IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානමක්

(ඉන්දිකා රාමනායක)

වැසි සහිත කාලගුණය හේතුවෙන්  කඩුවෙල  බියගම යාවෙන  පාලම  ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව පොලිස් මුලස්ථාන කියයි.

මේ හේතුව නිසා මෙම මාර්ගයේ බරවාහන ගමන් කිරීම තාවකාලිකව නවතා ඇති අතර   පාලම මතින් එක් මං තීරුවක් පමණක් වාහන ධාවනයට  වෙන්කර ඇති බවද පොලිසිය කියයි.

මෙම පැරණි පාලමට යාබදින් නව පාලමක් ඉදිරිකරමන් පවතින බවත්  එම ඉදිකිරීමේ කටයුතු වලදී   හාර ඇති විශාල වළක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නව පාළම ඉදිකිරීමේ දී හාර ඇති එම වළ පස් දමා වසා තිබුණ ද  පවති අධික වැසි හේතුවෙන් එම පස් සෝදාගෙන ගොස්   පාළම ගිලා බැසීමේ අවදානමට ලක්ව ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු නිලධාරීන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ  පරීක්ෂා කිරීමෙන් පසු  එක් මංතීරුවක් වාහන ධාවනය සදහා  අවසර හිමිව තිබුණි.

ඡායාරූප - ලහිරු හර්ෂණ


 



අදහස් (22)

කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානමක්

Bimal Wednesday, 23 May 2018 09:58 AM

ඕකේ දේශපාලකයෝ යනකොටම ගිලා බැස්සා නම් අපුරුයි. ! අපි මෙහෙ නහය ලඟට එනකම් ආර්ථික ආගාධයේ ගිල්ලිලා තව යටවෙන්න දෙයක් නැහැ .

:       5       215

imesh Wednesday, 23 May 2018 10:27 AM

අවුලක් නැහැ. වැලි කොට්ට දාල පැලැස්තරයක් ගහයි හෙටම.

:       0       74

saliya Wednesday, 23 May 2018 10:33 AM

අලුත් පාලම ඉදි කිරීමේදී යම් අඩුපාඩු සිදු වුනා දැයි ද සොයා බලන්න . එමෙන්ම අලුත් ඉදි කිරීම අරඹා ලොකු කාලයක් ගියද , වැඩ ප්‍රමාදයට හේතු ද සොයන්න .

:       1       24

ශිරාන් Wednesday, 23 May 2018 04:21 PM

ලොකු කාලයක් ගියාද කියලා අහනවා. අලුත් පාලම හදන්න ගත්තේ මහින්ද ආණ්ඩුව කාලයේ. යහපාලකයන්ට තවත් මේක ඉවර කරන්න බැරිවුණා..

:       153       228

thoradeniya Wednesday, 23 May 2018 10:33 AM

කැළණි ගගේ වැලි ගොඩදාන්න බලපත්‍ර දීපු භූ විද්‍යා එකේ බලධාරීන් වගකියන්න ඕනා මේ අපරදෙට

:       0       51

rama Wednesday, 23 May 2018 10:35 AM

මේවා කොන්ක්‍රීට් කාරයන්ගේ සහ ඉන්ජිනේරුවරුන්ගේ හවුල් වැඩ..... අලුත් පාලම හදන කොට පරණ පාලම ගැන හිතන්නේ නෑ, පරණ පාලම තවම අවුරුදු 28 ඉවරයි.

:       0       94

gunadasa Wednesday, 23 May 2018 11:11 AM

ඔය වැඩේ පටන් අරගන කොපමණ කලක්ද? එවරයක් නැත්ද? කොන්ත්‍රාත්කරු වගකිවයුතුයි නේද?

