IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා හිටපු ජනාධිපතිතුමා බියෙන් හිටියා

(මුදිතා දයානන්ද)

“පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම මම භාරගන්නේ නැහැ. මම මගේ වගකීම නිසි ලෙස ඉටුකළා. ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු මම පොලිස්පතිට ලබාදුන්නා’’ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණ තොරතුරු ගැන ජනාධිපතිතුමාත් එතරම් සැළකිල්ලක් දැක්වූයේ නැති බවත්, තමන් පමණට වඩා කාර්යබහුල වූ බවත් පැවසූ හේමසිරි ප්‍රනාන්දු මහතා ආරාබි රටවලින් අරාබිපාසල් ආරම්භ කරන්න ලැබෙන මුදල් පවා කිසිම බාධාවකින් තොරව මුදාහරින්න යයි තමන්ට කියා තිබූ බවත් පැවසීය.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේදී පසුගිය 19 වැනිදා සාක්ෂි දුන් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

මට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ වගකීම වගේම අමාත්‍යංශයේ අයවැය පරිපාලන කටයුතුත් කරන්න සිදුවීම නිසා විශාල වගකීමක් පැවරුණා. මම කාර්ය බහුල වෙලයි හිටියේ.

ඒ කාලේ මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා සංහිඳියාවට ප්‍රශ්නයක් වෙයි කියලා ජනාධිපතිතුමා මේ ලැබෙන තොරතුරු ගැන උනන්දු වුණේ නැහැ. ආරාබි රටවලින් අරාබිපාසල් ආරම්භ කරන්න ලැබෙන මුදල් පවා කිසිම බාධාවකින් තොරව මුදාහරින්න කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා.

ප්‍රශ්නය - ඔබ ඒ ලැබුණ තොරතුර ගැන ජනාධිපති දැනුවත් නොකළේ ඇයි?

පිළිතුර. - මටත් වඩා ජනාධිපතිට සමීපව සිටියේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනයි. ඔහු ඊට පෙරත් බුද්ධි වාර්තා සෘජුවම ජනාධිපතිට යොමුකර තිබුණා. සමහර වෙලාවට මට හිතුණේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී මටත් වඩා ඉහළින් ඉන්නවා කියලයි. ඒ නිසා මේ තොරතුර නොදී ඉන්න ඇති කියලා හිතන්න වුවමනාවක් මට තිබුණේ නැහැ.

ප්‍රශ්නය - එහෙත් ආරක්ෂක ලේකම් ලෙස ඔබේ වගකීමක් තිබෙනවා නේද ජනාධිපතිට මේ තොරතුර දැනුම් දීමට.

පිළිතුර- නැහැ. ඒක මගේ වගකීමක් නෙවෙයි.

ප්‍රශ්නය- රාජ්‍ය බුද්ධි ප්‍රධානී වගකිව යුත්තේ ඔබට නේද?

පිළිතුර - එහෙම දෙයක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. මා දන්නා පරිදි ඔහු වගකියන්නේ ආරක්ෂක ඇමතිට.

ප්‍රශ්නය - ඔබ නේද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්? එහෙම නම් ඔබ නේද ඔහුගේ වගකිවයුතු නිලධාරියා?

පිළිතුර - ඒත් ඔහු මට එවැනි ආකාරයකට සැළකුවේ නැහැ. ඔහු සෘජුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂට, පොලිස්පතිට, සමහර වෙලාවට ජනාධිපතිට ලිපි යොමු කළා. සමහර දේවල් මට කියන්නෙත් නැහැ. කාත්තන්කුඩියේ යතුරුපැදියක් පිපිරිම සම්බන්ධයෙන් කළ සම්පූර්ණ වාර්තා මට දුන්නේ නැහැ. අනෙක් හැමෝටම යවලා තිබුණා.

ප්‍රශ්නය - ආරක්ෂක ලේකම් ධූරයට ඔබ පත් වුණේ කවදාද?

