IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


උඩවත්ත කැලෙත් විකුණාගෙන කන්න යයි

මනෝප‍්‍රිය ගුණසේකර
 
වන සංරක්‍ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක‍්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
 
මීට වසර දොළහකට පමණ පෙර අනුමත වු බව කියන අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව බව කියමින් රජයේ දැනුවත් භාවයකින් තොරව උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් වෙනත් ස්ථානයකින් ලබාදෙන බිම් කොටසක හිලව්වට ගෙන මෙලෙස ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට පිඹුරු පත් සකස් කිරීම පිටුපස වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් සිටින බවද වාර්තා වේ.
 
 උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ පර්චස් 90ක භූමි ප‍්‍රමාණයක් අනවසරයෙන් අල්ලා ගැනීම මඟින් රජයට රුපියල් 7388500 අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් මහනුවර දිසා වන නිලධාවරයා 1998 වසරේදී මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා වසර 20ක කාලයක් ගතවී ඇතත් මේ වන තුරුත් අදාළ නඩුවේ විභාගය අවසන්වී නැතැයි වන සංරක්‍ෂණ දොපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කන්ද උඩරට රජවරුන්ගේ රාජකීය උද්‍යානය වන උඩවත්ත කැළේ රක්‍ෂිත වනාන්තරයේ වශ්‍යයෙන් 1897 වසරේදී ඉංග‍්‍රීසී පාලකයින් ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කොට ඇත.

රක්‍ෂිත වනාන්තරයක් වශ්‍යයෙන් ගැසට් කොට ඇති මෙම උඩවත්ත වනාන්තරයේ හෝටලය අනවසරයෙන් භූක්ති වි`දින භූමී ප‍්‍රමාණය රක්‍ෂිත භාවයෙන් මුදා හැරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් අදාළ බිම් කොටස බදු දීමට ඉඩ සැළසෙන පරිදි ප‍්‍රාදේශිය ලේකම්වරයා වෙත නිදහස් කිරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් මහනුවර දිසා වන නිලධාරීවරයාට වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළ නිලධාරියෙකු දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාලය ඇසුරෙන්

 



අදහස් (22)

උඩවත්ත කැලෙත් විකුණාගෙන කන්න යයි

Missaka Tuesday, 13 February 2018 09:21 AM

මෙය ජාතික අපරාදයකි. කොයිම ආණ්ඩුවක් පැමිණියත් මෙවැනි විනාශයන් නොකිරීමට වග බලාගත යුතුයි.

:       0       3

Missaka Tuesday, 13 February 2018 09:27 AM

ගිය ආණ්ඩුව වැරද්දක් කර ඇත්නම් වහාම එය නිවැරදි කලයුතුයි. එවැනි දේ නොකළ නිසාවෙන් උන ඡන්ද පෙරලිය සිහියේ තබාගත්තොත් හොදයි.

:       0       3

indika Tuesday, 13 February 2018 09:48 AM

මේකනම් වෙන්න දෙන්න එපා. මහනුවර සිසිලස මෙය නිසා. මේක හෙනගහන අපරාදයක් කෙරුවොත්.

:       124       981

Bimal Tuesday, 13 February 2018 09:51 AM

රටේ ස්වාභාවික සම්පත් වල අගය තේරෙන්නේ රටම කාන්තාරයක් වුනාට පස්සේ. මම ගිය අවුරුද්දේ සංචාරයකට ඔස්ට්‍රේලියාවට ගියවෙලාවේ දැක්කේ ඒ මිනිස්සු යන්තම් දිය සීරාවක් තිබෙන ගල්තලාවල් එක්ක ගස් තුන හතරක් ඇති බිම් පවා මොන තරම් ආරක්ෂා කරනවාද කියලා. ගොඩනැගිලි වුනත් හිතුමතේට ඉදි කරන්න එහෙ ඉඩක් නැහැ. එකට අපේ දේශප්‍රේමියෝ බලාගෙන ඉන්නේ අල්ලපු වත්තේ කොස් ගහක් වැවෙනකන්, ඒගහ කපා ගන්න .

:       62       907

aseTuesday, 13 February 2018 11:35 AM

ඕවා ඕස්ට්‍රේලියා වල ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

:       0       0

RaveendraTuesday, 13 February 2018 12:29 PM

බිමල් මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. මෙම සෑම විනාශයකටම කිනම් හෝ පක්ෂයක දේශපාලුවෙක්ගේ අනිවාර්ය සම්බන්දයක් ඇත.

:       0       110

indika Tuesday, 13 February 2018 10:39 AM

මට හිතා ගන්න බැහැ මගේ කියමනට විරුද්ද කව්ද මොකද කියල. පරිසරයට, රටට ආදරයක් තියෙන කෙනෙක් අකමැති වෙන්නේ නැහැ මම කියපු දේට. මොකද එම කියමන සංවාදශීලී දෙයක් නෙමේ.

:       0       0

sachith Tuesday, 13 February 2018 10:47 AM

මටත් මේ "ඉඩම් හුවමාරු ක‍්‍රමය" යටතේ ඉඩමක් දීල ආණ්ඩුවේ ඉඩමක් ගන්න බැරිද දන්නෑ

:       0       0

chinthaka Tuesday, 13 February 2018 01:00 PM

මෙන්න මේ වගේ වැඩ නිසා තමයි ජනතාවට ආණ්ඩුව තිත්ත වුනේ, ඒත් තාම ලැජ්ජා නැහැ වගේම හැදෙන පාටක් නැහැ. ලංකාදීපයට ස්තුතියි මේ වගේ අපරාධ වසන් නොකර ජනතාවට හෙළි කරාට

:       0       22

Bamunuarachchi Tuesday, 13 February 2018 01:03 PM

කෝ මේ යහපාලන කට්ටිය අනේ මොනවා හරි කියන්නකෝ. මහින්දගේ ණය බේරන්න විකුනනවාවත් කියන්නකෝ.

