IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැති මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි

නව  රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අමාත්‍ය මණ්ඩලය 15 දෙනකුගෙන් සමන්විත වන අතර  රාජ්‍ය අමාත්‍යවරු  ලබන සඳුදා දිවුරුම් දීමට නියමිතය. 

 

01.අගමැති මහින්ද රාජපක්ෂ - මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය,මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, බුද්ධ ශාසන,සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය 

02.නිමල් සිරිපාලද සිල්වා - අධිකරණ මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය

03.ආරුමුගන් තොණ්ඩමන් - ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

04.බන්ධුල ගුණවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,  උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය

05.ජනක බණ්ඩාර තෙන්නකෝන්රාජ්‍ය පරිපාලන,ස්වදේශීය කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ​අමාත්‍ය

06.පවිත්‍රාදේවි වන්නිආරච්චි - කාන්තා සහ ළමා කටයුතු  සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය

07.ජොන්සටන් ප්‍රනාන්දු -   මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය 

08.විමල් වීරවංශකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකාර අමාත්‍ය 

09.ඩලස්  අලහප්පෙරුම - අධ්‍යාපන,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය 

10.මහින්ද අමරවීර - මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා ශක්ති කාර්ය හා කර්තව්‍ය අමාත්‍ය

11.එස් එම් චන්ද්‍රසේන - පරිසර හා වනජීවී  හා ඉඩම් සංවර්ධන අමාත්‍ය 

12.රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම  අමාත්‍ය

13.ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාර සහ ගුවන් සේවා  අමාත්‍ය 

14.චමල් රාජපක්ෂ - මහවැලි,කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය

15.දිනේෂ් ගුණවර්ධන මහතා - විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුණතා සංවර්ධන අමාත්‍ය

16.ඩග්ලස් දේවානන්ද - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය

 

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)

 



අදහස් (71)

ඇමැති මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි

rana Friday, 22 November 2019 04:17 AM

මේක පිළුනු හොද්දට අලුත් අල ගෙඩියක් නේ ?

:       38       1238

මම1Friday, 22 November 2019 10:10 AM

එහෙම කියන්න එපා. අකිල, චම්පික, හරින්, සජිත් වගේ ඇමැතිවරුන්ට වඩා මේ අය කොච්චර හොඳයිද?

:       760       518

janahitha Friday, 22 November 2019 03:08 PM

චම්පික කටුබැද්දෙන් බිහිවුණු ඉන්ජිනේරුවක්.. ඔහුට සමකළ හැකි කිසිවෙක් ඔතන නැහැ. ඉන්නේ වේදිකා ඇමති මණ්ඩලයක් නව නිර්මාණ යෝජනා කිසිවක් එන්නේ නැහැ.

:       554       1246

rajuSaturday, 23 November 2019 03:11 AM

චම්පික කවදාවත් රැකියාවක් කර නැති කෙනෙක්ලු. ඉංජිනේරුවන් ඔහුගේ ඇතැම් අදහස්වලට සිනාසෙයි

:       344       425

nayanaSaturday, 23 November 2019 03:14 AM

හංසයින්ගේ විලාපය පහතින් දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න.

:       246       221

UdrichFriday, 22 November 2019 10:59 AM

බලාපොරොත්තු වෙනස නියමෙට දීලා තියනවා... නැවතත් හොරු සෙට් එක ඇවිල්ලා වගේ..

:       11       1165

විනිවිද Friday, 22 November 2019 02:48 PM

ඇමැති මණ්ඩලය ගැන කිසිවක් කියන්න එපා. විවේචනය කරන්න එපා. මේ කට්ටිය හොඳට කරගෙන යාවි. අලුත් ශ්‍රී ලංකාවක් හදන්න අලුත්ම අයට බැරිනිසා, පරණ අයට තමා හැකියාව පළපුරුද්ද තිබෙන්නේ.. අලුත් ශ්‍රී ලංකාවක් හදන්න. ඇමති තනතුරු ලබා දී තිබෙන්නේ දක්ෂතාවය අනුවයි.

:       1335       50

RaveendraFriday, 22 November 2019 10:59 AM

පරණ චැසියට අලුතෙන් බොඩි ගැහැව්වා වගේද කියලත් හිතෙන්නේ අපිට විතරද මන්දා? එතකොට අධ්‍යාපනයට මොකද වුනේ...?