පිළිතුර - ස්වාමීනි මම ආරක්ෂක ලේකම් වුණේ නැහැ. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වුණා පමණයි.

ප්‍රශ්නය - මොකක්ද ඔය දෙකේ වෙනස? සාමාන්‍යයෙන් අගමැති කාර්යාලයේ ලේකම්ට අපි කියන්නේ අගමැති ලේකම් කියලා. ජනාධිපති කාර්යාලයේ ලේකම්ට කියන්නේ ජනාධිපති ලේකම් කියලා. එහෙම තමයි හඳුන්වන්නේ. එහෙම නේද?

පිළිතුර - ඒ දෙකේ වෙනසක් තිබෙනවා කියලයි මම හිතන්නේ.

ප්‍රශ්නය - හරි ඔබ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වුණේ කවදාද?

පිළිතුර - 2018 ඔක්තෝබර්වල. මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිකමින් දින පනස්දෙකේ ආණ්ඩුව පත් කළාට පස්සේ තමයි මාව පත් කළේ.

ප්‍රශ්නය- ඔබ ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ වුණා නේද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් එම රැස්වීම්වලට සම්බන්ධ වුණාද?

පිළිතුර - මම පත්වුණාට පස්සේ එක ආරක්ෂක කවුන්සිල රැස්වීමකට විතරයි ඔහු සම්බන්ධ වුණේ.

ප්‍රශ්නය - ඇයි ඒ?

පිළිතුර - දවසක් ආරක්ෂක කවුන්සිල රැස්වීමක දී එකල හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා කිව්වා සීඅයිඩි එකේ නිශාන්ත සිල්වා තමන්ව අත්තනෝමතික විදිහට අත්අඩංගුවට ගන්න හදනවා කියලා. ඒ වෙලාවෙම ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට කිව්වා නිශාන්තව මාරු කරන්න කියලා. ජනාධිපතිතුමා කියපු දෙයක් නොකර බැරි නිසා පූජිත මහතා පොලිස් කොමිසමටත් දැනුම් දී නිශාන්තව මීගමුවට මාරු කළා. දවස් තුනකට පස්සේ ජනාධිපතිතුමා මගෙන් ඇහුවා කාගෙන් අහල ද නිශාන්තව මාරු කළේ කියලා. මම කිව්වා සර්මනේ කිව්වේ කියලා..  ‘මම එහෙම කිව්වේ නැහැ’ කියලා දඩස් ගාලා එතුමා ෆෝන් එක තිබ්බා. මම පසුව ජනාධිපතිතුමා හමුවෙන්න ගිය වෙලාවේ කිව්වා බලන්නකෝ ලේකම්තුමා මෙයා පොලිස් කොමිසමටත් ලියලා, ආරක්ෂක කවුන්සිලය රෙෆරන්ස් දාලා. ආයේ පොලිස්පතිව ගෙන්නන්න එපා කියලා එතුමා මට නියෝග කළා. මම එතනින් පස්සේ ඔහුට ආරක්ෂක කවුන්සිල රැස්වීම් දැනුම් දුන්නේ නැහැ.

ප්‍රශ්නය- හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ රැස්වීම්වලට ආවා ද?

පිළිතුර - නැහැ. මම සම්බන්ධ වුණාට පස්සේ ජනාධිපතිතුමාට කිව්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ලෙස හිටපු කාලෙත් රනිල් මහතා අගමැති ලෙස ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වානේ කියලා. ජනාධිපතිතුමා කිව්වා ඒ කාලේ කළාට දැන් ඕන නැහැ කියලා. ඉතිං මම එයාලට රැස්වීම දැනුම් දුන්නේ නැහැ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහත්වරුනුත් මේ රැස්වීම්වලට කැඳෙව්වේ නැහැ.

