IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


තෙල් මිල අඩු කරන්න යයි

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
 
සංස්ථාව එම තීරණය ගෙන ඇත්තේ අද රැස්වූ සමාලෝචන කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
 
ඛණිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ ලාභ ලැබීය. සැප්තැම්බර් මස ලාබය රුපියල් මිලිය 9000 ඉක්මවීය.



අදහස් (44)

තෙල් මිල අඩු කරන්න යයි

wije Tuesday, 31 October 2017 03:59 PM

ෂුවර් ඡන්දයක් අත ලග.

:       514       1567

lusena Tuesday, 31 October 2017 04:35 PM

මේවගේ දේවල් චන්දයක් ලංවෙද්දි හැම රජයකින්ම කරලා ජනතාවට ටික දිනකට අල්ලස් දෙනවා.

:       8       573

කාන්ති Tuesday, 31 October 2017 04:54 PM

අද රාත්‍රියේදී පුංචි චන්දය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

:       15       708

ධම්ම Tuesday, 31 October 2017 05:06 PM

ඡන්දේ බලාගෙන හරි අඩුකරනවා නම් හොඳයි. අපි ඡන්දේ දෙන්නේ අපට ඕනෑ කෙනාට.

:       3       549

චම්පිකා සමරසේකර Tuesday, 31 October 2017 07:32 PM

අපි අහුවෙන්නේ නෑ

:       2       159

K Perera Tuesday, 31 October 2017 07:52 PM

ඒ කියන්නේ අඩුකෙරුවත් වැරදිද? වැඩිකෙරුවත් වැරදිද? දෙකම නොකෙරුවත් වැරදිද? මේ සමහරක් මානසික රෝගයකින් වත් පෙලෙනවද කියා දැනේ !

:       489       461

chandana Tuesday, 31 October 2017 08:23 PM

කොමෙන්ට්ස් දාන හැමෝටමත් මේකෙන් වාසිය ලැබෙනවා. කුණු කතා කියා කියා ඒවා බුක්ති විදිනවා.ලංකාවේ අපි වෙනස්ම ජාතියක්

:       373       675

janahitha Tuesday, 31 October 2017 08:28 PM

ඔන්න මං කිවුව ෂුවර් එකටම ජනමත විචාරණය අත ළඟ. කවුරුත් හිතට ගත්තොත් හොඳයි මොකාටද එන්න හදන්නේ කියල.

:       143       338

dias Tuesday, 31 October 2017 11:24 PM

ඉතා හොඳ තීරණයක්. මිනිසුන්ට සහන, සුළු පඩි වැඩිවීමක් රජයේ සහ පුද්ගලික අංශයට දුන්නොත් හොඳයි. රුපියල් 1000 ක් ඇති.

:       2       148

ධනුෂ්ක Wednesday, 01 November 2017 12:48 AM

පාලකයෝ දන්නවා අපේ මිනිස්සු හාල් සේරු දෙකටත් අාණ්ඩු පෙරලුවා කියලා. පාලකයෝ මේ සරදමට ලක් කරන්නේ රටේ මිනිස්සු. ඔවුන් දන්නවා මිනිස්සුන්ට මොනාහරි පොඩි දෙයක් පෙන්නලා ඡන්දෙ ගන්න පුලුවන් කියලා. අපේ රටත් හරියට බොයිලර් කුකුල් ෆාම් එකක් වගේ. මේක පාලකයන්ගෙ වරද ද? ජනතාවගේ වරද ද? හැබැයි මේවා හැමදාම කරන්න පුලුවන් සෙල්ලම් නෙමේ.

:       21       212

nisha Wednesday, 01 November 2017 12:59 AM

මතක නැද්ද තෙල් මිල අඩුකළා ආව ගමන්ම .

:       2       230

ජගත් ලියනගේ Wednesday, 01 November 2017 01:32 AM

අපිව ආයෙමත් අන්දන්න යන්නේ. හැබැයි අපිත් හරි ආසයිනේ ඇඳගන්නත් .

:       1       118

ajith Wednesday, 01 November 2017 02:03 AM

සහල් , සීනි වල මිලත් අඩු කරන්න. සතොසේ සම්බා සහල් නම් හොඳයි. මිලත් සාධාරණයි. ඒත් සතොසේ තිබෙන නාඩු සහල් නම් ඇලෙන ගතියක් තියෙනවා. රතුලූනු මිලත් අඩුකලොත් හොඳටම හොඳයි. චන්දෙ දෙන්නේ මිනිස්සු ඕව බලාගෙන මිසක් වෙන දෙයක් සිතාගෙන නොවෙයි. මොකද? කියපු දේවල් වෙන්නේ නැති බව දන්නා නිසා.