:       3       1088

innn Friday, 22 November 2019 04:19 AM

සෞඛ්‍යය?

:       6       166

ranjithSaturday, 23 November 2019 12:56 AM

සෞඛ්‍යයට එම ක්ෂේත්‍රය ගැන උගත් මනා දැනුමක් ඇති කෙනෙක් පත්කරා නම් නේද හොඳ?

:       0       19

Mahee Friday, 22 November 2019 04:25 AM

මම මේ උඩහටයි පල්ලෙහාටයි ගියා නඩු හබ එහෙම නැති අය ඉන්නවද බලන්න. බොලේ, ඉන්නවනේ. ඒ ගැන සන්තෝසයි. ඉදිරියේදී හදිස්සියේ ඇමතිවරු රැස්වීකට ආවේ නැතත් අගමැතිට තනිවම වුනත් ඇමති මණ්ඩල රැස්වීමක් පවත්වන්න පුළුවන් වීමත් ලොකු දෙයක්.

:       2       743

සඳුන් Friday, 22 November 2019 04:34 AM

මට පුදුම සන්තෝෂයි. මම මග බල බලා හිටියෙ ඒ පරණ කට්ටිය ආයේ පත් වෙනකල්.

:       9       932

Tharindu PereraFriday, 22 November 2019 07:53 AM

හොරු සමග ගමන යන්. මිනිස්සු උඩදාගෙන ගිහින් ඡන්දෙ දාලා ඉල්ලපු ‌වෙනස තමයි ‌මේ. දැන් සැපද.......?

:       196       2299

විරාජ් Friday, 22 November 2019 04:35 AM

රෝහිත අබේගුණවර්ධනටයි, ප්‍රසන්න රණවීරටයි නොදුන්න එක ලොකු අඩුවක් නේද?

:       5       450

Warnakulasuriya Friday, 22 November 2019 07:32 AM

ඇයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇමතිකමක් දීලා තියෙන්නේ ඒ අඩුවට තමයි. එක එක වර්ගයේ කණ්ඩායම් වලින් එක්කෙනෙකුට දීම ගැන අපි සතුටු වෙමු. අරුන්දික ප්‍රනාන්දුවත් ඉදිරියේදී සලකා බලාවි. ජයවේවා..!

:       2       303

sirisenaFriday, 22 November 2019 07:33 AM

හරි හිනා...

:       118       46

විපර්මාFriday, 22 November 2019 10:21 AM

පස්සේ ඇමතිකම් දෙයි .පටන් ගන්නකොට ඔහොමනේ. දර දිය ඇදපු ,කඩේ ගිය අය තව කොච්චර ඉන්නවා කියලද ?

:       0       589

rehan Friday, 22 November 2019 04:43 AM

මේ පත්වීම් ලබා දී ඇති ආකාරයෙන්ම පැහැදිලිවෙන්නේ මොවුන්ගේ පක්ෂග්‍රාහී බවය. අන්‍යාගමික අමාත්‍යවරුන් පත් නොකළේ එමනිසා වෙනි.

:       503       657

කසුන් Friday, 22 November 2019 08:59 AM

මේ රෙහාන්, නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතිව ඉන්නවද ?

:       523       248

rehanSaturday, 23 November 2019 03:21 AM

අනේ කසුන් ප්‍රශ්නේ තේරුම් නොගෙන අදහස් ප්‍රකාශ කරන්න එපා. බුද්ධ ශාසන ඇමති පත්කළ ජනාධිපති ඇයි ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් කටයුතු ඇමති වරුන් පත් නොකළේ? මේ වෙනසටද බහුතර සිංහල ජනතාව අපේක්ෂා කලේ? කෝ මේ සමානාත්මතාව?