ප්‍රශ්නය - සහරාන්ලා ගැන ඔබට අවදානමක් දැනිලා තිබුණේ නැද්ද?

පිළිතුර - මම පහුගිය කාලේ පැවැත්වුණ බුද්ධි සමාලෝචන රැස්වීම්වල වාර්තා සියල්ල ආපහු කියවා බැලුවා. ඒ කිසිවක ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ඇඟවෙන තොරතුරු කිසිවක් අඩංගු වෙලා නැහැ. ආරක්ෂක කවුන්සිලයේ පවා වැඩිපුර කතා කරලා තියෙන්නේ මධූෂ්ලා, කංජිපානිලා අත්අඩංගුවට ගන්නේ කොහොමද කියන එක ගැනයි. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන තොරතුරත් නිකම්ම තොරතුරු විතරයි.

ප්‍රශ්නය - ඔබට රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන තොරතුරු බුද්ධි තොරතුරු ලෙස පිළිගත හැකි ඒවා නොවන බවත් ඒවා හුදු තොරතුරු පමණක් බවත්  ඔබ කිව්වා. ඒ ගැන ඔබ ජාතික බුද්ධි ප්‍රධානී සමග කතා කළා ද?

පිළිතුර - ඔව්. මම ඔහුට ඒගැන බලන්න කිව්වා. ඒක එයාගේ වගකීමක්. ඒත් ඔහු වැඩ කළේ කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව. ඔහුට මේ බුද්ධි ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීමක් නැහැ. බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරගත හැකි විශේෂඥ දැනුමක් ඔහුට තිබුණේ නැහැ. ඒ බව වරක් ඔහුම මා සමග කිව්වා.

ප්‍රශ්නය - එවැනි තනතුරකට සුදුසු නොවන අයෙක් පත්කිරීම ගැන ඔබ ජනාධිපති සමග කතා කළේ නැද්ද?

පිළිතුර - එවැනි දෙයක් කතා කරලා තේරුම් කර දිය හැකි තත්ත්වයක ඔහු සිටියේ නැහැ.

ප්‍රශ්නය - ඔබ ජනාධිපතිතුමාව අවතක්සේරු කරනවා ද?

පිළිතුර - අවතක්සේරු කිරීමක් නෙවෙයි. මා කලිනුත් ප්‍රකාශ කර තිබෙනවා වගේම අප අතර සුහදතාව බිඳවැටී තිබුණ නිසා මෙවැනි දේ කතා කිරීමට නොහැකියි. මම ඉල්ලා අස්වීම භාරදෙන්න ගිය දවසෙත් ඇහුවා පාස්කු දින ප්‍රහාරයේ වගකීම භාරගන්න ඕන මම ද? පූජිත ද? නිලන්ත ද? කියලා. ජනාධිපතිතුමා උත්තරයක් දුන්නේ නැහැ. මම කිව්වා නිලන්තනේ ඔබතුමාට සමීපව කටයුතු කළේ කියලා. ඒ වෙලාවේ නිහඬව බිම බලාගෙන හිටියා. මම කිව්වා ආරක්ෂක ලේකම්ට අඩුම තරමින් විනාඩි දහයක් වත් ඔබතුමා සමග කතාකරන්න ඉඩ දෙන්න කියලා. මම ඉල්ලා අස්වෙන බව කියලා නැවතත් කිව්වේ මේ අමාත්‍යංශය පවත්වාගෙන යන්න නම් මගෙන් පසුව පත්වෙන ලේකම්වරයාට අඩුම තරමින් පැය භාගයක්වත් ඔබතුමා සමග කතා කරන්න ඉඩ දෙන්න කියලා.

ප්‍රශ්නය- ඔබ කියනවානේ බුද්ධි සමාලෝචන රැස්වීම් වාර්තාවලත්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකගේ වාර්තාවලත් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට වන තොරතුරු ඇතුළත් වුණේ නැහැ කියලා.