:       0       34

Bamunuarachchi Wednesday, 23 May 2018 11:24 AM

බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ ජෙනිසෙස් 6හි සඳහන් වෙන ආකාරයට ලෝකය දරුණු වී අධර්මිෂ්ඨ වී තිබෙන සැටි දුටු දෙවියන් වහන්සේ කම්පා වී ලොව මහා ගංවතුරකින් සියලුම පණ ඇති, මිනිසා ඇතුළු, සතුන් විනාශ කිරීමට සිතා ගත්තේය. නමුත් දෙවියන්ට අවනතව සිටි ඔහුගේ පවුලේ අය සහ සෑම වර්ගයේම සතුන් දෙදෙනෙකුට බේරීමට මාර්ග සැලසුවේය. දැන් දෙවියන් වහන්සේ ලංකාව දෙස බලන කාලයයි. එසේ බැලූ දෙවියන්ට කොටළුවෝ 62 ලංකාව විනාශ මුඛයට අැද දමා තිබෙන අාකාරය දැක කම්පා වී මහත වූ වර්ෂාවකින් මෙරට විනාශ කිරීමට සිතුවා වත්ද? කාරණා එසේනම් දෙවියන්ට අවනත මහින්ද සහ ගෝඨාභය මහතුන්ට ඔවුන්ගේ 57 ජනතාව සමග බේරීමට දැනටමත් උපදෙස් දී ඇති බව පෙනේ. අද හෙටම මෙම ආණ්ඩුව පලවා හැරියොත් වර්ෂාව නැවතී මේ මහා ගංවතුර බැස යනු ඇත...

:       4472       621

සතයපාලWednesday, 23 May 2018 01:04 PM

හොරුන්ව, අපරාධකාරයින්ව, මීනීමරුවන්ව විතරක් නොවෙයි දෙවියන්ගේ ගෘහය ලෙස හඳුන්වන ක්‍රිස්තියානි දේවස්ථානවලට මැරයන් ලවා පහරදී කඩාබිඳ දැමූ මිලේච්ඡයින්ව ආරක්ෂා කිරීමට එක්කෝ දෙවියන්ට කුමක් හෝ වියයුතුය. නැත්නම් මෙහෙම අදහස් පහල වෙන බමුණාට පිස්සු වියයුතුය.

:       437       270

ධනුෂ්කWednesday, 23 May 2018 02:34 PM

බමුණු මම මේ අාණ්ඩුවට එකඟ නෑ. නමුත් ඔයා මැදිවිය ඉක්ම වූ කෙනෙක් විය යුතුයි. නමුත් ඔබ මීට පෙර මීට වඩා විශාල ගංවතුර, සුනාමි, වගේ දේවල් දැකලා නෑ වගේ කෝමා තත්වයක් ඉඳලා ළඟදිද සුවවුනේ? ඔයා ඔය කියන්නේ නෝවා ගැනනේ එතකොට මහින්ද, ඝෝඨා කියන්නේ සුපර් නෝවා වෙන්න අැති. ඔබ ඔය දෙවියන් කිව් දෙය පිළිගන්නවා නම්. ඔය දෙයියන්ම නේද? කිව්වේ ලෝකේ තැටියක් කියලා... තව ඉර ලෝකේ වටේ කැරකෙනවා. තව ගොඩක් ජාති ඉසාක්ට, එ්සව්ට, ජාකොබ්ට, එ්බ්‍රහම්ට, ඊශ්‍රායෙල්ට, මෝසස්ට, කියලා තියනවා එ් කියන්නේ ඔබ එ්වත් පිළිගන්නවා. එසේ නම් ඔබ වගේ කෙනෙක්ගෙන් මීට වඩාදෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මහින්ද, ඝෝඨා යනු දෙවියන්ගේ නියෝජිතයින් නම් ඔබත් ඔවුන්ගේ අනුගාමිකයෙක් හැබැයි.. ඔය සැඩ පහරකට අසුවුනොත් දෙවියන් ඔබ රකීවිද කියලා ඔප්පු කරලා පෙන්නනවද?

