන්න තියපු ජනමත විචාරණය පැරදුණාම කැමරන් අගමැති කමෙන් අයින් වුණා. එ්කයි යහපාලනය...

:       1       227

ajith Saturday, 17 February 2018 04:10 AM

අගමැති අයින් කරන්න. නීතිපතිගෙන් අහන්න තරමට පොදු විපක්ෂේ ඉදිරියේ නැමෙන්නත් වුණා කියන්නකෝ. මේ ඡන්දෙ ආණ්ඩුවක් වෙනස් කරන්න නොදුන් එකක් බව මේ අය දන්නේ නැති එක පුදුම වෙන්න දේකුත් නොවෙයි. එ් වුණත් රටේ ජනතාවටනේ ආයෙමත් වරදින්නේ. ඉදිරි සංවර්ධන වැඩ නතර වේවි. ආයෙමත් පාරවල් සහ ඒ ගොල්ලන්ගේ සාක්කු කාපට් කරාවි. නඩුත් හාමුදුරුවන්ට යයි. බඩුත් හාමුදුරුවන්ට යයි. යහපාලනය වැලලෙයි මාධ්‍ය නිදහසත් නැතිව යයි..

:       1       233

rocky Saturday, 17 February 2018 04:15 AM

ඈ ... බන්ඩෝ, ඔහේ කියන්නේ අනිත් හොරුන්ව තියා ගන්න කියලද?

:       17       10

rocky Saturday, 17 February 2018 04:20 AM

උලා කාපු උන්නැහේලා දැන් රටම බයිට් එකට ගන්න හිතාගන ඉන්නවා වගෙයි. ජනාධිපතිට පුළුවන් කමක් නැහැ ඔහෙලට වුවමනා විදිහට අගමැති අයින් කරන්න. ව්‍යවස්ථාව ගැන තවම දැනුමක් නැහැ වෙන්නැති !

:       0       142

ගලබොඩ අත්තේ චමින්ද Saturday, 17 February 2018 05:04 AM

අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැතිහැටි...

:       4       51

Saman Saturday, 17 February 2018 05:15 AM

ලංකාවේ චපල ගති අය තමයි වැඩි.. පොළවේ අඩි 6ක් යට යන්න නොදී උඩට උස්සලා ගත්තට රනිල්ට හොඳ පාඩම්.. ඒ වුණාට මේ සැරේ රනිල් ලහැස්තිවෙලා ඉන්නේ .. මෛත්‍රී දන්නෙත් නැහැ එයාට අගමැති අයින් කරන්න බැහැ කියලා. කොහොමද රනිල්ගෙ 19?

:       0       208

SusilSaturday, 17 February 2018 05:29 PM

රනිල්ගේ ආකාරය "සෙමින් නමුත් ශක්තිමත්'

:       0       36

Sathyayaa Saturday, 17 February 2018 10:44 PM

ඔයාගේ වීරයා නැවත ඉපදිලා පාර්ලිමේන්තුවටත් ඇවිල්ල ඉන්නවා. මහින්ද ඒ දෙස නොබලා ඇස් පියා ගත්තට මෛත්‍රී මෙයාව උඩටම තමයි යවන්නේ කාටත් බලා ගන්න. 19 වෙනි ව්‍යවස්ථාවෙන් එයාට උඩට එන්න හදපු බූමරංගුව ඔන්න ආපසු ඇවිල්ලා කැරකිලා.

:       2       17

Pubudhu Saturday, 17 February 2018 05:22 AM

මහින්දගේ 18න් ඒකාධිපතියෙක් හැදුවා.. රනිල්ගේ 19න් එකාධිපතියා කොට උඩ යැව්වා.

:       1       326

shelton Saturday, 17 February 2018 05:48 AM

අපේ රනිල් කොන්ද කෙලින් තියෙන නායකයෙක්...