:       0       26

Yasas Tuesday, 13 February 2018 01:46 PM

මේ වන විනාශය සිදු වුවහොත් නම් මහා අපරාධයක්. දැනටමත් මහනුවර නගරය වායු දූෂණය අතින් ඉහලින්ම තිබෙන නගරයක්, මෙම තත්වය යම්තාක් හෝ දුරකට අවම වී ඇත්තේ මෙම ප්‍රදේශයේ තවමත් සුරැකී පවතින මෙවන් රක්ෂිත වනාන්තර නිසා. මේවත් පාලකයින්ගේ ඕනෑ එපාකම් මත හිතුමතේ විනාශ කිරීමට ඉඩ දී බලා සිටියහොත් එය අප අපටම කරගන්නා අපරාධයක්. පසුගිය මාස කීපය තුල මෙම මහනුවර අවට ප්‍රදේශය තුල විශාල ලෙස ගස් කැපීම් දක්නට ලැබුණා. දැන් මෙම ප්‍රදේශයේ ඇති සිසිල් ස්වභාවය පවා කෙමෙන් නැතිවීගෙන යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. කෙසේ හෝ මෙම තත්වය පරිසර සුරකීමේ සංවිධාන හා මහජනයා එක් වී වලක්වා ගත යුතුයි.

:       0       0

ගුණවර්ධන Tuesday, 13 February 2018 01:57 PM

යන්න කලින් සේරම කාලා යන්න වගේ හදන්නේ ..

:       0       0

ranjith Tuesday, 13 February 2018 02:17 PM

පොහොට්ටුව දිනෙව්වේ මේ අපරාද වලක්වන්න. බලමු එයාලවත් මේවා නවත්වයිද කියලා

:       0       8

surath Tuesday, 13 February 2018 02:51 PM

පත්තරේ විස්තරේ පෙන්නලා මේක නැවැත්විය යුතුයි. නුවරවුන් එකාමෙන් හඬ නගව්.

:       0       0

emerson Tuesday, 13 February 2018 03:05 PM

මේ යන විදියට ගියොත් දළදා මාලිගාවත් හෝටලයක් කරනවා කතා දෙකක් නෑ

:       0       0

sarath Tuesday, 13 February 2018 05:15 PM

මහනුවර කඳු වල තිබුණු වන වගාවෙන් සියයට 90ක් පමණ දැනටමත් විනාශ කරලා ඉවරයි.උඩවත්ත කැලේ විතරයි බෙහෙතකටවත් තියෙන්නේ ඒකෙත් ලේවැල්ල පැත්තට වෙන්න කැළෑ ප්‍රමාණයක් විනාශ කරලා. පොලවට වැටෙන වැහි වතුර ටික හීන් සීරුවේ පොලවට උරාගන්නා තියෙන එකම කැළෑ රොද කපල දාන අයට එරෙහිව පාරට බහිමු ! ලංකාවට ප්‍රතිපත්තියක් නැහැ කදුකර කැළෑ ටික විනාශ වුනාට පස්සේ රටේ දියසීරාව නැතිවෙනවා දැනටමත් මහනුවර ඉස්සර තිබුණු සීතල, උල්පත් වතුර වැනි දේවල් නැතිවෙමින් යන්නේ. ඒ අස්සේ තියෙන කැළෑවත් කොල්ල කනවා.ඒකට ඉඩ නොදෙමු !

:       0       3

Yohan Tuesday, 13 February 2018 05:51 PM

අපි හැමෝම එක් වෙමු. මාලිගාවටත් එයට අයිති රක්ශිතයත් රැකගමු.

:       0       1

Udaya Tuesday, 13 February 2018 11:04 PM

සමහර බඩගෝස්තරවාදීන්ට තම බඩ කට පිරෙනවානම් පරිසරයට හෙන ගැහැවුවත් කමක් නෑ කියලයි හිතන්නේ.

:       0       1

kanchana Wednesday, 14 February 2018 02:37 AM

අපේ මල්වතු අස්ගිරි ස්වාමින් වහන්සේලා මෙයට මැදිහත් වුනොත් මෙම විනාශය නවතාගැනීමට හැකිවේවි කියා මම විශ්වාස කරමි. සාමාන්‍ය ජනතාවගේ හඬ කිසිවෙකුට වැදගත් නැත.

:       0       1

Perakum Wednesday, 14 February 2018 04:42 AM

මොන පිස්සුද Indika, ඔයිට වඩා දරුණු පාරිසරික අපරාධ කරලා තියෙන්නෙ කෝ හෙනගැහුවද?

:       106       0

indika Wednesday, 14 February 2018 06:01 AM

අනේ පැරකුම්, හැම දේටම නැහැ බැහැ කියන එකෙක්නා ඔබතුමා.

:       0       5

ajith Thursday, 15 February 2018 02:31 AM

මේ රජයට වැරදුණේ ඔන්න ඕක තමයි. මහින්ද කරපු ඒ වැඩ සියල්ලම මේ ගොල්ලත් ඉදිරියට කරගෙන ගියා. උදාහරණ ලෙස සයිට්ම්, උඩවත්ත කැලේ විකිණීම ගන්න පුළුවන්. අනික එය විකුණපු ගාලු මුවදොර ශැන්ග්‍රිලා හෝටල් ඉඩම, හම්බන්තොට ඉඩම් විකිණීම ගැන කට වහගෙන හිටියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2563 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4532 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6979 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2929 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4130 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7510 7

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site