පිළිතුර- ඔව්. ඒවා නිකම්ම නිකම් තොරතුරු විතරයි.

ඉන්පසු කොමිසම ඔහු වෙත ලේඛන දෙකක් ඉදිරිපත් කරනු ලැබිණ. “හොඳයි ඔබ මෙන්න මේ ලේඛන කියවන්න. මේ කොමිසමටත් ඇහෙන්න“ යයි හේමසිරි ප්‍රනාන්දු මහතාට දන්වන ලදි.

ඔහු එම ලේඛන කියවූ අතර ඒවායේ ඇතුළත් වුයේ 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩියේ යතුරුපැදියක් පිපිරීම සම්බන්ධයෙන් වන තොරතුරු හා සහරාන්ලාගේ තවත් ක්‍රියාකාරකම් පිළිබඳවය. අනෙක් ලිපියේ අඩංගු වූයේ සහරාන්ලා අයිඑස් මතවාදය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ආකාරයයි. ජිහාඩය වෙනුවෙන් අන්‍යාගමිකයන් ඝාතනය කළ යුත බවට වන දැඩි වචන එහි ඇතුළත් විය.

කිතුණුවන්ගේ පූජාසනය ලෙයින් නැහැවිය යුතු බවට මුහුණු පොත්වල සඳහන් බවද එහි සඳහන් විය. එසේම මෙවැනි මත දරන විදෙස් සිසුන් ලංකාවට පැමිණිමේ තර්ජනය ගැනද මොවුන්ගෙන් ඕනම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව ද එම ලිපිවල අඩංගු විය.

ප්‍රශ්නය- මේවා කියවනකොට වත් දැනුණේ නැද්ද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා.

පිළිතුර - නැහැ. මේවා නිකම් තොරතුරු විතරයි. නිශ්චිත බවක් ඒවායේ තිබුණේ නැහැ. අප්‍රේල් හත්වැනිදා තොරතුර වුණත් නිශ්චිත නැහැනේ. එවැනි වාර්තා ඊට පෙර වසරේදීත් ලැබී තිබුණා. එහෙත් ප්‍රහාරයක් එල්ල වුණේ නැහැනේ.

ප්‍රශ්නය - ඔබට මෙවැනි වාර්තාවක් ඊට පෙර වසරේදීත් ලැබී තිබුණ බව දැන ගන්න ලැබුණේ කවද්ද?

පිළිතුර - මම රිමාන්ඩ් එකේ ඉන්න කාලේ.

ප්‍රශ්නය - එහෙම නම් හත්වැනිදා වාර්තාව ලැබෙන කොට ඔබ දැන සිටියේ නැහැනේ ඊට පෙරත් මේ වගේ දේවල් කියලා තිබුණා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ කියලා.

පිළිතුර - නැහැ. ඒත් මේ තොරතුරුවල නිශ්චිත බවක් තිබුණේ නැහැ.

ප්‍රශ්නය - රාජ්‍ය බුද්ධි ප්‍රධානී 20 වැනිදා හවස ඔබට දැනුම් දුන් බව කියනවා “හෙට ගහනවා” කියලා ලැබුණ තොරතුරක් ගැන?

පිළිතුර - ඔව්, ඔහු මට වට්ස්අප් කරලා ඒ තොරතුර එවා තිබුණා. මම ඔහුට කිව්වා මේ ගැන පොලිස්පති සමග කතා කරන්න කියලා. මමත් පූජිතට මේ ගැන කිව්වා. ඒ වෙලාවේ ඔහු කිව්වා මම දැන් මේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ගමන් ඉන්නේ කියලා.

ප්‍රශ්නය - ඔබ තොරතුරු ගැන අගමැතිවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය ඇමතිට දැනුම් දුන්නා ද?

