IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන සිසු නායකයා මරුට

 

ඔගස්ටින් ප්‍රනාන්දු

අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ  හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුයම මිය ගියේය.

මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති එම සිසුවා ඉගෙනීමට ඉතා දක්ෂ බවත් පසුගිය දිනක එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පතු වූ බව මව්පියෝ පවසති.

ඉකුත් දිනක දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ඇති අතර පහර දීම සම්බන්ධයෙන් කිසිවකුටත් නොපවසන ලෙස ද තර්ජනය කර ඇත. පහර කෑමෙන් පසු හදිසියේ අසාධ්‍ය වූ එම සිසුවා හලාවත රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට පත් අතර එක් සිසුවකු රිමාන්ඩ් ගත කළ අතර අනෙක් සිසුන් තිදෙනා ඇප මත මුදා හැරණි. මහේස්ත්‍රාත් විභාගය අද (23) පැවැත්වීමට නියමිතය.



අදහස් (43)

සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන සිසු නායකයා මරුට

Raveendra Saturday, 23 June 2018 04:16 AM

හරිම කනගාටුදායක පුවතක්. පාසල් තුලත් මෙවැනි මුර්ග ක්‍රියා පැතිරයාම ඛෙදවාචකයකි.

:       0       0

sanjeeva Saturday, 23 June 2018 04:47 AM

මෙම ශිෂ්‍යයා මුස්ලිම් කෙනෙක්. බැරි වෙලාවත් සිංහල කෙනෙක් නම් - මියගියේ මුස්ලිම් අයගේ ප්‍රහාරයකින් වුණා නම් මෙතන කමෙන්ට් 100,000,000 විතර තියේවි.

:       8156       4447

arkunSaturday, 23 June 2018 06:24 AM

දිගන ප්‍රශ්නයේදී ජාතිවාදය අවුස්සනවා කිව්වේ ඔබ වගේ අය ගැන නේද. සිංහල අපිනම් කියන්නේ මේ දරුවට මේ අපරාධය කර අයට රටේ නීතියෙන් දඬුවම් දෙන්න කියලයි.

:       0       0

dhammikaSaturday, 23 June 2018 06:44 AM

බැරිවෙලාවත් මැරුණු කෙනා මුස්ලිම් වෙලා අනිත් අය සිංහල වුණා නම් ඒ අය හිතන්නෙත් එහෙම තමයි.

:       196       4318

KosalaSaturday, 23 June 2018 12:32 PM

සංජීව, මෝඩයා වුනාට මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද?

:       336       1456

shelton Saturday, 23 June 2018 05:22 AM

ෂරියා නීතියද මන්දා...

:       1877       1726

hasanSaturday, 23 June 2018 09:35 AM

එතකොට හැමදාම සිංහල අය අතර මරාගන්නවා. එ්ක එක විදිහකින් බුද්ධාගම් නීතියද? නිකන් මෙතනත් ජාතිවාදී වෙන්නේ නැතුව මනුෂ්‍යයින් විදිහට හැසිරෙන්න.

:       900       1210

naushiSunday, 24 June 2018 03:03 AM

ෂෙල්ටන් මහත්මය, ලංකාවේ දිනපතාම සිදුවෙන මිනීමැරුම් ෂරියා නීතියට අනුවද නැත්නම් බෞද්ධ දර්ශනය අනුවද සිදුවෙන්නේ. ඔයාගේ මෝඩකම ගැලරියට ප්‍රදර්ශනය කරන්ඩ එපා.

:       358       339

lalithsjm Saturday, 23 June 2018 05:26 AM

අනේ මන්දා අපේ රටේ මිනිසුන්ට මොනා වෙලාද කියල. එහෙන් දෙසපලකයෝ රට කනවා මෙහෙන් මිනිස්සු පුංචි පුංචි දේටත් මරා ගන්නවා. මේ දරුවට මගේ ආගමට අනුව නිවන් සුව.