:       18       376

ranjan Friday, 22 November 2019 04:57 AM

සංස්ථා සහ මණ්ඩල සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන් පත් කිරිමේදි ඔවුන් තෝරා ගැනිමේ මණ්ඩලයක් පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.පසුගිය කාලයේ පැවති කාලසිමාවේදි පැවති දේශපාලන ප්‍රවාහය සම්බන්ධයෙන් ජනතාවගේ තිබුණේ දැඩි අකමැත්තක්. ඒ නිසා ඉදිරියේදි ජනතාවගේ ආකල්ප වෙනස් කරන ආකාරයේ වැඩකොටසක් කිරිම අපේ යුතුකමයි. එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන්ව තිබෙන සහන ජනතාවට ලබා දිය යුතුයි.ඉතා වැදගත් කරුණක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සහ සංස්ථා පාඩු ලැබීමයි. ඒවා භාණ්ඩාගාරයට බරක් නොවන්න කටයුතු කළ යුතුයි. එම සංස්ථා සදහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයන් සදහා ඊට සුදුසු පුද්ගලයන් ඇත්නම් ඒ අයගේ නම් තමන් වෙත දන්වා එවන ලෙස ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර සිටියා.

:       1516       48

MaheeFriday, 22 November 2019 01:55 PM

ඔබේ සටහන හරියටම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් දාපු එකක් වගේ. ඇත්ත කියන්න, ඔබ ඒකෙ රස්සාව කරනවා නම් නිතර මෙහි අදහස් පලකරන කෙනෙක් ඒ වගේ තැනක ඉන්නවා කියන එක අපටත් නම්බුවක්නේ...

:       0       213

පුරවැසි Friday, 22 November 2019 05:10 AM

හරිම අපූරුයි. ඔන්න ඉතින් අන්තිමට නපුරු පිසාචයයි ටින් ටිනුයි බොහෝම කාලයක් සතුටින් ජීවත් උනා. ලස්සනට මිනිස්සු රවට්ටනවා දෙපැත්තෙම කට්ටිය. අවුරුදු පහක් යන්න කලින් විසුරුවන්නෙ නෑ මෙයාල මොනව කිව්වත්. මොකද අලුත් මන්ත්‍රී දුවලා පුතාලගෙ විශ්‍රාමෙට කෙළවෙන හින්දා. වහල්ලු හැමදාමත් පිල් බෙදිල මරා ගද්දි මෙයාල හොදට තම තමන්ගෙ මඩි තර කරගන්නවා.

:       8       1336

mihira Friday, 22 November 2019 05:16 AM

සේරම අලුත් මුහුණු නේද ? මේ පාර හොදට කරයි.

:       23       366

sadisFriday, 22 November 2019 07:56 AM

නාග ලෝකේ ඉඳලද ආවේ...?

:       43       382

GuneSaturday, 23 November 2019 03:02 AM

මිහිරගෙයි, ඔබෙයි කොමෙන්ට් දැක්කහම මට පුදුම හිතුණු හින්දයි මේ ලියන්නේ. උපහාසයක් තේරුම් ගන්නත් මොලේ කලඳක් විතරවත් තියෙන්න ඕනෑ.

:       0       15

abaran Friday, 22 November 2019 05:38 AM

දැනට නම් පහළොවයි...

:       7       189

Desappremia Friday, 22 November 2019 06:03 AM

රටක කොදුනාරටිය බඳු අධ්‍යාපනයඇමති කෙනෙක් නැති රටක්. පරණ හොරු රැළත් එක්ක ජනාධිපතිතුමාට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ලොකු දෙයක් කරන්න එතුමාට දිරිය ශක්තිය ලැබේවා කියලා පතමු.

:       13       384

Nihal Friday, 22 November 2019 06:26 AM

මේකද ගෝඨා පම්පෝරි ගහපු කණ්ඩායම? අඹේවල ඉන්නේ මේ අය දන්න අයද?

:       10       1173

හංසිකා කුමාරි ජයවර්ධන Friday, 22 November 2019 06:26 AM

ඇත්තෙන්ම මේ ඇමති මණ්ඩලයේ සමහර අය කොළේ ඉරා ගත්ත අය. ඔවුන් ජනතාවට සේවය කරාවිද යන්න ප්‍රශ්නයක්.

:       4       1071

Leslie Perera Friday, 22 November 2019 06:46 AM

නියම විද්‍යානූකූල දැනුම අනුව ඇමතිකම් බෙදලා දීලා තියෙන්නේ ?

:       2       240

Hafeel Friday, 22 November 2019 06:56 AM

දුෂණ චෝදනා සහ දුෂණ නඩු තියන අයට තනතුරු දෙන්න නැහැ කිව්වා. එහෙමනම් කොහොමද වීරවංශට ඇමතිකම් ලැබුනේ?

:       4       1095

චන්නSaturday, 23 November 2019 11:49 AM

ක්‍රියාව නිසා නොව කතාව නිසායි...