:       0       116

රෝහිත Wednesday, 01 November 2017 02:57 AM

මම මේ වර්තමාන පාලනයට කැමති නෑ. හැබැයි ඉතින් අපි අමතක කරන්න හොඳ නෑ පෙට්‍රල් රුපියල් 161 ට ගත්ත කාලේ, ගෑස් රුපියල් 2500 ට ගත්ත කාලේ, බස් ගාස්තු සීග්‍රයෙන් ඉහල නැග්ග කාලේ, හාල් මිල අඩු නොකළ කාලේ, සහන දෙන්න හොඳටම පුළුවන් වෙලත් නුදුන් කාලේ.

:       1109       1534

samanWednesday, 01 November 2017 05:20 AM

මන් හිතන්නනේ රටේ යුද්දේ ඉවරකරන්න විශාල මුදලක් වියදම් වුණා කියල, 2015 ට කලින් තෙල්මිල ඩොල්ලර් 110 - 140 අතර තිබ්බා කියල මේ මහත්තයට අමතක වෙලා වගේ. 2014 අන්තිම මාස කීපයේ ඉඳන් 2015 ජනවාරි වල මේ ආණ්ඩුව බලයට එනකොට තෙල් මිල ඩොලර් 110 ඉඳන් 70 වට විතර අඩු වුනාම තමා, අපි තෙල් මිල අඩුකලා කියල මේ ආණ්ඩුව ලකුණු දාගත්තේ. ඊට පස්සේ තෙල් ඩොලර් 35 ට බැහැල අවුරුදු දෙකක් තිබ්බ. අපි වැඩිපුර ගෙවපු ගාන තමා ඔය ලාබෙ කියල පෙන්නලා තියෙන්නේ. එහෙම මාසෙකට කෝටි 900 විතර ලාබ ලැබුවට බඩුමිල සතපහක්වත් අඩු වුනා ද? දැන් ජන්දේ ලංවෙන කොට තමා රත් වෙලා තියෙන්නෙ.

:       1528       1582

aseWednesday, 01 November 2017 07:26 AM

ඇයි ඔය තරම් ඉක්මනට අමතක, ඡන්දෙ දෙන්න ඕනේ කෙනෙකුට නමුත් ඇත්ත ලියන්න

:       0       59

kondekaluWednesday, 01 November 2017 11:01 AM

හොඳ පැහැදිලි කිරීමක්. මැරිලා ඉපදුනු අයට ඕව අමතකයි.

:       335       329

uddika Wednesday, 01 November 2017 02:58 AM

ෂුවර් ඡන්දයක් අත ලග. අපි වාහනයක් ගන්න ගියොත් ගන්න පුළුවන් වෙන්නේ ඇල්ටෝ එකක් විතරයි. ඒක ගන්නත් දුක් විදින්න ඕන. ඇයි බැරි මිනිසුන්ටත් හොද වාහනයක් ගන්න ක්‍රමවේදයක් හදන්න. අසීමිත බදු ගහන්නේ නැතුව ? අපේ මිනිස්සු වෑන් එකක් ගත්තොත් ගන්න වෙන්නේ ඩිලිවරි වෑන් එකක්. කාර් එකක්නම් ඇල්ටෝ එකක්. පරණ වාහන අයින් කරලා අලුත් වාහන පාරට එන විදියට ක්‍රමවේදයක් හැදුවොත් මෙවර අයවැයෙන් හොදයි. කෙසේ වෙතත් තෙල් මිල අඩු කලාම මිනිසුන්ට තමා වාසි. ඇමතිවරුන්ට වෙන්නේ චන්ද ගොඩ වැඩිවෙන ඒක විතරයි

:       1       181

sathyapalana Wednesday, 01 November 2017 03:03 AM

ලංකාවේ තෙල් නිධි වල නිෂ්පාදනය පටන් අරන් නිසා තෙල් මිල අඩු කිරීම කල හැක. ඡන්දය නිසා නොවේ මිනිසුන් දැන් රවටන්න බැරිය.

:       2       106

ආරාධනා Wednesday, 01 November 2017 03:16 AM

තෙල් මිල අඩු කරන එකට විරුද්ධ වෙන්න. හැම එකටම විරුද්ධ වෙන රට කන අයට ආරාධනා.

:       150       211

Roshan Wednesday, 01 November 2017 03:28 AM

තෙල් ඔහොම තියල බදු මිල අඩු කරොත් නරකද. දැනටමත් පාරේ යන්න බෑ.