:       0       1

පුජාපිටියේ සමිත හිමි Saturday, 23 June 2018 05:55 AM

හරිම සංවේගයි.

:       0       0

shelton Saturday, 23 June 2018 06:08 AM

මුස්ලිම් පාසෙලක මුස්ලිම් ළමයෙක් මරල. කකුල් දෙකේ කොටි එකතුවෙලා කකුල් හතරේ කොටියෙක් මරල. ඉතින් මෙතන ජාතිවාධයක් නැහැ.

:       0       0

Saeasi Saturday, 23 June 2018 06:23 AM

ඉතාම කනගාටුයි. ඇමෙරිකාවේ පාසල් වල සිදුවෙන දේවල් මෙහෙ වෙන්න පටන් ගන්න කලින් වහාම නවත්වා ගන්න ඕන. නැති නම් මේක චිකාගෝ පුරවරය වෙන්න වැඩිකල් යන එකක් නැහැ .

:       0       0

Dusara Saturday, 23 June 2018 06:57 AM

සංජීව, ගොන්කතා කියන්න එපා.

:       12       905

රවින් Saturday, 23 June 2018 07:15 AM

මෙහිදී බැලිය යුතු ප්‍රධාන කාර්යය වන්නේ මෙම දරුවන්ගේ දෙමව්පියන් පිළිබඳ විස්තර පසුව මොවුන් ඇසුරු කරන අය ගැන විස්තර... ජාති බේදයකින් තොරව ලංකාවේ දෙමව්පියන් තම තමන්ගේ කල්ක්‍රියා වලින් ළමයි අනියම් ලෙස වැරදි වැඩවලට පොළඹවනවා. වැඩිහිටි ආදර්ශයට ගෙන වැරදි වැඩ වලට පෙළඹෙන දූදරුවන්ගේ ගණන් දින දින ඉහළ යනවා.

:       13       400

senaSaturday, 23 June 2018 09:22 AM

රවින් මහත්තයා කියන දේ 100% හරි. අපේ දරුවෝ මොනවද කරන්නේ කියන එක දෙමව්පියන් වශයෙන් අපි ඉතා විමසිලිමත් විය යුතුයි.

:       7       82

සතයපාල Saturday, 23 June 2018 07:23 AM

මේක තනිකරම යහාපාලන ආණ්ඩුවේ වැරැද්ද මේ ආණ්ඩුවට රටක් පාලනය කරනවා තියා පාසැලක් පාලනය කර ගන්නවත් බැහැ නැද්ද මං අහන්නේ !

:       25       0

jayatissa Saturday, 23 June 2018 07:48 AM

මෙය සිදු නොවිය යුතු දෙයක්. අපි එම සිසුවාට මොක් සුව පතමු.

:       0       3

Ravi Dubai Saturday, 23 June 2018 07:50 AM

මේ ඔක්කොටම මුල ලංකාවේ නීතියක් කියලා එකක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක...

:       0       20

Sanath Saturday, 23 June 2018 08:02 AM

අතින් පයින් ගහල මරණීය තුවාල වෙන්න තියෙන සම්භාව්‍යතාවය අඩුයි. මං හිතන්නේ පොලුවලින් ගහන්න ඇති. ගහපු ළමයි මෙයා මැරෙයි කියල හිතල නැහැ ඒකනේ මේගැන කියන්න එපා කිව්වේ.

:       0       0

Nuwan Saturday, 23 June 2018 08:11 AM

අපේ ඉස්කෝල වලත් ශිෂ්‍ය නායකයින් එක්ක වලි තිබුණා. මොකද උන්ගේ ගැට්ට වැඩි හින්දා. නමුත් මාරාන්තික පහරදීම් අහලවත් තිබුනේ නෑ .