:       0       5

සංජීව Friday, 22 November 2019 07:19 AM

ජොන්ස්ටන්? වීරවංශ? ප්‍රසන්න? මේ තුන්දෙනාටම අධිකරණයේ නඩු තියෙනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යට ඇමතිවරයෙක් නැද්ද? අපි හිතුවා 15 න් ඉවර වෙයි කියලා. සඳුදට රාජ්‍ය ඇමතිලා එනවලු. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිවරැ ඒවි. අන්තිමට මේකත් 100 පනියි. සනීපයි නේද?

:       7       1599

amal Friday, 22 November 2019 07:25 AM

සේරම පරණ වයින්. ගෝටාභය විතරයි වෙනස්. පරණ සේරම ජනතාව දන්නා රජ බඩු. නිර්පාක්ෂිකව රටගැන හිතන අය (පාවෙන ඡන්ද) ලැබෙන්න ඇත්තේ බෝතලේට. නමුත් ඔහු කිසිම ඇමතිකමක් ලබාගෙන නැහැ. ජනතාව බලාපොරොත්තු වුන ආර්ථික / ආරක්ෂාවවත් ඔහු ලබා ගනී කියා. එමනිසා මෙයත් පුස්සක් වෙයිද?

:       0       301

Bishan Friday, 22 November 2019 07:30 AM

පරණ තක්කාලි දාල හදපු සෝස් එක වගේ...

:       0       218

siri Friday, 22 November 2019 07:36 AM

පේන විදියට නම් අාඬි හත්දෙනා සහ කැඳහැලිය වගේ...

:       1       461

ANURA Friday, 22 November 2019 07:39 AM

වැඩක් නැත. පරණ සෙට් එකම තමයි. ජනාධිපතිටවත් බයේ හොරකම් නොකර හිටියොත් ඒ ඇති...

:       1       160

සෙන්දේ Friday, 22 November 2019 08:08 AM

වහල්ලුන්ගේ විග්‍රහය මොකක් වෙයිද? මහේෂ් සේනානායක කීව දේවල් දවසින් දවස ඇත්ත වෙනවා

:       62       1303

පිටිගල මිලානෝ Friday, 22 November 2019 08:12 AM

වීරවංස, ප්‍රසන්න සහ ජොන්ස්ටන් නැවතත් ඇමතිවරු? වියත්මඟ ඡන්දෙ දුන්නු අපට විපත් මඟක් වෙන්නයි යන්නේ.

:       39       1117

Kumara Friday, 22 November 2019 08:27 AM

අති සුපිරියි...!!! කියලා වැඩක් නැහැ. එළකිරි..!!!

:       7       313

sirimal Friday, 22 November 2019 08:45 AM

කලින් පොරොන්දු වූ ආකාරයටම චෝදනා කිසිවක් නැති, නඩු හබ නැති තරුණ ජවය සහිත ලංකා ඉතිහාසයේ තේරී පත් කෙරුණු හොඳම ඇමති මණ්ඩලය පත් කිරීම ගැන අපගේ ප්‍රසාදය. ජයවේවා...!!!  ඔහොම යමු. තුනෙන් දෙක ගත්තට පස්සේ වෙන දේ හිතාගන්න අමාරු නැහැ.

:       325       684

Sonali Friday, 22 November 2019 09:59 AM

වියත්මගේ විදියටම ප්‍රසන්න, ජොන්ස්ටන්, වැනි අපරාධ නොකරපු බුද්ධිමතුන් යොදවලා තියෙන්නේ.

:       3       191

Chandima Athapattu Friday, 22 November 2019 10:10 AM

වීරවංස, ප්‍රසන්න සහ ජොන්ස්ටන් නැවතත් ඇමතිවරුද? අයියෝ...!!!