:       86       313

Sathyayaa Saturday, 17 February 2018 10:31 PM

කොන්දක් තියෙනවා මිනිහෙක් නැහැ. මිනිහෙක් ඉන්නවා කොන්දක් නැහැ. කොන්දකුත් නැහැ මිනිහෙකුත් නැහැ. ගෝල බාලයෝ සිහිනෙන් කශේරුකාවක් දකිනවා. මිනිසුනේ ඔය සිහිනයෙන් අවදි නොවීම හිටපල්ලා! ඇහැරුණොත් සොහොන් පිටියක් තමයි දකින්න වෙන්නේ!

:       0       55

Shan Saturday, 17 February 2018 08:55 AM

එලවන්න ඕනෑ කෙනා.. වෙන පුද්ගලයෙක් එලවන්න හදනවා. මෙහෙමත් අය...

:       1       120

Liyanage Saturday, 17 February 2018 01:13 PM

මේක කැකිල්ලේ තීන්දුවක් වගේ යන්න ඕන නම් වෙනත් අයෙක් පත් වුණා නම් හොඳයි.

:       0       8

don Saturday, 17 February 2018 11:46 AM

මෙතරම් කලකට මෙච්චර කෙනෙක් දැක්කමයි. මහින්ද බලයට ආවොත් සිරිසේනට වෙන්නේ යන්න තමයි. මොකද මහින්දගේ මුළු පවුලම හිරේ ගිහින් ආවේ උසාවි වල ඉන්න වුණේ සිරිසේනගේ ආණ්ඩුව නිසා. පිහිටට හිටපු යූඑන්පී යත් ඈත් කරගත්තා.

:       4       261

Susil Saturday, 17 February 2018 05:21 PM

මම දැක්කා 4 වැනිදා ජාතිය අමතන කොට අතේ තිබුණු ගල් අල්ලපු මුදු තොගය. මෙයාටත් හිටපු කෙනාගේ ලෙඩේ බෝවෙලා. මෙහෙම අපල දුරුකරගන්න ගියොත් ලඟදිම පිටිපස්සෙන් වීල්බැරෝවක් ගෙනියන්න වෙනවා මුදු පටවාගෙන යන්න. රනිල්ගේ අතේ එක ගල් අල්ලපු මුද්දක්වත් තිබුණේ නෑ.

:       0       53

Saman Saturday, 17 February 2018 05:22 PM

මෙයාට අවුරුදු 3න් මුල අමතක වුණා.. අගමැතිගෙ වැරදි මතක් වුණේ උසාවිය අවුරුදු 5ක තීන්දුව දුන්නට පස්සෙයි. දැන් දන්නවා ඊලඟ ඡන්දෙට යන්න වෙන්නේ රනිල්ගේ ආණ්ඩුව යටතේ කියලා.. ඒක ඇඟට හොඳ නැති නිසා තමයි තමන්ට අවනත අගමැති කෙනෙක් දාගන්න හදන්නේ...

:       0       43

Saman Saturday, 17 February 2018 05:33 PM

සරත් නන්දගෙන් ඇහුවා නම් දෙයි නියම ලෝ පොයින්ට් එකක්...

:       0       2

chamal Sunday, 18 February 2018 02:03 AM

අපිට දිනන්න නම් වැදගත්ම දේ ජනාධිපතිවරණය දිනන එක. දැන් තියෙන තත්වේ හැටියට ජීවිතේට ජනාධිපතිවරණයක් දිනන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බහුතරයක් මිනිස්සු මේ අය බලයට එනවට බයයි. මිනී මෝරු ටැංකි, උලෙන් අනල මරපු ඒවා , වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බ එක, උද්ඝෝෂණ කරපු අයට වෙඩි තියපු එක, සරත් මහත්තයගෙන්, ශ්‍රියානි මැතිණියගෙන් පලිගත්ත එක... ජනමාධ්‍යවේදින් අතුරුදහන් කරපු එක, මේවා හින්දා මිනිස්සු බයයි. දැන් කරන්න තියෙන හොඳම දේ අපිට දිනන්න නම් ඉවත් වෙලා, දිනේෂ් හරි වෙන කව්රු හරි යටතේ පොහොට්ටුව ප්‍රතිසංවිධානය කරන එක. මහින්ද මහත්තයයි, අනිත් රාජපක්ෂවරු ටිකයි පොහොට්ටුවෙන් ඉවත් කළොත් ජනාධිපතිවරණයකදී 50% හදාගන්න පුළුවන්.