:       0       14

Kamal Saturday, 23 June 2018 08:39 AM

ප්‍රචණ්ඩ දේශපාලකයන් ප්‍රචණ්ඩ ගුරුවරු ප්‍රචණ්ඩ දොස්තරලා ප්‍රචණ්ඩ පූජකයන් ප්‍රචණ්ඩ භික්ෂුන් ආදර්ශය දෙනකොට සිසුන් ඉබේම ප්‍රචණ්ඩ වෙනවා.

:       9       132

isurandi Saturday, 23 June 2018 08:41 AM

මෙවැනි දේ සිදුවෙනවා නම් මෙය රටේ අභාග්‍ය.

:       0       0

maheshika Saturday, 23 June 2018 08:46 AM

ජාති ආගම් බේදයකින් තොරව මේ ප්‍රශ්නය දිහා බලමු. පාසල්වල විනය ඉතා සීඝ්‍රෙයන් පිරිහෙමින් පවතිනවා, ගුරුවරුන්ට ළමුන් පහර දෙනවා. දරුවෙකුට ගුරුවරයෙක් දඬුවමක් දුන්නොත් , මුලින්ම රෙදි උස්සන් එන්නේ අම්මල. පාසල්වල විනය කමිටු පිහිටවා එමගින් වැරදි කරන දරුවන්ට නිසි දඬුවම් ලබා දීම කල යුතුය. කිරි කාලයට ගොම දැම්ම සේ එක දරුවෙකුගේ අයහපත් ක්‍රියා කලාපය දරුවන් සියගණනක් වැරදි මගට යොමු කල හැකිය. ගුරුවරුන් සඳහාද එසේමය. ගුණගරුක ගුරුවරයෙකුට වැරදි මග යන දරුවන් සිය ගණනක් යහ මගට ගන්න සේම ඔවුන්ගේ වැරදි ආදර්ශ නිසා යහපත් දරුවන් අමනුස්සයන් කල හැකිය. ගුරුවරය සෑම දරුවෙකුටම එක හා සමානව සැලකීමෙන් දරුවන් තුල පෞරුෂය වර්ධනය කල හැකිය. ගුරුවරයාගේ ප්‍රධාන වගකීම දක්ෂ දරුවන් වෙත වැඩි අවදානය යොමු කිරීම නොව අදක්ෂ දරුවන් වෙත වැඩි අවදානයක් යොමු කිරීමයි....

:       4       33

Samma Saturday, 23 June 2018 08:50 AM

ඉතාමත් කණගාටු පුවතක් ........ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්ද? ඉස්ලාම් දහමට අනුව ඔබට ස්වර්ගය හිමිවේවා........

:       0       46

malki Saturday, 23 June 2018 08:57 AM

අපරාදේ වටිනා ජීවිතයක්..........................

:       0       42

පී.ඉලංගරත්න. Saturday, 23 June 2018 09:18 AM

මෙතනට ජාතියක් අවශ්‍ය නැහැ.⁣ නියමාකාරව පරීක්ෂණයක් පවත්වා වැරදි කළ අයට දඬුවම් කරන්න.

:       2134       1425

sampath Saturday, 23 June 2018 09:23 AM

පාසල් සිසුන් අධිකරණයට ගෙන එ්ම සුලභ දසුනක්... කෙසේ වුවත් ඔවුන්ට දඬුවම් දීම සාමාන්‍ය ආකාරයට සිදු කිරීම කළ නොහැකි, බන්ධනාගාරගත කිරීමද සාමාන්‍ය ලෙස කල නොහැකි මේවා පාසල්වල විදුහල්පතිවරුන් විසින් පාලනය කරගත යුතු ප්‍රශ්නය. එසේ කළ නොහැකි විදුහල්පතිවරුන් වෙනත් රැකියවකට යොමුකිරීම් කළ පාසල්වල කල්ලි කණ්ඩායම්, බාහිර කණ්ඩායම් සමග එකතු වෙලා ඉන්නේ. ඔවුන් මේ අය හරහා පාසල්වල මත්ද්‍රව්‍ය ජාවාරම කරනවා. මුදල් හොයා ගැනීමට සොරකම් වලට පෙළඹෙනවා. අවසානයේ එම සිසුන් අධ්‍යාපනයත්, ජීවිතයත් නාස්ති කරගන්නවා. මේ සිදුවීම විශ්වවිද්‍යාලවල තිබුණු පූර්වාදර්ශ පාසලට පැමිණීමක්... ඒ නිසා උපරිම ලෙස දඩුවම් දී මෙය රැල්ලක් ලෙස පැතිරීම නතර කළ යුතුයි.