:       8       1127

රජින්ද Friday, 22 November 2019 10:34 AM

කලබල වෙන්න එපා.. ඇමැති මණ්ඩලය පත් කලේ මාස තුනකට. මොකද මේ පිරිස අපට කොච්චර අප්‍රසන්න වුණත් යම්යම් දේශපාලන තීන්දු තියෙනවා නොගෙන බැරි. පොඩ්ඩක් මේ පිරිස දිහා බලන්න. මොවුන්ගෙන් කීයෙන් කී දෙනාද ඊළඟ මහමැතිවරණයෙන් දිනන්නේ... ඒ නිසා වැඩිය හිතන්න යන්න එපා. අනිත් කාරණාව, ඇමතිලා නෙවේ ආයතන සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක පත් කරන්නේ ජනාධිපති විසිනුයි. එහිදී ගෝඨාභය ඔහුගේ වියත්මග සමග සම්බන්ධ වූ පරිණත පිරිසක් පත්කර ගනියි. එමෙන්ම ඇමැතිලාගේ ආසනවලින් පිරිස් ගෙනත් පුරවන්න බැරි බවත් ඔහු දන්වා තිබෙනවා. තවද, රැකියා දීමේදී දිළිඳු පවුල් වලට ප්‍රමුඛතාවය දීමට ක්‍රියා කරන ලෙස දන්වා තිබෙනවා. ඒ නිසා කට්ටිය කලබල වෙන්නෙපා. මඩ ගහන්නත් එපා. ඉවසලා ඉන්න. මහමැතිවරණයේදී වියත් අපේක්‍ෂකයින් ඉදිරිපත් කළාම ඔවුන්ට ඡන්දය දීලා ඔවුන්ව පාර්ලිමේන්තුවට ගේන්න.

:       1574       173

fasmyFriday, 22 November 2019 01:01 PM

එහෙනම් ඔබ පිළිගන්නවද මේ හොර වැඩ කියලා..?

:       1       156

පිටිගල මිලානෝ Friday, 22 November 2019 10:27 PM

එතකොට රත්තරන්ලාගේ ආසනේට වියත්මගේ උගතෙක්ද දාන්න ඉන්නේ?

:       0       42

Nethmina Gunasekara Friday, 22 November 2019 10:45 AM

නියමයි ‌මේ පාරනම් ඇමති කම් ‌දෙක තුනක වැඩ එක්කෙනෙකුට පවරලා... වැඩේ නම් ‌ගොඩක් ‌හොඳයි වගේ පින් පඩි කන එක නවතිනවා සෑහෙන්න..

:       172       16

Lakmal Friday, 22 November 2019 11:38 AM

මගේ රට කවදාවත් හැදෙන්නේ නැහැ...

:       0       251

Warnakulasuriya Friday, 22 November 2019 11:49 AM

රජින්ද, රටේ ජනතාවගේ හැටියට හිතන්න දෙයක් නැහැ. මහමැතිවරණයේදී ඔවුන් ජය ලබනවා නිසැකයි. එවිට ඔබ කියාවි ඒ අයව ජනතාව පිළිඅරගෙන තිබෙනවා කියලා... මේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකට මේ තත්ත්වයෙන් ඉවත් වෙන්න කවදාවත් නොහැකියි. මේක රට ගැන හිතන ජනතාව තේරුම් ගතයුතුයි. දූෂිතයින් සහ කසිප්පු මුදලාලිලාගේ සහයෙන් තොරව මේ රටේ බලයට පත්වීම සිහිනයක් විය හැකියි. යක්කුන්ගෙන් වැඩ ගත්තා නම් දොලපිදේනි ලබාදිය යුතුමයි.

:       0       284

රජින්දSaturday, 23 November 2019 05:04 AM

රාජ්‍ය අමාත්‍යංශවල ව්‍යුහය ගැන අධ්‍යයනය කරන්න. සරලව කියනවා නම් ඇමති කියන්නේ ඒ අමාත්‍යංශයේ කළමනාකරු පමණයි. එහි විධායක තීන්දු තීරණ ගන්නේ අධ්‍යක්ෂක හෝ සභාපතිලා.. එතකොට මෙවර එම අධ්‍යක්‍ෂක මණ්ඩලය, ලේකම් සහ සභාපතිවරුන් සඳහා තෝරා ගැනීම් කරන්නේ ජනාධිපතිතුමායි. මෙම අමාත්‍ය පත්වීම් දෙන්න කලින් ඒ බව ඔවුන්ට දන්වලා තිබුණා. ඒ නිසා බය වෙන්නෙපා. ඇමතිලාට වඩා වැදගත් වෙන්නේ නිලධාරීන්... යක්කුන්ගෙන් වැඩ ගන්න පුළුවන් දක්‍ෂ යකැදුරෙක්ට. නවලෝක රෝහල හදපු ධර්මදාස මුදලාලි මහත්තයා දොස්තර කෙනෙක් නෙවෙයි. එතුමා දක්‍ෂ කළමනාකාරවරයෙක්... නමුත් එතුමාට හොඳ දොස්තරලා හිටපු නිසයි අද ඒ රෝහල ජනප්‍රිය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මොවුන්ට ඉඩ දීලා බලන්න. වැඩ හොඳයි නම් ඊළඟ පාර මහමැතිවරණයේදී සුදුසු අයෙක්ට ඡන්දය දෙන්න. නැතිනම් ප්‍රතික්‍ෂේප කරන්න.

