IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අධ්‍යාපන අමාත්‍යංශය වසර 30 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා‘-අගමැති කියයි

(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල වලින් ඉගැන්වීමේ සුදුසුකම් ඇත්තාවුද  ඩිප්ලොමා සහ උපාධි සුදුසුකම් ඇති අය පමණක් ගුරු සේවයට බඳවා ගත යුතු බවට 1987 වසරේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කළ වගන්තිය වසර 30 ක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ක්‍රියා කර තිබෙන බව  අගමැතිවරයා පැවසීය.

ඉහත වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේදී සෑම ගුරුවරයකුටම එම පහසුකම නොතිබු නිසා වගන්තියට ඇනුකූලව පුද්ගලයන් පිරිසක් බඳවා ගන්නට හැකිවන තෙක් ගුරු සේවයට වෙනත් තැනැත්තන් බඳවා ගැනීම රාජ්‍ය සේවා කොමිසමෙන් නවත්වන බඳවා ගැනීමේ පරීක්ෂණ  ප්‍රතිඵල අනුව සිදු කරන බවටද වගන්තියක් ඇතුළත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් මේ වගන්ති හරියාකාරව ක්‍රියාත්මක නොවීම සිසු පරපුරට කර ඇති විශාලතම අපරාධය බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ප්‍රමතීන් ඇති කිරීම සඳහා නව නීති ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන් බවද සඳහන් කළේය.

දැනට බඳවා ගෙන සිටින අදාල පුහුණුව දීමට කාලයක් ලබා  දෙන අතර එසේ නොකළහොත් මුළු අමාත්‍යංශයටම නීතියෙන් දඩුවම් කළ යුතුව ඇති බවද   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන ‘සුභග‘ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය. 

 

ජායාරූප -  චතුර එස් කොඩිකාර



අදහස් (13)

‘අධ්‍යාපන අමාත්‍යංශය වසර 30 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා‘-අගමැති කියයි

sam Thursday, 12 July 2018 10:15 AM

මේ කතාකරන්නේ 1980 - 89 කාලේ හිටපු අධ්‍යාපන ඇමති. එතකොට අවුරුද 30ක් කියානේ 88 ඉඳල, ඔබ අැමති කාලෙමයි මේ වැරැද්ද පටන් අරන් තිබෙන්න. ඇයි එහෙම වෙන්න ඇරියේ.

:       221       792

මල්ලි Thursday, 12 July 2018 10:21 AM

අන්න එහෙම ඇත්ත කිව්වානම් !!!

:       0       55

ජයන්ත මිලානෝ Thursday, 12 July 2018 10:25 AM

ඔබ තුමා අවුරුදු තිහකට පස්සෙද අවදි උනේ?

:       117       437

ජගත් ලියනගේ Thursday, 12 July 2018 10:42 AM

මෙයා නං පුවත් මවන්න හරි රුසියා. ළඟදීම තව මොකක් හරි වැඩි කරන්න තමයි ඔය අර අඳින්නේ .

:       2       328

surath Thursday, 12 July 2018 01:03 PM

මේ එන්නේ ව්‍යවස්ථාව කැඩුවට කමක් නැහැ කියා ගෙනද ? එනපොට හොඳ නැහැ

:       0       228

Mallika Thursday, 12 July 2018 01:24 PM

ඔය කියන ඒවා කරනවනම් කොච්චර දෙයක්ද.

:       0       21

himal Thursday, 12 July 2018 02:06 PM

සරලව කිව්වොත් මේකෙන් කියන්නේ ගුරු වෘත්තියට එන්න නම් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් අදාළ අධ්‍යාපන ආයතන වලින් ලබා තිබිය යුතුයි කියන එක. නමුත් මේ නීතිය සම්මත කරපු අවධිය වන විට හිටපු ගුරුවරුන්ට මේ සුදූසුකම සම්පූර්ණ කර ගැනීම සඳහා ඇතුළත් කරපු ව්‍යතිරේඛය භාවිතා කරමින් අදාළ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන තමයි වෙන්නේ. ඒ කියන්නේ ගෙදරක වහලේ හදනකන් ඉටි රෙද්ද ගහගෙන ඉන්න කමක් නෑ, කිව්වම වසර 30ක් ගිහිල්ලත් ඉටි රෙදි දම දමා ඉන්නවා, ඒත් වහලේ ගහලා නෑ වගෙ දෙයක්.

:       0       131

සනත් Thursday, 12 July 2018 07:55 PM

ඉස්කෝලේ ළමයින්ට උගන්වන උපාධියක් හරි ඩිප්ලෝමා එකක් හරි ඕනෑමලු. නමුත් මුළු රටටම උගන්වන දේශපාලඥයින්ට හෝඩියේ පන්තියේ සහතිකය වත් ඕන නැහැ.

:       0       1

Dulmi Thursday, 12 July 2018 09:16 PM

1988 වර්ෂයේ ඉංග්‍රීසි ගුරු විභාගයේ කොළඹින් ඉහලම ලකුණු සංඛ්‍යාව ලබා ගත් කෙනෙක්ව තෝරා ගැනීමේ ලැයිස්තුවෙන් කපා දැම්මේ කවුද කියා සොයා බලන්න. යන්තම් භාෂාව දන්නා උදවිය පුහුණු ඉංග්‍රීසි ගුරු සේවයට තෝරාගත්තා. ඔවුන්ගෙන් ඉගෙන ගත්ත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. මම අද ඉංග්‍රීසි පළමු භාෂාව වූ රටකට සංක්‍රමණය වී රාජ්‍ය අංශයේ හොඳ රැකියාවක් කරනවා. පාඩුව සුදුස්සාට සුදුසු තැන නොදුන් රටට මිසක් මට නොවේ.

:       0       0

A.T.A. samath Friday, 13 July 2018 12:20 AM

මේක ඉස්සෙල්ලාම කිව්වේ ජනාධිපති ප්‍රේමදාස මහතා විසින්.... කිසිම ප්‍රධාන සුදුසුකම් නැති ජනසවිලාභී පවුල් වලින් ගුරුවරු බඳවා ගනිමින්....

:       0       0

ranga Friday, 13 July 2018 03:19 AM

ඇමරිකාවේ අවුරුදු 30ක් ඉදල අදද අවේ

:       0       0

Lalith Friday, 13 July 2018 03:20 AM

අධ්‍යාපන අමාත්‍යංශයටත් වැඩක් දෙන්න වගේ ලෑස්ති වෙන්නේ.

:       0       17

WIJENANDA Friday, 13 July 2018 03:44 AM

පොල්බුරුවෝ ටිකක් පාර්ලිමේන්තුවට යන්න හේතුව හොයාගත්ත....

:       0       26

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2100 7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 1962 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5456 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4056 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4637 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7000 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site