:       428       110

banda Saturday, 23 June 2018 09:48 AM

හා...හා... කවුරුවත් කලබල වෙන්න එපා.. ෂරියා නීතිය කරලා...

:       876       1000

faizerSaturday, 23 June 2018 02:54 PM

හසන් මහතා දීපු පිළිතුරම මෙයට ආදේශ කල හැක. ජාතිවාදය හා ආගම පටලවා ගන්න එපා. හිඟන්නාගේ පාත්තරේ වාගේ... කසුන් දේවසිරි මහතාගේ ප්‍රතිචාරයට මම ඉතා අවංකව එකඟවෙමි.

:       438       610

casmir Saturday, 23 June 2018 10:58 AM

අපේ රටේ තියෙන ජරා තරගකාරී අධ්‍යාපනය තුළ මේවගේ දේවල් වෙනඑක පුදුම වෙන්න අවශ්‍ය නැහැ. කිසිම විනයක් නැති ළමයි ටිකක් බිහිවෙනවා විතරයි.. රටේ විනාශයට අධ්‍යාපනය තනිකරම වග කියන්න ඕනෑ... ළමයි සමග අම්මලා පාර පුරා පැය 24ම පන්ති යනවා.

:       526       119

kasun devasiri Saturday, 23 June 2018 12:12 PM

පහරදීපු අය මුස්ලිම් වේවා, සිංහල වේවා, දෙමළ වේවා... මේ මියගොස් සිටින්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මේ රට කිසිම ජාතියකට අයත් එකක් නොවෙයි. පොදුවේ සියල්ලන්ටම අයිති රටක්...

:       50       292

nisar Saturday, 23 June 2018 12:51 PM

අධිකරණයන් වැරදිකරුවෙක් කියලා තීරණය කෙරුවොත් ෂරියා නීතියට අනුව දඬුවම් දෙන්න පුළුවන්. එහෙත් අගතියට පත්වුණු පාර්ශවය සමාව දුන්නොත් හෝ ඉල්ලන මුදල් ප්‍රමාණයක් ලබා දීලා මරණීය දණ්ඩනයෙන් මිදෙන්න පුළුවන්. හංගපු ආයුධ පෙන්නා නීතියට අනුව සමාව දීලා හෝ වන්දි මුදල් දීලා බේරෙන්න බැහැ.

:       657       15

DammaSaturday, 23 June 2018 02:03 PM

නිසර්, ඔයා කලබල වෙන්න එපා. ගරු අධිකරණයෙන් වැරැදි කරුවෙක් කළොත් අධිකරණයෙන්ම දඬුවම් ලැබෙයි. මේක ශ්‍රී ලංකාව.. සෞදි අරාබිය නෙමෙයි.

:       0       718

ප්‍රියන්ත Saturday, 23 June 2018 02:04 PM

හංගපු ආයුධ කොහොම වෙතත් හංගපු කුඩු නම් හොයාගත හැකියි.

:       13       162

tommy Saturday, 23 June 2018 01:26 PM

අද පාතාලය පාසල් තුළටත් රිංගන්නට පටන්ගෙන ඇත. ඉදිරියේදී මෙවැනි මැරකම් කරන්නට අනතුරු හැඟවීමක් සඳහා මේ අපරාධ කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි.

:       3       3

imesh Saturday, 23 June 2018 02:40 PM

අනේ වාසනාවන් !!