:       21       2

Kumara Friday, 22 November 2019 12:05 PM

අනේ කෝ ගම්මන්පිලලා....? මේවාට සුදුසු නැහැ වගේ...

:       0       44

P.s. s Fernando Friday, 22 November 2019 12:46 PM

රටක පාලනයේදී හිතවත්කම් මත තනතුරු දිය නොහැක. මක්නිසාදයත් මුදල්, මහජන මුදල් රටේ යහපතට පාවිච්චි කරමු...

:       0       166

Chathuri Friday, 22 November 2019 12:47 PM

ජනාධිපති තෝරාගත්තෙත් ජනතාවනේ. මේ වැඩෙත් ජනතාව බාර ගන්න ඕනෑ.. කඩේගිය සැමට උසස් ඇමති ධුර... මේවා අප්පිරිය වුණු නිසානේ ජනතාව අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. මහින්දට සේවය කරපු සේරම ඉන්නවා. හරියට සුළු ඡන්ද නැතිව දින්නා වගේ.. හොරු නැතිව ආණ්ඩුව කරන්න බැහැ වගේ. නීතියක් නැති රටක් වෙලා... නඩු දමන, නොඅසන රටක්... පුදුම කලකිරීමක් තියෙන්නේ... අමාත්‍ය ධුරයක් ගන්න විමල්ගේ සුදුසුකම් මොනවද? වෙනස මේකද?

:       3       928

samSaturday, 23 November 2019 11:16 PM

ඔයාට විමල්ගේ සුදුසුකම් අමතක වෙලානේ !

:       0       1

සංජීව Friday, 22 November 2019 01:10 PM

මේ මොන කැඳ හැලියක්ද? වැඩියෙන්ම කෑ ගහපු දඟලපු අයට තමයි ඇමතිකම් ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් අයියලා මල්ලිලා ටික නම් ගොඩගිහින් වගේ... ඔහොම යං...

:       2       615

Rasika Friday, 22 November 2019 01:48 PM

අපි ඡන්දේ දීලා යවපු අයම තමයි ඇමැති මණ්ඩලේ පත්කරන්නේ. නැතුව ජනාධිපතිට හිතෙන කෙනෙක්ට ඇමතිකම් දෙනන බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ කොහොම වුණත් ඇමැති මණ්ඩලේ අඩුකරපු එක හොඳයි. දැන් හොරකම් නොවෙන්න වග බලාගන්න ඕනේ... ඡන්දෙන් මිනිස්සු පත්කළේ ජනාධිපති විතරනේ. දැන් මහමැතිවරණයේදී මේ වෙනස දිගටම කරන්න.

:       459       113

athuraMonday, 25 November 2019 04:46 AM

කොරයි කොරයි. කොරලා ඉවර වෙනකොට දුකයි.

:       0       19

Maalaka Friday, 22 November 2019 01:53 PM

දැන් සැපද?

:       0       643

රවින් Friday, 22 November 2019 01:56 PM

කොහොම වුණත් අර ආර්ථිකේ ගැන පුරසාරම් දෙඩුව කෙනාට ආර්ථිකේ දීලා නැහැනේද? දීලම බැලුවා නම් තමයි හොඳ. එතකොට මධ්‍යසාර පිළිබඳ විශේෂඥයාට එ්ක දීලත් නැහැ. හරි ජංජාලයක් වෙන්නයි යන්නේ.

:       0       65

sirimal Friday, 22 November 2019 02:09 PM

කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි.

:       0       752

AsirimalFriday, 22 November 2019 04:18 PM

ඕක තමයි පහුගිය අවුරුදු 5ම වුණේ...