:       0       24

rocky Sunday, 18 February 2018 02:30 AM

මහරගම ඡන්ද ජල්බරියෙන් පෙනෙන්නේ පොහොට්ටුවන්ගේ අරමුණ රටේ පාලනය අස්ථාවර කිරීම බවයි. ඔවුන්ගේ මේ ව්‍යායාමය ඔවුන්ට එරෙහිව ඇති හොර, මැරකම් පිළිබඳ චෝදනා වලින් කෙසේ හෝ ලිස්සා යාමයි.

:       0       84

Chandra Sunday, 18 February 2018 03:23 AM

පක්ෂ පාට නොබලා රට බේරා ගන්න ආපු අය ගැන කණගාටුයි.

:       0       1

dhamseth Sunday, 18 February 2018 05:55 AM

කුමාර වෙල්ගම මහතාගේ ඉල්ලීම ජනාධිපතිතුමාට කොහෙත්ම අහක දමන්න බැහැ. කුමාර වෙල්ගම මහතා තරම් මෛත්‍රීපාල මහතාට ජනාධිපති වෙන්න තම ධනයත්, ශ්‍රමයත් වැයකරපු කෙනක් මේ රටේ නැහැ.

:       0       0

nilu Sunday, 18 February 2018 07:27 AM

අර කතාවක් තියෙනවනේ බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා. ඒ ප්‍රස්ථා පිරුල මොනවට පැහැදිලි වෙනවා මේ රටේ අද ඇතිවෙලා තියෙන තත්වය දැක්කම... ශ්‍රී ලංකා යූඑන්පී එකට එකතුව යන ගමන අවුල් කිරීමට මේ පක්ෂ ඇතුලේ ඉන්න අය හොර රහසේ අල්ලාගෙන කරපු කුමන්ත්‍රණයක් බව නම් පැහැදිලිවම පේනවා. අපේ ජනාධිපතිතුමා හොදට ඒ ගුලිය කෑවා. එතුමාගේ පවුලේ අයට වද දෙන්න බලා හිටපු අය බව අමතක වුණාද? ඔය දැන් එකට පවුල් කන්න බලාගෙන පණිවුඩ එවන්නේ ජනාධිපත්තුමාව ආදරෙන් රැක බලාගන්න නොවේ. ඇතුලේ ඉඳන් ටික ටික කන්න. ඔය පළාතේ කෙනෙක් පවුලක් අස්සට රිංගා ගත්තත් කරන්නේ අද ආණ්ඩුවට කරලා තියෙන දේමයි. අපේ රටේ බුද්ධිමත් අඩු අයගේ ප්‍රමාණය තමයි මේ ඡන්දෙන් මම දැක්කේ. ඔය උදවිය මොන සලකුණෙන් දිනුවත්, මොන පාටින් දිනුවත්, මොන පක්ෂෙන් දිනුවත් ඒ හැමෝම ජාත්‍යන්තර වශයෙන් පරාජය වූ කණ්ඩායමයි. ඔය නරි රැල කොයි විදියට ආවත් පුටුවේ ඉඳගත්තම හූ කියනවා කියනවාමයි. එ්කේ දෙකක් නැහැ. හොරා කාපු සල්ලි වලින් ඔය අය රජගොල්ලෝ වගේ ඉඳීවි. ඒ සාපෙත් විඳවන්නේ කවදා හෝ අහිංසක ජනතාවයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6180 3

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3710 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3056 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11709 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7988 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site