:       0       519

BamunuarachchiWednesday, 23 May 2018 05:56 PM

මහත්මයෝ ව්‍යංගයෙන් හෝ උපහාසයෙන් යමක් කියන විට එය වචනයෙන් වචනය පෙරලා තේරුම් ගන්න උත්සා කරන්න එපා සමස්තයක් හැටියට ගෙන තේරුම් ගන්න උත්සහ කරන්න. මම මහින්දව දැක ඇත නමුත් ගොටාභය මහතාව දැකලවත් නැත ඔවුන් මේ සිංහලයාට කල සේවය ඇස්වලින්ම දැක ඇත.

:       242       89

කුමාර් (ගල්ෆ්) Wednesday, 23 May 2018 06:14 PM

බමුණුආරච්චි "නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න එපා" කියන එක අහලා නැද්ද? තමන්නට විෂය නොවන, තමාට නොතේරෙන, බයිබලයේ වචන අරගෙන ලෝකයේ දේවල් දේශනා කරන්න ගිහිල්ල බයිබලයේ කියා තියෙන ආකාරයටම තමාට ප්‍රතිපල නෙලාගන්න සිදුවෙන්න පුළුවන්.

:       32       44

chathura Wednesday, 23 May 2018 12:29 PM

කරුණාකර මෙවැනි පුවත්වලට දේශපාලනය ඈඳා ගනිමින් දමන ප්‍රතිචාර පල නොකිරීමට කටයුතු කළා නම් හොඳයි නේද? මෙවැනි ආපදාවක් ගැන පලවෙන පුවතකට දේශපාලනය යොදාගැනීම නොකළ යුතු වැඩක් බව බමුණුආරච්චි මහතාටද මතක් කිරීමට අමතක නොකරමි.

:       168       200

janatha anura Wednesday, 23 May 2018 01:14 PM

කරන්න දෙයක් නැති නිසා දේශපාලනය එපාලු... කොකෙකුට ඡන්දය දී වුන අරුමය... හොරු කඩන එක ගැන අපි හිතන වෙලාවට වහිනවා, ගොරවනවා... රුපියල බහිනවා. මහබැංකුව කම්මුතුයි... හොරකම් කරලා.

:       64       169

BamunuarachchiWednesday, 23 May 2018 01:30 PM

මම කීවේ බොරුද? බයිබලය කියවන්න. හාමුදුරුවරු බුද්ධාගමේ කතා වස්තුන් උපමාකරගෙන බණ කියනවා. බයිබලයේ තිබෙන දේවල් හංගාගෙන ඉන්න දේවල් නොවෙයි. ජනතාවට පාඩම් ඉගෙන ගැනීමට තිබෙන දේවල්ය. මිනිසුන්ට බයිබලය කියවා ඒ ගැන කතා කරන්න නරකද? දෙවියන් කුපිතවෙලා ඉන්නවා කියන එක සාමාන්‍ය කියමනක්... මම කලේ දෙවියන් මීට පෙර කුපිත වුයේ කොයිකාලයේද කියා පෙන්වීමයි.

:       545       17

rohana kumara mendis Wednesday, 23 May 2018 01:44 PM

චතුර කියන කෙනා එහෙනම් මේ පාලම හදන්න දායක වුනු කෙනෙක් වගේ. ලංකාවේ පාලම් බෝක්කු ඇතුළු සියලු දේ කරන්නේ කොන්ත්‍රාත්තු දීලා. හැමෝම ගැහිලි ගහගන්නවා. ඉතින් වැඩේ වෙන්නේ අඩු ප්‍රමිතියටයි. අනිවාර්යෙන් දේශපාලකයින් වග කියන්න ඕනෑමේවට...

:       13       11

සෙනෙවි Wednesday, 23 May 2018 05:39 PM

පාලම ගිලා බැසීමක් සිදුවේදැයි මට නම් නොපෙනේ. පාලම් ගේඩර් තබනුයේ පොලොවේ ගැඹූරේ සිට ඉහළට නංවන ලද අර පෙනෙන රවුම් කණු මත බැවින් පාලම ඉතිරි වනු ඇත. එසේ වුවද පාලමට ගොඩවීමට ඇති කොටස් ගඟට සේදී යාමේ අවදානමක් ඇති බව පෙනේ.