:       1       24

Senarath Wednesday, 01 November 2017 03:31 AM

මෙයාල බලයට ආපු 2015 ජනවාරි සිට තෙල් මිල අඩු වුණා ලෝක වෙළද පොලේ . තෙල් බැරලය ඩොලර් 70 සිට 28 දක්වා අඩුවුණා. ඒ කිසිම අවස්ථාවක ලාබයේ වාසිය ජනතාවට දුන්නේ නැහැ. අඩුම තරමේ තෙල් මිල අඩු වීමේ වාසිය එදිනෙදා ජනතාවට අවශ්‍ය ආහාර වල මිල අඩුකිරීමෙන් දෙන්න තිබුනා, වාහන නැති අයටත් එම වාසිය ලැබෙන ආකාරයට. එත් මෙයාල චන්දෙදි කිව්වේ, පසුගිය ආණ්ඩුවට තෙල් මිල අඩු නොකිරීම ගැන. අද මිනිස්සුන්ට හරියට වේලක් කන්න බැහැ. පොල් ගෙඩිය රුපියල් 100 ටත් වැඩි, හාල් කිලෝව 90ක් විතර වෙනවා, එළවලු මිල අහස උසට නැගල.

:       514       480

athuraWednesday, 01 November 2017 05:57 AM

අපි වවමු රට නගමු ඔබතුමාට අමතකද. කෝ ඒවගේ ප්‍රතිපල.

:       0       43

bamunuarachchi Wednesday, 01 November 2017 03:32 AM

පැට්‍රොල් ඩීසල් මිල අඩු කිරීමෙන් සාමාන්‍ය මහජනයාට කිසිම සහනයක් ලැබෙන්නේ නැත. ගියවර පැට්‍රොල් ඩීසල් මිල අඩු කිරීමෙන් කිසිම පාරිබෝගික බඩුවක මිල අඩු උනේ නැත. එසේම ගියවර ඉන්දන මිල අඩු නොකලානම් සාමාන්‍ය මහජනයා වට බද්දෙන් නිදහස් වීමට තිබුණි. පැට්‍රොල් ඩීසල් මිල අඩු කිරීමෙන් වාසි ලැබෙන්නේ වාහන තිබෙන අයට පමණි. දැනට තිබෙන පැට්‍රොල් ඩීසල් මිලට වාහන හිමියන් හුරුවී ඇත. එමනිසා එක්කෝ වැට් බද්ද අඩුකරන්න නැතිනම් මහජනයාට කෙලින්ම බලපාන පාරිබෝගික භාණ්ඩ වල මිල අඩු කරන්න.

:       4       295

රංග Wednesday, 01 November 2017 03:44 AM

ඡන්දෙන් පස්සෙ ඇරියසුත් අල්ලල වැඩි කරනවා අපිට තරු පේන්න....

:       44       515

Appuhami Wednesday, 01 November 2017 03:47 AM

අපි කොන්ඩේ බැඳලා කියල හිතුවද දන්නේ නැහැ.

:       119       325

asa Wednesday, 01 November 2017 04:10 AM

ලෝක වෙළද පොලේ තෙල් මිල ඉහල යමින් සිටින මොහොතක මේ වගේ දේවල් කරන්නේ ඡන්දය නිසාමයි. නැවත නැවත මිනිස්සු රවට්ටන්න බැරිබව දේශපාලුවෝ මතක තියාගත්තොත් හොදයි.

:       42       336

athura Wednesday, 01 November 2017 04:30 AM

ඡන්දෙ නෙමෙයි මොකක් හරි. මීට ඉස්සෙල්ල මොන ආණ්ඩුවද තෙල් මිල අඩු කලේ වැඩිකලා මිසක්.

:       554       282

MP Wednesday, 01 November 2017 05:05 AM

මොන ආණ්ඩුවද පොල් ගෙඩිය රුපියල් 100ට දුන්නේ? දොස්තර ගාස්තුවලට බදු අය කරේ?

:       78       340

asanga Wednesday, 01 November 2017 05:05 AM

අපි රැවටෙයි.

:       29       201

nisa Wednesday, 01 November 2017 05:14 AM

විශ්‍රමියන්ගේ බැංකු පොලියට දාපු බද්ද ඒවත් කලානම් අපිට බෙහෙත් ටිකක්වත් ගන්න ලෙසිවෙයි. පෙට්‍රල් බොන්නද?

:       1       161

upali Wednesday, 01 November 2017 05:25 AM

මම මේ කාටද ඡන්දෙ දෙන්නේ කියල කල්පනා කලේ...ඔහොම යන් ඔහොම යන්...

:       0       22

peter perera Wednesday, 01 November 2017 05:29 AM

මතක නැද්ද තෙල් මිල සහ ගෑස් මිල අඩුකළා ආව ගමන්ම.

:       2       99

saliya Wednesday, 01 November 2017 05:32 AM

සෙනරත් , 2015 ජනවාරි 21 දින පෙට්රෝල් මිල රුපියල් 150 සිට 117 ට අඩු කළා . ඔබගේ අදහස් වලට 100 % ක් එකඟ විය නොහැක .