පිළිතුර - නැහැ. ඔවුන් සමග කතාකිරීමත් ජනාධිපතිතුමා අපට තහනම් කරලයි තිබුණේ

ප්‍රශ්නය - ඔබ ඒ දවස්වල මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා ‘‘ගහනවා කියලා දැනගෙන හිටියා. ඒත් මේ තරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ’’ කියලා.

පිළිතුර - ඒ වෙනකොට මම පැය 48 ක් විතර එකදිගට මහන්සි වෙලා නිදිමරලා හිටියේ. ඒ නිසා මාධ්‍යයට මොනවා කිව්වා ද කියලා මට මතක නැහැ.

ප්‍රශ්නය - ඒත් ඔබ පැය 48 ක් නිදිවරපු බවක් පෙනුණේ නැහැ. බොහොම ෆ්‍රෙෂ් පිට ඉන්නවා වගේ තමයි පෙනුණේ.

පිළිතුර - මට ෆ්‍රෙෂ් එකක් ආවා, අහපු ප්‍රශ්නවලට කේන්ති ගිය නිසා.

 



අදහස් (18)

මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා හිටපු ජනාධිපතිතුමා බියෙන් හිටියා

මුණසිංහ Monday, 21 September 2020 02:05 AM

ඔය කියන කාරණා නම් අපිත් ඒ කාලේ හිතාගෙන හිටියා. එහෙනම් අපි හිතපු අනෙක් කරුණුත් හරි ඇති.

:       34       84

ශාන් Monday, 21 September 2020 02:27 AM

අවුරුදු පහක් තිස්සේ විනාශකාරී අපේ රට, අපව බේරාගත් දන්නා සහ නොදන්නා දිව්‍ය බලවේගයන්ට ස්තූතියි. මගේ රට මේ ආකාරයට දිව ගියේ නම්, මම ස්තූතිවන්ත විය යුත්තේ වෙන කාටදැයි මම නොදනිමි.

:       47       67

අප්පුහාමි Monday, 21 September 2020 02:40 AM

මම නම් මෙතරම් උසස් තනතුරක් තබා විභාගයට ඉදිරිපත් වුනත් පරිපාලන සේවයටත් තේරුනේ නැහැ. මෙතුමාගේ ප්‍රකාශය අනුව මොහු කෙසේවත් හිටපු තනතුරට සුදුස්සෙක් නොවේ. උදාහරණයක් ලෙසට මෙම ලිපියේ 4 වැනි ඡේදය පෙන්වන්න පුළුවනි. එහි තියෙනවා මොහුට අමාත්‍යාංශයේ කටයුතුවලට අමතරව අයවැය පාලන කටයුතුත් පැවරුනා කියල. සාමාන්‍යයෙන් අමාත්‍යංශ ලේකම් කෙනෙකුට ප්‍රධාන ගණන්දීමේ නිළධාරි ලෙසටත් කටයුතු කරන්න වෙනවා. මෙයින් පෙනෙන්නේ ඔහුගේ අකාර්යක්මෂතාවයයි. එහෙම වැඩ කරන්න බැරිනම් තනතුරේ සිටීමත් වැරදියිනේ. කොහොම වුනත් සියළුදේට වඩා ආරක්ෂාව වැදගත් බව අපේ අදහසයි. විශ්‍රාමිකයෙක් ලෙසට සිටි මොහුව පත්කිරීමත් වරදක් ලෙසට මම දකිනවා. පිලිතුරු දීමේදීත් මෙම අයගේ අදහස්ද සතුටුදායක නැහැ පොඩි ළමයෙක් වුනත් දන්නවා ආරක්ෂක ලේකම් කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට කියල. එය වැරදිනම් පහදා දෙන්න.

:       0       104

Ranga Monday, 21 September 2020 03:58 AM

රාජ්‍ය බුද්ධි අංශ වල කාර්ය මොකක්ද කියලා හරියට දන්නෙ නැති අය තමයි ඒ කාලේ තීරණාත්මක තනතුරු වල ඉඳල තියෙන්නෙ...