:       0       12

vidya Wednesday, 23 May 2018 08:09 PM

යහලුවනේ සණ්ඩු කර ගන්න එපා. කාල ගුණය , දේශ ගුණය දෙවියන්ට තියා බුද්දිමත් මිනිස්සුන්ටවත් හරියාකාරව විශ්ලේෂණය කල හැකි දෙයක් නෙමේ. අනුමානයෙන් කියා හැකි. මිනිසා විසින් සොබාදහමට පටහැනිව කල දේවල් වල ප්‍රතිපල තාම විනාශ වෙමින් පවතින්නේ. තාක්ෂනය දියුණු නිසා ලෝකයේ සිදුවන දේවල් නිමේෂයකින් මිනිසා දකිනවා. පිළියම් සෙවීම බුද්දිමත්, සොභාදහමට ආදරයෙන් කරුණාවෙන් සලකන, පිළිපදින මිනිසුන් තුලයි තිබෙන්නේ. එම මිනිසා සොයා පිළියම් කිරීම භාර දිය යුතුයි.

:       0       0

lalithsjm Thursday, 24 May 2018 01:19 AM

හොර දෙසපලුවෝ කරන වැරදි වලට අපිට තමා පව් ගෙවන්න වෙලා තියෙන්නේ.

:       0       0

chathura Thursday, 24 May 2018 02:21 AM

ඔබලා හැමෝම වලිගය පාගාගෙන ඇති බවක් තමයි මට නම් පෙනෙන්නේ. මමත් ඔය කොකාට ඡන්දය පාවිච්චි කරපු කෙනෙක් නම් නෙමෙයි. මම කතා කලේ ඇත්ත අපි මේ දෙයට දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැ. පුළුවන් නම් මේ දෙයට කරන්න ඕනේ දේ ගැන කතා කරන්න. මම පිලිගන්නවා පාලකයෝ අධර්මිෂ්ඨ උනාම මේ වගේ විපත් ඇති වෙනවා. එත් මේ දේවල් වලට මිනිස්සුත් වග කියන්න ඕනේ. ඒ වගේ අයව තෝර ගත්තට. ඔයාල කියන විදියට මේ ගැන කතා කරන හැමෝම මේ පාලම හදන්න දායක නොඋන අය. මේක ගැන කතා නොකරන අය මේ පාලම හදන්න උදව් උන අය. මෙන්න මේක නිසා තමයි දේශපාලකයෝ මිනිස්සිඋන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ. හරිම දුකයි ලංකාව ගැන.

:       0       0

Fernando Thursday, 24 May 2018 03:38 AM

RDA එකේ බලධාරීන් මෙවැනි තත්වයේ වැඩ නිම නොකළ පාලමක් මහජන භාවිතයට ඉඩ හරියේ මක්නිසාද කියා සොයා බැලිය යුතුයි. පාලමේ හරියාකාරව නිර්මාණ කර නැති බව සහ ඉදිකර නැති බව ඡායාරූප බලන විට පෙනේ.

:       0       0

J Fernando Friday, 25 May 2018 04:17 AM

පාලම ගිලා බසින බවක් නොපෙනේ. පාලමට මහා මාර්ගය සම්බන්ධ වන ස්ථාන (Bridge Approaches) ඛාදනය වීම පටන් ගෙන ඇති බව පෙනේ. බලධාරීන් මෙම තත්වයෙන් තිබු පාලමක් මහජනයාගේ භාවිතයට ඉඩ හරියේ ඇයි ද කියා සොයා බැලිය යුතු වේ. පාලමට මහා මාර්ගය සම්බන්ධ වන ස්ථාන (Bridge Approaches) හරියාකාරව නිර්මාණය (Design) කිරීම සහ ඉදි කිරීම කර නැත. වගකිවයුත්තන්ට වන්දි ගෙවන්න වෙනවා නම් මෙවැනි වැරදි මතුවට සිදු නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 5194 3

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3704 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3048 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11683 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7972 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site