:       423       383

gaga Wednesday, 01 November 2017 06:12 AM

අතුරා පොල් මිල වැඩි වුනාට බනින්න එපා එහි වාසිය දේශීය ගොවියාටයි.

:       32       84

bamunuarachchiWednesday, 01 November 2017 08:29 AM

කෙහෙල්මල! වාසිය දේශීය ගොවියාට නොවෙයි අතරමැදියාට තාමත් අපෙන් පොල් ඉල්ලන්නේ 35 ට.....

:       0       43

gamini Wednesday, 01 November 2017 06:46 AM

හිටපු ලොක්කාගේ කාලේ පෙට්‍රල් රු 160 ටත් ගෑස් 2500 අඩුවට දුන්නා මතකද?

:       24       50

Rohana Wednesday, 01 November 2017 06:56 AM

හැමෝටම තමන්ගේ වාහන වලින් යන්න පුළුවන් වියදම අඩුනිසා එත් විශේෂයෙන් කොළඹ මාර්ග තදබදය තවත් වැඩිවෙලා වාහනයක්වත් නවත්තගන්න ඉඩනැති වෙයි.

:       0       3

ALAPALU Wednesday, 01 November 2017 07:05 AM

මේවා තමා ඡන්ද ගුණ්ඩු....

:       1       149

bamunuarachchi Wednesday, 01 November 2017 08:26 AM

හලෝ ඔහේට තේරෙන්නේ නැද්ද තෙල් වැඩි මිලට ව්කුණලා ගත්ත ඒ මුදලින් තමයි වැට් බදු නොගහ වාහන හිමියන්ගේ සල්ලි වලින්ම රට දිව්වේ. දැන් පැට්‍රොල් ඩීසල් මිල අඩු කරලා වාහන හිමි පන්තියට සහන සලසලා දවසට දෙවේලක් කන මිනිහාගේ බඩුමල්ලට වැට් බද්දයි අනිකුත් බරත් පැටෙව්වා.

:       76       4

rohana Wednesday, 01 November 2017 08:52 AM

අපේ සිරිලංකාවේ කට්ටියට ඕන මෙහෙමයි. අධ්‍යාපනය නොමිලේ, ප්‍රවාහනය නොමිලේ, කෑම බීම නොමිලේ , සෞඛ්‍ය පහසුකම් නොමිලේ, ඉඳුම් හිටුම් නොමිලේ . හැබැයි රටට යුතුකම් නැත සහ අයිතිවාසිකම් ඉල්ලා සිටිමු. ආන්න අපේ සිරිලංකාවේ මිනිස්සුන්. ලෝකෙටම ආදර්ශයක්.

:       0       134

indika Wednesday, 01 November 2017 09:28 AM

රටේ ඉන්න අයගෙන් 20% රටට සේවයක් කරන්නේ. අනික් සේරම පිනට කකා දේසපාලුවන්ට කඩේ යන අය..

:       0       74

balasuria Wednesday, 01 November 2017 10:08 AM

මම මුලිම්ම කියන්න ඕනේ ලංකාවේ මිනුස්සු කියන්නේ හරි අමුතුම ජාතියක් .හොද කරලත් බැහැ නරක කරලත් බැහැ .ඒ නිසා මේ දේවල් වලින් පෙළෙන්නේ ආණ්ඩුව නෙවෙයි ජනතාවමයි. බදු හිග කාලෙට පිට රටින් ගෙනල්ල අඩුවට දෙන කොට ඒකටත් උද්ගෝෂණය කරනවා අපේ බදු විකුනන්න බෑ කියල. ඊටපස්සේ බඩු ගණන් යනකොට ආණ්ඩුවට බයිනවා ලංකාවේ ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නකන් ලංකාව ගොඩ නගන්න බැ.

:       0       1

laksman Wednesday, 01 November 2017 01:28 PM

2015 න් පස්සේ කීප අවස්ථාවකම තෙල් මිල අඩුකළා කියල මතකයේ තියෙනවා. නමුත් අපේ ප්‍රදේශයේ නම් අපි වැනි ත්‍රීරෝද රථ වලින් ගමන් පහසුව ලබන අයට නම් කිසිම සෙතක් නැහැ. මේ ප්‍රදේශයේ සිදුවුනේ විවිධ රැකියාවල සිටි අය ඉන් ඉවත්වෙලා ත්‍රීරෝද රථ රැකියාවට ආපු එක පමණි. එනිසා පසුගිය රජය සකස්කළ මහාමාර්ග බොහොමයක් අවහිර වුනා. කිසිම මාර්ග නීතියක් නොදන්නා එම රියදුරන් මාර්ග අවහිර වනසේ ත්‍රීරෝද නවතාගෙන ඉන්නවා.

:       92       22

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 2704 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11528 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7898 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3048 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10717 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7535 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site