:       0       34

Ranga Monday, 21 September 2020 03:59 AM

ඒ වැඩේ කරන්න මහ අමාරු දෙයක් ද..? ඒකත් මුස්ලිම් දේශපාලකයන්ගෙන් අහල කරන්න තිබ්බ දෙයක් ද...? ඔයිට වඩා හොඳයි සහරාන්ව ආරක්ෂක කවුන්සිලේ පුටුවක් දීල වාඩි කරලා තිබ්බ නම්...!

:       51       46

දිමුත් Monday, 21 September 2020 05:31 AM

අනේ ඉතින් එහෙව් කෙනෙක්ද නියෝජ්‍ය අගමැතිකමක් බලාපොරොත්තු වෙනවා කිව්වේ?

:       65       133

Asanka Monday, 21 September 2020 06:20 AM

හිටු කියලා කොමෙන්ට්ස් දාන අයට කියන්නේ... දැන් ඉන්න අයත් එහෙමතමයි වෙනසක් නැහැ.

:       162       216

රට වැසියා Monday, 21 September 2020 06:52 AM

කවුරු මොනවා කිව්වත් 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ත්‍රස්ථවාදි ප්‍රහාරයේ වග කීම එදා හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු ආරක්ෂාව පිලිබඳ රාජ්‍ය නිලධාරීන් භාරගත යුතුය. මෙහිදි ප්‍රතමයෙන්ම වග කීම භාර ගත යුත්තේ හිටපු ජනාධිපති වරයාය.

:       3       37

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 21 September 2020 07:06 AM

රටක වගකිමක් බහුතරයක් ජනයාගේ ස්වකැමැත්තෙන් යම් පිරිසකට භාරකරනුයේ පෙරපාසැල් සිසුන් පිරිසකගේ ක්‍රියාකලාපයක් ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන් නෙවේ... තම ආර්මාර්ථකාමී බල තන්හාව පෙරදැරිව රට ගැන අබමල් රේණුවකදු නොතකා ක්‍රියාකල පිරිසකගේ ජුබුස්සාජනක ක්‍රියාවලියක අවසාන ප්‍රතිපලය ලෙසින් අපට දැන් තේරෙනුයේ අහිංසක ජීවිත විශාල සංඛ්‍යාවක ඉරණම සහරාන්ලාට තිරණය කිරිමට ඉඩ ලබා දී ඇති බවකි... එම මහා ඛේදවාචකයට සහරාන්ලා වගකිය යුත්තේ කෙසෙද යත්... දැන් අපට නිගමනය කල හැක්කේ එම ම්ලේච්ච අන්තවාදීන්ටද වඩා වැඩි වශයෙන් එවකට රට පාලනය කල ඇත්තන් වගකිය යතු මනා කියාමය.... නිදහසට කාරණා කොතරම් එවුනට පැවසිමට අවකාශය ඇතිමුදු මෙම කථාවෙ අවසාන සාරංශයනම් රටආරක්ෂා කල යුතු නායකාදිකාරවුන් හැසිරී ඇති ජුබුස්සා ජනක බව අසන විට දැනෙනා අප්‍රසන්න බව තුලම අපට නැගෙන සියලුම ගැටලු වලට පිලිතුර ගැබ් වි ඇති බවය.... අහෝ කලි යුගය යනු ඉතිං මෙයම නොවේද...?