:       143       120

Chanak Los angeles Saturday, 23 June 2018 05:00 PM

කවදාද අපි තේරුම් ගන්නේ මිනිසා ආගම්වලට, ජාතිවලට, කුලවලට අයිතියක් නැති ශුද්දාෂ්ඨක ගොඩකින් සැදී කැඩී බිදී විසිරී යන දෙයක් කියා ?

:       461       103

Chanak Los angeles Saturday, 23 June 2018 05:37 PM

මිනිසේකුගේත් තිරිසන් සතෙකුගේත් ජීවනාවලියේ සැලකියයුතු වෙනසක් නැත .. එහෙත් තිරිසන් සතාට පව් වලින් අකුසල් වලින් මිදීමට චිත්තයක් පහළවන්නේ නැති නමුත් මනුස්සයාට ඕනෙකම තිබෙනවානම් පව් අකුසල් වලින් සම්පුර්ණයෙන්ම මිදෙන්න මනස සකස්කර ගත හැකියි .එය කොතරම් වටිනා මනුස්සයාට ලැබුණු දායාදයක්ද ? එයින් ප්‍රයෝජන නොගෙන ජාති ,ආගම්,කුලවලට බෙදී කුලල්කා ගැනීම අප ලජ්ජා විය යුතු නොවේද ?

:       60       44

පිට රැටියා Saturday, 23 June 2018 09:03 PM

මුස්ලිම් රටවල් වල එකාට එකා මරා ගන්න විදියට , මේව මොනවද,

:       25       550

ranjith Saturday, 23 June 2018 10:19 PM

පාසල් සිසුන් අතර වන අපරාද වැඩිවෙනවා මේ අයට උපරිම දඩුවම් දිය යුතුය

:       1       21

ජානක Sunday, 24 June 2018 12:43 AM

මොන ආගමෙීද කියන එක නෙමෙයි. කරපු කර්මය පලදෙනව කවදහරි , බුද්ධිමත්ව සිතන්න.

:       113       38

Ronny Dias Sunday, 24 June 2018 09:10 AM

මේ සිදුවීම ඇතුළු තවත් සිදුවීම් බොහොමයකට හේතුව, කොන්දක් නැති නායකත්වය. පාතාල කරුවන් දහවල් මිනී මරන්නේද නීතියට බය නැති නිසාවෙනි. නීතියට බයනොවන්නේ දේශපාලකයන්ගේ අනුග්‍රහය ඔවුන්ට ඇති බැවින්ය. පාතාලය තොටිල්ලේ නලවන දේශපාලකයන් ඉන්න රටක නිතියකින් ඇති සෙතක් නැත. තිබෙන නිතිය අකුරට ක්‍රියාත්මක කරහැකි, බලවතාට සේම දුබලයාටද එක නිතිය ක්‍රියාත්මක වන දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. මාධ්‍ය ජනතාවගේ බුද්ධිය මොට කර ඇත. දේශපාලනය ජනතා මතය කියමින් උන් උන් පොහොසත් කර ඇත. අද නොව හෙට දකින්න. හෙට ගැන සිත අද කළයුතු දෙය කරන්න. පැය 24ම TV, Radio නැරඹීමෙන් වැලකී තමන්ගේ දියුණුවට, තම පවුලේ දියුණුවට එම කාලය යොදවන්න.

:       0       6

සෙනෙවි Monday, 25 June 2018 12:17 AM

අසත්‍යාපාල මහතාණෙනි. වීරයාගේ කාලයෙත් මෙවැනි දෑ සිදුවුනි. අද පවා ඒවාට සාක්ෂි හො නඩු හෝ නොමැත. සෑම දෙයටම ජාතිය ගාවාගැනීමේ අසංවර පුරුද්ද නතර කරමු. සියල්ලන්ම සිතන්නේ එකම ආකාරයට තේරුම් ගත යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3178 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2107 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5615 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4064 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4658 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7011 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site