:       158       11

විමුක්ති Friday, 22 November 2019 03:00 PM

වරදකරු කරපු කෙනෙක්ව ලේකම් වුණා. දැන් මේ වගේ කැබිනට් එකක් පත්කරගෙන. අර ශ්‍රී ලංකා කාරයෝ ටික හේත්තුවුනේ රට බේරගන්න කියලා නේද? එතකොට ඇමතිකම් ගත්තේ පවුල බේරගන්නද? මදැයි මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වුණා. හැමදාම රැවටීම තමයි. නරියට කුකුල්ලු දුන්නා වගේ ජොනීට වරාය දීලා නේද...?

:       75       1035

ලේක්කෝ ගලබඩ Friday, 22 November 2019 04:27 PM

ෆීල්ඩ් මාෂල්තුමාටත් ආරාධනා කර ඔහුගෙනුත් වැඩක් ගන්න බලන්න...

:       28       109

Devinda Uduwara Friday, 22 November 2019 05:49 PM

මුදල් ඇමැතිකම දෙන්නේ මහින්දටමයි. රජයට නාගලොවෙන් වැඩමවූ ධාතූන් වහන්සේලා පිහිටයි.

:       26       517

JuwanSaturday, 23 November 2019 03:04 AM

මුදල් අත පත ගාල පුරුද්දක් තියෙන කෙනෙකුට මිසක් ඔය වැඩේ කරන්න බැරුව ඇතිනේ.

:       0       145

Asanka Saturday, 23 November 2019 01:24 AM

මෙතන පරණ මිනිස්සු හොරු යැයි කියන අයටයි මේ කියන්නේ... ඔබලා ඕක කියන්න පාර්ලිමේන්තුව විසුරුවන්න නොදී පෙන්ෂන් එකට කෑදරකමේ ඕකේ එල්ලිලා ඉන්න අයට... ඔවුන් අයින් වුණා නම් ඡන්දෙකින් අලුත් මිනිස්සු පත්කරගන්න තිබුණා. ගෝඨාභය මහත්තයා මිනිස්සු මවන්නද නැත්තම්...

:       70       171

SARA Saturday, 23 November 2019 01:59 AM

ඇමතිධුර ලබාදීමේ දුෂ්කර කාර්යයට උදව් කරනු පිණිස තමා ඇමති ධුරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන්නේ අැමැතිධුරයක් කියන්නේ මේ අයට දෙන තෑග්ගක්ද? හරි නම් මෙයා කතා කරපු විදියට වැටුපක් නොගෙන සේවය කරන්න එපැයි. දෙන්න සුදුසු ඇමති කමක් නැහැ ඒකයි මේ...

:       0       18

sandy123 Saturday, 23 November 2019 05:21 AM

අධිකරණයට දෙවියන්ගේම පිහිටයි. අධිකරණය නම් ඉතින් නිදිම තමයි.

:       0       58

පිටිගල මිලානෝ Saturday, 23 November 2019 08:29 AM

කතාව මෙසේ නම්... ඉන්දික, රත්තරන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, ලන්සා, එස් බී, නාමල්, සරණ, බැසිල්, දිලුම් අමුණුගමලාගේ පොහොට්ටු අපේක්ෂකත්වය ඉදිරි මැතිවරණයේදී දෙන්නේ වියතුන්ටද? නැත්නම් මේ අයටමද?

:       0       40

Asela Sunday, 24 November 2019 11:38 PM

ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, නිමල් සිරිපාල වගේ අය පිරිච්ච සෙට් එකක් නෙවෙයි අපි බලාපොරොත්තු වුන‍ෙ.. බලාගෙන ගියාම ආයේම කැරකෙන්නේ පරණ තැටිය..!!! අපරාදේ අපේ සිංහල ඡන්ද.. හැමදාම කලේ මේ සේරම අපිව රවට්ටපු එකයි. ගියපාර අය කලේ දින 100ක් කියලා මහා මැතිවරණෙ තියනකම් මාර බොරු පොරොන්දු දීලා මිනිස්සු රවට්ටපු එක... ඊට පස්සේ ඔවුන්ගේ වැඩ පටන් ගත්තා. මහා බැංකුව සුද්ධ කළා. බදු ගැහුවා නහුතෙට. දුන්නු ගේම ලස්සනට මේ පාරත් මේ සෙට් එක දාගෙන අපිටම දෙයි වගේ ...!!!

:       0       2252

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 3311 1

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7378 5

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3732 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3074 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11770 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8031 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site