:       1       8

වීරවිජේ Monday, 21 September 2020 07:09 AM

මේවා මේ හෑලි ගනං ලියලා කියෝලා වැඩක් නෑ.. හිටපු ජනාධිපතිගෙ ඉදං මේකට වග කියන්න ඕනෙ

:       0       29

susil gunawardena Monday, 21 September 2020 08:05 AM

දැන් මේ මොනවා කිව්වත් අවසානයේ පාස්කු ප්‍රහාරයේ නිර්මාණකරුවෝ ඔන්න මිදිවතු බලබලා ඇවිදිනවා. එහි න්‍යාචාරියා සමගින් අනෙක් අතට අනික් ඔක්කොම කිරි පැණි වගේ ඔය ඉන්නේ. මල්ලි එහෙම වැඩකරන කොට අයියා මහසඟුන් පෙරටුකොටගෙන දේශප්‍රේමීන් සමග සහ විපක්ෂයේ පුතාණෝ , ප්‍රහාරයේ වගඋත්තර කරු සමග 20 පරදවන්න සූදානම්. හොඳට තිබ්බ රටකට වෙච්චි දෙයක්.

:       47       507

ashoka gurusingha Monday, 21 September 2020 08:15 AM

පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ රාජපක්ෂලා.. මුස්ලිම් ත්‍රස්තවාදීන් සමග, එය සිරිසේනට දැනුම් දුන්නා. සිරිසේන එය ක්‍රියාත්මක කිරීමට ඉඩදුන්නා. රනිල් වික්‍රමසිංහය අමාරුවේ දාන්න.

:       549       1068

බද්රානිMonday, 21 September 2020 09:35 AM

අශෝක, ඔබ නිවැරදියි. ඔය සිරිසේනට නීතිය ක්‍රියාත්මක වුණා නම් සියල්ල හෙළිවෙයි යසඅගේට... අබ්දුල් රාසික් වැනි මුස්ලිම් පූජකයින් හා මුස්ලිම් තරුණයින්ව යොදාගෙන ඔවුන්ට අවශ්‍යකරන බෝම්බ තාක්ෂණයත් ලබාදී මේ සාහසික අපරාධය සැලසුම් කලේ මුග්ධ සිංහලයින්ම තමයි. බත් කෑවත් මීහරක්ම නොවන නිසා, මේ යතාර්ථය බොහෝදෙනෙකුට නොවැටහේ..

:       1       110

NuwanMonday, 21 September 2020 12:55 PM

200%ක් ඇත්ත..

:       0       8

වික්‍රමTuesday, 22 September 2020 03:36 AM

තමුන්ගේ ඇත්ත නමින් කමෙන්ට් දැම්මා නම් තමයි හොඳ... ඔය ආණ්ඩුවේ පොලිස්පති ඉඳලා පත් කරේ කවුද කියලා තමුන් දන්නවද? 97 වතාවක් කියලා, ගහන දවසේ උදෙත් කියලා අල්ලගන්න බැරි වෙන තරමටම, රාජ්‍ය ආරක්ෂාව හෝදා පාලුවට යැව්වේ කවුද? කළුතර දර්ගා සිද්ධිය 2015දී බලයට එන්න යොදාගත්තා වගේම මේකත් හිතුවේ තමන්ගේ වාසියට කැරකේවි කියලා.. එ්කනේ ඔය ලේකම් කිව්වේ ගහන බව දන්නවා.. මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ කියලා...

:       0       0

වික්‍රමTuesday, 22 September 2020 03:36 AM

ඇත්ත නමින් කොමෙන්ට් දැම්මනම් තමයි හොද .

:       0       0

Rata Perata Monday, 21 September 2020 10:47 AM

ඔව්...ඔව්, බයේ වැසිකිළිත් යනවලු..

:       0       4

de silva Monday, 21 September 2020 06:47 PM

හිටපු ජනාධිපති සහ ආරක්ෂ ඇමැතිකම දරපු සිරිසේන මහතා මේ ප්‍රශ්නයට වගකියන්න ඕනේ.. ආරක්ෂක කටයුතු ගැන හොයලා බලන්න අවශ්‍ය නියෝග දෙන්න බැරිනම් ඔහු කුමටද මේ වගකීම් සියල්ල බාරගත්තේ...? ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන එකට වර්තමාන ජනපති සහ ආණ්ඩුව වගකියන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3161 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2107 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5615 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4064 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4658 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7011 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site